මියෙන්නට පෙර දින ලියූ කවිය
-----------------------------
හුඟ කලෙකින් ගෙදර ඇවිත්
එබී බලන්නම් දොර ළඟ
දුවන් එන්න දෙඅත් විදා
තාත්තා කියා හඬ ගා
ඔසවා ගන්නම් නුඹ මම
තුරුළු කරන් මගෙ පපුවට
අහපන් දුව බෙල්ල බදන්
කොහෙද ගියේ මගෙ තාත්තා
දැනුනිද ඔය පුංචි හිතට
වියෝ දුකක් මම නැති විට
දුවේ නුඹේ හොඳ අම්මා
කියනා ලෙස සිටියා නේද
නොවී ඈට කරදරයක්
මල්ලි බලා ගත්තා නේද

වන්නි කැළේ ගිනි අවියක්
තුරුළු කරන් ඉන්නා විට
දෙන්නෙම නෑ නුඹට ඉඩක්
තුරුළු වෙන්න මගෙ හද වෙත
සමා වෙයන් පුංචි දුවේ
ගල් කරගෙන හිටියට සිත
මම ආ විට ගෙදර මෙදා
අලියා පිටේ යමු සැමදා
සෙල්ලම් ගෙය හදමු මෙදා
පොල් අතු කීපයක් යොදා
[-ලසන්ත වික්‍රමසිංහ]
විරුවාගේ දේහය නිවසේ සාලය මත නිසොල්මන්ව ඇත.
--------------------------------------------------------
පොරොන්දු වුන පරිදි අනේ
ඔබ එබුනේ නැහැ දොර ළඟ
දෑත් විදා මා ආවත්
තුරුලට නොමගත්තේ කිමද?
හැමදාකම දුක දැනුනා
අද ඒ දුක දොරේ ගියා
අම්මට මම උදව් වුනත්
අද ඇඩෙව්වේ ඔයා නේද?
වන්නි කැලේ ඔබ හිටියට
ගිනි අවියේ සවි බැලුවට
රට ජාතිය රැක්ක කියල
හැමෝම ඔබෙ ගුණ කියනවා...
ඒ බර වැඩ කරලා නේද
මහන්සියට ඇස් වහගෙන?
අලියා පිටේ ගෙනියන්නට
නැහැ මම කරදර කරන්නේ
එකපාරක් ඇස් ඇරලා
දෝණි කියල හිනා වෙන්න.....
[-ගයානි පෙරේරා]
යුතුකම සංවාද කවය
www.yuthukama.com
විරුවන් දිවි පුදා සුරැකි ලක් දෙරණ නෙක සතුරු කැළ මැද යළි රැක ගැනීම අපගේ යුතුකමකි. සයිබරයේ අදහස් රණබිම facebook.com/yuthukama ට Like යොදා ඔබත් එක්වන්න.
ඔබ එබුනේ නැහැ දොර ළඟ
දෑත් විදා මා ආවත්
තුරුලට නොමගත්තේ කිමද?
හැමදාකම දුක දැනුනා
අද ඒ දුක දොරේ ගියා
අම්මට මම උදව් වුනත්
අද ඇඩෙව්වේ ඔයා නේද?
වන්නි කැලේ ඔබ හිටියට
ගිනි අවියේ සවි බැලුවට
රට ජාතිය රැක්ක කියල
හැමෝම ඔබෙ ගුණ කියනවා...
ඒ බර වැඩ කරලා නේද
මහන්සියට ඇස් වහගෙන?
අලියා පිටේ ගෙනියන්නට
නැහැ මම කරදර කරන්නේ
එකපාරක් ඇස් ඇරලා
දෝණි කියල හිනා වෙන්න.....
[-ගයානි පෙරේරා]
යුතුකම සංවාද කවය
www.yuthukama.com
විරුවන් දිවි පුදා සුරැකි ලක් දෙරණ නෙක සතුරු කැළ මැද යළි රැක ගැනීම අපගේ යුතුකමකි. සයිබරයේ අදහස් රණබිම facebook.com/yuthukama ට Like යොදා ඔබත් එක්වන්න.
0 comments :
ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .