8/22/2016

(උතුරේ) ළිං ඉසීමට බාරගනු ලැබේ - විමසන්න විජයකලා මහේෂ්වරන්

කතෘ:යුතුකම     8/22/2016   No comments
-සමන් ගමගේ-
ඉතිහාසයේ කාවන්තිස්‌ස රජතුමන් රුහුණු රට රජවී සිටියදී පැවති "වැටකොලු පතෝල න්‍යායේ" රාජ්‍ය පාලනය හමුවේ ඔහුගේ පුත් දුටුගැමුණු කුමරුන්ට මතුවූ එක්‌ බරපතළ ගැටලුවක්‌ තිබිණි. එහෙයින් හේ තම මව වූ විහාරමහා දේවියටද නොකියාම රහසේ සිය කුටියට වැදී වකුටුව නිදන්නට විය.

මේ ඉතිහාස කතාවට අනුව එදා දුටුගැමුණු කුමරුන්ට එසේ වකුටුව නිදන්නට මතුවූ ගැටලුව වූයේ කුමක්‌ද? පසෙකින් වූයේ ගොළු මුහුදය. අනෙක්‌ පැත්තෙන් එළාරගේ දෙමළ ආක්‍රමණය විය. එහෙත් මේ දෙමළ ආක්‍රමණය හමුවේ සිය පියාණන් රට වෙනුවෙන් පෙනී නොසිට නෝන්ජලයකු සේ හැසිරීම දුටුගැමුණුගේ ඒ නින්දට හේතු විය.
ඒ ඉතිහාසය හරියටම බැලුවොත් මේ වර්තමානය වගේමය. එහෙත් අද, එදා වගේම වුවද මෙදා දුටුගැමුණු සේ වකුටුව නිදන්නට අපට හැකියාවක්‌ තිබේද? දුටුගැමුණුට තිබුණේ ප්‍රශ්න දෙකකි. එහෙත් අපට අද එසේ නොවන්නේය.

පසෙකින් මේ බිම වැනසීමට උගුල් ඇටවූ ඇමරිකාව ප්‍රධාන බටහිර විජාතික කඳවුරය. තවත් පසෙකින් ඊළම වෙනුවන් කැපවී සිටින එල්ටීටීඊ විදේශගත දෙමළ ඩයස්‌පෝරාවය. ඒ අතරේ දෙස්‌ විදෙස්‌ එන්ජීඕ සතුරෝ ද ගජරාමෙට ක්‍රියාත්මකව ඇත. ඉන්දියානු ව්‍යාප්තවාදය විසින් මේ වන විට රට වටා වූ ගොළු මුහුද සේම අන් සියල්ලද ගිල ගනිමින් සිටින්නේය.

සැබෑ කතාව එසේ වී තිබියදී හැමදාමත් මේ රටේ සිංහල-දෙමළ සහෝදරත්වය විනාශ කළ බෙදුම්වාදී දෙමළ දේශපාලනයද යළි සිත්සේ හිස ඔසවමින් තිබෙන්නේය. ඒ බෙදුම්වාදී ආක්‍රමණය නැවත ඇරඹී ඇත.

එහෙත් යථාර්ථය එය වුවද රට කරවමින් සිටින්නේ නූතන කාවන්තිස්‌සලාය. සහජීවන සහ සංහිඳියා කඩතුරාවෙන් සියල්ල වැසී ගොස්‌ ඇත. අතීත කාවන්තිස්‌සට ස්‌ත්‍රී වස්‌ත්‍රාභරණ යවා ඇඳපන් ගවුම් යෑයි කියන්නට දුටුගැමුණුවත් හිටියේය. එහෙත් අද එසේද නැත.

ඉතින් මෙකී පණ්‌ඪක කතා වස්‌තුව හමුවේ අද අපට සිදුව ඇත්තේ ගෝල්ෙµaස්‌ පිට්‌ටනියට ගොස්‌ මුහුදට පනින්නට නොවේද? අප එසේ කියන්නේ මොකා මොන බණ කීවද අද දෙමළ බෙදුම්වාදය හමුවේ පාවා දීමේ කතාව අපේ ඇස්‌ ඉදිරිපිට දිගින් දිගටම සිදු වෙමින් තිබෙන නිසාය.

එහි අලුත්ම සිදුවීම් පෙළ කරළියට පැමිණියේ ඉකුත් සතියේදීය. අතුරුදන් වූවන් පිළිබඳ කාර්යාල පනත ඉකුත්දා පාර්ලිමේන්තුවේදී සම්මත විය. ඒ විවිධ මතවාද මැද්දේය. එහිදී ආණ්‌ඩුවට එල්ල වූ නොයෙකුත් චෝදනා බොහෝ තිබිණ.

එහෙත් මෙකී පනත සම්මත වී දෙදිනක්‌ ගතවීමටත් මත්තෙන් අභාවප්‍රාප්ත පාර්ලිමේන්තු මන්ත්‍රි ටී. මහේෂ්වරන්ගේ බිරිඳ වන එක්‌සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රිනී විජයකලා මහේෂ්වරන් කියන්නට වූයේ කුමක්‌ද?

යුද සමයේ උතුරේදී අතුරුදන් වූ දෙමළ ඥතීන් ඝාතනය කර ළිංවල දමා තිබිය හැකි බැවින් උතුරු පළාතේ ළිං පරීක්‍ෂා කළ යුතු බවට වූ කතාවක්‌ ඇය වහා සමාජගත කළාය. අතුරුදන් වූවන් පිළිබඳ කාර්යාල පනත සම්මත වීමත් සමඟ විජයකලාට හිටි හැටියේම ඇට සහ කටු සිහි වූයේ එසේය.

සුද්දාd බිහිකළ කළු සුද්දන්ගෙන් පැවත එන ඇතැම් පාලකයන්ගේ යුග වලදී උතුරේ මිනී පිට්‌ටනිවල තිබූ ඇටකටු හමුවේත් ත්‍රස්‌තවාදයට එරෙහි වූ රණවිරුවන් දඟ ගෙට ගිය කතාද මීට වසර කිහිපයකට ඉහත අතීතයේදී මෙරට සමාජයේ පැතිර තිබුණේය.

එකී රණවිරුවන් හරි හෝ වැරදි වේවා දඟ ගෙට යෑවුණේ මේ රටේ නීතියට අනුව බැවින් ඒවා අපි අභියෝග නොකරන්නෙමු.

එහෙත් අද විජයකලා මහේෂ්වරන්ට උතුරේ ළිංවල තිබෙන බව කියන ඇට සහ කටු ගැන සිහි වී ඇත්තේ එවන් අතීත මතකයන් අප තුළ තිබියදීය. ඒ අනුව ඉකුත් යුද සමයේ කිලිනොච්චිය හා මුලතිව් ප්‍රදේශවල හමුදා කඳවුරු පිහිටා තිබූ ප්‍රදේශයන්හි ළිංවලින් හෙට දිනයේ විජයකලාලා අරුම පුදුම ලෙස ඇට සහ කටු සොයා ගන්නටද බැරි නැත.

ඉකුත්දා උතුරට ගිය ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති අතුල් කේෂප් වැන්නවුන් සියලු රාජ්‍ය දූතමණ්‌ඩල සම්මුතීන් බිඳදමමින් උතුරේදී හමුදාවෙන් සිදුවන ගැටලු සහ බෞද්ධ ඉදිකිරීම් සම්බන්ධයෙන් වහා ඇමරිකානු තානාපති කාර්යාලයට පැමිණිලි කරන්න යෑයි කියද්දී විජයකලාලාට එසේ ඇට සහ කටු හමුවීමේ පුදුමයක්‌ද නැත.

එහෙත් එහි අවසන් ප්‍රතිඵලය කුමක්‌ විය හැකිද? එහිදී එකී ඇට සහ කටු හමුවූ ළිං ආශ්‍රිතව තිබූ හමුදා කඳවුරුවල රාජකාරි කළ රට බේරාගත් රණවිරුවන් බුරුතු පිටින් අතුරුදන් වූවන්ගේ කාර්යාලය හමුවට ගෙන නොඑන බවට ආණ්‌ඩුවට සහතික විය හැකිද?

අප එසේ ප්‍රශ්න කරනුයේ උතුරේ ළිංවල ඇට සහ කටු සොයන්නට සැරසෙමින් අද විජයකලා මහේෂ්වරන් කරන අපූරු ඇට කැඩිල්ලේ අවසන් ප්‍රතිඵලය එය වීමට බොහෝ දුරට ඉඩ ඇති බැවිනි. ඇතැම්විට අතීතයේ කතා පරිදි එකී ළිංවලට උතුරේ මිනී පිට්‌ටනිවල ඇති ඇටකටු දැමෙන්නටද බැරි නැත.

නිකමටවත් එවැන්නක්‌ සිදු වුවහොත් ඒවා පිළිබඳ සොයා බලන්නටද කෙනකු නැත. එහෙත් එහිදී බොහෝ දුරට රට බේරාගත් රණවිරුවනට ඇඟිලි දිගුවීමට ඉඩ ඇත.

අප එසේ කියන්නේ ඉකුත් යුද සමයේදී කිසිවකු විසින් හෝ වරදක්‌ කර ඇත්නම් දඬුවම් කළ යුතු බව අද යහපාලනයද පුන පුනා කියමින් සිටින නිසාය. සැබෑවටම වැරදි කර ඇතිනම් දඬුවම් දීම සාධාරණය. එහෙත් එසේ නොමැතිව ඉහත කී පරිදි ශ්‍රී ලංකා හමුදාවට පහර දීම ඉලක්‌ක කර ගනිමින් යමක්‌ සිදු කෙරුණහොත් එවිට ආණ්‌ඩුව කරනුයේ කුමක්‌ද?

අපට ප්‍රශ්න කරන්නට දෙයක්‌ නැත. අද කටයුතු සිදු කෙරෙන ආකාරයට අනුව එවැන්නක්‌ සිදු වුවහොත් සැකයේ වාසිය විජය කලාට දී රණවිරුවන් දංගෙඩියට රැගෙන යැම බොහෝ දුරට සිදු වනු ඇත.

මන්ද මේ තිබෙන්නේ සංහිඳියාව සහ සහජීවනය තේමා ගීතය කරගත් සම්මුතිවාදී පූට්‌ටුවෙන් බිහි කෙරුණු අන්තර්ජාතික යහපාලනයක්‌ වන නිසාය. ඉතින් අතුල් කේෂප්ලා ඉහත පරිදි උතුරට ගොස්‌ දෙමළ බෙදුම්වාදයට උඩගෙඩි දෙමින් සිංහ වෙස්‌ ගෙන නරිවාදන් දොඩවද්දී එසේ නොකරන්නේ යෑයි කියා සහතික දෙන්නට යහපාලනයට නොහැකිය.

අද ජාත්‍යන්තරයේ බෙර පදයට "අම්මට සිරි" කියමින් ආතල් එකේ වෙස්‌ බඳින නූතන කාවන්තිස්‌සලා එසේ නොකොට වෙන මොන අහවල් කෙළියක්‌a කරන්නද?

විජයකලාගේ කතාව එසේ වෙද්දී ඉකුත් සතියේ තවත් කතාවක්‌ කරළියට ගෙනාවේ වත්මන් විපක්‍ෂ නායක ඊනියා දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්බන්ධන්ය.

කිලිනොච්චියේ පරෙවිපරිච්චාන් යුද හමුදා කඳවුර යනු එල්ටීටීඊයෙන් කිලිනොච්චිය අත්පත් කර ගත් දා සිට යුද හමුදාව ස්‌ථානගතව සිටි භූමියකි. එහෙත් එකී කඳවුරු භූමියෙන් කොටසක්‌ තමන්ට අයත් බව කියමින් ඉකුත් සතියේ පරවිපරිච්චාන් කඳවුර ආසන්නයට පැමිණි උතුරේ දෙමළ වැසියෝ පිරිසක්‌ උද්ඝෝෂණයක්‌ කරන්නට වූහ.

එහිදී ඔවුන් අතරට ගිය ආර්. සම්බන්ධන් කියා සිටියේ රජය සමඟ සාකච්ඡා කර අදාළ භූමිය ඔවුන්ට ලබා දෙන බවය. සම්බන්ධන් කී ලෙසම එය සිදු විය. ඉකුත් සිකුරාදා වන විට පරෙවිපරිච්චාන් කඳවුරට අයත්ව තිබූ භූමියෙන් දෙමළ වැසියන් අයිතිවාසිකම් කී ප්‍රදේශය අතහැර දමන්නට රජය තීරණය කර තිබිණ.

මෙකී පරවිපරිච්චාන් කඳවුර යනු කුමක්‌ද? මෙහිදී මුලින්ම කිව යුතු එක්‌ දෙයක්‌ ඇත. ඒ ඉකුත් යුද සමයෙන් පසු යුද හමුදාව උතුරේ යම් භූමියක හමුදා කඳවුරක්‌ ඇති කළේ නම් එසේ සිදු කළේ ඇඟේ අමාරුවට නොවන බවය. සියල්ල සිදු වූයේ පුළුල් සැලසුමකට අනුවය.

මීට පෙර දිනකදී ද සටහන් කළ පරිදි එදා එල්ටීටීඊය ඉලක්‌ක කර ශ්‍රී ලංකා ගුවන් හමුදාව එල්ල කරනු ලැබූ ගුවන් ප්‍රහාර මාලාව සිතියම්ගත කරමින් එල්ටීටීඊයේ සක්‍රීයව පැවති ප්‍රබලම මර්මස්‌ථාන හඳුනාගැනීමෙන් පසු එකී හමුදා කඳවුරු ස්‌ථාපිත කිරීම සිදු විය.

පරවිපරිච්චාන් කඳවුර යනු එකල එල්ටීටීඊයේ කිලිනොච්චිය ප්‍රධාන මෙහෙයුම් මධ්‍යස්‌ථානය ලෙස පැවතියකි. අපේ රණවිරුවන් කිලිනොච්චිය අත්පත් කර ගැනීමේදී එල්ටීටීඊයේ සාම මහලේකම් කාර්යාලය, දේශපාලන මධ්‍යස්‌ථානය ඇතුළු බොහෝ වැදගත් කාර්යාල එකී භූමියේ පිහිටා තිබිණි.

එදා නෝර්වේ විශේෂ සාම නියෝජිත එරික්‌ සෝල්හයිම් 2002 ඊනියා සාම ගිවිසුමට අනුව වේලුපිල්ලේ ප්‍රභාකරන් හමුවීමට ගියේ අද පරෙවිපරිච්චාන් කඳවුර තිබෙන එකී කොටින්ගේ සාම මහලේකම් කාර්යාලයටය.

එල්ටීටීඊය පැවති සමයේ කිලනොච්චිය යනු කොටින්ගේ අගනගරය ලෙසට නම් කර තිබුණකි. එසේ නම් එකී අගනගරයේ මෙහෙයුම් මධ්‍යස්‌ථානය පිහිටා තිබූ භූ+මිය යනු ත්‍රස්‌තවාදීන්ට සුරක්‍ෂිතම ස්‌ථානය බව අමුතුවෙන් කිව යුතු නොවේ. ඔවුන් සිය ප්‍රධාන පෙළේ කාර්යාල එහි පිහිටුවනු ලැබුවේ එහෙයිනි.

යුද්ධයෙන් පසු එකී භූමියේ හමුදා කඳවුරක්‌ සAථාපිත කිරීමට කටයුතු කෙරුණේ මෙකී තත්ත්වය හමුවේය. ඒ අනාගත තර්ජනයන්ට මුහුණ දීමේදී කොටි සංවිධානය ශක්‌තිමත්ව සිටි ස්‌ථාන වැදගත් වන නිසාය. යම් තර්ජනයකදී එයට සාර්ථකව මුහුණ දීමේ උපක්‍රමයක්‌ ලෙසය.

ඇත්ත එය වුවද යහපාලනයත් සමඟ උතුරේ හමුදා කඳවුරු ඉවත් කර ඉඩම් ජනතාවට දිය යුතු බවට වූ ඊනියා දෙමළ ජාතික සන්ධානයේ ඉල්ලීම තුළ මෙම පරවිපරිච්චාන් භූමියේ අයිතියද මුල් තැනක තිබිණ. එහි අනාගත යටි අරමුණක්‌ තිබේද යන්න අපි නොදනිමු. එහෙත් යහපාලනය දැන් ඒ තීන්දුව අරගෙන අවසන්ය. ඉංගී්‍රසියෙන් රට දෙස බලන මේ ටිකිරි මොළවලට ව්‍යසනය නොතේරෙන්නේය.

අද පරවිපරිච්චාන් කඳවුරු භූමියේ අයිතිය ඉල්ලන දෙමළ ජාතික පවුල් සංඛ්‍යාව ගණනින් 52 කි. ඔවුහු යුද්ධයෙන් වසර හතකට පසු යහපාලනය සමඟ සිය අයිතිය ඉල්ලා දැන් වීදි බැස සිටිති. ඒ පසුපස සිටිනුයේ බෙදුම්වාදී දෙමළ දේශපාලනය බව එළිපිටම පෙනෙන්නට තිබේ. එහෙත් මෙසේ අයිතිය ඉල්ලා සිටින කිසිවකුටත් සිය අයිතිය තහවුරු කිරීමට නිසි ලිත සාක්‍ෂියක්‌ නොමැති බවද කියෑවෙමින් තිබේ.

එවන් තත්ත්වයක්‌ යටතේ බෙදුම්වාදී දෙමළ දේශපාලනයේ හඬට කන් දී රජය මේ අන්දමින් කටයුතු කරනුයේ ඇයිද යන්න දන්නේද යහපාලනය පමණි. දැනුදු රට බෙදපන් යෑයි කියමින් දෙමළ බෙදුම්වාදී දේශපාලනය හඬ නඟද්දී ආණ්‌ඩුව මෙසේ දෙකට නැමෙන්නේ කුමක්‌ නිසාද?

මේ අන්දමින් දැනට යහපාලන ආණ්‌ඩුව විසින් සහජීවනයේ සහ සංහිඳියාවේ නාමයෙන් උතුර නැගෙනහිර පළාත්වල පිහිටා තිබූ හමුදා කඳවුරු 65 ක්‌ පමණ ඉවත් කර එකී භූමිය ජනතාවට බෙදා දීමට පියවර ගෙන ඇත. එහෙත් සියල්ල සිදුවෙමින් තිබෙන්නේ දෙමළ බෙදුම්වාදය තවමත් සක්‍රීයව තිබියදීය.

එසේ හමුදා කඳවුරු 65 ක්‌ පමණ ඉවත් කර ගත් ආණ්‌ඩුව ඉකුත් සතියේ උපක්‍රමික වශයෙන් අපට වැදගත් වූ තවත් භූමියක්‌ වන වව්නියාව ගුවන් හමුදා කඳවුරු භූමියෙන්ද අක්‌කර 30 පමණ ප්‍රමාණයක්‌ අතහැර දමන්නට කටයුතු කරනු ලැබීය. ආරක්‍ෂක ලේකම් කරුණාසේන හෙට්‌ටිආරච්චි මහතාගෙන් ඒ පිළිබඳ විමසීමේදී හෙතෙම කීවේ පාසලක ක්‍රීඩා පිටියක්‌ සඳහා ඒ අත්හැරීම සිදු කළ බවය.

මේ සියල්ල හමුවේ යහපාලනය හෙවත් නූතන කාවන්තිස්‌සලා දෙස බලා මේ පිං බිම රකින ශ්‍රී මහා බෝ සිමිඳු, දළාදා වහන්සේ ඇතුළු තිස්‌තුන් කෝටියක්‌ දෙවි දේවතාවුන්ගෙන් අසන්නට එක්‌ ප්‍රශ්නයක්‌ දැන් අපට ඉතිරිව ඇත.

අනේ, ඔබවහන්සේලා දන්නා පරිදි වත්මන් පණ්‌ඪක සංස්‌කෘතිය අවසන් කර නූතන කාවන්තිස්‌සලාට ගවුම් අන්දවා මේ බිමි සුරකින්නට යළි දුටුගැමුණු කෙනෙක්‌ අප අතරට එන්නේ කවදාද?

මිනිසුනේ වටහා ගන්න. ඉන් එහා කියන්නට දෙයක්‌ දැන් තවත් නම් අපට ඉතිරිව නැත.
[Divaina]

යුතුකම සංවාද කවය
www.yuthukama.com 
Like us on facebook : https://www.facebook.com/yuthukama

4/20/2015

මර ගැටුමකින් කොටි පරදා දිනා ගත් සාම්පූර් යහපාලනයෙන් නොමිලේම කොටින්ට...!

කතෘ:යුතුකම     4/20/2015   No comments
එය ඉකුත් යුද සමය විය. එල්ටීටීඊ ත්‍රස්‌තවාදයට එරෙහි නැගෙනහිරින් ආරම්භ වූ සටන ඒ වන විට පැවතියේ දිනෙන් දින ඉතා දරුණු තත්ත්වයට පත් වෙමිනි. මේ අතරේ මේ බිම යක්‍ෂයාගෙන් මුදා ගත් අපේ රණවිරුවෝ හරියටම පසුගිය 2006 වසරේ අගොස්‌තු මස 28 වැනිදා අලුයම 4.00 පසුවී මිනිත්තු කිහිපයක්‌ ගෙවී යමින් තිබියදී සතුරාට එරෙහි තවත් එක්‌ සුවිශේෂී මෙහෙයුමක්‌ ආරම්භ කරනු ලැබූහ.

ත්‍රිකුණාමලය මුතූර්, කට්‌ටපරිච්චාන් සීමාව එකී මෙහෙයුමේ ආරම්භක ස්‌ථානය විය . ඒ වන විට එල්ටීටීඊ ත්‍රස්‌තවාදීන්ගේ ත්‍රිකුණාමලය සන්නද්ධ හා දේශපාලන මූලස්‌ථානය වශයෙන් පැවති සාම්පූර් කොටි කඳවුරට පහරදීම එකී මෙහෙයුමේදී රණවිරුවන්ගේ ඉලක්‌කය වී තිබිණ.

එදා එල්ටීටීඊයට එරෙහි නැගෙනහිර සටනේදී ත්‍රස්‌තවාදීන්ගෙන් සාම්පූර් මුදා ගැනීම සඳහා ත්‍රිවිධ හමුදා රණවිරුවන්ට මෙසේ විශේෂ වූ මෙහෙයුමක්‌ කරන්නට සිදු වූයේ කුමක්‌ නිසාද?

වත්මන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා දෙවැනිවරට රටේ අගමැති වූයේ ඉකුත් 2002 වසරේ එක්‌සත් ජාතික පෙරමුණු රජය බලයට පත්වීමත් සමගය. රනිල් වික්‍රමසිංහ මහතා වර්තමානයේ යළිත් රටේ අගමැතිවරයා වී සිටින්නේ තෙවැනි වරට බවද මෙහිදී සටහන් කළ යුත්තකි. හෙතෙම පළමුවර රටේ අගමැති වූයේ හිටපු ජනාධිපති ප්‍රේමදාස මහතා එල්ටීටීය විසින් ඝාතනය කිරීමත් සමඟ එවකට අගමැතිව සිටි ඩී. බී. විඡේතුග මහතා ජනපති වූ අවස්‌ථාවේදීය.

එසේ රනිල් වික්‍රමසිංහ මහතා දෙවැනිවරට අගමැති වූ ඉකුත් 2002 වසරේදී එක්‌සත් ජාතික පෙරමුණු රජය මගින් මිනීමරු වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ හිස අතගා සිදු කළ එක්‌ ජාතික අපරාධයක්‌ විය.

ඒ"ප්‍රභාකරන්ගේ ත්‍රස්‌තවාදය ලොව දරුණුම එකයෑයි" කියන අතරේ මේ රටට එරෙහි නෝර්වේ කුමන්ත්‍රණකරුවා වූ එරික්‌ සොල්හයිම්ද එක්‌ කරගෙන ඊනියා සටන් විරාම ගිවිසුමක්‌ හරහා එල්ටීටීඊයට උතුර නැගෙනහිර භාර දීමට කටයුතු කිරීමය.

එතැන් පටන් බොහෝ දේ සිදුවන්නට විය. අපේ රණවිරුවන්ගේ ක්‍රියාකාරිත්වය කඳවුරුවලට සීමා වෙද්දී එල්ටිටීඊ ත්‍රස්‌තවාදීහු රණවිරුවන්ට රෙදි උස්‌සා පශ්චාත්භාගය පෙන්වන අතරතුර උතුරු - නැගෙනහිර බිමේ රිසි සේ කරණම් ගසන්නට වූහ.

සටන් විරාම ගිවිසුමට මුවා වී උතුරු - නැගෙනහිර බිමේ යුදමය වශයෙන් වැදගත් සියලුම මර්මස්‌ථානවලින්, එක්‌සත් ජාතික පෙරමුණු රජය ලවාම හමුදාව ඉවත් කරවූ එල්ටීටීඊය ඊළඟ සටන ඇරඹීමේ පෙර සුදානම සමඟ එම තැන්වල කඳවුරු බැඳ ස්‌ථානගත වන්නට විය.

සාම්පූර් බිමද මේ අයුරින් එදා එල්ටීටීඊයේ ග්‍රහණයට නතු වූයේ එක්‌සත් ජාතික පෙරමුණු රජයට පිසිදු වන්නටය. බටහිර විඥනය තුළ සිරවී රටට කෙළවුණද සුද්දන්ගේ දෙපතුළ මත හිස තබන්නට සූදානමින් සිටි රටේ දේශපාලන නායකත්වයට එදා නොවැටහුණාට කොටි ත්‍රස්‌තවාදීහු සාම්පූර්හි ඇති වටිනාකම මැනවින් වටහාගෙන සිටියේය.

අවසානයේ කොටින්ගේ සන්නද්ධ හා දේශපාලන මූලස්‌ථානය ත්‍රිකුණාමලය සාම්පූර් බිමේ ඉදි වන්නට වූයේ අපේ රණවිරුවන් දැසේ වූ කඳුළු සමඟ සිදුවන විනාශය දෙස බලා සිටියදීමය. එදා ත්‍රිකුණාමලය කොටි උසාවිය ඉදිකෙරුණේද සාම්පූර්වලය. කොටි පොලිසියද එහි ඉදිවිය. එපමණක්‌ද නොව, දෙමළ ජනතාවගෙන් කප්පම් ලබා ගැනීම සඳහා එල්ටිටීඊය ඒ දිනවල ඇති කර තිබූ කොටින්ගේ ඊනියා ආදායම් බදු කාර්යාලය ඉදිකෙරුණේද සාම්පූර්වලය.

මෙසේ සාම්පූර් කොටි බලකොටුව ඉදිකිරීමෙන් පසු එහි රජකරන්නට වූයේ අවසන් සටනේදී හමුදාවෙන් වෙඩි කා පරලොව ගිය එවකට එල්ටීටීඊයේ සන්නද්ධ සහ දේශපාලන අංශ නායකයන් දෙදෙනකු වූ ස්‌වර්ණම් සහ එළිලන්ය. 2002 ඊනියා සටන් විරාම ගිවිසුමත් සමග එල්ටීටීඊය සිය නැගෙනහිර බලකොටුව සාම්පූර්හි ඉදිකරන්නට තරම් එහි වූ වැදගත්කම කුමක්‌ද?

ත්‍රිකුණාමල වරාය ආසන්න බිමක්‌ වූ සාම්පූර් යනු ඒ අවට ඇති කට්‌ටපරිච්චාන්, සෙල්ලනගර්,තෝපූර්, ගනේෂපුරම්, අම්බලනගර් ආදී වශයෙන් වූ සෙසු භූමියන්ට වඩා මදක්‌ උස්‌ව පිහිටි භූමියකි. එමෙන්ම ත්‍රිකුණාමල වරායට ඕනෑම නෞකාවක්‌ පැමිණීමේදී එය වරාය තුළට යා යුතු වන්නේද සාම්පූර් මුහුදු බොක්‌ක ඔස්‌සේ ගමන් කිරීමෙනි. එසේම සාම්පූර් සිට ඉලක්‌කය ගත් විට ත්‍රිකුණාමල වරායට හෝ නාවික හමුදා කඳවුරට කිසියම් ප්‍රහාරයක්‌ එල්ල කිරීම යනු ඉතාම පහසු කටයුත්තකි.

එල්ටීටීඊය සටන් විරාම ගිවිසුමට මුවා වී සාම්පූර්හි එදා සිය නැගෙනහිර බලකොටුව ඉදි කරනු ලැබුවේ මෙකී වැදගත්කම හමුවේ විය. පැහැදිලිවම කිවහොත් ත්‍රිකුණාමල නගරය ගතහොත් සාම්පූර් භූමිය යනු පිහිටීම අනුව යුදමය වශයෙන් අතිශය වැදගත් මර්මස්‌ථානයක්‌ම වන්නේය.

කොටින්ට එරෙහි අපේ විරුවන් දියත් කළ අවසන් සටන උදාහරණයකට ගතහොත් එදා එල්ටිටීඊය ත්‍රිකුණාමල වරායට, ත්‍රිකුණාමල නාවික කඳවුරට මෙන්ම තෝපූර්, මුතූර්, කට්‌ටපරිච්චාන් ආදී ලෙසින් අවට තිබූ හමුදා කඳවුරු වෙත බර අවි ප්‍රහාර මෙන්ම අනෙකුත් ප්‍රහාර එල්ල කරනු ලැබුවේද සාම්පූර් කේන්ද්‍ර කරගෙනය.

මෙම වැදගත්කම නිසාම 1997 වසරට පෙර සිට සාම්පූර් ප්‍රදේශයේ රජයේ හමුදාවෝ රැඳී සිටියහ. එහෙත් 1997 වසරේ ආරම්භ වූ ත්‍රස්‌තවාදීන්ට එරෙහි ජයසිකුරු මෙහෙයුමේදී වැඩි පිරිස්‌ බලයක්‌ ඇවැසි වීම හේතුවෙන් සාම්පූර් ප්‍රදේශයෙන් ඉවත් වන්නට හමුදාව කටයුතු කළද මුළුමනින්ම සාම්පූර් අතහරින්නට ක්‍රියා නොකෙරුණි.

එහෙත් සාම්පූර්හි ඇති එකී වටිනාකම වටහා ගැනීමට තරම් මොල කළඳක්‌ නොතිබූ 2002 බලයට පත් වූ එක්‌සත් ජාතික පෙරමුණු රජයේ දේශපාලනය සටන් විරාම ගිවිසුම ඔස්‌සේ සාම්පූර් බලය උඩු යටිකුරු කරනු ලැබුවේ නින්දාසහගත ලෙසිනි. එහි අවසන් ප්‍රතිඵලය වූයේ සාම්පූර්හි කොටි බලකොටුව ඉදි වීමය.

ත්‍රස්‌තවාදයට එරෙහි ක්‍රියාත්මක වූ අවසන් සටනේදී 2006-08-28 වැනිදා සාම්පූර් ත්‍රස්‌තවාදීන්ගෙන් මුදා ගැනීම සඳහා ජීවිත පූජා කරමින් විශේෂිත මෙහෙයුමක්‌ ආරම්භ කිරීමට අපේ රණවිරුවන්ට සිදු වූයේ එකී පාවා දීම හමුවේය.

එදින අලුයම ආරම්භ වූ එම මෙහෙයුමේදී එවකට යුද හමුදාපතිව සිටි ලුතිනන් ජෙනරාල් සරත් ෆොන්සේකා (වත්මන් යහපාලනයෙන් ෆීල්ඩ් මාෂල් ධුරයට උසස්‌ කළ සහ එසේ විය යුතු) ක්‍රියාන්විත අධ්‍යක්‍ෂ වූ බ්‍රිගේඩියර් අතුල ජයවර්ධන, මාණ්‌ඩලික ප්‍රධානී මේජර් ජනරාල් නන්ද මල්ලවආරච්චි සහ ත්‍රිකුණාමලය 22 වැනි බලසේනාංකාධිපතිව සිටි මේජර් ජෙනරාල් මෙන්දක සමරසිංහගේ මෙහෙයවීමෙන් යුද හමුදා විශේෂ බළකාය සමඟ පාබල සටන් බලඇණි හතරක්‌ සාම්පූර් මුදා ගැනීමේ සටනට අවතීර්ණ වී සිටියේය.

එහිදී විශේෂ බළකා බල සේනාධිපතිව සිටි එවකට කර්නල් ප්‍රසන්න සිල්වාගේ අධීක්‍ෂණය යටතේ 01 වැනි විශේෂ බළකායේ අණදෙන නිලධාරි මේජර් ජයන්ත රත්නායක, 02 වැනි විශේෂ බළකායේ අණදෙන නිලධාරි මේජර් ඩබ්. ටී. ඩබ්. ජී. ඉහළගේ සහ 03 වැනි විශේෂ බළකායේ අණදෙන නිලධාරි මේජර් සුජීව සෙනරත් යාපා යටතේ ක්‍රියාත්මක වූ විශේෂ බළකා රණවිරුවෝ සටනේ පෙරමුණේම සිටියහ.

විශේෂ බළකාය එදා එලෙස සතුරු ප්‍රහාර මැද සාම්පූර් මුදා ගැනීම සඳහා ඉදිරියට යද්දී 8 වැනි සිංහ බලඇණියේ අණදෙන නිලධාරි රමේෂ් ප්‍රනාන්දු, 6 වැනි විජයබාහු බලඇණියේ අණ දෙන නිලධාරි පද්මසිරි තල්වත්ත සහ 7 වැනි ගැමුණු බලඇණියේ අණ දෙන නිලධාරි සේන වඩුගේ ඇතුළු සෙබළුන් තවත් පෙරමුණු තුනකින් සටනට අවතීර්ණ වී සිටි අතර සටනේ නිරත විරුවන්ට සෙසු සහායන් ලබා දීම සඳහා 7 වැනි පාබල බලඇණිය එවකට ලුතිනන් කර්නල් මංගල දේශප්‍රියගේ සහ මේජර් සේනක විඡේසූරියගේ මෙහෙයවීමෙන් ක්‍රියාත්මකව සිටියේය.

මෙසේ සාම්පූර් මුදා ගැනීම සඳහා එදා මුතූර් සිට කට්‌ටපරිච්චාන් ඔස්‌සේ පෙරමුණු කිහිපයකින් රණවිරුවන් ඉදිරියට ඇදෙද්දී පළමු දිනයේ පමණක්‌ දෙපාර්ශ්වය අතර ඇතිවූ සටන්වලින් සාම්පූර් වෙනුවෙන් දිවිදුන් රණවිරුවන් ගණන 12 ක්‌ විය. තවත් විශාල පිරිසක්‌ තුවාල ලැබූහ. ඒ අතරේ දැත් දෙපා පිදූවෝද වූහ.

මෙසේ රණවිරුවන් මෙහෙයුමේ ඉදිරියටම යද්දී සාම්පූර්හි ඇති වටිනාකම නිසාම එය හැර යන්නට එල්ටිටීඊ ත්‍රස්‌තයන්ද අකමැති වීම හමුවේ දිනෙන් දිනම එකී සටන දරුණු වූයේ වෙඩි හඬින් මුළු ත්‍රිකුණාමල නගරයම ගිගුම් දෙද්දීය. අවසානයේ හරියටම දින හතක්‌ පුරා ත්‍රස්‌තවාදීන් සමඟ සිදු කළ බිහිසුණු යුද්ධයකින් පසු 2006 වසරේ සැප්තැම්බර් මස 4 වැනිදා අලුයම වන විට එල්ටිටීඊයට දරුණු පරාජයක්‌ අත්කර දෙමින් සාම්පූර් කොටි කඳවුර අත්පත් කර ගැනීමට අපේ රණවිරුවෝ සමත් වූහ.

ඒ සාම්පූර් සිට තවත් කිලෝමීටර් දෙකක්‌ පමණ ඉදිරියට යමින් සාම්පූර්වලට ඊසාන දෙසින් වූ ෆවුල් පොයින්ට්‌ මුහුදු තීරය දක්‌වාම බලය තහවුරු කර ගනිමිනි. මෙහිදී එදා නාවික සහ ගුවන් හමුදාව මගින්ද එල්ටීටීඊ ඉලක්‌ක වෙත බර අවි හා ගුවන් ප්‍රහාර එල්ල කරමින් යුද හමුදාවට විශාල සහායක්‌ දෙනු ලැබීය.

මෙසේ එදා යුද හමුදාව දරුණු සටනක්‌ කර සාම්පූර් අත්පත් කර ගනිද්දී ඒ වෙනුවෙන් ගෙවුණු දින හත ඇතුළත අපේ රණවිරුවන් 70 ක්‌ උපන් බිමේ විමුක්‌තිය උදෙසා ත්‍රස්‌තයන්ගේ වෙඩි උණ්‌ඩවලට ළය දී ජීවිත පූජා කර තිබුණු අතර තුවාල ලැබූ පිරිස තුන්සියයකටත් අධික වූහ.

වත්මන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා දෙවැනි වරට අගමැති වූ 2002 වසරේදී කරළියට ගෙනා ඊනියා සටන් විරාම ගිවිසුම හමුවේ ත්‍රස්‌තවාදී බලකොටුවක්‌ වූ සාම්පූර් භූමිය අපේ විරුවන් එදා යළි රටට දිනා දුන්නේ එසේය. නමුත් රණවිරුවන් එසේ ජීවිත පරිත්‍යාගයෙන් දිනා දුන් සාම්පූර් බිමට අද කුමක්‌ සිදුව තිබේද?

එදා රණවිරුවන් සාම්පූර් අත්පත් කර ගැනීමෙන් පසු එක්‌ සුවිශේෂී දෙයක්‌ද සිදු විය. ඒ ත්‍රිකුණාමලය වරායේ සහ විශේෂයෙන්ම ත්‍රිකුණාමල නාවික හමුදා කඳවුරේ ආරක්‍ෂාව වෙනුවෙන් සාම්පූර් බිමේ නාවික හමුදා පුහුණු පාසලක්‌ ඇතුළුව කඳවුරක්‌ පවත්වාගෙන යැමට නාවික හමුදාව කටයුතු කිරීමය.

නාවික හමුදාව එසේ කටයුතු කිරීමට තවත් හේතු කිහිපයක්‌ද විය. ඊනියා දෙමළ ජාතික සන්ධානයේ බෙදුම්වාදය හා විදේශගත කොටි හිතවාදී දෙමළ ඩයස්‌පෝරාවේ ආශීර්වාදය මත නැවතත් ප්‍රභාකරන්ගේ ඊළම වෙනුවෙන් එල්ටීටීඊය රට තුළ මතු වීමේ අවදානමක්‌ පැවතීම සහ යම් ලෙසකින් එවැන්නක්‌ සිදු වුවහොත් සාම්පූර් වැනි යුද මර්මස්‌ථානයක්‌ සතුරා අතට පත්වීමට ඇති අවස්‌ථාව අහිමි කිරීම ඒ අතරින් ප්‍රධාන තැනක තිබිණ.

පැහැදිලිවම කිවහොත් අවසන් සටනින් පසු නාවික හමුදාව සාම්පූර්හි නාවික කඳවුරක්‌ පවත්වාගෙන යනු ලැබුවේ රටේ සහ ජාතියේ ආරක්‍ෂාවටය. එසේ නොමැතිව ඇඟේ පතේ අමාරුවට නාවික හමුදාව එසේ කටයුතු නොකළේය.

නමුත් රටකට ඕනෑ අහවල් යුගයක්‌ යෑයි කී වත්මන් යහපාලනය ඉකුත් සතියේ මෙකී යුද මර්මස්‌ථානයෙන් නාවික හමුදාව මුළුමනින්ම ඉවත් කර සාම්පූර් බිම කැබලි කර ජනතාවට බෙදා දෙන්නට කටයුතු කරනු ලැබුවේ යහපාලනය කියනුයේ "ප්‍රභාකරන් දේපළ වෙළෙ¹ම් සමාගම"ට දැයි අපට සිතෙන පරිදිය.

මෙසේ යුද මර්මස්‌ථානවලින් හමුදාව ඉවත් කර උතුර-නැගෙනහිර දෙමළ ජනතාවට ඒ ඉඩම් අත්පත් කර දීමේ දැඩි අවශ්‍යතාවක්‌ කාලයක සිටිම තිබුණේ වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ ඊළම දෙස බලමින් මේ මොහොතේත් බෙදුම්වාදය සමඟ සිටින ඊනියා දෙමළ ජාතික සන්ධානයට සහ විදේශගත එල්ටිටීඊ දෙමළ ඩයස්‌ පෝරාවටය.

ඒ අනුව බලන කල දෙමළ ජාතික සන්ධානයේ සහ ඩයස්‌පෝරාවේ වුවමනාවන් වෙනුවෙන් පෙනී සිටින පාලනයක්‌ හෝ කණ්‌ඩායමක්‌ වේ නම් ඒ පිරිස "ප්‍රභාකරන් නමැති දේපළ වෙළ¹ම් ආයතනයෙ" කොටස්‌කරුවන් යෑයි කීමේ වරදක්‌ද නැත.

එසේ සාම්පූර් බිම දෙමළ ජනතාවට බෙදා දුන් යහපාලනය දැන් එහි සිටි නාවික හමුදා සෙබළුන් බූස්‌ස නාවික කඳවුර වෙත යෑවීමටද ක්‍රියා කරමින් සිටින්නේය. ඒ අනුව ඉකුත් සතියේ එහි සිටි නාවික සෙබළුන් 450 ක්‌ බූස්‌ස කඳවුර වෙත යවනු ලැබීය. එසේ හමුදාව ඉවත්ව යද්දී අනෙක්‌ පැත්තෙන් සිදු වූයේ සාම්පූර් යුද මර්මස්‌ථානය යළිත් වරක්‌ නිරාවරණය වූ බිමක්‌ ලෙස අරාජිකත්වයට පත්වීමය.

සාම්පූර් මෙසේ යළි බිඳ වැටෙද්දී තවත් පැත්තකින් සිදුවූ අපූරු ගැලපීමක්‌ද ඇත. ඒ එදා 2002 ඊනියා සටන් විරාම ගිවිසුම හමුවේ සාම්පුර් එල්ටීටීඊය යටතට පත්වෙද්දී රටේ අගමැතිවරයා ලෙස සිටි රනිල් වික්‍රමසිංහ මහතා අද දවසේ සාම්පූර් යුද මර්මස්‌ථානය යළි අරාජික වන අවස්‌ථාවේදීද රටේ අගමැතිවරයා වී සිටීමය.

සාම්පූර් අරබයා ගත් කල එකී ගැලපීමේ කිසියම් සබඳතාවක්‌ තිබේද යන්න අප නොදන්නා කරුණකි. නමුත් එය එසේ සිදුව තිබේ. කෙසේ වෙතත් මෙසේ සාම්පූර් යුද මර්මස්‌ථානයෙන් හමුදා ඉවත් කර එකී ඉඩම් දෙමළ ජනතාවට බෙදා දීමේ ව්‍යපෘතියට අනුව ද අද දවසේ වත්මන් යහපාලනය කියමින් සිටිනුයේ දෙමළ ජනතාවට සෙනෙහසේ දැත් දිගු කළ බවකි.

මේ රටේ දෙමළ ජනතාව සමඟ සෙනෙහසින් සිටිමින් ඔවුන් හා එකට එක්‌ව ජීවත් වීමට අපද කැමතිය. එය කිසිවකුත් අමුතුවෙන් කළ යුතු දෙයක්‌ද නොවන්නේය. මන්ද දැනුදු දකුණේ සිටින දෙමළ ජනතාව හා සමගියෙන් සාමයෙන් සිටින අනෙකුත් ජන කොටස්‌ අසල්වැසි දෙමළ ජාතිකයා හා නිවසේ ඉදෙන බත් මාළුපිනි ටික පවා හුවමාරු කරගන්නා තරමටම මිතුරුව සිටින නිසාය. මේ රටේ ජනතාව කැමැති එකී මිත්‍රත්වයට විනා දෙමළ බෙදුම්වාදයට නොවන වග යහපාලනය වටහාගත යුතුය. නමුත් අද උතුරේ දෙමළ ජනතාවට සෙනෙහසේ දැත් දිගු කළ යුතු බව පවසන අතරේ යුද මර්මස්‌ථානවලින් හමුදා ඉවත් කරමින් යහපාලනය මේ කරමින් සිටින්නේ ඉහත කී ජාතික මිත්‍රත්වයට පහර දෙමින් බෙදුම්වාදයට අත දීම නොවේද?

මේ අන්දමින් ඉදිරියේදී උතුරේ දෙමළ ජනතාවට සෙනෙහසේ දැත පමණක්‌ නොව මුළු සර්වාංගයම දිගු කරමින් යහපාලනය මගින් කිලිනොච්චි, මුලතිව් ආදී වශයෙන් තිබෙන ප්‍රභාකරන්ගේ ත්‍රස්‌තවාදය පෝෂණය වූ වැදගත් වන සෑම තැනකින්ම හමුදාව ඉවත් කිරීමටද බැරි නැත. මහත්වරුනි මේ සිදු වන දේ හමුවේ දිනේ දින අගාධය වෙත යන්නේ මේ රට නොවේද?

බටහිර කඩමාලුවලින් වෙස්‌වලාගත් වෙස්‌සන්තරලා වෙමින් වත්මන් යහපාලනය රටේ ජාතික ආරක්‍ෂාව සමඟ අද දවසේ සිදු කරමින් සිටින මෙම කුජීත සෙල්ලම හමුවේ අපට කියන්නට එකම එක කතාවක්‌ ඉතුරුව ඇත.

ඒ "හිස්‌ ටිං එකක්‌ වාගේ අනේ මේ දින සීය මල්ලී" කියාය. නමුත් මේ රටේ ජනතාව යහපාලනයට ඡන්දය දුන්නේ රට මෙසේ අරාජික කෙරෙද්දී ඒ "හිස්‌ ටිං එක" දොaතට ගන්නටද? ඊට නිසි පිළිතුර ඉදිරියේදී යහපාලකයන්ට තැපෑලෙන් ලැබෙනු ඇත.

සමන් ගමගේ
දිවයින

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions