5/10/2015

විල්පත්තුවෙන් ඔබ්බට.....

කතෘ:යුතුකම     5/10/2015   3 comments

විල්පත්තු වන සංහාරය අද ඊයේ අරඹුනක් නොවේ. එදා ඒ.එච්.එම් අෂ්රොෆ් මහතාගේ දේශපාලන බලය බුල් ඩෝසර බවට පත් වෙමින් දීඝවාපි බුද පුද බිම සමතලා කරමින් වනසා දැමුවේ කෙසේද , එලෙසම රිෂාද් බදියුදීන්ගේ උද්ධච්ච දේශපාලන බලය විල්පත්තුව වනසමින් තිබේ. ඒ අද ඊයෙක සිට නොවේ. එය දැන් වසර පහ හයක සිට පමණ සිට ක්‍රමයෙන් සිදුවන්නකි. අද එය මෛත්‍රී මුද්‍රාව යටතේ සිදු වුවත් එදා එයම එලෙසම එවකට රිෂාද් බදියුදීන්ගේ දේශපාලන සහෝදරයා වූ හිටපු ආර්ථික සංවර්ධන ඇමතිවරයා සෙවනේ සිදු විය.
වන සංහාරය සිදු වෙමින් ඇත්තේ යලි පදිංචි කිරීමේ බෝඩ් ලෑල්ලට මුවා වී නීති පොත් වල ඇති විල්පත්තු රක්ෂිතයේ නීතිමය සීමා දඩමීමා කරගනිම් . නීති පොතේ සීමාව කොතන තිබුණත් ඇස් කන් ඇති සිහි බුද්ධියක් ඇති  ඕනෑම අයෙකුට මේ කරමින් තිබෙන්නේ මහ පොළව නුහුලන අපරාධයක් බව වැටහෙනු ඇත. මේ අපරාධය පිළිබඳ පසුවී හෝ සමාජ කතිකාවතක් ඇරඹීම සුභ නිමිත්තකි. මේ ජඩ දේශපාලකයන් ජාතිවාදී ලෙස මුස්ලිම් චන්ද කුට්ටිය පෙන්නා පාලකයන් නිවටයන් සේ බිය වද්දවා කරමින් තිබෙන විනාශය වැලැක්විය හැක්කේ එවැනි සමාජ ක්‍රියාකාරකම් මගින් පමණි.

විල්පත්තුවට මේ කෑ ගහන්නේ කවුද?

විශේෂයෙන් සමාජ ජාලා සහ අන්තර්ජාල මාධ්‍ය හරහා මූලික වශයෙන් ගොඩ නැගී ඇති විල්පත්තු විනාශයට විරුද්ධ කණ්ඩායම් කිහිපයක් පැහැදිලිව හඳුනාගත හැකිය.

- සැබෑ ලෙසම පරිසරයට ආදරය කරන පරිසරවේදීන් පරිසර සංවිධාන සහ මේ ජාතිවාදී දේශපාලන ත්‍රස්තවාදයට එරෙහි සාමාන්‍ය ජන විඥ්ඥානය සහිත කොටස්.
- විල්පත්තුව තම මඩිය තර කරගැනීමේ තවත් ව්‍යාපෘතියක් බවට පත් කරගත් පරිසරවේදී වෙළෙන්දන්.
- විල්පත්තුව හරහා මුස්ලිම් විරෝධය අවුළුවාගත හැකියැයි සිතන අවස්ථාවාදී දේශපාලන කණ්ඩායම්.
- යහපාලන වෙස්මුහුණ තව දුරටත් අලෙවි කරගන නොහැකිව තමන් අතින් ගිලිහී යමින් තිබෙන ජනතා අවධානය (විසේෂයෙන් සමාජ ජාලා තුල ) නැවත වටයකින් ඩැහැ ගැනීමට වෙර දරන අවස්ථාවාදීන්.
- ජාතික ආරක්ෂාව , විදෙස් අත පෙවීම් ආදිය හරහා රට තුල ඇති සැබෑ දේශපාලන වියවුල පිළිබඳ ජනතා අවධානය වෙනත් අතකට යොමු කිරීමේ අරමුණ ඇති දේශපාලන කොටස්.
  
මෙහි පළමුවෙන්ම සඳහන් කර ඇති කණ්ඩායම පිළිබඳ අපට ඇත්තේ ගෞරකපූර්වක හැඟීමකි. ඒ ජනතා හඬ කුළු ගැන්වීමට කල හැකි සියල්ල කල යුතුය.

නමුත් මෑත කාලයේ සිහින වංකගිරි තුල ජනතාව අතරමං කල, අද වන විට දේශපාලන ලෙස යන මගක් පැහැදිලිව නැතිව අතරමංවී ඇති දේශපාලන කොටස් මෙන්ම අනාගත බල සිහින වෙනුවෙන් ජනතාව නොමගට දක්කාගෙන ගිය සිංහ හම පොරවාගත් වෘකයන් මේ විල්පත්තු සිදුවීම දඩමීමා කරගනිමින් නැවත කරලියේ රඟන්නට සූදානම් වෙමින් සිටිනු පෙනේ. විසේෂයෙන් සිංහලයාට ද්‍රෝහී වූ කරුම පක්ෂ වල උද්ධච්ච නායකයන් නැවතත් සිංහලයා රවටා කොඩිය තමන් අතට ගැනීමට දරන උත්සාහය සිහි නුවණින් අවබෝධ කර නොගතහොත් රෑ වැටුණු වලේ දවල්ද වැටී අඬු කඩා ගැනීම නියතය.

සමාජ ජාලා තුල විල්පත්තු විරෝධී කණ්ඩායම් විශාල ප්‍රමාණයක් හතු පිපෙන්නාක් මෙන් මේ වන විට නිර්මාණය වෙමින් තිබෙන්නේ ඉතා ක්ෂණිකව ඉතාමත් කෘතිම ආකාරයටය.

කොටි ත්‍රස්තවාදය පැරදවීමටවත් මතයකින් වත් එක් නොවූ සමහර කොටස් 'විල්පත්තුව' වෙනුවෙන් බෙල්ල දීමට ඉදිරිපත්වී ඇත්තේ ඇයිද යන්න විමසිලිමත්ව කල්පනා කල යුතුය. "ඕන එකෙක් ආවම මොකද. විරුද්ධ වෙනවනම් ඒ ඇතිනේ. මොකා උනත් කමක් නෑ" යනුවෙන් ක්ෂණික සිතුවිල්ලක සිර වුවහොත් නිසැක ලෙසම විල්පත්තුව පමණක් නොව අවසානයේ සියල්ලම අහිමි වනු නියතය.

රට පාවා දී විල්පත්තුව රැකීම..

එදා උතුර හා නැගෙනහිර ඇතුළු ලංකා භූමියෙන් 1/3 ක් සහ මුහුදු තීරයෙන් 2/3ක්  කොටි ත්‍රස්තවාදයට බුක්තියට ලියා දුන් සහ ඒවා හ්ම්ම් සද්දයක් නැතිව අනුමත කර සහය දුන් දේශපාලන කණ්ඩායම් මේ මොහොතේ විපත්තුව වෙනුවෙන් හෙලන කඳුළු කිඹුල් කඳුළුමය.
එමෙන්ම අද ජෝන් කෙරීලා , නරේන්ද්‍ර මොඩිලා මෙරට තමන්ගේ යටත් විජිතයක්  , තවත් දේශපාලන කොළනියක් බවට පත් කරගැනීමට එළා ඇති දැලේ පැටළී ඒ දේශපාලන ක්‍රියාවලිය මෛත්‍රියෙන් ඉවසන කොටස් විල්පත්තුව වෙනුවෙන් සරම කරට ගෙන කරන රඟපෑමේ ඇති ව්‍යාජය  , කෘතීම බව නොබියව හෙළි කල යුතුය. 
රට විකුණා හෝ රට පවාදී විල්පත්තුව රැකීමෙන් පළක් නැත. මේ මුළු ක්‍රියාදාමයම සංගතව එක් දිශාවකට යොමු විය යුතුය.  විල්පත්තු , කුරගල  ,සාම්පූර් , පලාලි ආදී මේ සියලු සිදුවීම් නිසි පරිමාණයට ඒකමිතිකව ගැනීම මිස එකක් පරිමාණය ඉතා විශාල කරමිනුත් අනෙකේ පරිමාණය  ආසාමාන්‍ය ලෙස කුඩා කරමිනුත් මේ කරන සෙල්ලම ව්‍යාජ එකක් බව ඉතා ඉක්මනින් අවබෝධ කර නොගතහොත් විල්පත්තුව පමණක් නොව රටේම නිදහස සහමුලින්ම වැළලෙන දිනය ඉතා ඉක්මනින් එළඹෙනු ඇත.

කළ යුත්තේ කුමක්ද?

විල්පත්තු ව්‍යසනයට විරුද්ධව නැගිටීමට ඕනෑම අයෙකුට ඇති අයිතිය පිළිබඳ අපගේ අරෝවක් නැත. නමුත් එම විරෝධය හයි ජැක් කර විල්පත්තුව රැක ගැනීම වෙනුවට තම දේශපාලන බඩගෝස්තරය වෙනුවෙන් විල්පත්තුව යොදා ගැනීමට තටමන අවස්ථාවාදී කණ්ඩායම්වලට කිසිඳු ඉඩක් නොතිබිය යුතුය. හලාල් විරෝධය වැනි සැබෑ මහජන අභිලාෂයන් හයි ජැක් කර දෝහී  බල ව්‍යාපෘතිවල ආයෝජනය කළ මෑත කාලීන උදාහරණ අපට ඒ සඳහා පාඩමක් වනු ඇත. අවසානයේ හලාල් විරෝධී සිංහ හම පොරවාගත් වෘකයන් හලාල් වී හලාල් විරෝධී නැගිටීම පරාජයට පත් විය. වෘකයන්ට අහිමි වී ගිය ඇමතිධූරය නැවත ලැබීම පමණකින් සැහීමකට පත් විය.

එබැවින් විල්පත්තුවට ඉහළින් නැගෙන විල්පත්තු රැකගැනීමේ ජනතා ධජය සතුරන් , අවස්ථාවාදින් අතට පත් වීමට ඉඩ නොදී එය විල්පත්තු , කුරගල  , සාම්පූර් , පළාලි ඇතුලුව මුළු රටම රැක ගැනීමේ කොඩිය සමග එකට ළෙලදීමට සැලැස්වීම සබුද්ධික ජනතාවගේ වගකීමකි.

-කෝට්ටවත්තේ ගුණසේන පෙරේරා
යුතුකම සංවාද කවය
www.yuthukama.com

, ,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

3 comments :

  1. රිෂාඩ් බදුදීන් මරා ට උස්සලා අල්ලාගෙන ඉන්න කාලේ උසාවියට බලපෑම් කලත් හොඳයි. මයිත්‍රීගේ පස්ස පැත්තේ එල්ලිලා ළේ බොනකොට නරකයි. ආපහු මරා ලඟට ආවනම් හොඳයි. ඔන්න ඔහොමයි ඕවා වෙන්නේ මල්ලි.

    ReplyDelete
    Replies
    1. යටියනයා5/11/2015 6:16 AM

      මාතෘකාව විතරක් බලලා කම්න්ට් කරාට හරියන්නේ නෑ පුතයො...
      අඩු තරමේ පළවෙනු චේදයවත් කිය්ව්වනම් මේ වගේ විකාර කියවෙන එකක් නෑ..

      " විල්පත්තු වන සංහාරය අද ඊයේ අරඹුනක් නොවේ. එදා ඒ.එච්.එම් අෂ්රොෆ් මහතාගේ දේශපාලන බලය බුල් ඩෝසර බවට පත් වෙමින් දීඝවාපි බුද පුද බිම සමතලා කරමින් වනසා දැමුවේ කෙසේද , එලෙසම රිෂාද් බදියුදීන්ගේ උද්ධච්ච දේශපාලන බලය විල්පත්තුව වනසමින් තිබේ. ඒ අද ඊයෙක සිට නොවේ. එය දැන් වසර පහ හයක සිට පමණ සිට ක්‍රමයෙන් සිදුවන්නකි. අද එය මෛත්‍රී මුද්‍රාව යටතේ සිදු වුවත් එදා එයම එලෙසම එවකට රිෂාද් බදියුදීන්ගේ දේශපාලන සහෝදරයා වූ හිටපු ආර්ථික සංවර්ධන ඇමතිවරයා සෙවනේ සිදු විය. "

      Delete
    2. යටියනයො ගනන් ගන්නෙපා.. ඔය පිම්පියො පිම්පි comments දදා ඉඳල පොලවට පස් වෙලා යයි... අපි මේ මව්බිම බේරගමු ඔය පිම්පි හැතිකරේටත් ඉන්න එක්කලම.

      Delete

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions