5/26/2015

කැඳවුම්කරු ඇතුළු ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා සිවුදෙනෙක් හිරගත කිරීම හෙළාදකිමු ! - අ.වි.භි.බ.ම

කතෘ:යුතුකම     5/26/2015   No comments

මාධ්‍ය නිවේදනය
අන්තර් විශ්ව විද්‍යාලයීය භික්ෂු බලමණ්ඩලයේ කැඳවුම්කරු තැන්නේ ඥාණානන්ද හිමි, සූරියවැව සූසීල හිමි, මහගල්වැව රාහුල හිමි, මෝදරවානේ විපුලසිරි හිමි යන ශිෂ්‍ය භික්ෂූන්වහන්සේලා ජුනි මස 8 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති අතර ඒ සඳහා හේතුවී ඇත්තේ පසුගිය 2015 අපේ‍්‍රල් 29 වන දින විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිසම ඉදිරිපිට පැවැත්වූ උද්ඝෝෂණයයි. කළහකාරී ලෙස හැසිරීම, පොදු දේපල හානි කිරීම හා පොලිස් නිළධාරියකුට පහර දීම ආදී චෝදනා නොඑසේනම් මහා භයානක ගණයේ අපරාධකරුවන් වශයෙන් වන හංවඩුවක් ගසා හෝ මෙම සිරගත කිරීම නෛතිකව සාධාරනීකරණය කළහැකි නමුත් මෙම සිදුවීම හරහාද පෙන්වන්නේ යහපාලන ආණ්ඩුව යටතේ ස්ථාපිත කරන බවට පොරොන්දු දුන් ප්‍රජාතන්ත‍්‍රවාදයේ නිරුවත මිස අන් යමක් නොවේ.

අන්තර් විශ්වවිද්‍යාලයීය භික්ෂු බල මණ්ඩලය විසින් මාස ගණනාවක් තිස්සේ විශ්වවිද්‍යාල වලට කරන ු ලබන ශිෂ්‍ය භික්ෂු බඳවාගැනීම් කප්පාදුව නවතන ලෙසත්, මීට පෙර වර්ෂවලදී බඳවාගත් ප‍්‍රමාණයන්වත් අවමය මෙවරත් බඳවා ගන්නා ලෙසත් සියළුම බලධාරීන්ගෙන් ලිඛිතවද වාචිකවද ඉල්ලා සිටින ලදී. නමුත් ඒ පිළිබඳව බලධාරීන් අනුගමනය කරන ලද නිහඩ ප‍්‍රතිපත්තිය ඉදිරියේ මෙම අරගලය නිර්මානය විය. උසස් පෙළ සමත් භික්ෂුන් වහන්සේලා ගණනාවකට විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලැබීමට ඇති අයිතිය, සරසවිවල ඉඩපහසුකම් තිබියදීත් අහිමිකරද්දී ඊට එරෙහිව සටන් වැදීම මිස අන් කළහැකි යමක් වේද? එදා ප‍්‍රතිපාදන කොමිසම දක්වා සාමකාමීව භික්ෂුන් වහන්සේලා පා ගමනින් යනුයේද ප‍්‍රශ්නය කතාබස් කොට විසදා ගැනීමටය. එහෙත් ප‍්‍රශ්නය විසදීම පැත්තක තබා කොමිසමේ ගේට්ටු ඉබියතුරු ලා පොලිස් ප‍්‍රහාරයක් සූදානම් කළේ හා සමකාමී උද්ඝෝෂණය ගැටුමක් දක්වා වර්ධනය කළේ බලධාරීන්ය. ඉන් අනතුරුව සිදුවු සිද්ධීන්හි වගකීම සිසුන් පිට පැටවීම සාධාරණ වන්නේ කෙසේද? එය භාරගත යුත්තේ බළධාරීන්ය. වෙනදා මෙන්ම මෙවරද සිසුන් බඳවාගැනීම් සිදුවූයේ නම් උද්ඝෝෂණ ඇති නොවේ. ඒ අනුව මෙම සිදුවීම්හි වගකීම සිසුන්මත පැටවීම සාධාරණ නොවන අතර එය නීතියේ අපක්ෂපාතීත්වය පිළිබඳ නිරුවත විදහාපාන්නකි. නීතිය අපට උද්ඝෝෂණ පැවැත්වීමේදී සමාකාමීව සිදු කළ යුතුයැයිද, සිසුන් මුරන්ඩු නොවිය යුතු යැයිද කියයි. උද්ඝෝෂණ ඇති වීමට ඉඩදී ප‍්‍රශ්න නොවිසදා සිටින, සාමකාමී උද්ඝෝෂණවලට පහරදෙන උද්ඝෝෂකයන්ගේ ඔළුපලන පොලිස් නිළධාරීන්ටද, ඔවුන්ට ඒ සඳහා නියෝග දෙන බලධාරීන්ටද කිසිවක් නොකියයි. එපමණක් නොව සිදුවීම් පෙළක එක් රූපරාමුවක් ගෙන සියල්ල පිළිබඳ අර්ථනිරූපන දෙයි. සිසුන් උද්ඝෝෂණ කළේ මන්දැයි යන්න හෝ ඒවා කොතරම් සාධාරණ වන්නේ දැයි යන්න පිළිබඳ කිසිවක් නොවිමසයි. උද්ඝෝෂණය කරනු ලබන පැයකදී සිදුවන මහජන පීඩාවක් ගැන කතාකරයි. නමුත් පාසල් වසා දැමීමෙන්, සරසවි බඳවා ගැනීම් කප්පාදු කිරීමෙන් සිසුන් සිය දහස් ගණනකගේම මුළුමහත් අනාගතයක් විනාශවී යාම නොදැක්කා සේ සිටියි. මේ අනුව පෙනී යන්නේ අප අපරාධකරුවන් කොට දඟගෙට යවනු ලබන නීතියේ රාජ්‍ය පක්ෂපාතීත්වය නොවන්නේද? ජනතාවට එරෙහිව එහි හැසිරීම නොවේද?

ඒ අනුව මෙම සිරගත කිරීම මෙන්ම පසුගිය කාලයක් පුරා යහපාලන කඩතුරාවට යටින් සිදුවූ සියළුම
මරදනයන්ද පෙන්වා දෙන්නේ කුමන ආණ්ඩුවක් යටතේ වුවද, පොලිසි, හමුදා, අධිකරණ, පාර්ලිමේන්තු මේ ආදී කිසිවක් ජනතාව වෙනුවෙන් නොව ජනතාවට එරෙහිව ක‍්‍රියාත්මක වන බවයි. එය මෙම අත්දැකීම හරහාද යළි යළිත් පසක් කොට ඇති අතර මෙම භික්ෂූන් වහන්සේලා හා සිසුන් හිරගත කර පෙන්වා දී ඇත්තේ වත්මන් හත්හවුල් ආණ්ඩුව මේ රටේ උසස් පෙළ සිසුන් සරසවි බඳවාගැනීමට සූදානම් නැති බව හා මේ රටේ දරුවන්ගේ අධ්‍යාපන අයිතිය අහිමි කිරීම වෙනුවෙන් ඕනෑම දෙයක් කිරීමට පසුබට නොවන බවයි.

අප රටක් සමාජයක් වශයෙන් මෙම හැසිරීම දැඩි පිළිකකුලෙන් හෙළාදැකිය යුතු අතර, යහපාලනයේ කඩතුරාව යට සැඟව යළි යළිත් හිස ඔසවමින් තිබෙන සැබෑ ප‍්‍රජාතන්ත‍්‍රවාදයට එරෙහි රාජ්‍යයේ ත‍්‍රස්ත හැසිරීම් වහා පරාජය කිරීමට නැගී සිටිය යුතුය.

ස්තූතියි.
මීට
නජිත් ඉන්දික
:කැඳවුම්කරු
අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

0 comments :

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions