4/08/2015

අර්බුදය ජය ගැනීම

කතෘ:යුතුකම     4/08/2015   No comments

දැන් අලුතින්ම මහින්දට නැගෙන චෝදනාව වී ඇත්තේ ශ්‍රී ලනිපය දෙකඩ කරනවා යන්නය. ශ්‍රී ලනිප ඉතිහාසයේ දී පක්‌ෂයට වැඩිම පාර්ලිමේන්තු ආසන සංඛ්‍යාවක්‌, වැඩිම පළාත් පාලන ආයතන සංඛ්‍යාවක්‌ පමණක්‌ නොව පළාත් සභා නවයෙන් අටකම මහ ඇමතිවරු පත් වුයේද මහින්ද පක්‌ෂ නායකත්වය හෙබවූ සමයේය. එවැනි ජයග්‍රහණ පක්‌ෂයට ලබා දෙනවාට අමතරව ශ්‍රී ලනිපයේ උපන් අයිතියක්‌ ද රාජපක්‌ෂ පරපුර සතු විය. එජාපය හැර දමා, බණ්‌ඩාරනායක විසින් පාර්ලිමේන්තුවේ පිල් මාරු කරන විට ඔහුගේ සෙවනැල්ල සේ පසුපසින් පැමිණියේ ඩී. ඒ. රාජපක්‌ෂය. රාජපක්‌ෂලාට තිබෙන එම ලේ උරුමය ආරක්‌ෂා කර ගනිමින් මහින්ද හැමදාමත් කටයුතු කළේය. බණ්‌ඩාරනායකගේ දරුවන් කාලයෙන් කාලයට පක්‌ෂයට බැන වදිමින් , පැති මාරු කලාට මහින්ද කවදාවත් පක්‌ෂය අත්හැරියේ නැත. තමන්ගේ පරාජයෙන් පසු ද ආරවුලක්‌ නොකර ඔහු පක්‌ෂ නායකත්වය මෛත්‍රීට දුන්නේ පක්‌ෂය දෙකඩ වීම වළක්‌වා ගන්නටය.එහෙම කරපු මහින්දට පක්‌ෂය දෙකඩ කරනවා යෑයි අද චෝදනා කරන්නේ මෛත්‍රීවාදීන් සහ චන්ද්‍රිකාවාදීන්ය.

මුලින්ම කිවයුත්තේ මහින්දගේ පරාජය සඳහා සුළු ජනවර්ග ඡන්ද නොලැබීමත්, පතුරුවා තිබු කටකතා ජනතාව විශ්වාස කිරීමත් හේතු වු බවය. මේවනවිට ආණ්‌ඩුව තමන්ට නගන දූෂණ චෝදනාවලට මහින්ද පිළිතුරු දෙන අන්දම පෙනුණත් තම පක්‌ෂයේ සමහරුන් මහින්දට කරන දේශපාලන චෝදනාවලට ඔහු පිළිතුරු දෙන ආකාරයක්‌ පෙනෙන්නට නැත. පක්‌ෂයේ අනුශාසක නිසා පිළිතුරු දුන්නොත් ප්‍රශ්නයක්‌ මතුවේ යෑයි මහින්ද සමහරවිට සිතනවා ඇත . මහින්දට චෝදනාකරන පිරිස එසේ නොහිතා කටයුතු කරනවානම් මහින්ද පමණක්‌ නිශ්ශබ්ද වෘතය රැකීමෙන් ඔහුට හානියක්‌ වෙනවා හැරෙන්නට අන් යමක්‌ වෙන්නේ නැත. අවම තරමින් කවුරුන් හෝ දමා මේ චෝදනා වලට මහින්ද පිළිතුරු දිය යුතුය.

මහින්දට තිබෙන චෝදනාව වී ඇත්තේ ශ්‍රීලනිපය දෙකඩ කිරීමට ඔහු කටයුතු කරන බවය. මහින්ද ජනාධිපතිකම කරන කාලයේදී අනෙක්‌ පක්‌ෂ ඔහුට චෝදනා කළේ ඔහු සෙසු පක්‌ෂ දෙකඩ කරන බවටය. එදා මහින්ද විසින් එක්‌ එක්‌ පක්‌ෂවල පිරිස්‌ තමන්ගේ කොටුව තුළට දමා ගත්තේ තම පිල ශක්‌තිමත් කරන්නටය. දැන් ඒ චෝදනාවම තමන්ගේ පක්‌ෂයෙන් ඔහුට එල්ල වී තිබේ. පසුගිය ජනාධිපතිවරණයට මහින්ද ඉදිරිපත් වුයේ ශ්‍රී ලනිපයේ නායකයා ලෙසය. ඒ මොහොතේ ඔහුට එරෙහිව පක්‌ෂය පාවාදී විරුද්ධ පක්‌ෂයේ අපේක්‌ෂකයා බවට පත් වුයේ මෛත්‍රීය. එතැනදී මෛත්‍රීට සහයෝගය දුන්නේ චන්ද්‍රිකාය. එසේනම් ශ්‍රී ලනිපය දෙකඩ කිරීමට මුලින්ම කටයුතු කළේ මේ දෙදෙනාය. පක්‌ෂය තුල සිටිමින් මෙවැනි පාවා දීමක්‌ කරන ලද පිරිසක්‌ වෙනත් පක්‌ෂයක්‌ නම් අහලකටවත් වැද්දා ගන්නේ නැත.

මෛත්‍රීගේ ජයග්‍රහණයත් සමඟ මුල්ම අර්බුදය මතු වුයේ ශ්‍රිලනිපයටය "දිවුරු" මෛත්‍රී මුලින්ම අත තැබුවේ පක්‌ෂයේ බලය අල්ලාගන්නටය. එහෙන් මෙහෙන් අහුලාගත් පිරිසක්‌ මධ්‍යම කාරක සභාව ලෙස නම් කරමින් පක්‌ෂ නායකයා ලෙස මෛත්‍රී පත් කර ගත් බව නිවේදනය කිරීමත් සමඟ ශ්‍රී ලනිපය දෙකඩ වීම ආරම්භ විය. එසේ නොවන්නට පක්‌ෂය තුළ කල්ලි ගැටුමක්‌ ආරම්භ වන්නේ නැත. සැබෑ පක්‌ෂය සිටියේ මහින්ද සමඟය. පරාජයෙන් පසු තමන්ගේ ඉදිරි ක්‍රියාමාර්ග ගැන ඔවුන් සාකච්ඡා කරමින් සිටියදී පක්‌ෂයේ බලය අමුතු ආකාරයකින් අල්ලාගැනීම සඳහා මෛත්‍රී පාර්ශ්වය ගත් ක්‍රියා මාර්ගය නිසා අමුතු තත්ත්වයක්‌ පක්‌ෂය තුළ මතු වන්නට පටන් ගත්තේය. මේ සඳහා හයිය ලැබුණේ විධායක ජනාධිපති තනතුරෙන්ය. විධායක බලය අත්හරිනවා කියා පැමිණි පිරිස එය අත්නොහැරීම සඳහා කටයුතු කරන අතරේම, ඒ සවියෙන් පක්‌ෂ නායකත්වයද අල්ලා ගන්නට තරම් දුර ගොස්‌ තිබුණි.

තමන් බලයට ගෙන ඒම සම්බන්ධයෙන් එජාපයට කෘතගුණ සළකන අතරේම ශ්‍රී ලනිප නායකත්වයද මෛත්‍රී තමන්ගේ අතේම තබාගෙන සිටීම පක්‌ෂය විෂයෙහි මතු වී තිබෙන ප්‍රධාන ප්‍රශ්නයය. ශ්‍රීලනිපයට අද තිබෙන ප්‍රධාන ගැටලුව එයය. මෛත්‍රී පක්‌ෂ නායකත්වය නොගත්තා නම් පක්‌ෂයේ යම් පිරිසක්‌ ඔහු සමඟ එක්‌වෙන්නට තිබුණි. නමුත් පක්‌ෂය මෙවැනි අපහසුතාවයකට පත් නොවන්නට ඉඩ තිබුණි. අද ශ්‍රී ලංකාකාරයා මුහුණ දී සිටින්නේ අමුතු තත්ත්වයකටය. ගිය වර ජනාධිපතිවරණයේදී පාක්‌ෂිකයා වැඩ කරන ලද්දේ, අද පක්‌ෂයේ නායකත්වයට පත්වී සිටින මෛත්‍රී පරාජය කිsරීමටය. ඔහු පක්‌ෂ නායකයා වුවත් ඔහු වැඩ කරන්නේ එජාපයේ අගමැතිවරයෙකු පත් කරගෙනය. ජාතික ආණ්‌ඩුවක්‌ ලෙස ශ්‍රීලනිපය එක්‌වී සිටියත් බිම් මට්‌ටමේදී තවම ශ්‍රී ලංකා කාරයා සිටින්නේ පරාජ වීය. මේ පරස්‌පරයත් සමඟ පාක්‌ෂිකයාට දේශපාලනය කිරීමට සිදුවීම තරම් අපහසුතාවයක්‌ තවත් නැත.

එදා සිටම දිනේෂ්, වාසු , විමල්, ගම්මන්පිල සිටියේ ශ්‍රී ලනිපයත් සමඟය. පසුගිය මැතිවරණ සියල්ලේදීම මේ පිරිස ශ්‍රී ලංකාකාරයන්ගේ හොදම මිතුරෝ වී සිටියෝය. ශ්‍රී ලනිපයට නායකත්වය අමුතු තත්ත්වයක්‌ මතු කළ ද මේ අය මහින්ද ව අත හැරියේ නැත. ඔවුන් ශ්‍රීලනිපය ලෙස පිළිගත්තේ පක්‌ෂය හැරදා ගොස්‌ ජනාධිපති පුටුවේ ආනුභාවයෙන් පක්‌ෂයේ නායක පුටුවේ වාඩිගත් මෛත්‍රී නොව පක්‌ෂයේ නායකකම අවසානය තෙක්‌ම දරාගෙන සිටි මහින්දය. මහින්ද සමඟ පෙළ ගැසුණේ දිනේෂ්, විමල්, වාසු, ගම්මන්පිල යන හතර දෙන පමණක්‌ නම් මහින්ද මේ තරම් බලවේගයක්‌ බවට පත්වන්නේ නැත. නෛතික ලෙස ශ්‍රී ලංකාකාරයා අමුතු හිරවීමකට ලක්‌වී සිටියේය. එසේම පක්‌ෂය තුළ මහින්ද ද Êඅමුතු හිරවීමකට ලක්‌වී සිටියේය. ශ්‍රීලනිපයට එරෙහිව ඡන්දය ඉල්ලූ මෛත්‍රී පක්‌ෂ නායකත්වයට පත්වීමත් සමඟ ඔහුගේ ප්‍රතිවාදියා වූ මහින්දට තැනක්‌ අහිමිවීම අමුතු කතාවක්‌ නොවේ. මෙතැන අමුත්ත ඇත්තේ තමන් එදා විපක්‌ෂයේ අපේක්‌ෂකයා ලෙස පිල් මාරු කලා සේම ජයග්‍රහණයෙන් පසු යලිත් පක්‌ෂ නායකකම ට මෛත්‍රී මාරු වීමය.මේ නිසා මහින්ද වෙනුවෙන් පෙනී සිටිය යුතු වුවත් පක්‌ෂ නායකත්වයේ මහින්ද විරෝධී භාවය නිසා එසේ පෙනී සිටින්නේ කෙසේදැයි පාක්‌ෂිකයාට ප්‍රශ්ණයක්‌ විය. දිනේෂ්,විමල් ඇතුළු පිරිස මහින්ද වෙනුවෙන් වේදිකාව ඉදිකරන විට ශ්‍රී ලංකාකාරයන් පොදි කකා එතැනට එන්නේ මේ අර්බුදකාරී තත්ත්වය තුළ තම මතය කියාපෑම සඳහා එය තෝතැන්නක්‌ වන නිසාය.

මේ වේදිකාව දිනේෂ්, විමල් ඇතුළු පිරිසගේ වුවමනාවක්‌ ලෙස මෛත්‍රී පිලේ සමහරු හදුන්වා දෙමින් තිබේ. ඔවුන්ට අනුව පිට පක්‌ෂ කිහිපයක්‌ එකතු වී ශ්‍රීලනිපය කැඩීම සඳහා කරගෙන යන කුමන්ත්‍රණයක්‌ ලෙස මෙය පෙන්වා දිය හැකිය. පළමුවෙන්ම ඇසිය යුත්තේ නුගේගොඩින් පටන් ගත් එම රැස්‌වීම් මාලාවට මුල සිටම ශ්‍රීලංකාකාරයන් සහභාගී වූයේ ඇයි කියාය. එදා එම පිරිස රැවටීමකට ලක්‌වූවා නම් එන්න එන්නම ශ්‍රී ලංකා කාරයන් ඒ සඳහා වැඩිවැඩියෙන් සහභාගී වෙන්නේ ඇයි ...? විශේෂයෙන්ම ගමේ මූලික පක්‌ෂ නියෝජිතයාගේ සිට මහා ඇමතිවරු, හිටපු කැබිනට්‌ ඇමතිවරු, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ආදි පක්‌ෂයේ සැම ස්‌ථරයකම බහුතරයක්‌ මේ සඳහා සහභාගී වන්නේ ඇයි ...? දිනේෂ්, විමල් ඇතුළු පිරිසට රැවටීම නිසාද...? නොඑසේ නම් ඔවුන් තමන්ගේ වුවමනාව ඉෂ්ට කරන නිසාද...?

මෛත්‍රී පාර්¨ශ්වය විසින් පක්‌ෂයේ වුවමනාව ඉටු කරන්නේනම් මේ පිරිස එතැනට යනවා මිසක වෙන තැනකට යන්නේ නැත. ඇත්තටම මේ වනවිට ශ්‍රීලනිපයේ මතු වී තිබෙන ප්‍රශ්ණය වී ඇත්තේ මහින්ද නොසලකා ගේම ගැසීමට යැමය. පක්‌ෂය කඩනවෝ ....යෑයි කියමින් කෑගසන්නේ නැතුව මහින්දට පක්‌ෂයේ නියම තැන දෙනවා නම් මේ ප්‍රශ්න කිසිවක්‌ ඇති වන්නේ නැත. මහින්දට මහා මැතිවරණයේදී අගමැති අපේක්‌ෂකකම දෙනවා නම් සියලුම ප්‍රශ්න එතැනින් නිවාරණය වේ.

මනෝඡ් අබයදීර

[දිවයින ]

, ,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

0 comments :

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions