මහින්ද රාජපක්‍ෂ පන්සලේ දේශපාලනය කිරීම පිළිබඳ අනුරලා අතිශය කළබල වී තිබෙන බවක් පේනවා. ඇත්තට මේ කළබල වී තිබෙන්නේ අනුර විතරක් නෙවෙයි. අනුර කතා කරන්නේ ඔහුගේ ස්වාමියා වන රනිල් හා ඇබිත්තයා වන මෛත්‍රී වෙනුවෙන්. පන්සල්වලට මහින්ද දැක ගැනීමට එන සෙනග දැක්කහම ඕනෑම දේශපාලන විරුද්ධවාදියෙකුට ඊර්ෂ්‍යාවක් ඇති වෙනවා.
අනුර කුමාර මහින්දගේ පන්සල් යෑමට එරෙහි ව ඉදිරිපත් කරන තර්කය තමයි පන්සල කියන්නේ හැමෝගෙම තැනක් ඒ නිසා මහින්ද පන්සල් ගිහිං ඒක ඔහුගේ දේශපාලනයවෙනුවෙන් යොදා නොගත යුතුයි කියන එක. මෙම තර්කය ඉදිරිපත් කරන කොට අනුර ම එම තර්කයට එරෙහි ප්‍රති තර්කයක් ගොඩ නගනවා. එනම් පන්සල හැමෝගෙම නම් මහින්ද පන්සල් ගියා කියල තියෙන ප්‍රශ්නය මොකක් ද? අනුරටත්, රනිල්ටත් මෛත්‍රීටත් පන්සල් යන්න පුළුවන් නේ. ඔවුන්ට තියෙන්නේ මහින්ද වගේ ම පන්සල් ගිහිං බෝධි පූජා තියන්න. ප්‍රශ්නය ඉවරයි. හැබැයි තමන්ගේ පන්සල් යෑම සිය ස්වාමිවරුන්ගේ හිත බිඳවනවා කියල හිතල නොකර අනිත් අයටත් පන්සල් යන්න එපා කියන්නේ පන්සලට තියෙන ආදරේට නෙවෙයි කුහකකමට.
සමාජය කියන්නේ දේශපාලන ආයතනයක්. දේශපාලනය කියන්නේ සමාජ ආයතනයක්. මේක කොයි අතටත් ඇත්ත. සමාජ දේශපාලන කතිකාව අන්‍යෙන්‍ය වශයෙන් පෝෂණය වෙනවා. ඕනෑම සමාජ-දේශපාලන දේහයකට යටින් දිවෙන ආගමික අංශයක් තිබෙනවා. දැන් බ්‍රිතාන්‍ය, නවසීලන්ත හා ඕස්ට්‍රෙලියාව වගේ රටක් ගත්තත් එහි දේශපාලනය ආගම හා රැජින වෙන් කරන්න බෑ. රැජින තමයි මේ රටවල සාම්ප්‍රදායික නායකයා. මේ රටවල් ජනරජ වුනාට රාජ්‍යත්වය තාමත් මෝරල් ඔතොරිටි එක සපයන්නේ. ඒ රාජ්‍යත්වය උපදෙස් ලබන්නේ ඇන්ග්ලිකන් පල්ලියෙන්. එතකොට ඇමරිකාවේ ජනපතිවරු දිවුරුම් දෙන්නේ බයිබලයට අත තබල. එහි අර්ථය තමයි දේශපාලනයෙ දී අපි බයිබලයට අනුගත වෙනවා කියන එක. ඩොලරයේ තියෙන්නේ 'ඉන් ගෝඩ් වී ට්‍රස්ට්' කියල (අපි දෙවියන් විස්වාද කරමු).
අනුරල දේශපාලනය කරන්න පන්සල් යන්න එපා කියන්නේ මෙහෙම ලෝකයක. ලංකාවේ පන්සල මෙරට ශිෂ්ටාචාරයෙන් ගලවන්න බෑ. වසර 2500 ක්ම මේ ශිෂ්ටාචාරය කැරකුනේ පන්සල වටේ. ගමක න්‍යෂ්ටිය පන්සල. පුද්ගලයෙකුගේ උපතේ සිට මරණය දක්වාම පන්සල සමීප ව බැඳිලා තිබෙනවා. පන්සල තමයි ගමක සමාජ ජීවිතය සකසන්නේ. මිනිස්සු එකතුවෙලා පන්සල ගොඩ නගන්නේ එම සමාජ අවශ්‍යතාවය නිසා. පන්සල කියන්නේ ගමක තාර්කික පිහිටීමක්. මේ අද ඊයේ වෙච්ච දෙයක් නෙවෙයි. මිහිදු හිමියන් දේවානම්පයිතිස්ස සමගත් කළේ දේශපාලනයක්. එතැන් පටන් ම ලංකා සමාජය හා පන්සල දේශපාලනික ව බැඳිල තිබුණා ගලවන්න බැරි තරමට. මේ රටට එරෙහි ව පැමිණි සියළු විදේශ ආක්‍රමණවල දී පන්සල කේන්ද්‍රකරගෙනයි ජනබලය ගොඩ නැගුනේ.දුටුගැමුණු විසින් ආක්‍රමණික එළාරට එරෙහි යුද්ධය මෙහෙය වූයේ පන්සලේ. ථෙරපුත්තාභය වැනි භික්‍ෂූන් පවා යුද්ධයට ගියා. මේ අතර, යුද්ධයෙන් පරාජය ව මියැදුනු එළාරට ගෞරව පිණිස දුටුගැමුණු රජු විසින් කළ සියල්ල කළෙත් පන්සලෙන් ලද විනයෙන්. මේ අතර, රාජ්‍ය නායකයා තෝරන ගැටළුවල දී පන්සලයි මැදිහත් වුනේ. ඇතැම් නායකයින් සුදුසු නොවන බව දැනුනහම පන්සල අතේ තමයි අවසන් තීරණය තිබුණේ. ලජ්ජතිස්ස වෙනුවට ථුල්ලත්තන තොරන්නේ පන්සල. මෙවැනි පන්සලක් තමයි අනුර කුමාර මහින්දට කියන්නේ දේශපාලනයට යොදාගන්න එපා කියල.
-මහින්ද පතිරණ

යුතුකම සංවාද කවය
www.yuthukama.com
0 comments :
ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .