5/20/2015

කොටි සැමරුම් අපට කියාදෙන පාඩම

කතෘ:යුතුකම     5/20/2015   No comments

උතුරු පළාත් සභාවේ මන්ත්‍රීවරයකු වන සිවාජිලිංගම් සතියක් පුරා කොටින් සමරන බව කල්තියාම පැවසුවේය. ඔහු කියා තිබුනේ ජ වි පෙරමුණට 1971 දී 1988-90 කාලයේ දී මියගිය අය සැමරීමට හැකි නම් දෙමළ ජාතික සංධානයට හා හිතවතුනට ද මියගිය අය සැමරිය හැකි බව ය. එය මතුපිටින් ගත්කල හොඳ තර්කයක් බව පෙනේ. එහෙත් මේ දෙගොල්ලොම කලේ කුමක්ද ? නිරායුද මිනිසුන් දහස් ගණනින් මරා දැමීමය. දෙගොල්ලම සමරන්නේ මිනීමරුවන් ය . වෙනසකට ඇත්තේ ජවිපෙ මේ කපේ පහල නොවන ඊනියා සමාජවාදී සිහිනයක් වෙනුවෙන් මිනී මැරීම සහ කොටි ත්‍රස්ත්‍රයන් වෙනම රාජ්‍යක් වෙනුවෙන් මිනී මැරීමය. එසේනම් සිවාජලිංගම් මේ කියන්නේ කුමක්ද මිනීමරුවන් සැමරීමට ඔවුන්ට සතියක කාලයක් වත් අවශ්‍ය බවයි.

එහෙත් කිසිදාක ඇලොල්ෆ් හිට්ලර් සමරනු ඔබට දැකිය හැකිද , ඔසාමා බින් ලාඩන් සමරනු ඔබට දැකිය හැකිද නො හැකි ය. එහෙත් ඉතිහාසයේ ප්‍රථම වරට ප්‍රභාකරන් සහ කොටි ත්‍රස්තවාදීන් සැමරීමේ සතියක් උතුරු නැඟෙනහිර ක්‍රියාත්මක වුයේ අධිකරණ නියෝගයක් පවා නොතකමිනි. ඔවුන් දැන් යහපාලන නීතියටද අවනත නොවේ. දැන් ඔවුන් යලි යලිත් සුපුරුදු චන්ඩිකම් ප්‍රදර්ශනය කරමින් තිබේ. කොදු නාරටිය බිදුණු නායකත්වයක් නැති රටක බෙදුම්වාදී අළුයට ගිනිපුපුරු දළුලන්නේ යුධ හමුදා පෞරු ෂයද බැරැක්ක වලට ගාල්කොට ඇති පසුබිමක් තුලය. ඔවුන් මේ නාඩගම් නටන්නේ ඔසාමා බිල්ලාඩන් වැනි ත්‍රස්තයෝ සිටිය දී පවා ලොව දරුණුතම ත්‍රස්තවාදියෙකු ලෙස නම් කල ප්‍රභාකරන්ගේ ගුණ සැමරීමට ඉල්ලා අධිකරණ නියෝගවලට විරෝධය පාමිනි.

මහ පාරේ තැන තැන පොලිසිය බලා සිටියදීම ටයර් පුළුස්සා නීතිය අභියෝගයට ලක් කිරීමට මොවුන්ට හයියක් ආවේ කෙසේද ? හිට්ලර්ගේ නාසිවාදය පරාජය කොට වසර 70කට වැඩිකලක් ගත වුවද තවමත් හිට්ලර් සැමරිය නොහැකි ලොවක ප්‍රභාකරන් පරදා වසර 6ක් ගිය තැන ඔහු ඇතුළු කොටි සැමරිය හැකි වූයේ කෙසේ ද? යුධ ජයග්‍රහණයේ කෙරුමා තමන් යයි උදම් අනන පැඩි ෆීල්ඩ් මාෂල්ලාටත් යහපාලනයේ අනුහසින් අද සිදුවී තිබෙන්නේ ඩයස්පෝරා බලාධිකාරය හමුවේ නිවටයකු සේ ඉවසා සිටීමටය. ඔහුට පවා කොන්දක් ලැබුනේ මහින්ද රාජපක්ෂගේ අනුත්තර නායකත්වය යටතේ පමණක් බව කොටි විරු සැමරුම්වලට දැගලීම අපට කියා දෙන පාඩමයි.

 
-රත්තනදෙණියේ මේධානන්ද හිමි
යුතුකම සංවාද කවය
www.yuthukama.com 

,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

0 comments :

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

"බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ -ලසන්ත වික්‍රමසිංහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP cepaepa ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions