5/19/2015

විජයග‍්‍රහණ දිනයේ දී

කතෘ:යුතුකම     5/19/2015   1 comment

පෙළන මා හද සොවින
වෙලා අනියත බියෙන
සැලෙන්නේ මන්ද සිත
දැය දිනූ දිනයෙ අද


උපහාර ලබන අද
රණ විරුවනේ නුඹට
දකින සඳ වෙිදිකා
අසුනරා සිටි පිරිස


සිහි වී ද තොප්පිගල
මහා වනයක් ම බව
කිළිනොචිච් ගියා යැ යි
මැදවචිච් ගිය යුගය
ගියේ පාමංකඩට
පමණක් ම බව එ දින
යුද වදින්නේ ගොනුන්
විතරක් ම බව සබඳ

අවසාන මෙහෙයුමෙි
තබා දිවි පරදුවට
ලස්ස ගණනින් දනගෙ
සුරැකියුරු දිවිය ඔබ
දැක ලැජජ සිතේ යැ යි
නොසිතුනි ද බෙිබිලට
සුදු මහත්තුරු එක්ක
එංගලන්තේ වසන


යුද බිමෙි ඔබ දිනුම
වළකන්න කොළඹ රට
පෙළපාලි ගිය උන් ය

අසුනරා සිටින්නේ

දිනූ දේශය දිනන
මඟ සදා දුන් අපට
සැබෑ විරුවන් කොහිද
නොමැත වෙිදිකාවෙි


අදිරදුන්ගේ අණට
නැටෙන රූකඩ නඩය
දකින වෙිදිකාවෙි
නිතින් මා සිතු පෙළන
බිය සැකය නොතලාද
ඔබෙ සිත ද මා සබඳ
මතු දිනෙක අපේ රට
සතුරු උවදුරු නසා
රැක ගන්න සමත් වෙද
සිංහ වෙස් ගෙන සිටින
බැටළු කැළ රඟ මඩළෙ
කියනු මැන සබඳ මට 


-වෛද්‍ය වසන්ත දේවසිරි 
2015 වෙසක් මස 19 දින
යුතුකම සංවාද කවය

www.yuthukama.com

, ,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

1 comment :

  1. Is Mr,Arjuna Having Heart Problem?.....?,,,,?

    ReplyDelete

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

කිණිහිරය

හීන් සැරය

කෙටි සටහන්

මාධ්‍ය ගබඩාව

ප්‍රවර්ග

1505 2015 BBS NGO Theory අනගාරික ධර්මපාල අනුර කුමාර අමරසේකර ආචාර්ය දයාන් ජයතිලක ආමන්ඩ් ද සූසා ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී එජාප කවි කවි විචාර කාලය කෙටි කතා ගම්මන්පිල ගැමුණු චම්පික චිත්‍රපට විචාර චින්තනය ජනපතිවරණය ජනාධිපතිවරණය ජයග්‍රහණය ජවිපෙ ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දහතුන දේශපාලන නසරිස්‌තානය නිදහස නෝනිස් පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා බම්බුව බලු කතා බුදු දහම බෙංගමුවේ නාලක බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මරක්කල මහ නාහිමි මහින්ද මහින්ද රනිල් මානව හිමිකම් මුස්‌ලිම් මෛත්‍රිපාල යටත්විජිතකරණය රණ විරුවා රනිල් වික්‍රමසිංහ රන් කරඬුව රාජතාන්ත්‍රික රාජපක්‍ෂ ලේකම් වහාබ් විජේවීර විධායක බලය විමුක්ති වනිගසේකර වෙනස සැපද සංගීතය සජින් සමාජ විචාර සරච්චන්ද්‍ර සාහිත්‍ය හා විචාර සිංහල සිංහල බුද්ධාගම සීපා ස්වර්ණ පුස්තක හෙළ උරුමය

පාඨක අදහස්

© 2014 www.yuthukama.com