5/14/2015

කොටින් සැමරීම හා ජ වි පෙ සැමරීම

කතෘ:යුතුකම     5/14/2015   No comments

උතුරු පළාත් සභාවේ මන්ත්‍රතවරයකු වන සිවාජිලිංගම් සතියක් පුරා කොටින් සමරන බව පවසා ඇත. ඔහු කියා ඇත්තේ ජ වි පෙරමුණට 1971 දී 1988-90 කාලයේ දී මියගිය අය සැමරීමට හැකි නම් දෙමළ ජාතික සංධානයට හා හිතවතුනට ද මියගිය අය සැමරිය හැකි බව ය. එය මතුපිටින් ගත්කල හොඳ තර්කයකි. අවුරුදු තිහක් පමණ දෙමළ ජාතිවාදය පිළිබඳ ලිපි ලියා ඇති අප මේ කතාවට ද විටින් විට පිළිතුරු දී ඇත. එහෙත් ඇතැම් වෙබ් අඩවිවල අපේ ලිපිවලට ප්‍රතිචාර දක්වන ඇතැමුන් සිතන්නේ අප මේ ප්‍රශ්න ගැන ඔවුන්ගෙන් දැනගත යුතු බව ය.

ඔවුන්ගෙන් ඇතැමකුට අනුව අප පසුගිය මාස 5ක පමණ කාලයක සිට තමන්ගෙන් යම් යම් දේ ඉගෙන ගෙන ඇත. ඔවුන්ට අනුව විශේ’ෂයෙන් ම ඉන්දියාව ගැන අප දැනගෙන ඇත්තේ ඔවුන්ගෙනි. කාලය සඟරාව 1987 දී ආරම්භ කළේ ම ඉන්දු ලංකා ගිවිසුමට හා ලංකාව සම්බන්ධයෙන් ඉන්දියාව අනුගමනය කළ ප්‍රතිපත්තියට විරුද්ධ ව බව ඔවුන් නොදන්නවා ඇත. කෙසේ වෙතත් අපට යමක් ඉගැන්වීම ගැන ඔවුන්ට පින් සිදුවේවා!

ජ වි පෙරමුණ හා කොටින් අතර වෙනස කුමක් ද? සංවිධාන දෙක ම ත්‍රස්තවාදී වෙයි. දෙගොල්ලෝ ම අහිංසක ජනයා මරා දැමූහ. ඒ අරුතෙන් ගත්කල දෙගොල්ලෝ ම මිනීමරුවෝ වූහ. දෙගොල්ලෝ ම තම ආරක්‍ෂාව සඳහා ජනතාව යොදාගත්හ. මේ එක් සංවිධානයක්වත් අහිංසක මිනිසුන් මරා දැමීම ගැන ජනතාවගෙන් සමාව ඉල්ලා නැත. එසේ නම් ඔවුන් අතර ඇති වෙනස කුමක් ද? සංවිධාන දෙක ම විවිධ අවස්ථාවල තහනමට ලක්විය. කොටි සංවිධානය තවමත් තහනම් සංවිධානයකි. කොටින් හා ජ වි පෙරමුණ අතර වෙනස එය යැයි ඇතමකු කීමට ඉඩ ඇත.

එහෙත් එය එතරම් වෙනසක් ලෙස සැලකිය යුතු නො වේ. කොයි මොහොතක වුව කොටි සංවිධානයේ ද තහනම ඉවත් කිරීමට ඉඩ ඇත. ඒ එකක්වත් වෙනස්කම් නො වේ. එහෙත් ඔවුන් අතර ප්‍රධාන වෙනසක් වෙයි. ඒ ඔවුන්ගේ අරමුණ සම්බන්ධයෙනි. ජ වි පෙ ඊනියා සමාජවාදී රාජ්‍යයක් පිහිටුවීම සඳහා අවි ආයුධ අතට ගත්තේ ය. එය හරි හෝ වැරදි හෝ වේවා ඔවුහු රටේ ස්වෛරීභාවයට නිදහසට අභියෝග නො කළහ. ඔවුන්ට අවශ්‍ය වූයේ රාජ්‍ය ක්‍රමයේ වෙනසක් ඇති කිරීමට ය. පුස් කෑ මාක්ස්වාදය අනුව ඔවුන් සටනට අවතීර්ණ වුව ද ඊනියා සමාජවාදී රාජ්‍යයක් මේ කපේ දී ඇති නො වේ. එසේ බැලූ කල අහිංසක ජීවිත දහස් ගණනක් බිලි දීම ගැන ජ වි පෙරමුණ ඊනියා ප්‍රවාදයක නාමයෙන් වුව ද සමාව නොදිය හැකි වරදක් කර ඇත.

කොටින් ආයුධ අතට ගත්තේත් බටහිරයන්ගේ ම ප්‍රවාද වෙනුවෙනි. ඒ පිටුපස ඉංගිරිසුහු ද මාක්ස්වාදීහු ද පොන්නම්බලම් රාමනාදන් හා අරුණාශලම් යන ඊනියා ජාතික වීරයෝ ද පනහට පනහ ඉල්ලු ජී ජී පොන්නම්බලම් ද සාන්තුවරයකු ලෙස පෙනී සිටි චෙල්වනායගම් ද විජය කුමාරතුංග ද ආදී පිරිසක් සිටියහ. කොටින්ට අවශ්‍ය වූයේ ඉංගිරිසින් වෙනුවෙන් රට දෙකඩ කිරීම ය, රටේ ස්වෛරීභාවය නැති කිරීම ය, ජාතික නිදහස බිල්ලට දීම ය. එහි දී ඔවුන්ට ඉන්දියාවේ ද සහාය ලැබිණි. කොටින් හා ජ වි පෙ අතර ඇති මේ ප්‍රධාන වෙනස සිවාජිලිංගම්ලා අමතක කරනු ඇත.

මිය ගිය කොටින් වෙනුවෙන් පොදු සැමරුම් උත්සව පැවැත්වීමට කටයුතු කරන සියල්ලෝ රටේ ඒකීය භාවයට විරුද්ධ වෙති, රටේ ස්වෛරීභාවයට විරුද්ධ වෙති, ජාතික නිදහස බිල්ලට දෙති. එවැනි සැමරුම්වලට ඉඩ දෙන ආණ්ඩුවක් ද අවසාන වශයෙන් ගත්කල පෙනී සිටින්නේ රටට විරුද්ධව ය, රට දෙකඩ කිරීමට ය.

මිය ගිය තම පුතා හෝ සැමියා හෝ වෙනුවෙන් පෞද්ගලික ව කෝවිලකට ගොස් දෙවියන් යැදීමට ඉඩ නොදිය යුතු යැයි අපි නො කියමු. එහෙත් ඒ සියල්ල පෞද්ගලික සැමරුම් පමණක් විය යුතු ය. ඒ කිසි විටෙකත් පොදු සැමරුම් බවට පත් නො විය යුතු ය. කොටින් වෙනුවෙන් පොදු සැමරුම් පැවැත්වීමට ඉඩ දෙන ආණ්ඩුවක් වීරෝදාර රණවිරුවන්ට අවමන් කරයි. පැඩි ෆීල්ඩ් මාෂල්ලා ඒ ගැන කියන්නේ කුමක් ද?

නලින් ද සිල්වා
කාලය : 2015 මැයි 14

, ,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

0 comments :

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions