4/30/2015

ලැජ්ජයි ලැජ්ජයි ලැජ්ජයි රනිල්

කතෘ:යුතුකම     4/30/2015   1 comment

ජනාධිපතිවරණයකින් පිනට අගමැති වූ ලෝකයේ පළමු අගමැති තුමා , රනිල් වික්‍රමසිංහ මහතාගේ මුවේ මේ දිනවල නිතර ගැවසෙන වචනයක් නම් " ලැජ්ජයි ලැජ්ජයි ලැජ්ජයි..." යන්නයි. ඔහු පාර්ලිමේන්තුවේදී පවා මේ දිනවල සිදුකරන සෑම කතාවක් පාහේම අවසන් වන්නේ මේ වචන කිහිපය පුනරුච්චාරණය කිරීමෙනි.

මෙය සමහර විට මේ දිනවල එතුමාගේ ක්‍රියාකාරකම් සහ හෘද සාක්ෂිය අතර ඇතිවන ගැටුමේ බාහිර ප්‍රකාශනය විය හැකිය. යහපාලන බෝඩ් ලෑල යට සිට සිදුකරනා තරමක් සිදුකරමින් තිබෙන යමපාලන ක්‍රියාකාරකම් (බහ බැංකු හොරකමේ සිට විධායක බලතල පික් පොකට් ගැසීමට ගෙනා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් කපා දැමූ ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත දක්වා වූ ක්‍රියාකාරකම්) නිසා හෘද සාක්ෂිය තුල උපදින ස්වාභාවික ලැජ්ජාශීලී ගැඟුම මෙසේ නිතර නිතර වචනවලට නැගෙනවා වන්නට පුළුවන.

එය හරියටම උදාහරණයකින් පැවසුවහොත් ජනාධිපතිධූර අපේක්ෂකත්වය ලැබූ දා සිට අතිශය දීන භූමිකාවකට පණ දෙමින් සිටින ජනාධිපති සිරිසේන මහතා ඒ දීනත්වය නිසා උපන් වහල් මානසිකත්වය තම ප්‍රතිවිරුද්ධ මතධාරීන්ට 'වහලා' යනුවෙන් ආමන්ත්‍රණය කර සංසිඳවා ගන්නා ආකාරයට බෙහෙවින් සමානය.
රනිල් වික්‍රමසිංහ මහතාගේ 'ලැජ්ජ' කතාවට ඉතා දැඩි පිලිතුරක් පසුගියදා ජාතික පුස්තකාල ශ්‍රවණාගාරයේදී පැවැති සමුළුවකදී ප්‍රවීණ දේශපාලන විචාරක දයාන් ජයතිලක මහතා වෙතින් ලැබිණ.මේ ඒ කතාවේ උපුටා ගත් කොටසකි.
 -යටියන ප්‍රදීප් කුමාර

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

1 comment :

  1. ආ මේ වර්ධරාජා එක්ක ඊළම ප්‍රකාශ කරලා රනිල්ට ලං වෙන්න බැරිව ඉන්න එකා නේද? අනේ පව්

    ReplyDelete

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

කිණිහිරය

හීන් සැරය

කෙටි සටහන්

මාධ්‍ය ගබඩාව

ප්‍රවර්ග

1505 2015 BBS NGO Theory අනගාරික ධර්මපාල අනුර කුමාර අමරසේකර ආචාර්ය දයාන් ජයතිලක ආමන්ඩ් ද සූසා ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී එජාප කවි කවි විචාර කාලය කෙටි කතා ගම්මන්පිල ගැමුණු චම්පික චිත්‍රපට විචාර චින්තනය ජනපතිවරණය ජනාධිපතිවරණය ජයග්‍රහණය ජවිපෙ ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දහතුන දේශපාලන නසරිස්‌තානය නිදහස නෝනිස් පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා බම්බුව බලු කතා බුදු දහම බෙංගමුවේ නාලක බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මරක්කල මහ නාහිමි මහින්ද මහින්ද රනිල් මානව හිමිකම් මුස්‌ලිම් මෛත්‍රිපාල යටත්විජිතකරණය රණ විරුවා රනිල් වික්‍රමසිංහ රන් කරඬුව රාජතාන්ත්‍රික රාජපක්‍ෂ ලේකම් වහාබ් විජේවීර විධායක බලය විමුක්ති වනිගසේකර වෙනස සැපද සංගීතය සජින් සමාජ විචාර සරච්චන්ද්‍ර සාහිත්‍ය හා විචාර සිංහල සිංහල බුද්ධාගම සීපා ස්වර්ණ පුස්තක හෙළ උරුමය

පාඨක අදහස්

© 2014 www.yuthukama.com