5/07/2015

ජනාධීපති, අගමැති සහ ‘කුණු පණුවා’

කතෘ:යුතුකම     5/07/2015   3 comments


මේ ඡායාරූපය ලාංකික පාදඩ දේශපාලනයේ හෙවත් සුපිරි ලුම්පන් පන්තියේ (super lumpen class) ඉතා තීරණාත්මක ඡායාරූපයක් ලෙස සදහන් කළ හැකි ය. 

එක්සත් ජාතික පක්ෂයේ ත්‍රාඩ දේශපාලනය විසින් මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ට, කාණුවේ දමා පහර දුන් බව මෙරට සංස්කෘතික ක්ෂේත්‍රයේ ඉතා ප්‍රචලිත ය. ඒ ත්‍රාඩ දේශපාලනයේ බල කණුව ලෙස සැලකෙන JR වරක් සාහිත්‍ය උත්සවයකදී 'සාහිත්‍යය කන්න ද?' කියා ඇසූ බවත් අපට මතක ය. ඉන්පසු ඔවුන් කළේ 'සාජන්ට් නල්ලතම්බි' නාට්‍යය රග දැක් වූ නිහාල් සිල්වාට රාජ්‍ය ගෞරව ලබා දීම ය.

ලාංකික සංගීත ක්ෂේත්‍රයට ඉමහත් මෙහෙයක් ඉෂ්ට සිද්ධ කළ ඔස්ටින් මුණසිංහ ගේ හිසට පිස්තෝලය තබා තර්ජනය කරන්නට තරම් දේශපාලන උද්දච්චකමක් ද ඇති ව තිබුණු නිහාල් සිල්වාට, හමුදා මුරපොළක දී හිසට වෙඩි තබා ඝාතනය කෙරුණු අතර, එක්සත් ජාතික පක්ෂය විසින් ඔහු ගේ අාදාහනය සිදු කරන ලද්දේ, ජාතික වශයෙන් සම්භාවනාවට පාත්‍ර වූ සම්භාවනීයයන් ආදාහනය කෙරෙන නිදහස් චත්‍රරස්‍ර භූමියේ ය.

එය අනෙකක් නො ව, මෙරට සුභාවිත කලාවට එරෙහි ව සිදු කරන ලද එක්සත් ජාතික පක්ෂ සංහාරයේ තවත් එක් දිගුවක් පමණි.

මෙලෙස බොහෝ වැර වෑයෙමෙන් ගොඩ නගන ලද, සුපිරි ලුම්පන් සමාජ ධාරාව, එයින් පසු දශක ‍දෙක තුනක් පමණ ගත වන වි‍ට ගොඩ නැගුණේ, සාහිත්‍ය-සංස්කෘතික ක්ෂේත්‍රයේ ඇතැමුන් බලාපොරොත්තු නො වුණු ආකාරයට ය.

ඒ අනුව මර්වින් සිල්වා, වැන්නකුට ආචාර්ය උපාධියක් ලබා දෙන තත්ත්වයට පාදඩ දේශපාලනය උත්සන්න වන විට, ඊට සරිලන චරිත, සංස්කෘතික ‍ක්ෂේත්‍රයෙන් මතු විණි.

මෙලෙස, ජනාධිපති සහ අගමැති සමග එකට සිටින්නේ එහි ප්‍රමුඛ පාදඩයෙකි.

මහාචාර්ය සරච්චන්ද්‍රයන්‍ට කාණුවේ දමා බැට දුන් එක්සත් ජාතික පක්ෂය අපේක්ෂා කළ සුපිරි ලුම්පන් පන්තිය ගොඩ නැගීම උදෙස‍ා කටයුතු කළ සිංහල සක්විතියා යනු, මහාචාර්ය සරච්චන්ද්‍රයන් ගේ පොත් හොරා කෑ චෞරයකු ලෙස කුප්‍රකට ය.

දැන්, ධාරා දෙක එකට මුණ ගැසී තිබේ.

එක් පැත්තක සුපිරි ලුම්පන් පන්තියේ දේශපාලනය නියෝජනය කරන රනිල් වික්‍රමසිංහ ය. අනෙක් පස, සුපිරි ලුම්පන් පන්තියේ කලාව නියෝජනය කරන සිංහල සක්විතියා ය.

පසුපසින් රටේ ජනාධිපතිවරයා ය.

පසුගිය ජනාධිපතිවරණයේදී, මෛත්‍රී ජනාධිපතිවරයා බලයට පැමිණවීම සදහා 'පුරවැසි පෙරමුණ' නමින් සමාජ කණ්ඩායමක් කටයුතු කළ අතර, එහි එක් ප්‍රධාන චරිතයක් ලෙස සිංහල සක්විතියා ද කැපී පෙනිණි. එකී කණ්ඩායමේ තවත් ප්‍රධාන චරිතයක් වූයේ ජිප්සීස් කණ්ඩායමේ සුනිල් පෙරේරා ය. සුනිල් පෙරේරා යනු, 80-90 දශකයේදී, 'ඔජායේ සංස්කෘතිය' නමින් සමාජ ධාරවක් ගොඩ නගන්නට ගොස්, එකල විකල්ප ධාරාවෙන් ද, ප්‍රධාන මාධ්‍යවලින් ඇති පමණට බැට කෑ පුද්ගලයෙකි. දැන් ඔහුත් සුපිරි ලුම්පන් විසංස්කෘතියේ බල කණුවකි. ඒ 'පුරවැසි පෙරමුණේ' එකල 'ඔජායේ සංස්කෘතියට' එරෙහි ව ඇට්ට් හැලෙන්නට දුන් අශෝක හදගම ද සිටී.

JR ගේ 'සාහිත්‍ය කන්න ද?' ප්‍රශ්නය මෙවර ජනාධිපතිවරණයේදී 'පුරවැසි පෙරමුණේ' ගාමිණී වියන්ගොඩ විසින් ‍ඓතිහාසික ව නිවැරැදි කෙරිණි. ඔහු ගේ විග්‍රහය වූයේ, JR එදා ඇසුවේ ඉතා වටිනා දාර්ශනික ප්‍රශ්නයක් බවත්, එනම් 'පොදු ජනයාට දිරවා ගත හැකි සාහිත්‍යයක් අවශ්‍ය ය' යන්න බවත් ය.

සිංහල සක්විතියා ගේ සුපිරි ලුම්පන් කලාව පිළිබද ව විග්‍රහයක යෙදෙන ඩබ්.ඒ.විජේවර්ධන පවසන්නේ ‘සිංහල සක්විතියා යනු, පණුවා ගේ දෘෂ්ඨිකෝණයෙන් (worm’s eye ) දකින්නකු වන බව ය. ඔහුට අනුව සිංහල සක්විතියා, කොළඹ ඉංග්‍රීසි කතා කරන මධ්‍යම පන්තිය ද හදුනා ගත යුතු චරිතයක් බවට පත් ව තිබේ. ඒ සදහා විජේවර්ධන, ඉංග්‍රීසියෙන් පොතක් පළ කර තිබේ. එයින් පැහැදිලි වන්නේ මෙයට දශක ගණනකට පෙර, කොළඹ සමාජය ලෙස උජාරුවෙන් සදහන් කරන ලද, කොළඹ කුල්ටූර් සමාජයට සිදු ව තිබෙන නස්පැත්තිය ය.

විජේවර්ධන මෙහිලා මතු කරන ‘පණුවා ගේ’ රූපකය කවර විඥානයකින් පහළ වන්නක් දැයි අවසාන වශයෙන් සදහන් කළ යුතු ය. ඔහුට අවශ්‍ය නම් මේ යෙදුම ‘කුහුඹුවා ගේ දෘෂ්ඨීකෝණය’ (ant’s view) යනුවෙන් ද ඉදිරිපත් කරන්නට තිබිණි. එසේ නො කර ‘පණුවා’ මතක් වීම, වඩා දේශපාලනික ය.

සිංහල සක්විතියා මතු වන්නේ, එක්සත් ජාතික පක්ෂය විසින් පහර දෙනු ලබන විට මහාචාර්ය එදිරීවීර සරච්චන්ද්‍රයන් වැටුණු, කුණු කාණුවෙනි. අද ජනාධිපති සහ අගමැති එකට සිටින්නේ ඒ ‘කුණු පණුවා’ සමග ය.

- කුමාර ලියනගේ
යුතුකම සංවාද කවය
www.yuthukama.com 

--------------------------------------------- 
"නිවැරදිව හරවත්ව කියවන්න අපගේ ෆේස්බුක් පිටුව සමඟ එක්වන්න.
https://www.facebook.com/yuthukama
ෆේබුක් පිටුවට Like  කර එකතු වන්න "
---------------------------------------------  

, ,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

3 comments :

  1. අනේ අදවත් අපිට සපෝට් එකට කොමෙන්ට් එකක් වැටියන්කෝ. මේ අපේ සපෝටර්ලා කියන කුණු පණුවෝ එකෙක්වත් එන්නේ නැහැනේ කොමෙන්ට් දාන්න. අපිත් එක අතකට කුණු පණුවෝ ජාතියක් නේද? මරා එක්කම අපිත් කුණු කාණුවට වැටුනනේ ජනවාරි 8 වෙනිදා. බළනකොට අපිත් ඉන්නේ කුණු කාණුවේම තමා. මරා තමයි ලොකුම කුණු පනුවා.

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත ගොනෝ උඹ කියන දේ නම් මොකඩා උඹල කුණු පණුවොම තමයි. මොකද අපිට වගේ ජාතියක්, ජම්මයක්, ආගමක්, රටක්, නිවහල් අදහසක්, අදීන මතවාදයක් උඹල වගෙ කුණු පනුවන්ට නෑ නේන්නම්. හික්... හික් හික් හික්.. උඹල වගෙ පිම්පි අදහස් දරණ පිම්පියො ඉතින් ජාතක වෙලා තියෙන්නෙ එක්කො අම්මන්ඩි අවලමේ ගිහින් නැත්නම් සෙල්ලමට ගහපු වෙලාවකනෙ. හික් හික් හික්...

      Delete
  2. විමලසේන5/07/2015 11:06 PM

    සන්නාගේ හොරකම් ගැන සෙවීමට වෙනම කමිටුවක් පත් කළ යුතුය. අනුන්ගේ පොත් හොරකම් කරලා ගහපු පොත් කීයක් ඔතන තියෙනවද?

    ReplyDelete

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions