4/20/2015

මර ගැටුමකින් කොටි පරදා දිනා ගත් සාම්පූර් යහපාලනයෙන් නොමිලේම කොටින්ට...!

කතෘ:යුතුකම     4/20/2015   No comments

එය ඉකුත් යුද සමය විය. එල්ටීටීඊ ත්‍රස්‌තවාදයට එරෙහි නැගෙනහිරින් ආරම්භ වූ සටන ඒ වන විට පැවතියේ දිනෙන් දින ඉතා දරුණු තත්ත්වයට පත් වෙමිනි. මේ අතරේ මේ බිම යක්‍ෂයාගෙන් මුදා ගත් අපේ රණවිරුවෝ හරියටම පසුගිය 2006 වසරේ අගොස්‌තු මස 28 වැනිදා අලුයම 4.00 පසුවී මිනිත්තු කිහිපයක්‌ ගෙවී යමින් තිබියදී සතුරාට එරෙහි තවත් එක්‌ සුවිශේෂී මෙහෙයුමක්‌ ආරම්භ කරනු ලැබූහ.

ත්‍රිකුණාමලය මුතූර්, කට්‌ටපරිච්චාන් සීමාව එකී මෙහෙයුමේ ආරම්භක ස්‌ථානය විය . ඒ වන විට එල්ටීටීඊ ත්‍රස්‌තවාදීන්ගේ ත්‍රිකුණාමලය සන්නද්ධ හා දේශපාලන මූලස්‌ථානය වශයෙන් පැවති සාම්පූර් කොටි කඳවුරට පහරදීම එකී මෙහෙයුමේදී රණවිරුවන්ගේ ඉලක්‌කය වී තිබිණ.

එදා එල්ටීටීඊයට එරෙහි නැගෙනහිර සටනේදී ත්‍රස්‌තවාදීන්ගෙන් සාම්පූර් මුදා ගැනීම සඳහා ත්‍රිවිධ හමුදා රණවිරුවන්ට මෙසේ විශේෂ වූ මෙහෙයුමක්‌ කරන්නට සිදු වූයේ කුමක්‌ නිසාද?

වත්මන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා දෙවැනිවරට රටේ අගමැති වූයේ ඉකුත් 2002 වසරේ එක්‌සත් ජාතික පෙරමුණු රජය බලයට පත්වීමත් සමගය. රනිල් වික්‍රමසිංහ මහතා වර්තමානයේ යළිත් රටේ අගමැතිවරයා වී සිටින්නේ තෙවැනි වරට බවද මෙහිදී සටහන් කළ යුත්තකි. හෙතෙම පළමුවර රටේ අගමැති වූයේ හිටපු ජනාධිපති ප්‍රේමදාස මහතා එල්ටීටීය විසින් ඝාතනය කිරීමත් සමඟ එවකට අගමැතිව සිටි ඩී. බී. විඡේතුග මහතා ජනපති වූ අවස්‌ථාවේදීය.

එසේ රනිල් වික්‍රමසිංහ මහතා දෙවැනිවරට අගමැති වූ ඉකුත් 2002 වසරේදී එක්‌සත් ජාතික පෙරමුණු රජය මගින් මිනීමරු වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ හිස අතගා සිදු කළ එක්‌ ජාතික අපරාධයක්‌ විය.

ඒ"ප්‍රභාකරන්ගේ ත්‍රස්‌තවාදය ලොව දරුණුම එකයෑයි" කියන අතරේ මේ රටට එරෙහි නෝර්වේ කුමන්ත්‍රණකරුවා වූ එරික්‌ සොල්හයිම්ද එක්‌ කරගෙන ඊනියා සටන් විරාම ගිවිසුමක්‌ හරහා එල්ටීටීඊයට උතුර නැගෙනහිර භාර දීමට කටයුතු කිරීමය.

එතැන් පටන් බොහෝ දේ සිදුවන්නට විය. අපේ රණවිරුවන්ගේ ක්‍රියාකාරිත්වය කඳවුරුවලට සීමා වෙද්දී එල්ටිටීඊ ත්‍රස්‌තවාදීහු රණවිරුවන්ට රෙදි උස්‌සා පශ්චාත්භාගය පෙන්වන අතරතුර උතුරු - නැගෙනහිර බිමේ රිසි සේ කරණම් ගසන්නට වූහ.

සටන් විරාම ගිවිසුමට මුවා වී උතුරු - නැගෙනහිර බිමේ යුදමය වශයෙන් වැදගත් සියලුම මර්මස්‌ථානවලින්, එක්‌සත් ජාතික පෙරමුණු රජය ලවාම හමුදාව ඉවත් කරවූ එල්ටීටීඊය ඊළඟ සටන ඇරඹීමේ පෙර සුදානම සමඟ එම තැන්වල කඳවුරු බැඳ ස්‌ථානගත වන්නට විය.

සාම්පූර් බිමද මේ අයුරින් එදා එල්ටීටීඊයේ ග්‍රහණයට නතු වූයේ එක්‌සත් ජාතික පෙරමුණු රජයට පිසිදු වන්නටය. බටහිර විඥනය තුළ සිරවී රටට කෙළවුණද සුද්දන්ගේ දෙපතුළ මත හිස තබන්නට සූදානමින් සිටි රටේ දේශපාලන නායකත්වයට එදා නොවැටහුණාට කොටි ත්‍රස්‌තවාදීහු සාම්පූර්හි ඇති වටිනාකම මැනවින් වටහාගෙන සිටියේය.

අවසානයේ කොටින්ගේ සන්නද්ධ හා දේශපාලන මූලස්‌ථානය ත්‍රිකුණාමලය සාම්පූර් බිමේ ඉදි වන්නට වූයේ අපේ රණවිරුවන් දැසේ වූ කඳුළු සමඟ සිදුවන විනාශය දෙස බලා සිටියදීමය. එදා ත්‍රිකුණාමලය කොටි උසාවිය ඉදිකෙරුණේද සාම්පූර්වලය. කොටි පොලිසියද එහි ඉදිවිය. එපමණක්‌ද නොව, දෙමළ ජනතාවගෙන් කප්පම් ලබා ගැනීම සඳහා එල්ටිටීඊය ඒ දිනවල ඇති කර තිබූ කොටින්ගේ ඊනියා ආදායම් බදු කාර්යාලය ඉදිකෙරුණේද සාම්පූර්වලය.

මෙසේ සාම්පූර් කොටි බලකොටුව ඉදිකිරීමෙන් පසු එහි රජකරන්නට වූයේ අවසන් සටනේදී හමුදාවෙන් වෙඩි කා පරලොව ගිය එවකට එල්ටීටීඊයේ සන්නද්ධ සහ දේශපාලන අංශ නායකයන් දෙදෙනකු වූ ස්‌වර්ණම් සහ එළිලන්ය. 2002 ඊනියා සටන් විරාම ගිවිසුමත් සමග එල්ටීටීඊය සිය නැගෙනහිර බලකොටුව සාම්පූර්හි ඉදිකරන්නට තරම් එහි වූ වැදගත්කම කුමක්‌ද?

ත්‍රිකුණාමල වරාය ආසන්න බිමක්‌ වූ සාම්පූර් යනු ඒ අවට ඇති කට්‌ටපරිච්චාන්, සෙල්ලනගර්,තෝපූර්, ගනේෂපුරම්, අම්බලනගර් ආදී වශයෙන් වූ සෙසු භූමියන්ට වඩා මදක්‌ උස්‌ව පිහිටි භූමියකි. එමෙන්ම ත්‍රිකුණාමල වරායට ඕනෑම නෞකාවක්‌ පැමිණීමේදී එය වරාය තුළට යා යුතු වන්නේද සාම්පූර් මුහුදු බොක්‌ක ඔස්‌සේ ගමන් කිරීමෙනි. එසේම සාම්පූර් සිට ඉලක්‌කය ගත් විට ත්‍රිකුණාමල වරායට හෝ නාවික හමුදා කඳවුරට කිසියම් ප්‍රහාරයක්‌ එල්ල කිරීම යනු ඉතාම පහසු කටයුත්තකි.

එල්ටීටීඊය සටන් විරාම ගිවිසුමට මුවා වී සාම්පූර්හි එදා සිය නැගෙනහිර බලකොටුව ඉදි කරනු ලැබුවේ මෙකී වැදගත්කම හමුවේ විය. පැහැදිලිවම කිවහොත් ත්‍රිකුණාමල නගරය ගතහොත් සාම්පූර් භූමිය යනු පිහිටීම අනුව යුදමය වශයෙන් අතිශය වැදගත් මර්මස්‌ථානයක්‌ම වන්නේය.

කොටින්ට එරෙහි අපේ විරුවන් දියත් කළ අවසන් සටන උදාහරණයකට ගතහොත් එදා එල්ටිටීඊය ත්‍රිකුණාමල වරායට, ත්‍රිකුණාමල නාවික කඳවුරට මෙන්ම තෝපූර්, මුතූර්, කට්‌ටපරිච්චාන් ආදී ලෙසින් අවට තිබූ හමුදා කඳවුරු වෙත බර අවි ප්‍රහාර මෙන්ම අනෙකුත් ප්‍රහාර එල්ල කරනු ලැබුවේද සාම්පූර් කේන්ද්‍ර කරගෙනය.

මෙම වැදගත්කම නිසාම 1997 වසරට පෙර සිට සාම්පූර් ප්‍රදේශයේ රජයේ හමුදාවෝ රැඳී සිටියහ. එහෙත් 1997 වසරේ ආරම්භ වූ ත්‍රස්‌තවාදීන්ට එරෙහි ජයසිකුරු මෙහෙයුමේදී වැඩි පිරිස්‌ බලයක්‌ ඇවැසි වීම හේතුවෙන් සාම්පූර් ප්‍රදේශයෙන් ඉවත් වන්නට හමුදාව කටයුතු කළද මුළුමනින්ම සාම්පූර් අතහරින්නට ක්‍රියා නොකෙරුණි.

එහෙත් සාම්පූර්හි ඇති එකී වටිනාකම වටහා ගැනීමට තරම් මොල කළඳක්‌ නොතිබූ 2002 බලයට පත් වූ එක්‌සත් ජාතික පෙරමුණු රජයේ දේශපාලනය සටන් විරාම ගිවිසුම ඔස්‌සේ සාම්පූර් බලය උඩු යටිකුරු කරනු ලැබුවේ නින්දාසහගත ලෙසිනි. එහි අවසන් ප්‍රතිඵලය වූයේ සාම්පූර්හි කොටි බලකොටුව ඉදි වීමය.

ත්‍රස්‌තවාදයට එරෙහි ක්‍රියාත්මක වූ අවසන් සටනේදී 2006-08-28 වැනිදා සාම්පූර් ත්‍රස්‌තවාදීන්ගෙන් මුදා ගැනීම සඳහා ජීවිත පූජා කරමින් විශේෂිත මෙහෙයුමක්‌ ආරම්භ කිරීමට අපේ රණවිරුවන්ට සිදු වූයේ එකී පාවා දීම හමුවේය.

එදින අලුයම ආරම්භ වූ එම මෙහෙයුමේදී එවකට යුද හමුදාපතිව සිටි ලුතිනන් ජෙනරාල් සරත් ෆොන්සේකා (වත්මන් යහපාලනයෙන් ෆීල්ඩ් මාෂල් ධුරයට උසස්‌ කළ සහ එසේ විය යුතු) ක්‍රියාන්විත අධ්‍යක්‍ෂ වූ බ්‍රිගේඩියර් අතුල ජයවර්ධන, මාණ්‌ඩලික ප්‍රධානී මේජර් ජනරාල් නන්ද මල්ලවආරච්චි සහ ත්‍රිකුණාමලය 22 වැනි බලසේනාංකාධිපතිව සිටි මේජර් ජෙනරාල් මෙන්දක සමරසිංහගේ මෙහෙයවීමෙන් යුද හමුදා විශේෂ බළකාය සමඟ පාබල සටන් බලඇණි හතරක්‌ සාම්පූර් මුදා ගැනීමේ සටනට අවතීර්ණ වී සිටියේය.

එහිදී විශේෂ බළකා බල සේනාධිපතිව සිටි එවකට කර්නල් ප්‍රසන්න සිල්වාගේ අධීක්‍ෂණය යටතේ 01 වැනි විශේෂ බළකායේ අණදෙන නිලධාරි මේජර් ජයන්ත රත්නායක, 02 වැනි විශේෂ බළකායේ අණදෙන නිලධාරි මේජර් ඩබ්. ටී. ඩබ්. ජී. ඉහළගේ සහ 03 වැනි විශේෂ බළකායේ අණදෙන නිලධාරි මේජර් සුජීව සෙනරත් යාපා යටතේ ක්‍රියාත්මක වූ විශේෂ බළකා රණවිරුවෝ සටනේ පෙරමුණේම සිටියහ.

විශේෂ බළකාය එදා එලෙස සතුරු ප්‍රහාර මැද සාම්පූර් මුදා ගැනීම සඳහා ඉදිරියට යද්දී 8 වැනි සිංහ බලඇණියේ අණදෙන නිලධාරි රමේෂ් ප්‍රනාන්දු, 6 වැනි විජයබාහු බලඇණියේ අණ දෙන නිලධාරි පද්මසිරි තල්වත්ත සහ 7 වැනි ගැමුණු බලඇණියේ අණ දෙන නිලධාරි සේන වඩුගේ ඇතුළු සෙබළුන් තවත් පෙරමුණු තුනකින් සටනට අවතීර්ණ වී සිටි අතර සටනේ නිරත විරුවන්ට සෙසු සහායන් ලබා දීම සඳහා 7 වැනි පාබල බලඇණිය එවකට ලුතිනන් කර්නල් මංගල දේශප්‍රියගේ සහ මේජර් සේනක විඡේසූරියගේ මෙහෙයවීමෙන් ක්‍රියාත්මකව සිටියේය.

මෙසේ සාම්පූර් මුදා ගැනීම සඳහා එදා මුතූර් සිට කට්‌ටපරිච්චාන් ඔස්‌සේ පෙරමුණු කිහිපයකින් රණවිරුවන් ඉදිරියට ඇදෙද්දී පළමු දිනයේ පමණක්‌ දෙපාර්ශ්වය අතර ඇතිවූ සටන්වලින් සාම්පූර් වෙනුවෙන් දිවිදුන් රණවිරුවන් ගණන 12 ක්‌ විය. තවත් විශාල පිරිසක්‌ තුවාල ලැබූහ. ඒ අතරේ දැත් දෙපා පිදූවෝද වූහ.

මෙසේ රණවිරුවන් මෙහෙයුමේ ඉදිරියටම යද්දී සාම්පූර්හි ඇති වටිනාකම නිසාම එය හැර යන්නට එල්ටිටීඊ ත්‍රස්‌තයන්ද අකමැති වීම හමුවේ දිනෙන් දිනම එකී සටන දරුණු වූයේ වෙඩි හඬින් මුළු ත්‍රිකුණාමල නගරයම ගිගුම් දෙද්දීය. අවසානයේ හරියටම දින හතක්‌ පුරා ත්‍රස්‌තවාදීන් සමඟ සිදු කළ බිහිසුණු යුද්ධයකින් පසු 2006 වසරේ සැප්තැම්බර් මස 4 වැනිදා අලුයම වන විට එල්ටිටීඊයට දරුණු පරාජයක්‌ අත්කර දෙමින් සාම්පූර් කොටි කඳවුර අත්පත් කර ගැනීමට අපේ රණවිරුවෝ සමත් වූහ.

ඒ සාම්පූර් සිට තවත් කිලෝමීටර් දෙකක්‌ පමණ ඉදිරියට යමින් සාම්පූර්වලට ඊසාන දෙසින් වූ ෆවුල් පොයින්ට්‌ මුහුදු තීරය දක්‌වාම බලය තහවුරු කර ගනිමිනි. මෙහිදී එදා නාවික සහ ගුවන් හමුදාව මගින්ද එල්ටීටීඊ ඉලක්‌ක වෙත බර අවි හා ගුවන් ප්‍රහාර එල්ල කරමින් යුද හමුදාවට විශාල සහායක්‌ දෙනු ලැබීය.

මෙසේ එදා යුද හමුදාව දරුණු සටනක්‌ කර සාම්පූර් අත්පත් කර ගනිද්දී ඒ වෙනුවෙන් ගෙවුණු දින හත ඇතුළත අපේ රණවිරුවන් 70 ක්‌ උපන් බිමේ විමුක්‌තිය උදෙසා ත්‍රස්‌තයන්ගේ වෙඩි උණ්‌ඩවලට ළය දී ජීවිත පූජා කර තිබුණු අතර තුවාල ලැබූ පිරිස තුන්සියයකටත් අධික වූහ.

වත්මන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා දෙවැනි වරට අගමැති වූ 2002 වසරේදී කරළියට ගෙනා ඊනියා සටන් විරාම ගිවිසුම හමුවේ ත්‍රස්‌තවාදී බලකොටුවක්‌ වූ සාම්පූර් භූමිය අපේ විරුවන් එදා යළි රටට දිනා දුන්නේ එසේය. නමුත් රණවිරුවන් එසේ ජීවිත පරිත්‍යාගයෙන් දිනා දුන් සාම්පූර් බිමට අද කුමක්‌ සිදුව තිබේද?

එදා රණවිරුවන් සාම්පූර් අත්පත් කර ගැනීමෙන් පසු එක්‌ සුවිශේෂී දෙයක්‌ද සිදු විය. ඒ ත්‍රිකුණාමලය වරායේ සහ විශේෂයෙන්ම ත්‍රිකුණාමල නාවික හමුදා කඳවුරේ ආරක්‍ෂාව වෙනුවෙන් සාම්පූර් බිමේ නාවික හමුදා පුහුණු පාසලක්‌ ඇතුළුව කඳවුරක්‌ පවත්වාගෙන යැමට නාවික හමුදාව කටයුතු කිරීමය.

නාවික හමුදාව එසේ කටයුතු කිරීමට තවත් හේතු කිහිපයක්‌ද විය. ඊනියා දෙමළ ජාතික සන්ධානයේ බෙදුම්වාදය හා විදේශගත කොටි හිතවාදී දෙමළ ඩයස්‌පෝරාවේ ආශීර්වාදය මත නැවතත් ප්‍රභාකරන්ගේ ඊළම වෙනුවෙන් එල්ටීටීඊය රට තුළ මතු වීමේ අවදානමක්‌ පැවතීම සහ යම් ලෙසකින් එවැන්නක්‌ සිදු වුවහොත් සාම්පූර් වැනි යුද මර්මස්‌ථානයක්‌ සතුරා අතට පත්වීමට ඇති අවස්‌ථාව අහිමි කිරීම ඒ අතරින් ප්‍රධාන තැනක තිබිණ.

පැහැදිලිවම කිවහොත් අවසන් සටනින් පසු නාවික හමුදාව සාම්පූර්හි නාවික කඳවුරක්‌ පවත්වාගෙන යනු ලැබුවේ රටේ සහ ජාතියේ ආරක්‍ෂාවටය. එසේ නොමැතිව ඇඟේ පතේ අමාරුවට නාවික හමුදාව එසේ කටයුතු නොකළේය.

නමුත් රටකට ඕනෑ අහවල් යුගයක්‌ යෑයි කී වත්මන් යහපාලනය ඉකුත් සතියේ මෙකී යුද මර්මස්‌ථානයෙන් නාවික හමුදාව මුළුමනින්ම ඉවත් කර සාම්පූර් බිම කැබලි කර ජනතාවට බෙදා දෙන්නට කටයුතු කරනු ලැබුවේ යහපාලනය කියනුයේ "ප්‍රභාකරන් දේපළ වෙළෙ¹ම් සමාගම"ට දැයි අපට සිතෙන පරිදිය.

මෙසේ යුද මර්මස්‌ථානවලින් හමුදාව ඉවත් කර උතුර-නැගෙනහිර දෙමළ ජනතාවට ඒ ඉඩම් අත්පත් කර දීමේ දැඩි අවශ්‍යතාවක්‌ කාලයක සිටිම තිබුණේ වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ ඊළම දෙස බලමින් මේ මොහොතේත් බෙදුම්වාදය සමඟ සිටින ඊනියා දෙමළ ජාතික සන්ධානයට සහ විදේශගත එල්ටිටීඊ දෙමළ ඩයස්‌ පෝරාවටය.

ඒ අනුව බලන කල දෙමළ ජාතික සන්ධානයේ සහ ඩයස්‌පෝරාවේ වුවමනාවන් වෙනුවෙන් පෙනී සිටින පාලනයක්‌ හෝ කණ්‌ඩායමක්‌ වේ නම් ඒ පිරිස "ප්‍රභාකරන් නමැති දේපළ වෙළ¹ම් ආයතනයෙ" කොටස්‌කරුවන් යෑයි කීමේ වරදක්‌ද නැත.

එසේ සාම්පූර් බිම දෙමළ ජනතාවට බෙදා දුන් යහපාලනය දැන් එහි සිටි නාවික හමුදා සෙබළුන් බූස්‌ස නාවික කඳවුර වෙත යෑවීමටද ක්‍රියා කරමින් සිටින්නේය. ඒ අනුව ඉකුත් සතියේ එහි සිටි නාවික සෙබළුන් 450 ක්‌ බූස්‌ස කඳවුර වෙත යවනු ලැබීය. එසේ හමුදාව ඉවත්ව යද්දී අනෙක්‌ පැත්තෙන් සිදු වූයේ සාම්පූර් යුද මර්මස්‌ථානය යළිත් වරක්‌ නිරාවරණය වූ බිමක්‌ ලෙස අරාජිකත්වයට පත්වීමය.

සාම්පූර් මෙසේ යළි බිඳ වැටෙද්දී තවත් පැත්තකින් සිදුවූ අපූරු ගැලපීමක්‌ද ඇත. ඒ එදා 2002 ඊනියා සටන් විරාම ගිවිසුම හමුවේ සාම්පුර් එල්ටීටීඊය යටතට පත්වෙද්දී රටේ අගමැතිවරයා ලෙස සිටි රනිල් වික්‍රමසිංහ මහතා අද දවසේ සාම්පූර් යුද මර්මස්‌ථානය යළි අරාජික වන අවස්‌ථාවේදීද රටේ අගමැතිවරයා වී සිටීමය.

සාම්පූර් අරබයා ගත් කල එකී ගැලපීමේ කිසියම් සබඳතාවක්‌ තිබේද යන්න අප නොදන්නා කරුණකි. නමුත් එය එසේ සිදුව තිබේ. කෙසේ වෙතත් මෙසේ සාම්පූර් යුද මර්මස්‌ථානයෙන් හමුදා ඉවත් කර එකී ඉඩම් දෙමළ ජනතාවට බෙදා දීමේ ව්‍යපෘතියට අනුව ද අද දවසේ වත්මන් යහපාලනය කියමින් සිටිනුයේ දෙමළ ජනතාවට සෙනෙහසේ දැත් දිගු කළ බවකි.

මේ රටේ දෙමළ ජනතාව සමඟ සෙනෙහසින් සිටිමින් ඔවුන් හා එකට එක්‌ව ජීවත් වීමට අපද කැමතිය. එය කිසිවකුත් අමුතුවෙන් කළ යුතු දෙයක්‌ද නොවන්නේය. මන්ද දැනුදු දකුණේ සිටින දෙමළ ජනතාව හා සමගියෙන් සාමයෙන් සිටින අනෙකුත් ජන කොටස්‌ අසල්වැසි දෙමළ ජාතිකයා හා නිවසේ ඉදෙන බත් මාළුපිනි ටික පවා හුවමාරු කරගන්නා තරමටම මිතුරුව සිටින නිසාය. මේ රටේ ජනතාව කැමැති එකී මිත්‍රත්වයට විනා දෙමළ බෙදුම්වාදයට නොවන වග යහපාලනය වටහාගත යුතුය. නමුත් අද උතුරේ දෙමළ ජනතාවට සෙනෙහසේ දැත් දිගු කළ යුතු බව පවසන අතරේ යුද මර්මස්‌ථානවලින් හමුදා ඉවත් කරමින් යහපාලනය මේ කරමින් සිටින්නේ ඉහත කී ජාතික මිත්‍රත්වයට පහර දෙමින් බෙදුම්වාදයට අත දීම නොවේද?

මේ අන්දමින් ඉදිරියේදී උතුරේ දෙමළ ජනතාවට සෙනෙහසේ දැත පමණක්‌ නොව මුළු සර්වාංගයම දිගු කරමින් යහපාලනය මගින් කිලිනොච්චි, මුලතිව් ආදී වශයෙන් තිබෙන ප්‍රභාකරන්ගේ ත්‍රස්‌තවාදය පෝෂණය වූ වැදගත් වන සෑම තැනකින්ම හමුදාව ඉවත් කිරීමටද බැරි නැත. මහත්වරුනි මේ සිදු වන දේ හමුවේ දිනේ දින අගාධය වෙත යන්නේ මේ රට නොවේද?

බටහිර කඩමාලුවලින් වෙස්‌වලාගත් වෙස්‌සන්තරලා වෙමින් වත්මන් යහපාලනය රටේ ජාතික ආරක්‍ෂාව සමඟ අද දවසේ සිදු කරමින් සිටින මෙම කුජීත සෙල්ලම හමුවේ අපට කියන්නට එකම එක කතාවක්‌ ඉතුරුව ඇත.

ඒ "හිස්‌ ටිං එකක්‌ වාගේ අනේ මේ දින සීය මල්ලී" කියාය. නමුත් මේ රටේ ජනතාව යහපාලනයට ඡන්දය දුන්නේ රට මෙසේ අරාජික කෙරෙද්දී ඒ "හිස්‌ ටිං එක" දොaතට ගන්නටද? ඊට නිසි පිළිතුර ඉදිරියේදී යහපාලකයන්ට තැපෑලෙන් ලැබෙනු ඇත.

සමන් ගමගේ
දිවයින

,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

0 comments :

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions