5/18/2015

ශ්‍රී ල නි පක්‍ෂයට ඇති බාධාව මෛත්‍රිපාල ය

කතෘ:යුතුකම     5/18/2015   1 comment

ආණ්ඩුව ඇත්ත නොකියන බව පැහැදිලි ය. පළාත් පාලන ආයතන විසුරුවා නොහැරිය බව සැබෑ ය. ඒ ආයතනවල කාලය අවසන් වී ඇති බව ද සැබෑ ය. ඒ පිළිබඳ අපේ වාදයක් නැත. එහෙත් ආණ්ඩුවට කළ හැකි එකම දෙය ඒ ආයතන කොමසාරිස්වරුන් හෝ නිලධාරීන් හෝ යටතට පත්කිරීම නො වේ. එය එක් විකල්පයක් පමණකි, එය සිදු නොකළ යුතුව තිබූ විකල්පය ය. එහෙත් ආණ්ඩුව ඒ විකල්පය ක්‍රියත්මක කළා පමණක් නොව අනෙක් විකල්ප ගැන සඳහනක්වත් නො කරයි.

ආණ්ඩුවට අවශ්‍ය නම් පළාත් පාලන ආයතනවල කාලය දීර්ඝ කිරීමට තිබිණි. ආණ්ඩුව එසේ නො කෙළේ ය. එයට හේතුව බොහෝ පළාත් පාලන ආයතනවල බලය ශ්‍රී ල නි පක්‍ෂය සතු වීම ය. එහෙත් ආණ්ඩුව ඒ බව නො කියයි. ආණ්ඩුව කියන්නේ පළාත් පාලන ආයතනවල මන්ත්‍රීන්ගේ කලක්ක්‍රියාව හොඳ නැති බැවින් ඒ ආයතනවල කාලය දීර්ඝ නොකළ බව ය. පළාත් පාලන ආයතනවල කාලය දීරඝ කිරීම පිලිබඳ එවැනි නිර්ණායකයක් නැත. ඒ නිර්ණායකය පාර්ලිමේන්තුවටත් යොදාගත හැකි ද? එවැනි නිර්ණායක සඳහන් වී ඇත්තේ කිනම් පනතක ද? ආණ්ඩුව ජනතාවට සුදුළුෑණු පොඩි නොකර ඇත්ත කිව යුතු ය.

ආණ්ඩුවට තවත් විකල්පයක් තිබිණි. ඒ පළාත් පාලන ආයතනවල මැතිවරණ වහාම පැවැත්වීම ය. ආණ්ඩුව මැතිවරණ නොපවත්වන්නේ තමන් පරදින බව දන්නා බැවිනි. එහෙත් එහි දී ද ඔවුන් කියන්නේ වෙනත් කතාවකි. ඉදිරියේ දී පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වීමට නියමිත බැවින් පළාත් පාලන ආයතන මැතිවරණ පැවැත්වීමට අපහසු යැයි ආණ්ඩුව කියයි. පාර්ලිමේන්තු මැතිවරණයකට තවම දින නියම කර නැත. ඒ පිළිබඳ මෛත්‍රිපාලගේ ශ්‍රී ල නි පක්‍ෂය හා එ ජා පක්‍ෂය අතර කඹ ඇදීමක් වෙයි. ඇතැම් විට මැතිවරණ දෙකම කල් යෑමට ඉඩ ඇත.

ඒ කුමක් වුවත් පළාත් පාලන මැතිවරණ නොපැවැත්වීමෙන් ආණ්ඩුව ජනතාවගේ මැතිවරණ අයිතිය උදුරාගෙන ඇත. අවාසනාවකට ශ්‍රී ල නි පක්‍ෂයේ මහින්ද කණ්ඩායම ඒ පිළිබඳ කිසිවක් නො කරයි. ඔවුන් කරන්නේ කටින් බතල කොළ සිටුවීමකි. පසුගිය ජනවාරි 8 වැනි දා මහින්ද රාජපක්‍ෂ පරාජයට පත්වීමෙන් පසු මාස දෙකක් පමණ ආගිය අතක් නැතිව සිටි ඩලස් අලහප්පෙරුම වැන්නෝ දැන් නැවතත් පක්‍ෂය මෙහෙයවති. ඔවුහු මහා ඇමතිවරුන්ට බලය අතට ගෙන පළාත් පාලන ආයතනවල කාලය දීර්ඝ කිරීමට කියති. එහෙත් ඒ පිළිබඳ ප්‍රායෝගික වැඩ පිලිවෙළක් ඉදිරිපත් නො කරති. හුදෙක් වීරයන් වීමට යෝජනා ඉදිරිපත් කිරීම ප්‍රමාණවත් නො වේ. මේ බොරු දේශපාලනයේ වුව ද සීමා තිබිය යුතු ය.

ඒ අතර තවත් රාවයක් පැතිර ගියේ පළාත් පාලන ආයතනවල කාලය දීර්ඝ නොකිරීම හේතුවෙන් මෛත්‍රිපාල ශ්‍රී ල නි ප කණ්ඩායමේ ඇමතිවරුන් කිහිප දෙනකු අස්වීමට යන බව ය. ඒ කතාවට කුමක් සිදුවී ද? ඔවුන් අස් නොවූයේ ඇයි? මෛත්‍රිපාල ඔවුන්ට බලපෑම් කෙළේ ද? අපි නො දනිමු. එහෙත් දැනගැනීමට කැමැත්තෙමු. ඔවුන්ගේ තීරණය වෙනස් වූයේ ඇයි?

එ ජා පක්‍ෂය 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගෙන ඒමට කැමැත්තක් නැති බව මුල සිට ම පෙනී ගියේ ය. ඔවුන්ට අවශ්‍ය වී තිබුණේ කෙසේ නමුත් 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීම ය. එය යම්දුරකට සාර්ථක විය. අද ඔවුන්ට 20 අවශ්‍ය නො වේ. දෙන්නම් කාසිවලට ඡන්දය නොදෙන ලෙස අපි ඒ දිනවල ම කීවෙමු. අද එස් බී දිසානායක ඇමතිවරයා කන්කෙඳිරි ගාන්නේ ඇයි? ඔහු 19ට ඡන්දය දුන්නේ ය. එහෙත් 20 ගැන හදිසියක් නැතැයි ඔහු කියයි.

මෛත්‍රිපාල අවසන් වශයෙන් වැඩ කරන්නේ එ ජා පක්‍ෂයට අවශ්‍ය අන්දමට මිස ශ්‍රී ල නි පක්‍ෂයේ කිසි කණ්ඩායමකට අවශ්‍ය අන්දමට නො වේ. අද ආණ්ඩුව වැඩ කරන්නේ රනිල්ට, බටහිරට හා ඉන්දියාවට අවශ්‍ය අන්දමට ය. ඒ සඳහා යටිතල පහසුකම් සපයන්නේ මෛත්‍රිපාල සිරිසේන ය. මෛත්‍රිපාල එදත් අදත් ශ්‍රී ල නි පක්‍ෂයේ ආණ්ඩුවක් පිහිටුවීමේ දී ප්‍රධාන බාධකය වෙයි. ඔහු ශ්‍රී ල නි පක්‍ෂ සභපතිත්වයෙන් ඉවත් කිරීමට නීත්‍යානුකූල මගක් සොයාගත යුතු ය.

නලින් ද සිල්වා
කාලය : 2015 මැයි 16

,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

1 comment :

  1. ඇයි නිදහස් පක්ෂයේ අයට තේරෙන්නේ .නැත්තේ ..තාමත් මධ්‍යම කාරක සබාවේ ඉන්නේ බහුතරය මහින්ද ට ඇත්තටම සහයෝගය දෙනවා නම් ඇයි සබාපති වෙනස් කරන්න බැරි....අපරාදේ එක බාර දුන්නේ..මෛත්‍රී චන්ද්‍රිකා කරන්නේ UNP කොන්ත්‍රාත් එකක් කියල ඇයි තේරෙන්නේ නැත්තේ ..මෙයාට මේ විදියට ගිහිල්ලා මොකක් කියල ද නිදහස් පක්ෂියන්ව උද්යෝගිමත් කරන්න කියන්න පුළුවන්

    ReplyDelete

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions