4/09/2015

19 නමැති බෙදුම්වාදී පිල්ලිය පරදමු!

කතෘ:යුතුකම     4/09/2015   No comments

අනුර කුමාර , මාදුළුවාවේ සෝභිත හිමි, NGO උගතුන් සහ එක්සත් ජාතික පක්ෂය පවසන පරිදි පසුගිය ජනවාරි 08 වෙනිදා පවත්වා ඇත්තේ ජනාධිපතිවරණයක් නොවේ. ජනමත විචාරණයකි. ඒ විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීමට සහ 29 වරක් පරාජයට පත්ව පුටුව අත නොහැර සිය නොසැලෙන ගුණය ලෝකට ම කියා පෑ රනිල් වික්‍රමසිංහ අගමැති කිරීමට ය. මහින්දගේ පුටුවේ විලියම් ගොපල්ලව බවට පත්ව සිරිසේන වාඩි වීම අතුරු ඵලයකි. දැන් විධායක ජනාධිපති ධූරය දුර්වල කර නැවත කිසිදා මෙරට ජනවරමකින් ජනාධිපති ධූරයට පත් විය නොහැකි රනිල් වික්‍රමසිංහ විසි වසරක් තිස්සේ එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය අල්ලා ගෙන නටන එකාධිපති වියරුවට සමස්ත ලංකා රාජ්‍යය ම ගොදුරු කර ගැනීම සඳහා පිල්ලියක් එවා තිබේ. එය 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය යැයි නම් කර තිබේ. සිංහල බෞද්ධ විරෝධි රනිල් වික්‍රමසිංහ බලයට පත් කර සිය මනදොළ සපුරා ගැනීමට බලා සිටින සකලවිධ බෙදුම්වාදීන් ද සිංහල බෞද්ධ විරෝධීන් ද 19 ගැන ප්‍රශස්ති ගැයීමට එක්ව සිටිති. (නැඟෙනහිර සුළුජාතීන් අතරට රිංගා මහින්ද රාජපක්ෂ සිංහලයින්ගේ වීරයා බවත් එහෙයින් ඔහු පන්නා දැමිය යුතු බවත් කීවේ මේ රනිල් මය.) මේ බහුතර පිරිස යහ පාලන කෙබරය මේ රටේ ජන මනසට පොම්ප කර මුළු රටත් ජනතාවත් රවටා රට අගාධයට පෙරළා දැමූ සටකපට කල්ලි සමාජිකයෝ වෙති. එහෙයින් ජනතාව මේ වැදි බණවලට රැවටී ජනවාරි 8 දවල් වැටුණු වලේ රෑ වැටිය යුතු නැත.

සිරිසේනගේ යහ පාලන මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ කිසිදු තැනක විධායක ජනාධිපති ධූරය අහෝසි කරන බවට හෝ අගමැතිවරයාට බලය පවරන බවට සඳහන් කර නැත. මහජන ඡන්දයෙන් තේරි පත් නොවුණු ඕනෑ ම බටහිර හෝ ඉන්දීය පිල්ලියකට මේ රටේ පාලන බලය ඩැහැ ගැනීමට ඉඩ ලබා දෙන බව සඳහන් කර නැත. සෝභිත හිමි සමඟ සහ ඊනියා උගතුන්ගෙන් සැඳුම්ලත් සිවිල් සංවිධාන සමඟ ද එක්සත් ජාතික පක්ෂය හෙවත් රනිල් වික්‍රමසිංහ සමඟ ද එවැනි ගිවිසුම් අත්සන් කළ බව කියවෙයි. එහෙත් ජනතාව ජන වරමක් ලබා දී ඇත්තේ එකී කල්ලි සමඟ ගැසූ ගිවිසුම්වලට නොව ජනතාව වෙත ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශනයටයි. එහෙයින් සිරිසේන ජනාධිපතිවරයා වගකිව යුත්තේ එකී ප්‍රතිපත්ති ප්‍රකාශනයටයි. පූර්ව ජනාධිපතිවරණ ප්‍රචාරක වැඩසටහන්වල දී අතුරලියේ රතන හිමි මෙන් ම පාඨලි චම්පික රණවක ද දිගින් දිගට ම පුන පුනා කීවේ විධායක ජනාධිපති ධූරයේ ඇතැම් අත්තනෝමතික බලතල ඉවත් කරන බව පමණි. එකල්හි අනුර කුමාර සිරිකෝ ද අද පාඨලිගේ කේන්දර බලන ගාමිණි වියන්ගොඩ ලා ද කොතැන සිටියේ දැන් අප නොදනිමු. එසේ ම ජනමත විචාරණයකින් වෙනස් කළ යුතු කිසිදු සංශෝධනයක් සඳහා යහ පාලන ආණ්ඩුව ක්‍රියා නොකරන බව එම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් විය. විධායක ජනාධිපති ධූරයේ යම් වෙනසක් කිරීමට නම් පාර්ලිමේන්තුවේ 2/3ක අනුමැතියට අමතරව ජනමත විචාරයක් සඳහා ද ඉදිරිපත් කළ යුතු ය. ඇතැම් විට මේ ඊනියා උගත්තු සමනලී ෆොන්සේකා එදා රෝහලේ කළ රංගන බලා කුල්මත් වූවා මිස ප්‍රතිපත්ති ප්‍රකාශනය නොකියවන්නට ඇත. තවමත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නම් කියවා නැති බව පැහැදිලි ය.

මේ අනුව පසුගිය ජනාධිපතිවරණය විධායකය වෙනස් කිරීමට ලබා දුන් ජන වරමක් ලෙස අර්ථ කථනය කිරීම අතිශයින් ම වැරදි සහගත බව පැහැදිලි ය. එපමණක් නොව එය විධායකය වෙනස් නොකරන බවට ලිඛිතව පොරොන්දු වී ලබා ගත් ජනවරමකි. එහෙයින් 29 වරක් ජනතාව ප්‍රතික්ෂේප කළ කිසිදු ජනවරමක් නොමැතිව අගමැති වූ රනිල් වික්‍රමසිංහට හෝ කිසිදු ජන වරමක් නැති පුද්ගලයින්ගෙන් සැදුම්ලත් ජාතික විධායක සභාව නම් ෆැසිස්ට් ආයතනයට හෝ විධායකය වෙනස් කිරීමට කිසිදු නෛතික බලයක් නැත. ඒ සඳහා සුළුතරයේ අති බහුතරයෙන් ද බහුතරයේ සුළුතරයේ ද කැමැත්තෙන් බලයට පත් සිරිසේන ජනාධිපතිවරයාට ද හැකියාවක් නොමැත. 2010 ත්‍රස්තවාදය පරාජය කොට රට එක්සේසත් කළ රජයට ලබා දුන් ජන වරම රට බෙදා විනාශ කිරීමට කැස කවන බලවේග සන්තර්පණය කිරීමට යොදා මංකොල්ල කෑමට ද ඔහුට අයිතියක් නැත. එය කිසිසේත් සිරිසේන ජනාධිපතිවරයා අද නියෝජනය කරන මතවාදයට සපුරා ප්‍රතිපක්ෂ දේශපාලන මතවාද සහිත ජනතාවක් විසින් ත්‍රස්තවාදය පරාජය කළ රටේ ඒකීයත්වය තහවුරු කිරීම සඳහා ලබා දෙන වරමකි.

එසේ ම වර්තමාන ලෝකයේ මහා බලවතුන් මෙන් ම බලවත් රටවල් ලෙස සැලකෙන බොහෝ රටවල ඇත්තේ විධායක ජනාධිපති ධූර බව කිව යුතු මය. ඇමරිකාව, රුසියාව, ප්‍රංශය, චීනය, දකුණු අප්‍රිකාව, බ්‍රසීලය ඒ සඳහා නිදසුන් ලෙස සැලකිය හැකි ය. තිස් වසරක් මේ රට වෙළා පැවති ත්‍රස්තවාදය කෙළවර කළ හැකි වූයේ එකී විධායක ජනාධිපති ධූරයට පිං සිද්ධ වන්නට ය. වසර දහස් ගණනක් මේ රට සහ බුදු දහම ආරක්ෂා කර ගත හැකි වුණේ අපි විධායකය හෙවත් රජෙක් යටතේ පාලනය වූ හෙයිනි. ඒ විධායකය මේ රටේ පමණක් නොව සම්බුද්ධ ශාසනයේ ද භාරකරුවා විය. 1987 නඩු තීන්දුව අනුව 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය ඔස්සේ රට ෆෙඩරල්කරණය නොවන්නේ විධායක ජනාධිපති ධූරය නිසා ය. එවැනි පසුබිමක අප මත ඉන්දීය අධිකාරය විසින් බලෙන් පැටවූ 13 ව්‍යවස්ථා සංශෝධනය ව්‍යවස්ථාවෙන් ඉවත් නොකර 19 වැනි සංශෝධනය ඔස්සේ ජනාධිපති ධූරය කවරාකාරයකින් හෝ දුර්වල කිරීම නිසා සිදුවන්නේ රට ෆෙඩරල්කරණය වීම ය. බෙදුම්වාදය දිශාවට ඇදගෙන යෑම ය. 2009 බෙදුම්වාදයේ ත්‍රස්ත හිස විනාශ කොට තහවුරු කළ රටේ ඒකීයත්වය එක්සේසත් බව ප්‍රජාතන්ත්‍රවාදය නාමයෙන් නැවත බෙදුම්වාදයට ගොදුරු කිරීම ය. මේ 19 පිටුපස සිට රඟන්නේ බෙදුම්වාදී අවතාර මිස අනෙකෙක් නොවේ. ඔවුන්ට අවශ්‍ය කවරාකාරයකින් හෝ මේ රාජ්‍ය දුර්වල කර සිය බෙදුම්වාදී අරමුණු ඉටු කර ගැනීමටය. මේ අවස්ථාවේ ඒ සඳහා ඔවුන්ට ඇති ප්‍රධාන බාධාවක් වන්නේ විධායක ජනාධිපති ධූරයයි. විධායකය හෙවත් කේන්ද්‍රෙය් බලය දුර්වල කිරීම හරහා බෙදුම්වාදය බලවත් කර රට කැබලි කිරීම ඔවුන්ගේ අවසාන සහ එකම අරමුණ වෙයි. එහෙයින් ඊනියා මානව අයිතිවාසිකම්, ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ කිඹුල් කඳුලු හෙළමින් රට අරාජික කිරීමට සුදානම් වන බලවේගවලට එරෙහිව සියලු දේශ මාමක ජනතාව අත්වැල් බැඳගත යුතු ය. අපේ අනාගත පරපුරු වෙනුවෙන් ඒ බලවේග පරාජය කළ යුතුම ය.
-නාමල් උඩලමත්ත 
යුතුකම සංවාද කවය

www.yuthukama.com

, ,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

0 comments :

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions