“රැස්කිරීම වෙනුවට අත්හැරීම අගය කිරීම පදනම් කරගත් බුදුදහම සිය ආගමික ජීවිතයේ පදනම ලෙස සලකන සිංහල-බෞද්ධයින් තම බලය අත්හැරීමට සහ බලය අඩුවෙන් භුක්ති විදීමට කැමැති රාජ්යකනායකයකුට වඩා තවමත් තමන් අත බලය රැස්කිරීමට වෙහෙසෙන නායකයෙකුට ආශා කරන්නේ ඇයි?” - නිර්මාල් දේවසිරි
==
"අත්හැරීම යනු දෘෂ්ටිවාදයක් නොවේ. යම්හෙයකින් "අත්හැරීම" දෘෂ්ටිවාදයක් වී නම් අත්හැරීම දේශපාලන බලය සම්බන්ධයෙන් යෙදෙන්නේ නැතිවීමට හේතු ඇසීම සාධාරණය. අත්හැරීම ජීවන මාර්ගයක් ලෙස ගතහොත් තනි තනිව පුරුදුකරගත හැකිය එයද සමාජීය සීමාවන්ට යටත්වය.
මෙය බෞද්ධයන්ට යුද්ධය කැපද යන ප්‍රශ්නය වැනි විකෘති ප්‍රශ්නයකි.
මෛත්‍රීපාල ඊනියා බලය අත්හැරීම කරන්නේ තමන් බලයට අකමැති නිසා නොව ඩීල් එකට අනුව ය. මෛත්‍රීපාලට සතුටු කිරීමට පාර්ශව ගණනාවක් ඇත. තමන්ට තනිව සැලකියයුතු ජන බලයක්ද නැත. බටහිර සහ ඉන්දියාව කැමති රනිල්ට. චන්ද්‍රිකා ඔස්සේ බලයක් ගොඩනැගීමටද නොහැක. අනෙක් අතට මෛත්‍රීපාල වෙස්සන්තර භූමිකාවක් රඟදක්වනවා නම් අගමැති අපේක්ෂකත්වය නොලැබුණු නිසා පක්ෂයට පිටුපෑවේ ඇයි?
-දසුන් බමුණුආරච්චි
------------------------------------------------------------------
මතු දක්වා ඇති ආචාර්ය නිර්මාල් දේවසිරි අරඹයා දසුන්ගේ විග්‍රහයට මාත් 100% එකගය. මෛත්‍රීපාල විටින් විට නිතරම කියාගෙන ගිය දෙයක් තමයි 8 වෙනිදා පැරදුනේනම් දරු පවුල් පිටින්ම අද පොලවේ පස්යට තමයි ඉන්න වෙන්නේ යනුවෙනි. ඔහු බලයට කෑදර නැති වෙස්සන්තරයකු නම් ජීවිතය පරදුවට තැබුවේ ඇයි? මෙගා ඩීල් එකක ගැසුවේ 2011 සිට බව විජයදාස රාජපක්ෂ ද ප්‍රසිද්දියේ කීවේය. කුමන්ත්‍රණය සිදු කළ ආකාරය රජිත සහ ,චන්ද්‍රිකාද විවිධ අවස්ථාවල දී කී දේවල් මතකයට ගන්න. මේ ආකාරයේ යටිකූට්ටු වැඩවලින් ලංකාවේ බලයට පැමිණි එකම කෙනා මෛත්‍රීපාල සිරිසේනය. මේ සියලු කාරණා වල ශේෂය මහින්දට වඩා දහගුණයකින් බලයට වඩාත් කෑදර පුද්ගලයා මෛත්‍රීපාල බවයි.
ඔහුගේ බලලෝබය කොතෙක්ද කිවහොත් "මාව දිනවන්න මම අඩුවෙන් බලය බුක්ති විදින්නම් විධායක බලය නැත්තටම නැති කරන්න උනත් පොරොන්දු වෙන්නම්" කියනා දෙයක් කරඤ්ඤං ආදී මැසිවිලි පන්නයේ ප්‍රචාරණකින් සියලු බලවේග හමුවේ බැලමෙහෙවර කරන්නෙකු ගානට අවනත විය. පොළොන්නරුවේන් හැර ජන බලයක් නැති මෛත්‍රීපාල අද කරමින් ඉන්නේ ස්වකීය බලය අත්හැරීම නොව දෙස් විදෙස් විවිධ බලවේගයන්ට කීකරුව වී පවරාගත් කොන්ත්‍රාත් ඉටු කිරීමයි. එය බලය අත්හැරීම හෝ බලය අඩුවෙන් බුක්ති විදීම යනුවෙන් තේරුම් ගන්නේ නම් එය ළමා මනසක් තිබෙන වැඩිහිටියන් ගේ කාර්යකි. මෙරට NGO ක්ෂේමාලාපකයින් සියල්ලටම මෛත්‍රීපාල මුනිවරයකු සේ පෙනෙන්නේ මහින්දව ඔවුන්ට හසුරුවාලීමට තරම් රූකඩයක් නොවූ නිසාය. අඩුම තරමේ මෛත්‍රීට පෙරටුගමීන්ට තරම් හෝ ජනබලයක් තිබුනේ නම් ඔහුගේ රග මේ අයට දැක බලාගැනීමට තිබුණි. රටේ අභාග්‍යකට මෙන් මෛත්‍රීපාලට සිදුවී තිබෙන්නේ කාගෙත් සුන්දරී චරිතය රග දැක්වීමටය.
රත්තනදෙණියේ මේධානන්ද හිමි-
-යුතුකම සංවාද කවය- .

0 comments :
ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .