5/25/2015

මෛත්‍රිපාලගේ සාමය

කතෘ:යුතුකම     5/25/2015   3 comments

මේ දිනවල ද සුපුරුදු පරිද බටහිර හා ඊනියා රාජ්‍ය නොවන පඬියන් ප්‍රචාරය කරන පාඨ වෙයි. සමහර පාඨ සමාජයට ගෙන යනු ලබන්නේ එතරම් අත්දැකීම් නැති එහෙත් ඊනියා අලුත් කතා කීමට කැමති අලුත් පරපුරක යැයි කියන තරුණයන් විසිනි. තවත් පාඨ ජනාධිපතිවරුන් අගමැතිවරුන්, ඇමතිවරුන් මගින් සමාජයට ගෙන යනු ලැබෙයි.

තරුණයන්ගේ පාඨයක් වනුයේ යුද්ධයට අවසානයක් ඇත, ජයග්‍රහණයක් නැත යන්න ය. අපේ පාඨය වනුයේ යුද්ධයක් නො තිබිණි, හමුදා ක්‍රියා මාර්ගයකින් දෙමළ ත්‍රස්තවාදය පරාජය කෙරිණි, යුද්ධය ආරම්භ වීමට ඉඩ ඇත යන්න ය. ජයග්‍රහණයක් නැත යන්නෙහි තේරුම යුද්ධයක් පටන් ගනු ඇත යන්න ය.
මෛත්‍රිපාල කියන්නේ ඊනියා යුද්ධය ජයග්‍රහණය කළ නමුත් සාමය උදා කෙළේ තමන් කියා ය. ඔහු සාමය යනුවෙන් හඳුන්වන්නේ කුමක් දැයි පඬියකුවත් අපට කියා දී නැත. සමහර විට චම්පක හෝ වෙල් විදානේ ෆොන්සේකා හෝ රතන හිමි හෝ ප්රාජිත හෝ ඒ දන්නවා ඇත. චම්පක අපට වඩා හොඳින් ප්රාජිත හඳුනන බවට අපට සැකයක් නැත. එහෙත් සාමය යනු කුමක් ද? යුද්ධය දිනුවේ ය, සාමය දිනුවේ නැත යන්න කිසිම වටිනාකමක් නැති එහෙත් පඬි ශබ්දයක් ඇති පුහු පාඨයක් පමණකි.

ඊනියා සාමය යුද්ධය ආදී සියල්ල මෙවන් බටහිර ගැති ආණ්ඩු යටතේ තීරණය කෙරෙන්නේ බටහිරයන් විසිනි. බටහිරයෝ සිංහල බෞද්ධ සංස්කෘතියට එරෙහිව දෙමළ ජාතිවාදය යොදා ගනිති. ඔවුහු එය දෙමළ බෙදුම්වාදයක් බවටත් දෙමළ ත්‍රස්තවාදයක් බවටත් වර්ධනය කළහ. චම්පකලා කලක් ඊනියා යුද්ධයට විරුද්ධව පෝස්ටර ඇලවූහ, මංගලත් සමග සන්ධීය රාජ්‍යයක් බිහිකිරීමට රටවැසි පෙරමුණු පිහිටුවූහ. ඔවුන් මහින්ද කලක් යුද්ධයට විරුද්ධ විණි යැයි කියන්නේ කෙසේ ද?

පුද්ගලයන්ගේ අදහස් වෙනස් විය හැකි ය. එහෙත් එ පැත්තෙන් මේ පැත්තටත් මේ පැත්තෙන් ඒ පැත්තටත් අදහස් වෙනස් කරන්නෝ අවස්ථාවාදියෝ ය. චම්පිකලා මහින්ද මෙන් නොව කලක් ජාතිකත්වය වෙනුවෙන් පෙනී සිටියහ. ඉන්පසු ජාතිය මළකඳක් යැයි කියමින් මංගල හා චන්ද්‍රිකා සමග එකතු වූහ. පසුව ජාතිකත්වයට ඉල්ලුමක් ඇතැයි කියමින් සිංහල සිසුන් ඝාතනය වන විට නැවතත් ජාතික දේශපාලනයකට අවතීර්ණ වූහ. දැන් නැවතත් මෛත්‍රිපාල සමගින් දෙමළ ජාතිවාදය වෙනුවෙන් ක්‍රියා කරති. මේ අවස්ථාවාදීන් දේශපාලනයෙන් අතුගා දැමිය යුතු ය.

බටහිරයන් හා ඉන්දියයන් වර්ධනය කළ දෙමළ ත්‍රස්තවාදය පරාජය කිරීමෙන් පසු කළ යුත්තේ දෙමළ බෙදුම්වාදය පරාජය කිරීම ය. එය කිරීමට ද හමුදාව අවශ්‍ය ය. හමුදා කඳවුරු ඉවත්කර ඒ භූමිය ඊනියා ජනතාවකට ආපසු දෙමින් දෙමළ බෙදුම්වාදය පරාජය කළ නො හැකි ය. කඳවුරු ඉවත්කිරීම සාමය ඇති කිරීමක් යැයි මෛත්‍රිපාල සිතන්නේ ද? බටහිරයන් මෛත්‍රිපාල හොඳින් ක්‍රියා කරන්නේ යැයි කීමෙන් ගම්‍ය වන්නේ ඊනියා සාමය ඇති කිරීමක් ද? බටහිරයන්ගේ සහතික අප තුට්ටු දෙකකට මායිම් කළ යුතු නො වේ. අවස්ථාවාදී චම්පකලාට නම් ඒ වටිනවා විය හැකි ය.

මුලතිවු ප්‍රදේශයේ කොටි සැමරුම් තහනම් කරමින් උසාවි නියෝගයක් තිබියදීත් විග්නේස්වරන්ලා කොටින් සැමරුවේ ඊනියා සාමය වෙනුවෙන් ද? පිරිත් කීමට වැඩම කළ භික්‍ෂූන් වහන්සේ උසාවියට ඉදිරිපත් කරමින් මුලතිවුහි උසාවි නියෝග කැඩූවන්ට නිදහසේ ඉන්නට ඉඩ අරින්නේ, විද්‍යා දැරියට කළ අපරාධයට මුවා වී උසාවියට ගල් ගසමින් නැවතත් දෙමළ ත්‍රස්තවාදයකට පාර කපන ආනන්දිලා ආදීන් උසාවියට ඉදිරිපත් නොකරන්නේ බටහිරයන්ට මෙරට ඊනියා සාමය ඇති බව පෙන්වීමට ද? එහෙත් දෙමළ ජාතිවාදීන් ඒ උද්ඝෝෂණ ඊනියා සිංහල පොලීසියට විරුද්ධව කළ බව යුරෝපය පුරා පතුරවන දිනය වැඩි ඈතක නො වේ.

බටහිරයන්ට අවශ්‍ය අන්දමට ක්‍රියාකරන මෛත්‍රිපාලට ඇති කළ හැකි සාමයක් නැත. සාමය ද ඇතිකළ හැක්කේ බටහිරයන්ට විරුද්ධව ක්‍රියා කිරීමෙනි.

නලින් ද සිල්වා 
කාලය
2015 මැයි 24

,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

3 comments :

  1. නාන බාල්දියේ වැටී ඉන්න හූනා කිඹුලෙක් ලෙස දකින, පුකට පයින් වැදී විසිවුණ ජඩයකු වන මරා ආපහු උස්සන්න හදන කාලකන්නි හැත්ත. බලාගෙන හිටපියව් මහ මැතිවරනෙන් පස්සේ එන්නේ සහයෝගිහා ආණ්ඩුවක්. තොපිට මරා නමැති දේශපාලන මලමිනියත් අරන් යන දිහාවකට තොලොන්ජි වෙන්නයි තියෙන්නේ ඊට පස්සේ.

    ගොංවාද වකය.

    ReplyDelete
    Replies
    1. උඹල යූඇන්පී එකට පුරුද්දක් විදිහට චන්දෙ දාන රටක් තියා ජාතකයක්වත් නැති එවුන් වෙන්න පුළුවන්. එකක් මතක තියාගනින් මරා හිටියේ තොගෙයි අපෙයි දෙගොල්ලගෙම ජාතිකත්වය පැත්තේ. තොට ජාතිකත්වය වැඩක් නැති උනාට අපට ඒක වැදගත්. අපට විතරක් නෙවෙයි රටේ බහුතරයකට වැදගත්. රටේ ජාතික අනන්න්‍යතාවය පිළිගෙන එක්ව කටයුතු කරන්න බෙදුම්වාදී අන්තවාදීන් නොවන සුළුතරයත් ලෑස්තියි තොපිට ජාතකයක් නැති උනාට. මැතිවරණයට පස්සේ ජන මතයට පිටින් ජාතික ආණ්ඩු අටවලා තොපේ පොන්න රනිලව අගමැති කරන්න ගියොත් තොලොන්ගි වෙලා රටෙනුත් යන්න වෙන්නේ තොපි වගේ ජාතියක් නැති මූසල මල යක්කුන්ට. අන්න ඒ ටික මතක තියාගනින්. තොපි දන්නේ කන්නයි බොන්නයි රෙන්නයි බුදියන්නයි විතරයි. තොපේ කාලකන්ණි ජීවිතේ හැමදාම ගෙනියන්න අනිත් එවුන්වත් කාලකන්ණියෝ කරල රටත් පාවලා දෙන්න කියන්න උඹලට හයිය ලැබිල තියෙන්නේ විජාතික බලවේග වලින් ජරාව කාලා. තොපි දැනගනින් තොපිට කන්න දෙන සක්කිලින්ගෙන් කාලා තොපි වගේ රටයි ජාතියයි පාව දෙන්න හැමෝම එන්නේ නෑ. චන්දෙට පස්සේ රනිල් පකයත් එක්ක තොලොන්ජි වෙන්න දැන්ම ලෑස්ති වෙයන් මූසල සක්කිලියා.

      Delete
  2. ජාතික බලවේග මර්ධනය කරමින් විජාතික බලවේග වලට ජය අත්කරදීමේ මෛත්‍රී කොන්ත්‍රාත් එකට කියන අනෙක් වචනය සාමයයි.

    ReplyDelete

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions