මෛත්‍රිපාල සිරිසේන ජාතිය අමතා කරන ලද
කතාවෙන් ඉතා වැදගත් දෙයක් කීවේ ය. ඔහු කියා සිටියේ ඒබ්‍රහම් ලින්කන් වහලුන්
නිදහස් කිරීමෙන් පසුව ද ඇතැම් වහලුන්ට වහල්කම අවශ්‍ය වූ බව ය. අද ලංකාවේ
සිදු වී තිබෙන්නේ එයට කිට්ටු දෙයකි. මහින්ද යටතේ වහල්කමින් මිදුණු අපි
නැවතත් වහල්බව වුවමනාවෙන් වැළඳ ගත්තෙමු. ජනවාරි 8 වැනි දා සිදු වූයේ එයයි.
ජනවාරි 9 වැනි දා පටන් ම බටහිරයන් අපට සලකන්නේ අප ඔවුන්ගේ වහලුන් බවට
නැවතත් පත්වීම පිළිබඳ හටගත් සොම්නසින් ය.
අප කතාකරන්නේ එලිසබෙත් වින්ඩ්සර්
අත්වැසුම් ගලවා තමන්ට අතට අත දිම ගැන මෛත්‍රිපාල මහත් උජාරුවෙන් කතාකිරීම
ගැන නො වේ. ඩේවිඩ් කැමරන් පැමිණ මෛත්‍රිපාල ඩවුනිං වීදියට ගිය රථයේ දොර
ඇරීම ගැන පස්වණක් ප්‍රීතියෙන් පිනා ගිය මෛත්‍රිපාල ගැන ද අපි කතා නො කරමු.
එහෙත් ජනවාරි 9 වැනි දාම බටහිරයන් අපට සලකන ආකාරය වෙනස් වූයේ කෙසේ ද? ඉතා
පැහැදිලි ව එදා වහල්ලු නැවතත් වහල්ලු වූහ.
අප එදින සිට නැවතත් එ ජා පක්ෂයේ වහල්
බටහිර ගැති විදේශ ප්‍රතිපත්තිය අනුගමනය කරමු. එ ජා පක්ෂයට නොබැඳි විදේශ
ප්‍රතිපත්තියක් තිබුණේ කවදා සිට ද? බැංඩුං වීරයාගේ දින සිට ද? එසේත්
නැතහොත් එයටත් පෙර කටුනායක හා ත්රිකුණ්මල කඳවුරු ඉංගිරිසින්ට පාවා දුන්
දින සිට ද? එසේත් නැත්නම් යැංකි ඩිකීගේ සමයේ සිට ද? එදා මෙන් ම අද ද එ ජා
පක්ෂයේ විදේශ ප්‍රතිපත්තිය බටහිර ගැති ය. එය එදත් අදත් වහල්
ප්රතිපත්තියකි. ඩී එස්ගේ සිට රනිල් දක්වා එ ජා පක්ෂයේ විදේශ
ප්‍රතිපත්තිය හැඳින්වීමට මෛත්‍රිපාල නමක් සපයා ඇත. ඒ වහල් විදේශ
ප්රතීපත්තිය ය.
රනිල්ට වහල් කමෙන් මිදීමේ අවශ්‍යතාවක්
ඇති වූවා නො වේ. එහෙත් මෛත්‍රිපාල මගින් ඉන්දීය ගැති විදේශ ප්‍රතිපත්තියක් ද
රටේ ක්‍රියාත්මක වෙයි. බටහිර ගැති විදේශ ප්‍රතිපත්තිය හා ඉන්දීය පක්ෂපාතී
විදේශ ප්‍රතිපත්තිය අතර ගැටුමක් නැත්තේ අද ඉන්දියාව ද ඊනියා
ප්රජාතන්ත්රවාදය යටතේ බටහිර ගැති රටක් වී තිබීම හේතුවෙනි. අද අපි ද්විත්ව
වහල්ලු වෙමු.
මේ ද්විත්ව වහල් භාවයේ ප්‍රතිඵලයක් ලෙස
අපි දෙමළ ජාතිවාදයට කප්පන් දෙමු. ජාතික ගීය දෙමළෙන් ගයමු. අධි ආරක්ෂිත
කලාප හමුදාවට අවශ්‍ය නැත යන පදනමෙන් ඒ අත්හරිමු. එසේ කරන්නේ එ ජා පක්ෂයේ
අවශ්‍යතාවට ය. මෛත්‍රිපාලට එ ජා ප වහල්බවට විරුද්ධව සටන් කිරීමට ශක්තියක්
නැත. ඔහුට හැකියාව ඇත්තේ ශ්‍රී ල නි ප මන්ත්‍රීන් කෙරෙහි තම අණසක පැතිරවීමට
පමණ ය.

අද ඊනියා සංහිඳියාවක් ගැන කතාකරන්නේ
සිංහල බෞද්ධ සංස්කෘතියට මෙරට හිමිතැන ලබා නොදීමට ය. මෛත්‍රිපාල සංහිඳියාව
ගැන කතා කෙළේ ඒ කිසිවක් නොදැන නොවේ. ඔහු තමන්ට එල්ලවන බටහිර බලපෑම් ගැන
කියවයි. ඔහුට ද නිදහස නැති විට ඔහු ජාතියට නිදහස ලබා දෙන්නේ කෙසේ ද? අද ඔහු
ශ්‍රී ල නි ප මන්ත්‍රින්ට බලපෑම් දමා දෙමළ ජාතිවාදය වෙනුවෙන් 20 පෙන්නා 19
සම්මත කර ගැනීමට උත්සාහ කරයි. ශ්‍රී ල නි ප මන්ත්‍රීවරුන් 20 ඇතිව හෝ
නැතිව හෝ 19 පැරදවිය යුතු ය. වහල් බවෙන් මිදිය හැක්කේ එවිට ය.
නලින් ද සිල්වා
කාලය : 2015 අප්‍රේල් 23
දික්වූ කෙනෙහි සතුරාගේ ගෙළ නොසිද
ReplyDeleteවක්නූ පොරන සිංහළ අත් යුවල අද
ඔක්කෝටොම වදින හැටි බල බලා හිද
ළක්මව හඩන හැටි නුඹටත් පෙනෙනවද
චීනෙට වහල්කම් කල කාලය අවසානයි. නලින්දලාගේ සුමනදාසලාගේ අනාවැකි බොරු බයිලා බව නැවත නැවතත් ඔප්පු වෙමින් පවතී. මේ නූගතුන් රැවටිය හැකි කාලයක් නොවේ. සටන් පාඨ යාවත්කාලීන කරගන්න.
ReplyDeleteඔබ හරි අර්ධ වශයෙන්
Deleteමෙය නූගතුන් රැවටිය හැකි කාලයක් නොවේ... මක් නිසාද යත් ඔවුන් නූගතුන් උවත් ඔවුන් බහුතරය හය හතර දත් බුද්ධිමතුන් බැවිනි...
අද දවසේ රැවටිය හැක්කේ උගතුන් පමණි...
විසේෂයෙන් මේ අන්තර්ජාලවල සමාජ ජාලාවල කරක් ගාන ඊනියා උගතුන් කෙප්ප දෙකකින් රැවැට්ටිය හැකිය....
බොරුනම් චම්පිකගෙන් අහන්න.....
සමස්ත ලිපියම පදනම් වී ඇත්තේ මයිත්රීගේ විදේශ සංචාරයන් මතය. බැරිවෙලාවත් මහින්ද දින්නානම්, මේ ලියුම්කරුවන් පවා එම සංචාරයන්වල කොටස්කරුවන් වනු ඇත. මහින්දගේ නඩයත්, ඔවුන්ගේ විදේශ ප්‍රතිපත්තිත් දශකයක් පුරා අත්විදි ජනතාවට අමුතුවෙන් වහල්භාවය ගැන කියාදීමට අවශ්‍ය නැත.
Deleteවහල්ලු ගැන කතා කරන්නෙත් හොඳම දේශපාලන වහලෙක්.
ReplyDeleteජනාදිපති බිරිඳ බ්‍රිතාන්‍ය රැජිනට නැමිලා අචාර කරන ෆොටෝ දාන එකේ, නලින්ද සිල්වා මහත්තයා තමන්ගේ ළමයින්ටත් වඩා බාල නාමල් රාජපක්ෂට නැමිලා ආචාර කරන ෆොටෝ එකත් දාමු
නලින්ට දෙකට නැමිලා නාමල් බේබිට වඳින පොටො එකත් දාමු
ReplyDeleteපව් බන් මේ යහපාලන ටොයි බබාලා.
ReplyDeleteමුන් පොටෝෂොප් වලිනුත් රවට්ටන්න පුලුවන් හරක් ටිකක්....
වහල් ටොයියනි...මේක කියවපියව්
ReplyDelete" ලංකාවේ උගතුන් යෑයි කියන්නේ බටහිර දැනුම් අනුකාරකයන්ට ය.මොවුන්ගේ අවිචාරවත් බවට කදිම නිදසුනක් පසුගිය දා ඔවුහු ම ඉදිරිපත් කළහ. ඔවුන්ගෙන් අයකු හෝ කිහිප දෙනකු හෝ එකතු වී මා එක්තරා ලාබාල දේශපාලනඥයකුට බුලත් දෙන ව්‍යාජ ඡායාරූපයක් අන්තර්ජාලයට නිකුත් කර ඇත. මට මෙකී දේශපාලනඥයා ජීවිතයට මුණ ගැසී නැත. මට ඔහුට නොව ඔහුගේ පියාටවත් බුලත් දීමේ අවශ්‍යතාවක් නැත. මගේ මව මිය යැමෙන් පසුව මා බුලත් දුන්නේ මගේ භාර්යාවගේ මවට පමණය. පසුගිය දිනයක ඇය ද මියගිය බැවින් මේ අවුරුද්දේ මම කිසිම ගිහියකුට බුලත් නුදුන්නෙමි. අවුරුද්දට හැර වෙනත් දිනයක මා ගිහියන්ට බුලත් දෙන්නේ ද නැත. මා කිසි දිනෙක දේශපාලනඥයකුට බුලත් දී ද නැත. මේ ව්‍යාජ ඡායාරූපය දැකීමෙන් අමන්දානන්දයට පත් වූ මගේ දේශපාලන විරුද්ධකාරයන් මෙන් ම කසිකබල් ශාස්ත්‍රඥයෝ ද මා වැටී ඇති පහත් තත්ත්වය, මගේ වැඩවසම් මානසිකත්වය ආදිය ගැන ඉලෙක්ට්‍රොනික තැපෑලෙන් හා වෙනත් ක්‍රම මගින් තම මිතුරන්ට හා වෙනත් අයට දැනුම් දුන්හ. එහෙත් මේ සියල්ලන්ගේ ම අවිචාරයක මහත කෙතෙක් ද කිවහොත් ඔවුහු මා අඳින ජාතික ඇඳුමේ අත් මැණීක් කටුව අසල මගේ පියා කළාක් මෙන් හුළං පොදක් වැදීමට ඉඩක් ඇතිව තබන බවත් ව්‍යාජ ඡායාරූපයේ ජාතික ඇඳුමේ අත් දේශපාලනඥයන්ගේ කපටිකිටේ මෙන් මැණික් කටුව අසල කිටි කිටියේ තදින් තබා ඇති බවත් නො දුටුවෝ ය` අඩුම තරමෙන් මීළඟ ව්‍යාජ ඡායාරූපය සකස් කරන විට මේ තක්කඩියන් මෙයට වඩා විචාරශීලී විය යුතු ය.
"
ආචාර්ය්ය නලින් ද සිල්වා
2013-04-28
ඉරිදා දිවයින