4/25/2015

ජාතිවාදීන්ට කොඩිය නොදෙමු.

කතෘ:යුතුකම     4/25/2015   1 comment

 ජාතිකවාදය දිනවීම සඳහා අප යන ගමන පහසු එකක් නොවේ. ඊට ප්‍රධාන හේතුවකි. එනම් ජාතිකවාදය හා ජාතිවාදය යන වචන දෙක අතර වෙනස බොහෝ අයට තේරුම් ගැනීමට නොහැකි වී තිබීම ය. 'ක' යන්නකින් පමණක් මෙම වචන දෙක වෙනස් වූව ද එය අහසට පොළොව සේ ය. ඉංග්‍රීසියෙහි ජාතිකවාදය යන්නට Nationalism ද ජාතිවාදය යන්නට Racism ද යොදා ගැනීමෙන් මෙම වෙනස පැහැදිළි වේ. එහෙත් සිංහල භාෂාවේ මෙම වචන දෙක ආසන්න හැඬයක් ගැනීම අපගේ අවාසනාව ය. ගෝඨාභය අල්ලස් කොමිසමට කැඳවීමට එරෙහි ව තිබූ විරෝධතාවට විකෘති කරන ලද කොඩි රැගෙන ගියේ කුමන තකතීරුවා විසින් ද?

ජාතික හෙළ උරුමය යනු මෑත ඉතිහාසයේ මෙරට සිංහල ජාතිවාදය ඇවිලීමට කටයුතු කළ අමන රැළකි. ඔවුන් විසින් මෙරට කැපූ දේශපාලන වළ සුළුපටු ගැඹුරකින් යුතු එකක් නොවේ. මහින්ද රාජපක්‍ෂ වැට්ටවීමට තරම් එය ගැඹුරු විය. පසුගිය ජනපතිවරණට ආසන්න සමයේ දී මෙම කුණුවළ කැපූ පිරිස "ඔන්න අපිනම් නෙවෙයි මහින්ද තමයි වැරදි" කියා ලිබරල් ඔඩොක්කුවට තල්ලු වන අතර මහින්ද ජනවාරි 08 වනදා එහි මිළ ගෙවා දැම්මේ ය.

මීළඟට මහින්ද විරෝධියා වූයේ බොදුබල සේනා සංවිධානයයි. අන්ත සිංහල ජාතිවාදී ස්වරූපයක් පෙන්වන මෙම සංවිධානය මහින්ද පරාජයේ දැවැන්ත කාර්යභාරයක් ඉටු කළේ ය. ලංකාවේ ජන වාර්ගික යාථාර්ථය පිළිබඳ අබමල් රේනුවක කියවීමක් නැති මෙම සංවිධානය බාහු බලයෙන් සුළු ජාතීන් මට්ටු කිරීමට ඉටාගත් එකකි. මෙම සංවිධානය නොර්වේ වැනි රටවල ආධාර මත දුවන එකක් බවට පසුගිය දා දැඩි චෝදනා එල්ල විය. එසේ වූව ද නොවූ වද ඔවුන් මහින්දට නම් කළේ සුළුපටු විනාශයක් නොවේ. බහුතරයක් සුළු ජාතික ඡන්ද මහින්දගෙන් ඈත්කර වීමේ කුමන්ත්‍රණයේ දෘෂ්‍යමාන සාධකය වූ මොවුහු මහින්ද පරාජය කිරීමේ බටහිර කුමන්ත්‍රණයේ සැලැස්ම අකුරක් නෑර ඉටුකළහ. මෙම ප්‍රවාහයට දැන් කුරගල සිය ජාතික අරගලය කරගත් සිංහල රාවය හා රාවණා ශක්ති ආදී සංවිධානය ද එකතු වී තිබේ.

මේ සියළු සංවිධාන එකතු වී දැන් කරමින් සිටින්නේ මහින්දට එරෙහි දෙවැනි කුමන්ත්‍රණයයි. එනම් නැගී එමින් තිබෙන මහින්ද රැල්ලට අත ගසා නැවතත් ඔහුට ජාතිවාදී කුණ ඇලවීම මොවුහු දැන හෝ නොදැන කරති. මෙය විනාශයකි. එසේ කිරීමෙන් මහින්ද නැවතත් මුල්ලකට තල්ලු කළ හැකි ය. ඔහු වෙතින් සුළුතර කොටස් තවදුරටත් ඈත්කළ හැකි අතර ඈත් වූ කොටස් එසේ ම නඩත්තු කළ හැකි ය. දෙවැනි ව සිංහල බහුතරයේ සිටින මධ්‍යස්ථ කොටස් ද මහින්ද සමග අත්වැල් බැඳ ගැනීම වළකාලීම අරමුණකි. පසුගිය දා ගෝඨාභයගේ සහායට අල්ලස් කොමිසමට ගිය පිරිස් අතේ තිබූ විකෘති කොඩිය පැහැදිළි කුමන්ත්‍රණයකි. මෙය මුද්‍රණය කොට එවන ලද්දේ නොර්වේ තානාපති කාර්යාලයෙන් දැයි අපි නොදනිමු. එපමණකට ම එය කුමන්ත්‍රණයක කොටසක් බව අවධාරණය කරමු. තව ද එම සටනේ වැදගත්කම පවා හෑල්ලුවට ලක් කළේ මෙම අමනෝඥ ක්‍රියාව කළ පිරිස් ය. මෙවන් සැලසුම් ඉදිරියටත් සිදුවන්නේ නම් ජාතිකවාදිය වෙනුවෙන් කරන සටන ගඟට කපන ඉනි බවට පත්වන දිනය ඈතක නොවේ.

-මහින්ද පතිරණ 
යුතුකම සංවාද කවය
www.yuthukama.com
--------------------------------------------- "නිවැරදිව හරවත්ව කියවන්න අපගේ ෆේස්බුක් පිටුව සමඟ එක්වන්න. https://www.facebook.com/yuthukama ෆේබුක් පිටුවට Like කර එකතු වන්න " ---------------------------------------------

,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

1 comment :

  1. දුණුමන්ත4/27/2015 9:50 AM

    බිරිතාන්‍ය ජාතිකයන් සිංහළය යටත් කරගන්න විට පහත දැමූයේ කොමන කොඩියද? ඊනියා නිදහස දෙන විට එසවූයේ කුමන කොඩියද? දැන් භාවිතාවන්නේ කුමන කොඩියද? මෙයයි අපි විසදාගතයුතු. මගේ මතකය නිවැරදිනම් ඔය ජාතීන් වෙනුවෙන් පටි දැමීමට මුලින්ම එරෙහි වූයේ මුස්ල්මාන්ය් මන්ත්‍රීවරයෙක්. ඔහු සතුව තිබුනා දිගුකාලීන දැක්මක්. ඔහු එදා පැවසූවා මෙය නොකරන ලෙසට හා මෙය කලොත් අනාගතයෙ ඇතිවන බෙදීම. අපට අවශ්‍ය අපේ පැරණි කොඩියයි!!

    ReplyDelete

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions