5/20/2015

යුද්ධය අවසන් වුවද බෙදුම්වාදය අවසන් නැත

කතෘ:යුතුකම     5/20/2015   No comments

ත්‍රස්‌තවාදීන් මෙම සෑම ඝාතනයන්ම කරන ලද්දේ චෙල්වනායගම්ට උපවාසයෙන් සහ සත්‍යග්‍රහ ව්‍යාපාරවලින් දිනා ගැනීමට නොහැකිවූ දෙමළ ඊළම දිනා ගැනීම සඳහාය. එබැවින් එම යුගය දෙමළ ඊළාම් සමයේ දෙවන යුගය ලෙස හැඳින්වීමේ ගැටලුවක්‌ තිබිය නොහැක. එම යුගයේදී දෙමළ ඊළාම් බෙදුම්වාදීන් මාවෝ සේතුංගේ දේශපාලන බලය නිකුත් වන්නේ තුවක්‌කුවේ කඳ තුළිනි. "එක මිනිහෙක්‌ මරපල්ලා පන්සියයක්‌ භය කරන්න" යන න්‍යාය මෙන්ම තවත් ප්‍රකට මාක්‌ස්‌වාදීන්ගේ න්‍යායන් වන "අරමුණ විසින් ක්‍රියාමාර්ගය සාධාරණය කරයි" යන න්‍යායයන් දිගටම අනුගමනය කර තිබෙන බව පැහැදිලිය. ත්‍රස්‌තවාදීන් විසින් ජය ශ්‍රී මහා බෝධියට, දළදා මාළිගයට මෙන්ම සාමාන්‍ය ජනතාව ගමන් කළ දුම්රිය, බස්‌රිය වැනි පොදු වාහනවලට පවා බෝම්බ ප්‍රහාර එල්ල කළේ ඒ අනුව යමිනි.
දැන් අප ජීවත්වන්නේ "අලුත් දවස්‌වලය." එහෙත් මේ අලුත් දවස්‌ අපට ලැබුණේ ඒ වෙනුවෙන් තම ලේ කඳුළු දහදිය පමණක්‌ නොව ජීවිතයම කැප කළ මිනිසුන් පිරිසකට ජීවත් වන්නට තිබුණු පැරණි දවස්‌ වලිනි.

පසුගිය වසර 5 ක කාලය පුරාම ප්‍රභාකරන් සහ කොටි සංවිධානය යුදමය වශයෙන් පරාජය කිරීම කවුරුන් විසිනුත් සලකනු ලැබුවේ යුද ජයග්‍රහණයක්‌ වශයෙනි. එසේ වුවත් දැනට දින කීපයකට පටන් රජය විසින් එය හඳුන්වනු ලබන්නේ යුද ජයග්‍රහණයක්‌ ලෙස නොව බෙදුම්වාදයේ පරාජයක්‌ පමණක්‌ ලෙසය. එහෙත් යථාර්ථය නම් බෙදුම්වාදය කෙසේවත් පරාජය වී නොමැති අතර මේ රටේ පැවැති ත්‍රස්‌තවාදය නම් පරාජයට පමණක්‌ නොව විනාශයටද පත්ව ඇති බවය.

වත්මන් ආණ්‌ඩුව බලයට පත් කළ විවිධ බලවේගයන් පිළිබඳව දේශපාලනික වශයෙන් සලකා බලන කල කොටි සංවිධානය සහ ප්‍රභාකරන් පරාජය කිරීම සැමරීම එයට තම අභ්‍යන්තර දේශපාලන ප්‍රභවයන්ගේ ගැටලු මතුකරන කරුණක්‌ විය හැකි වුවත් එම සංවිධානය පරාජය කිරීම බෙදුම්වාදය පරාජය කළ දිනය ලෙස නම් කිරීමම නම් විහිළුවකට වැඩි දෙයක්‌ නොවේ.

දේශපාලනයේදී ඡන්දය ඉල්ලීම, උපවාස කිරීම, විරෝධතා පැවැත්වීම ශිෂ්ට කාරණා වශයෙන් සැලකෙන මුත් බෝම්බ ගැසීම, වෙඩි තැබීමද සහ ඝාතන අයත් වන්නේ අශිෂ්ට ත්‍රස්‌තවාදයකටය. මෙරට උතුර සහ නැගෙනහිර භූමිය බෙදා වෙන්කර එහි දෙමළ ඊළාම් රාජ්‍යයක්‌ පිහිටුවා ගැනීම යන බලහත්කාරය උදෙසා වේලුපිල්ලේ ප්‍රභාකරන් (සමහර කෙනකුට අනුව මහතා) ක්‍රියාත්මක කළේ එම අශිෂ්ට ක්‍රියා පිළිවෙතය.

උතුර සහ නැගෙනහිර භූමිය දෙමළ ජනතාවගේ ඓතිහාසික නිජ භූමියයි යන අදහස මීට දශක කිහිපයකට පෙර න්‍යායාත්මකව ඉදිරිපත් කළ පුද්ගලයා ලෙස සැලකෙන්නේ සී. සුන්දරලිංගම්ය. සුන්දරලිංගම් ඉදිරිපත් කළ එම අදහස යථාර්ථයක්‌ බවට පත්කර ගැනීම සඳහා පළමුවෙන්ම දේශපාලන සටනක්‌ දියත් කළ පුද්ගලයා ලෙස සැලකිය හැක්‌කේ එස්‌. ඡේ. වී. චෙල්වනායගම්ය. ඔහු ඒ සඳහාම ඉලංකෙයි තමිල් අරසුකච්චි නමින් දේශපාලන පක්‍ෂයක්‌ ද බිහි කළේය. ඒ 1956 දී සිංහල පමණක්‌ රාජ්‍ය භාෂාව කිරීමට පෙරය. ඉලංකෙයි තමිල් අරසු කච්චි යන්න සිංහලයට පරිවර්තනය කළ විට අර්ථය වන්නේ දෙමළ රාජ්‍ය පක්‍ෂය යන්න වුවත් එය සිංහල ජනතාවට හඳුන්වා දුන්නේ පෙඩරල් පක්‍ෂය යනුවෙනි. දෙමළ බෙදුම්වාදයේ පියා ලෙස සැලකෙන චෙල්වනායගම් සිය අරමුණ දිනා ගැනීම සඳහා මැතිවරණ තරග කිරීම මෙන්ම උපවාස සහ සත්‍යග්‍රහ ව්‍යාපාර වලද නිරත විය.

චෙල්වනායගම් සිය අරමුණ දිග හැරීම සඳහා කුමන උපාය උපක්‍රම යොදා ගත්තත් ඒ කාලයේ ඒ සඳහා දකුණේ අවස්‌ථාවාදී දේශපාලනඥයන් කිහිප දෙනකුගේ සහයෝගය ලබා ගැනීමට හෝ සිංහල සමාජයෙන් යහපත් ප්‍රතිචාරයක්‌ ලබාගැනීමට හෝ අසමත් විය. ඒ සඳහා හේතු වූයේ උතුර සහ නැගෙනහිර ෙඓතිහාසිකව දෙමළ ඊළාම් නිජභූමියක්‌ නොපැවති බවට සිංහල ජනතාව හේතු සාධක සහිතවම විශ්වාස කිරීමයි.

එසේ වුවත් දෙමළ සමාජය තුළ පිළිගැනීමට ලක්‌කර තිබූ එම අදහස දිනා ගැනීම වෙනුවෙන් චෙල්වනායගම්ගෙන් පසු පරපුර තම උපාය උපක්‍රම වෙත යොමු වූයේ ඉන් පසුවය. ඒ 1970 දශකයේ මුල් භාගයේදීය. මෙහිදී ඔවුනගේ ප්‍රධානතම උපක්‍රමය වූයේ ත්‍රස්‌තවාදයයි. ඒ සඳහා චෙල්වනායගම්ගේ ද ආශිර්වාදය හිමි වී ඇති බව සඳහන් කළ හැක්‌කේ මුල් යුගයේ ත්‍රස්‌තවාදී නායකයකු වූ සිවකුමාර් බැංකුවක්‌ මංකොල්ල කෑමට ගොස්‌ අත්අඩංගුවට පත්ව සයනයිඩ් කා මරණයට පත්වීමෙන් පසු චෙල්වනායගම් වැනි සම්ප්‍රදායික නායකයන් ඔහු වීරයකු ලෙස සලකා අවසන් කටයුතු කර ඇති බැවිනි.

2009 මැයි 19 දින නන්දිකඩාල් කලපුවෙන් අවසන් වූයේ එලෙස සිවකුමාර්ලා විසින් ආරම්භ කරන ලද දේශපාලන විධි ක්‍රමය බව පැහැදිලිය. සිවකුමාර්ගේ සිට ප්‍රභාකරන්, කුට්‌ටුමනි, උමා මහේෂ්වරන්,

ශ්‍රී සභාරත්නම්, පත්මනාභ ඇතුළු දෙමළ බෙදුම්වාදී ත්‍රස්‌තවාදී නායකයන් ඊට නායකත්වය සපයා ඇත. අද වන විට උතුර සහ නැගෙනහිර ප්‍රදේශවල හමුදාවේ සහ පොලිසියේ සිංහල නිලධාරීන් කටයුතු කළත් ත්‍රස්‌තවාදී කටයුතු ආරම්භ කළ යුගයේදී ඊට එරෙහිව කටයුතු කර ඇත්තේ බස්‌තියන් පිල්ලේ වැනි දෙමළ පොලිස්‌ නිලධාරීන්ය. එමෙන්ම එම ප්‍රදේශවල ක්‍රියාත්මකව පැවති එක්‌සත් ජාතික පක්‍ෂය, ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය, සමසමාජ පක්‍ෂය, කොමියුනිස්‌ට්‌ පක්‍ෂය වැනි දේශපාලන පක්‍ෂවල සාමාජිකයන් සහ නායකයන් ලෙස කටයුතු කළ අයද ත්‍රස්‌තවාදීන්ගේ පළමු ඉලක්‌කය වී ඇත්තේ දෙමළ ඊළමට එරෙහි දෙමළ පොලිස්‌ නිලධාරීන් සහ දෙමළ දේශපාලනඥයන්ය. උතුර සහ නැගෙනහිර සේවය කිරීම සඳහා සිංහල පොලිස්‌ සහ හමුදා නිලධාරීන් යෙදවීමට සිදුවී ඇත්තේ බස්‌තියන් පිල්ලේ වැනි පොලිස්‌ නිලධාරීන් ඝාතනය කිරීමෙන් අනතුරුවය.

ත්‍රස්‌තවාදීන් මෙම සෑම ඝාතනයන්ම කරන ලද්දේ චෙල්වනායගම්ට උපවාසයෙන් සහ සත්‍යග්‍රහ ව්‍යාපාරවලින් දිනා ගැනීමට නොහැකිවූ දෙමළ ඊළම දිනා ගැනීම සඳහාය. එබැවින් එම යුගය දෙමළ ඊළාම් සමයේ දෙවන යුගය ලෙස හැඳින්වීමේ ගැටලුවක්‌ තිබිය නොහැක. එම යුගයේදී දෙමළ ඊළාම් බෙදුම්වාදීන් මාවෝ සේතුංගේ දේශපාලන බලය නිකුත් වන්නේ තුවක්‌කුවේ කඳ තුළිනි. "එක මිනිහෙක්‌ මරපල්ලා පන්සියයක්‌ භය කරන්න" යන න්‍යාය මෙන්ම තවත් ප්‍රකට මාක්‌ස්‌වාදීන්ගේ න්‍යායන් වන "අරමුණ විසින් ක්‍රියාමාර්ගය සාධාරණය කරයි" යන න්‍යායයන් දිගටම අනුගමනය කර තිබෙන බව පැහැදිලිය. ත්‍රස්‌තවාදීන් විසින් ජය ශ්‍රී මහා බෝධියට, දළදා මාළිගයට මෙන්ම සාමාන්‍ය ජනතාව ගමන් කළ දුම්රිය, බස්‌රිය වැනි පොදු වාහනවලට පවා බෝම්බ ප්‍රහාර එල්ල කළේ ඒ අනුව යමිනි.

කොටි සංවිධානය ඇතුළු සියලු බෙදුම්වාදී සංවිධාන එක්‌ අතකට සාමාන්‍ය ජනතාව බියකර තම අරමුණ දිනා ගැනීම සඳහා කටයුතු කළ අතර අනෙක්‌ අතට තමන්ට අභියෝගයක්‌ විය හැකි දේශපාලනඥයන් ඝාතනය කළහ.

එම පසුබිම තුළ සහෝදර ත්‍රස්‌තවාදී සංවිධානද විනාශ කර දෙමළ ජනතාවගේ එකම නියෝජිතයා බවට පත්වී සිටි කොටි සංවිධානයේ ත්‍රස්‌තවාදය අවසන් කළ හැකි බව විශ්වාස කළා නම් ඒ කාලේ අතළොස්‌සක්‌ දෙනකු පමණි. රටේ බොහෝ දේශපාලනඥයන් පවා සිතුවේ කොටි සංවිධානයේ බලය යථාර්ථයක්‌ ලෙස පිළිගෙන එළැඹෙන එකඟතාවයකින් මෙපිට විසඳුමක්‌ නොමැති බවය. එම පසුබිම තුළ සැමියා සහ බිරිඳ එකම දුම්රියක ගමන්කළත් ඔවුන් දෙදෙනා ගමන් කළේ එකම දුම්රියේ මැදිරි දෙකකය. දෙමව්පියන් දරුවන් පාසලට යෑව්වේ ඔවුන්ගේ ඉරණම දෙවියන්ට භාරදීය. ප්‍රභූවරුන්ගේ ජීවිත වායුසමනය කළ නිවාස අඩස්‌සි බවට පත්ව තිබූ අතර සාමාන්‍ය ජන ජීවිතය සූඩානයේත්, ඉතියෝපියාවේත් මිශ්‍රණයක්‌ සේ විය.

එබඳු පසුබිමක්‌ තුළ අපරාජිත සංවිධානයක්‌ ලෙස ඔටුනු පළඳවා තිබූ සංවිධානයක්‌ යුදමය වශයෙන් පරාජය කිරීම යුද ජයග්‍රහණයක්‌ නොවන්නේද? එම ජයග්‍රහණය අසමසම යුද ජයග්‍රහණයක්‌ බව පැහැදිලිව සඳහන් කළ හැකි වූවත් එම ජයග්‍රහණය බෙදුම්වාදය පරාජය කිරිමක්‌ ලෙස බාරගත නොහැක්‌කේ සී. සුන්දරලිංගම්ගේ සහ චෙල්වනායගම්ගේ දේශපාලන අරමුණ තවමත් නිරුපද්‍රිතව පවතින බැවිනි. ඒ බව හොඳින්ම පැහැදිලි වන්නේ ඓතිහාසික යුද ජයග්‍රහණය බෙදුම්වාදය පරාජය කිරීම ලෙස නම් කිරීම පිළිබඳව දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන්ද සිය ප්‍රසාදය දක්‌වා ඇති බැවිනි. සම්බන්ධන් යුද ජයග්‍රහණය බෙදුම්වාදයේ පරාජය ලෙස නම් කිරීම පිළිබඳව සතුටු කඳුළු සලන්නේ බලය බෙදීමේ නමින් අවම වශයෙන් පෙඩරල් රාජ්‍යයක්‌ තුළ හෝ දෙමළ ඊළම දිනා ගැනීමට හොඳ පරිසරයක්‌ නිර්මාණය කර ගැනීමේ ෙච්තනාවෙන් බව දැන් පැහැදිලිය.

එරික්‌ ගාමිණී ජිනප්‍රිය
- දිවයින
2015-05-17

, ,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

0 comments :

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions