අද බයියන්ගෙන් රාජ්‍ය බලය ගිලිහී ගොස් ඇත. විදග්ධ ආකාරයට කිවහොත් සිංහල බෞද්ධ කතිකාවතට රාජ්‍යයට බලපෑම් කිරීමේ හැකියාව අඩාල වී ඇත. රාජ්‍ය, සෘජු විදේශ රාජ්‍යවල න්‍යාය පත්‍රවලට සමපාත වන ආකාරයට තමන්ගේ න්‍යාය පත්‍රය වෙනස් කරගෙන ඇත/කර ගනිමින් පවතී. නූතන හෝ වේවා පූර්ව නූතන හෝ වේවා පශ්චාත් නූතන හෝ වේවා මේ අධිරාජ්‍යවාදයට බයියන් අකමැතියි පමණක් නොව ඊට එරෙහි මාරාන්තික සටනකට උනත් ඔවුන් සූදානම්ය. කාලිංග මාඝගෙ (සහ ඊට පෙර) සිට 1818,1956 හරහා 2005 වෙනකනුත් මින් ඉදිරියටත් එය එසේ පවතිනු ඇත. අද නැවතත් බයියන්ගේ නිදහස් අරගලය රාජ්‍ය බලය ලබා ගැනීම සඳහා කල යුතුව ඇත. බයියන් මුහුණට මුහුණ සිදුවන සටන් වලදී දිනීමට දක්ෂ පිරිසක් වුවත් නූතන සංකල්ප වන අධිකරණයෙ ස්වාධීනත්වය, ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම්, පුද්ගල නිදහස ආදී මෙකී නොකී දිය රෙද්දෙන් බෙල්ල කැපීමේ උප්පරවැට්ටි සටන් වලදී දුර්වලය. හොඳම උදාහරණය 1815 සහ යම් දුරකට 2015 ය. වසර 300 ගානක් තිස්සෙ මුහුණට මුහුණ සිදු කල යුද්ධ වලින් සිංහලයන් බේරා ගත් තම රට ඔවුන්ගෙන් උදුරා ගැනීමට, යුද්ධයෙන් නොහැකි කල, සට කපට ප්‍රජාතන්ත්‍රවාදී සාකච්ඡා ගිවිසුම් ක්‍රියා මාර්ග මගින් කර ගැනීමට ඉංග්‍රිසීන් දක්ෂ විය.
බයියන්ගේ නැගිටීම වැලැක්වීමට ඉංග්‍රිසීන් ඉන්පසු ගැසූ ගැටය ( මේ ගැටී නිර්මාතෘ ලන්දේසීන් ) තාමත් ලිහා ගත නොහැකිව/ ලිහා ගන්නට නොදී පවතී. ඒ බයියන් වාර්ගිකව බෙදා පාලනය කිරීමය. සුළුතර දෙමළ බයියන් බහුතර සිංහල බයියන්ට එරෙහිව උසි ගැන්වීමය. ඒ සඳහා කළු සුද්දන් ප්‍රමාණයක් සහ ප්‍රභූ දෙමළ පැළැන්තියක් සුද්දන්ම නිර්මාණය කලේය. ඒ ප්‍රභූන් විසින් දෙමළ බයියන් ලංකාවේ ප්‍රධාන දේශපාලනයෙන් වෙන් කර තබා ගන්නා ලද අතර එය ඊනියා සිංහල ස්වෝත්තමවාදයක්, දෙමළාගේ අයිතිය ඇහිරීමක් ලෙස හුවා දක්වන ලදි/ අදද කරමින් සිටී. මේ කළු සුද්දන් නිර්මාණය කරන මැෂිම ලෙස බටහිර ආකෘතික අධ්‍යාපනය පිහිටුවා ඊට වැඳුම් පිදුම් කරන මානසිකත්වය රටේ සාදන ලදි. අදටත් මේ පාසල්, විශ්ව විද්‍යාල වැනි අධ්‍යාපනික ආයතන හරහා බිහි වෙන බමුණු කුලය පිම්බී බයියන්ට පිඹින්නෙ සුද්දා එදා ගහපු මේ දක්වා පවත්වාගෙන යන හුළං වලින්මය. මේවා දුටුවිට සිහි වෙන්නේ සූර පප්පා කාටුනයේ වැඩ 7 එන මැජික් කාරයගේ කුටියය. යන එකා අනිත් පැත්තට එන්නෙ "පිස්සු" හැදී "මම දැන් ටොයියෙක්" " මම දැන් ටොයියෙක්" කියාගෙනය. යූසුෆ් යොහානා මුස්ලිම් වූ පසු උපතින් මුස්ලිම් වූවන්ටද වඩා මුස්ලිම් වීමට තැත් කලේ යම් සේද, මෙසේ ටොයියන් ලෙස බෞතීස්ම වන බයියන් උපතින් ටොයියන් වූවන්ටද වඩා ටොයි වීමට දඟලයි. කලාතුරකින් එකෙක් පමණක් මැජික් කාරයාට අභියෝග කරනු ඇත. ඔවුන්ද බමුණු කුලය තුල පිළිකුලෙන් ප්‍රතික්ෂේප වනු ඇත.

මෙයට අපි බමුණු කුල ආධිපත්‍ය යැයි කියමු. මේ බමුණු කුල ආධිපත්‍යට එරෙහිව බයියන් උපහාස අපහාස මැද නොනවතින අරගලයක් කරමින් සිටී. බයියන් රාජ්‍ය බලය අත්පත් කර ගත්විට එය ඔවුන්ගෙන් උදුරා ගන්නත්, බයියන්ට රාජ්‍ය බලය නැති විට දිගටම ඔවුන්ට ආණ්ඩු බලය නොදී තබා ගන්නත් මේ බමුණු කුලය දිවා රෑ වෙහෙසි වැඩ කරයි. සමහර අය නොදැනුවත්ව, සමහර අය දැනුවත්ව. රාජ්‍ය නොවන සංවිධාන ලෙස ඒ සඳහා තවත් ආයතන පද්ධතියක් සුද්දන් විසින්ම අපි වැනි රටවල පිහිටුවා ඇත. මේව ස්ත්‍රි අයිතිවාසිකම්, පරිසර සංවිධාන, ලිංගික අයිතීන් සුරැකීමේ සංවිධාන ... ආදී මෙකී නොකී අටෝරාසියක් නම් වලින් පෙනී සිටී. මේ සංකල්ප සෑහෙන ශක්තිමත් සංකල්පය. උදාහරණයකට මානව හිමිකම් යන සංකල්පයට විරුද්ධ විය හැක්කේ නරුමයෙකුට පමණය. නමුත් මෙතන ඇති වංචාව නම් මානව හිමිකම් යනු මස් ලොරියෙ ගැසූ "බුදු සරණයි" බෝඩ් ලෑල්ල පමණක් වීමයි. සමාජයේ අට අනූවක් දෝෂ තුරන් කොට ගෝත්‍රික බයි සමාජ ශිෂ්ඨ කිරීම, සිවිලයිස් කිරීම මේවායේ පරම පවිත්‍ර චේතනා ලෙස පෙන්වුවද, යටින් දුවන ප්‍රධාන අරමුණ බයියන්ගෙන් රාජ්‍ය බලය දුරස් කර තැබීමයි. මේවායේ ක්‍රියාකාරීත්වය උපරිම කාර්යක්ශමතාවයට එන්නෙ බයියන්ට රාජ්‍ය බලය ඇති කොටය.. කක්කුස්සිවත්තෙ බට්ටිට එල්ල වෙන පොලිස් ප්‍රහාරය ආණ්ඩුවේ ප්‍රහාරයක් ලෙස හුවා දක්වා බට්ටිගෙ "වෘත්තිය අයිතිවාසිකම්" වෙනුවෙන් පෙනී සිටීමට මේ බට්ටො ටික රත්නපුරේ පෝලිම් ගැසුනු සැටි විප්ලවවාදීව සිහි කර ගන්න. මෙවන් හුදකලා සිද්ධි වල සිට, 6% වර්ජන දක්වා ඇත්තේ බයියන්ගෙන් රාජ්‍ය බලය උදුරා ගැනීම යන ඇහෙන්න නොකියන සිංදුවමය, නැත්නම් බයිලාවය. බයියන්ගෙන් රාජ්‍ය බලය ගිලිහුණු අවස්ථාවල මේ සංවිධාන ඉන්ටර්වල් එකක් ගන්නා අතර වෙනත් සුරතල් පරමාදර්ශී සටන් පාඨ වලට හෙමීට මාරු වෙයි. හරිත විප්ලව, ස්ත්‍රි අයිතිවාසිකම්, මානව හිමිකම් වැනි දාර්ශනික සංවාද මාතෘකා හමස් පෙට්ටියෙන් දූවිලි පිස එලියට ගන්නේ මේ කාලවලදී තළු මැරීමටය.
දැන් බයියන්ට ඔයිට සමාන රාජ්‍ය නොවන සංවිධානයක් තිබේද? තිබේ නන් ඒ මොකක්ද? මගෙ පිළිතුර නම් තිබේය , ඒ පන්සල් පද්ධතියය. බයියන්ගෙ රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරීන් පන්සලේ හාමුදුරුවරුන්ය. මෙය අදට විතරක් නොව බයියන්ට රාජ්‍ය බලය අහිමි උනු ඕනෑම කාලයකට වලංගුය. පන්සල යනු ලංකාවෙ ආගමික ආයතනයක් පමණක් නොව ප්‍රබල දේශපාලන ආයතනයකි, බයියන්ගෙ වාසනාවට. එයත් නොමැති නම් අන්තිම බයියාද ලංකාවෙන් වඳ වී බයියන්ට අබෝජින්වරුන්ට අත් වූ සොඳුරු ඉරණමම බටහිර මානව හිතවාදීන් අතින් අත් වී දැනට බොහෝ කල්ය. උදාහරණයකට මහින්ද මහතා වටා දැන් බයියන් සිදු කරන අරගලයට පහසුකම් සපයන ආයතනය කුමක්ද? පන්සල නෙමෙයිද? මහින්ද මහත්තය බෝධි පූජා, පිංකම් හරහා කරන දේශපාලනයට පහසුකම් සපයන්නෙ පන්සල සහ හාමුදුරුවරු නෙමෙයිද? ඒ පීඩිත අරගලයට අර කියන සුපිරි ප්‍රජාතන්ත්‍රවාදී ආයතන වන අධිකරණය, පාසල්, විශ්ව විද්‍යාල, පාර්ලිමේන්තුව ... වැනි ආයතන වලින් සත පහක උදව්වක් ලැබේද? එසේ නොලැබෙන්නෙ බයියන්ගෙ අරගලයේ ඇති ප්‍රජාතන්ත්‍රවාදයේ අඩුකමක් නිසාද? නෑ, ඒ ආයතන පිහිටුවා ඇත්තේම බයියන්ගෙ අරගල මැඩ පවත්වන්නට හෝ තනුක කිරීමටය. මගේ අදහස නම් බයියන් රාජ්‍ය බලය අල්ලන අවස්ථාවල මේ සුපිරි ප්‍රජාතන්ත්‍රවාදී ආයතනද ඇල්ලිය යුතුය, ඒ සඳහා ඉතාම සූක්ෂමව කටයුතු කල යුතුය. මොහොතකට අද පන්සල් ජාලය බයියන්ට නැති උනු තත්වයක් උපකල්පනය කරමු. බයියන්ට තමන්ගෙ අරගලය කරන්න ආයතන ව්‍යුහයක් ඇත්ද? ලංකාවේ බයි අරගලයේ රහස මේ පන්සල් ජාලය සහ හාමුදුරු දේශපාලනයය.
මේ සමස්ථ කාරණාව දේශීය විදේශීය අධිරාජ්‍යවාදීන් මෙන්ම ඔවුන්ගෙ ගැත්තොත් වටහා ගෙන ඇති බව මගේ හැඟීමයි. අන්තවාදී හකීම්, සුදු එම්බසිවල මහත්තුරු නෝනලා ඇපල් ගෝනියක් ගෙන මල්වතු අස්ගිරි පන්සල් වඳින්න යන්නෙ ආදරේට යැයි මට නොසිතේ. මේ බයියන්ගෙ රාජ්‍ය නොවන සංවිධාන ව්‍යුහය හරහා බෞතීස්ම ලැබීමට හෝ අවම වශයෙන් ඒ අවශ්‍යතාවය පෙන්වීමටය. කෙසේ හෝ, බයියො තම රාජ්‍ය නොවන සංවිධාන ජාලය සහ ඒ ක්‍රියා කරුවන් සියළු කල්හි හැකි සැම වෙර යොදා ආරක්ෂා කර ගත යුතුයි යන්න අවධාරණය කිරීම ලිපියේ මුඛ්‍ය අරමුණය. රාජ්‍ය බලය නැති කාලයේදී රාජ්‍ය බලය ලබා ගැනීමටත්, රාජ්‍ය බලය ඇති කාලයේදී රාජ්‍යය පවත්වා ගැනීමටත් මේ බයියන්ගේ රාජ්ය නොවන සංවිධානය මීට වඩා කාර්යක්ෂමව බයියන් යොදා ගත යුතු යැයි සිතමි. විශේෂයෙන් රාජ්‍ය බලය ඇති අවස්ථාවල මේ ව්‍යුහය පාවිච්චි වෙන්නෙම නැති තරම්ය. එසේ පන්සල් රාජ්‍ය බලයට බලපෑම් කිරීමට යොදා ගැනීම ඩිප්ලොමැටික්ද කියා අසන ටොයියන්ගෙන් පෙරළා ඇසීමට ඇති සරල ප්‍රශ්නය යහපාලනය අගවිනිසුරු පත් කරපු ආකාරය ඩිපොලොමැටික්ද යන්න පමණි. ඒ විදියටම මහින්ද මහතා අගවිනිසුරු පත් කලේ නම් මේ තියෙන ජාතික/ජාත්‍යන්තර නිහැඬියාවම අපිට දකින්න පුළුවන් වෙයිද කියා පමණි. ඩිප්ලොමසි වල නිරුවත එලෙසය. මීට අමතරව බයියන්ගේ රාජ්ය නොවන සංවිධානය තුලට රිංගා සිටින මාදුලුවාවේ සෝභිත හිමි, දඹර අමිල හිමි වැනි බමුණු අවතාර ගැනද පරිස්සම් විය යුතුය. ඒ අවතාර විවේචනය හරහා බයියන්ගේ එකම පිහිට වන පන්සල් පද්ධතියට හානි කර නොගත යුතුයි. පන්සල් පද්ධතියෙ ඇති දුර්වලතා විසඳගමු. නමුත් ඒව විසඳීමට ගොස් බයියන්ට ඇති එකම සරණත් නැති කර නොගැනීමට වග බලා ගමු.
- චරිත කාරියවසම්
යුතුකම සංවාද කවය
www.yuthukama.com
සුපිරි
ReplyDelete