5/30/2015

විස්සත් නැහැ විස්සාසබංගෙත් නැහැ

කතෘ:යුතුකම     5/30/2015   No comments

අද මෙරට දේශපාලනය ක්‍රියාත්මක වන්නේ කෙසේ ද යන්න පිළිබඳ අවබෝධයක් ජනතාවට තබා බොහෝ දේශපාලනඥයන්ටවත් නැත. විශේෂයෙන් ම සංධානයේ දේශපාලනඥයන්ට නැති බව ඔවුන් කරන කියන දෙයින් පැහැදිලි වෙයි. අප මේ ලිපි ලියන්නේ අපට තේරෙන අයුරෙන් ඒ පිළිබඳ නිසි පුද්ගලයන්ට දැනුම් දීමට ය. සමහරවිට අප කියන දෙය ද වැරදි විය හැකි ය. එසේ නම් ඒ ගැන සාකච්ඡාවක් තිබිය යුතු ය. අද දේශපාලනයේ මෛත්‍රිපාල සිරිසේනගේ කාර්යභාරය කුමක් ද යන්න ගැන යම් ආකාරයක කතන්දරයක් ගොතා ගැනීමෙන් තොරව, එනම් අවබෝධයක් ලබා ගැනීමෙන් තොරව, කරන කියන සෑම දෙයක් ම පුස්ස බින්දා වැන්නක් වනු ඇත. අපේ කතන්දරය වැරදි නම් ඒ වෙනස්කර ගත යුතු ය.

ඒ බටහිරයන්ගේ ක්‍රමයයි. මම එයට විරුද්ධ වෙමි. එහෙත් බටහිරයන් අපට තනා දෙන කතාව වෙනුවට අපේ ම කතාවක් තිබීම රටට වැඩදායක ය. අනෙක් අතට අපට වැඩකිරීමට සිදු වී ඇත්තේ බටහිරයන්ගේ කතාව දැනගැනීමෙනි. මෛත්‍රිපාලට නියම වී ඇත්තේ එකම එක කාර්යයක් පමණකි. එනම් බටහිරයන්ගේ අවශ්‍යතා ඉටුකරන මේ සුළුතර ආණ්ඩුූව ශ්‍රී ල නි ප මන්ත්‍රින්ගේ, ශ්‍රී ල නි ප මෛත්‍රි කණ්ඩායමේ, සහායෙන් පවත්වාගෙන යෑම ය. ඔහු එහි දී ඒ මන්ත්‍රීවරුන්ට දේශපාලන අල්ලස් දීම්, තර්ජන ගර්ජන කිරීම්, රැවටීම් ආදිය කරයි.

බටහිරයන්ගේ හා ඉන්දීයයන්ගේ අවශ්‍යතා ඉටුකරන තෙක් මෛත්‍රිපාලට ජනාධිපතිකම දැරිය හැකි ය. යම් අයුරකින් ඔහු බටහිර හා ඉන්දීය අවශ්‍යතාවලට පිටුපෑවහොත් ඔහුට ජනාධිපතිකම අහෝස්ි වනු ඇත. රනිල් ජනාධිපති වනු ඇත. මෙය බටහිරයන් හා ඉන්දීයයන් ඔහු ඊනියා පොදු අපේක්‍ෂක බවට පත්කර ගැනීමේ ගනුදෙනුවේ ප්‍රතිඵලයකි.

මෙය එ ජා ප ආණ්ඩුවක් මිස ඊනියා ජාතික ආණ්ඩුවක්වත් අඩුම තරමෙන් හවුල් ආණ්ඩුවක්වත් නො වේ. බොහෝ දේ බටහිරයන්ගේ අවශ්‍යතා අනුව රනිල් තීරණය කරයි. රවි කරුණානායක, ජෝන් අමරතුංග වැන්නන්ට ද එහි දී යමක් කළ හැකි ය. එහෙත් කරු ජයසූරිය වැනි දුර්වල සිංහල බෞද්ධයෝ නමට ඇමතිවරු වෙති. සංධානය නියම පුද්ගලයන්ට එරෙහිව විශ්වාසභංග යෝජනා ගෙන එයි. එහෙත් ඒ එකක්වත් එහි අන්තය කරා යොමු නො වෙයි. ඒ ක්‍රියාමාර්ගය යම් තැනක දී අවසන් වෙයි. ඒ අවසන් කරන්නේ මෛත්‍රිපාල ය. එහි අනෙක් පැත්ත ද සිදුවෙයි.

එ ජා පක්‍ෂයට දහනවවැනි සංශෝධනය අවශ්‍ය විය. ඒ සඳහා ශ්‍රී ල නි ප මහින්ද කණ්ඩායමේ මන්ත්‍රිවරුන්ගේ ඡන්ද ලබාගැනීම අනිවාර්ය විය. මෛත්‍රිපාල ශ්‍රී ල නි ප සභාපති ලෙස මැදිහත් වී ඒ ඡන්ද ලබාදුන්නේ ය. ඔහු විස්ස පෙන්නා දෙන්නම් කාසිවලට දහනවය සම්මත කරවා ගත්තේ ය. ශ්‍රි ල නි ප හා සංධානය විස්ස බලාපොරොත්තු විය. ඒ සමග ඔවුහු රනිල්ට විරුද්ධ ව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට සූදානම් වූහ.

පසුගිය දා මෛත්‍රිපාල සංධාන නායකයන්ට කියා ඇත්තේ විස්ස සම්මත කරගැනීමට නම් විශ්වාසභංග යෝජනාව අත්හරින ලෙස ය. සංධානය ඒ පිළිගැනීමට ඇති ඉඩකඩ ඉතා අධික ය. විශ්වාසභංගයේ හුළං ඇරීම අද මෛත්‍රිපාල ලවා බටහිරයන් අනුගමනය කරන ප්‍රතිපත්තිය වෙයි. එයින් කියැවෙන්නේ එ ජා පක්‍ෂය විස්ස සම්මත කරගැනීමට සහාය දෙන බව ද? කිසිසේත් ම නැත. එ ජා පක්‍ෂයට විස්ස අවශ්‍ය නො වේ. ඔවුහු ඒ බව කෙළින් නො කියති. ඔවුන් කියන්නේ ඒ පිළිබඳ සුළු පක්‍ෂවල එකඟත්වයක් නැති බව ය.

සංධානය මේ පිළිබඳ ව මුස්ලිම් කොංග්‍රසය විවේචනය කිරීම වැඩකට නැති ක්‍රියාවකි. සංධානය මේ ක්‍රියාවලිය නිශ්චිත ව ම නැතිවුවත් දළ වශයෙන් දැන සිටිය යුතු විය. මුස්ලිම් කොංග්‍රසය නොවන්නට එ ජා ප වෙනත් පක්‍ෂයක් යොදාගනු ඇත. සංධානය විස්ස බලාගෙන දහනවයට ඡන්දය දුන්නේ ය. දැන් විස්ස බලාගෙන රනිල්ට විරුද්ධ විශ්වාසභංගය අකුළාගැනීමට සැරසෙයි. නිමල් සිරිපාල කිසිවක් නොදත්තකුගේ භූමිකාව රඟපායි. ඔහු මෛත්‍රිපාලගේ විපක්‍ෂ නායක ය. සද්ධාචමල් ද විපක්‍ෂ නායක කවුද යන්න පිළිබඳ තීරණයක් ගැනීම දිනෙන් දින කල්දමයි. මේ සියල්ල සුළුතර ආණ්ඩුව ආරක්‍ෂා කරගැනීම සඳහා ය.

මෛත්‍රිපාල තම කාර්යභාරය මැනවින් ඉටුකරයි. ඔහු ආණ්ඩුවට අවශ්‍ය මන්ත්‍රීන් සැපයීමේ කොන්ත්‍රාත්තුව කාර්යක්‍ෂම ව කරගෙන යයි. අද (මැයි 29 වැනි දා) මෛත්‍රි කණ්ඩායමේ පස් දෙනකුට ඇමති උසස්වීම් දුන්නේ ද ඒ කොන්ත්‍රාත්තුව ඉටුකිරීමට ය. මෛත්‍රිපාල කිසි දිනෙක මහින්ද අගමැති අපේක්‍ෂක ලෙස නම් නොකරනු ඇත. අද ආණ්ඩුව වැට්ටවීමට නම් මහින්ද මෛත්‍රි කණ්ඩායමෙන් යම් පිරිසක් දිනාගත යුතු ය. ඒ සඳහා සංධානය මෙහෙයවීම තවදුරටත් පමා කළ නො හැකි ය.

නලින් ද සිල්වා
-කාලය
2015 මැයි 29a

, ,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

0 comments :

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions