![]() |
කොටි සමරු සතිය ආරම්භ කරමින් මුල්ලිවයික්‌කාල් වෙරළේදී ටීඑන්ඒ මන්ත්‍රීවරුත් මියගිය කොටි සමරති |
එහෙත් ඉතිහාසයේ ප්‍රථම වරට ප්‍රභාකරන් සහ කොටි ත්‍රස්තවාදීන් සැමරීමේ සතියක් දැන් උතුරු නැඟෙනහිර ක්‍රියාත්මක වෙයි. බින් ලාඩන් ජීවතුන් අතර සිටින කාලය තුළ පවා ලොව දරුණුතම ත්‍රස්වාදී සංවිධානය යැයි බටහිර විසින් ම නම් කළ කොටි සංවිධානය මෙලෙස සැමරීමට ඉඩ ලැබෙන්නේ කෙසේ ද? නැතහොත් හිට්ලර් පරදා වසර 70ක් ගිය ද හිට්ලර් සැමරිය නොහැකි ලොවක ප්‍රභාකරන් පරදා වසර 6ක් ගිය තැන ඔහු ඇතුළු කොටි සැමරිය හැකි වූයේ කෙසේ ද?
ශ්‍රී ලංකා භූමිය ලෙයින් තෙත් කළ ත්‍රස්තවාදය සැමරිය හැකි සරු බිමක් බවට මේ රට පත්වූයේ කෙසේ ද? ඒ කොටි ත්‍රස්තවාදය හුදු ත්‍රස්තවාදයක් නොව බටහිර අවශ්‍යතා ඉටු කරන ත්‍රස්තවාදයක් හෙයිනි. බටහිර ආශිර්වාදය සහිතව ඔවුන්ගේ අවශ්‍යතාව අනුව නිර්මාණය වූ ඔවුන්ගේ ම ත්‍රස්තවාදයක් හෙයිනි. බින් ලාඩන්ගේ නරක ත්‍රස්තවාදය සහ ප්‍රභාකරන්ගේ හොඳ ත්‍රස්තවාදය අතර ඇති වෙනස මෙයයි.
බින් ලාඩන්ගේ ත්‍රස්තවාදය නිමා කළ අය වීරයින් වන විට ප්‍රභාකරන්ගේ හොඳ විනාශ කළ මහින්ද-ගෝඨාභය ද්‍රෝහීන් වන්නේ එහෙයිනි. මේ නිසා ම හොඳ ත්‍රස්තවාදය වෙනුවෙන් උතුරේ පහන් දල්වා සතියක් තිස්සේ ශෝක සැමරුම් කටයුතු සිදු කරන අතර ඒ හොඳ ත්‍රස්තවාදය නිමා කිරීමට දිවි හිමියෙන් කටයුතු කළ දකුණේ ගෝඨාභය රාජපක්ෂට සතිය පුරා පොලිසි, අල්ලස් කොමිෂන් ගාණේ රස්තියාදු වෙමින් දඬුවම් විඳීමට සිදුව ඇත. ඒ අතර රට පෙළු තුන් බිය නිම කිරීමේ වරදට ඔහුට අද මහා දුක් ගැහැට සම්භාරයකට මුහුණ දීමට නියමිතව ඇත. කොයි මොහොතක හෝ කිසියම් වරදක් පටලවා හිරේ විලංගුවේ දමා පළිගැනීමට නියමිතව ඇත.
2009 මැයි මස 19 වැනි දා සමස්ත ජාතිය කුරිරු ත්‍රස්තවාදය අවසන් කර ලබා ගත් ජයග්‍රහණයට යහ පාලන ආණ්ඩුව අපමණ අගයක් ලබා දුන්නේ එලෙස ය.
-නාමල් උඩලමත්ත
0 comments :
ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .