4/29/2015

වහල් ජාතිය ඇමතුම...!

කතෘ:යුතුකම     4/29/2015   5 comments

ජනපති ජාතිය අමතා ජනවාරි 08 වෙනිදා ඇමරිකාව ප්‍රමුඛ යුරෝපය සහ ඉන්දියාව තමා ඇමට යොදා කරන ලද බල පෙරළිය නැතහොත් ආක්‍රමණය විප්ලවයකට සමාන කළේ ය. එය ලෙහෙසි පහසු විප්ලවයක් නොව එක්සත් ජනපදයේ ඒබ්‍රහම් ලින්කන්ගේ වහල් තහනමට සමාන ය. මේ අදීනවිප්ලවය කළේ ඉන්දිය අගමැති නරේන්ද්‍ර මෝඩිගේ ඇඳුම ඇඳීමෙන් ද එංගලන්තයේ රැජිනගේ ග්ලවුස් නැති අත වර්ණනා කිරීමෙන් ද සිය ඇඹේනිය ලවා සිය යටත් විජිතවාසී ස්ත්‍රීන් එංගලන්ත රැජිනට ආචාර කරන ලෙස ආචාර කිරීමෙන් ද සිය නිදහස් නිවහල් ආදීනත්වය අකනිටා බඹලොව දක්වා පතුරුවා හළ ජනපති ය.
එදා ලින්කන් වහලුන්ට නිදහස ලබා දෙන විට ඇතැම් වහලුන් ඊට විරුද්ධ වූ බවත් අද තම විප්ලයට අකුල් හෙළන විරුද්ධ වන අය සහ එම වහලුන් අතර වෙනසක් නැති බවත් ඔහු කීවේ ය. ඔහුගේ ඊනියා විප්ලවයට ජනවාරි 08 වෙනිදා විරුද්ධ වූයේ ලක්ෂ 58ක් වුවත් අද, එදා ඔහුට ඡන්දය ලබා දී රටට සිදු කළ මහා අපරාධය පිළිබඳ පසුතැවෙන පිරිස දිනෙන් දින ඉහළ යන හෙයින් එය දැන් ලක්ෂ 70ට ආසන්න වෙතැයි සිතමි. ඒ කෙසේ වෙතත් ඔහු තමාට එරෙහිව ඡන්දය පාවිච්චි කළ ජනතාව 18 වන සියවසේ එක්සත් ජනපදයේ විසූ වහලුන්ට සමාන කර තිබේ. ඔවුහු නිකන් ම වහලුන් නොව නිදහස එපා යැයි සටන් කළ වහල්ලු ය.

ඇමරිකානු ධනවාදය සහ අධිරාජ්‍යවාදය ද ඉන්දීය කළාපීය ව්‍යාප්තවාදය ද එක පෙළට සිට ජනවාරි 08 වෙනිදා කළ මේ මහා විප්ලවයට පසු "අප්පොච්චි මළෝ...!" යැයි හොටු පෙරා ගෙන සිරිසේන ජනපති ලබා දුන් නිවහල් දේශය බලා එක පිම්මේ දිව ගිය විජිත් විජිතමුණි සොයිසා ලා ද එතෙක් මහින්දගේ දෙපා මුළ ලැඟ සිට කිහිප වරක් උඩු බුරා සිරිසේන වෙත දුව ගිය මර්වින් සිල්වා ලා ද සිරිසේනට කොන්දක් නැතැයි නොහොඹිනා විහිළු කර ඔහුගේ දෙපා මුලට බඩ ගෑ දයාසිරි ජයසේකර ලා ද සැබෑ නිදහසේ අරුත වහා වටහා ගත් නිදහස්කාමී වහලුන් යැයි කිව හැකි ය. 58 ලක්ෂයක් ජනතාව ද එම ජනතා නියෝජිත ද 18 වන සියවසේ නිදහස එපා යැයි කියූ මෝඩ වහලුන් ය.

කෙසේ වුව ද වහලුන්ට නිදහස ලබා දුන්නේ යැයි පාරම්බාන සිරිසේන ජනාධිපතිවරයා, ඔහු ගෙනා ඊනියා නිදහසට එරෙහිව ඡන්දය පාවිච්චි කළ පක්ෂයේ නායකත්වය ඩැහැ ගැනීම අප අවබෝධ කර ගන්නේ කෙසේ ද? ජනාධිපතිවරණයේ දී තමන්ට එරෙහි වූ පිරිස සහිත පක්ෂයට පැමිණ එහි නායක පුටුවේ වාඩිවීම ලොව කවර නම් නිවහල් නායකයෙකු කර තිබේ ද? සන්ධාන පාර්ලිමේන්තු සහ සියලු ප්‍රාදේශීය සහ පළාත් පාලන ආයතනවල නියෝජිතයින්ගේ කැමැත්ත විමසා ඔහුට පක්ෂ නායකයා විය හැකි ද? ඔහු සැබවින් ම කර ඇත්තේ 58 ලක්ෂයක් ඡන්ද දායකයින් මත සිය නායකත්වය පිහිටුවා එම ජනතාව වහලුන් බවට පත් කිරීම නොවේද? වහලුන්ට නිදහස ලබා දුන්නේ යැයි පවසා රට ඉන්දියාවේ සහ ඇමරිකාව ප්‍රමුඛ බටහිර වහල් දේශයක් බවට පත් කර ශ්‍රීලනීපය ප්‍රමුඛ සන්ධානය වහල් පක්ෂයක් බවට පත් කිරීම පමණි ඔහු කර ඇත්තේ.

බටහිර සුවච කීකරු ගැත්තෙකු වන රනිල් වික්‍රමසිංහ ද වසර 20ක් තිස්සේ වහල් හිමියෙකු ලෙස නතැහොත් නියෝජිතයෙකු ලෙස එජාපය පාලනය කරමින් සිටී. එය උපන්ගෙයි ම බටහිර වහලුන්ගේ පක්ෂය හෙයින් එහි ඇති අරුමයක් නැත. එහෙත් ඒ වහල්භාවයට එරෙහිව මතු වූ ජනතා බලය සහිත පක්ෂය ද අද වහල්භාවයට ඇද දමා තිබේ. ජාතිය අමතනවා යැයි කියා ජනපති විසින් කරන ලද්දේ විධායක ජනාධිපති ධූරයේ බලය පාචිච්චි කරමින් ඩැහැ ගත් පක්ෂයේ සාමාජිකයින් සහ ජනතා නියෝජිතයින් වහලුන් යැයි අවමානයට ගැරහුමට පාත්‍ර කිරීම පමණි. එසේ අවමාන කරන්නේ 58 ලක්ෂයක් ජනතාව වහල්භාවයට ඇද දැමූ වහල් හිමියා ය. නැත වහල්හිමියාගේ ටොමියා ය. එහෙයින් එය ජාතික ඇමතිල්ලක් නොව හැමිනිල්ලකි.

'අප්පා මළයි!' ගෑ විට බලු කෙඳිරිල්ල
විසිකර ඇමති කටු නිවටුන් කර මෙල්ල
වහලුන් කියා ගැරහුම නිවහල් ගොල්ල
ඇමතුම නොව බොලවු! ජාතික හැමිනිල්ල

-නාමල් උඩලමත්ත
යුතුකම සංවාද කවය
www.yuthukama.com

, ,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

5 comments :

  1. අද කොළොඹ හැමතැනම පෝස්ටර් ගහලා 19 සම්මත කරලා අපිව වහල් බැවින් මුදා ගත්ත ජනපති කියලා ..මොකක්ද අලුත්ම වහල් story .එක.,,අපේ රටම බාල්දු කරනවා මේ .මනුස්සය. කොහාටද මේ .යන්නේ.

    ReplyDelete
  2. අපි වහල්ලු බන්. සිරාවටම වහල්ලු. අර මොකෙක්ද පිම්පියෙක් අඬ අඬ කිව්ව ඩිස්නිලන්ත කතාව වගෙ අපිවත් මෙ වගෙ වහල් දේශයක ඉපදුන එක ගැන කම්පා වෙනව මිසක් වෙන කරන්න දෙයක් නැහැ. අපේ ධර්මපාල තුමා වගෙ තවත් මේ නිවට මිනිසුන් වෙසෙන වහල් දේශයෙ ඉපදෙන්නෙ නැතුව මැරිල යමු බන්...

    පිම්පි ජනපතිට අනුව වහලෙකු වූ වහලා...

    ReplyDelete
  3. අනේ පව්. මම ඇවිත් බලන හැමදාම තමුන්නාන්සේලාගේ මේ අති උත්තම අඩවියේ නෝ කමෙන්ට්ස්. එක්කෝ තමුන්නාන්සේලා වගේ තවමත් මරාගේ පුක ලොවින එකෙක්ගේ තප්පුලෑමක්.

    ඕයි. වැඩක් නැත්නම් මේ වැල් බයිලා නවත්තලා ගහක් හිටවනවා ගෙඩියක්වත් කන්න.

    ReplyDelete
    Replies
    1. එක දවසකුත් කිව්වා..
      මේකේ තියෙන්නේ ලිපි..
      ඇයි ඔයා හැමදාම ඇවිත් මේකේ කමෙන්ට් නෑ කියල නාහෙන් අඬල යන්නේ.
      ඔයාට දුකයිද?
      අනේ පව් කිඹුල් පැටියගේ කඳුලු

      Delete
    2. යටියනයො..
      මේ වගෙ පිම්පියන්ට ඕනෙ comments දාල සතුටු වෙන 1යි.
      මතවාදයක් ගොඩනගන්න රටකට ජාතියකට ආදරය කරන්න නිදහස් නිවහල් විදියකට හිතන්න බෑ. හිතන්න ඕනෙකමකුත් නෑ උන්ට.. පව් උන්..
      මහින්දට මරා කියන උන් ගැන හිතලවත් වැඩක් නෑ... මොකද එහෙම කියන කෙනාගෙ අදහස් රටකට අපමණ අගයක් තියා තඹ දොයිතුවක් වැඩක් නෑ..
      මුන් සිංහලයො නෙමේ. පිම්පියො..

      Delete

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions