5/06/2015

විල්පත්තුව අඬ ගසයි

කතෘ:යුතුකම     5/06/2015   No comments

විල්පත්තු රක්‍ෂිතය පිලිබඳ මේ දිනවල උණුසුම් පුවත් මැවෙමින් තිබේ. එහෙත් මේ පිළිබඳ රජයේ හෝ විපක්‍ෂයේ දේශාපාලකයින් හෝ නිලධාරීන් කිිසිදු ප්‍රකාශයක් නිකුත් කර නැත. කෙසේ වෙතත්, පැන නැගී තිබෙන තත්වය සත්‍ය බව මේ පිළිබඳ අපට ලැබෙන ආරංචිවලින් තහවුරු වේ. එහෙත්, පවතින තත්වය හමුවේ මේවා පිළිබඳ කතා කිරීම දෙයාකාරයකට කෙනෙකුට අර්ථ දැක්වීය හැකි ය. එකක් අප ජාතිවාදය අවුස්සන බව කියන්මින් ය. අනෙක 'මරාගේ වහලුන්' ආණ්ඩුව විවේචනය කරන බව පවසමින් ය. ඊට හේතුව මෙම ගැටළුව මුස්ලිම් ජාතික ඇමතිවරයෙකුගේ ආශිර්වාදය මත සිදුවන දෙයක් ලෙස සැලකෙන හෙයිනි. එය එසේ වූව ද අපි ඊට බිය නොවෙමු.

කිව යුත්ත කිව යුතු ය. කළ යුත්ත කල යුතු ය. මේ අප සැමගේ රට ය. ජාතිය හා ආගම වැදගත් නොවේ. වන විනාශය හා ඒ හරහා රටට අහිමි කරන ජාතික වන සම්පතට ජාති හා ආගම් සීමා නැත. මතුවන විපාක සියළු සීමාවලින් එහා ගොස් අප සැමට විඳින්නට සිදුවන බවට සාක්‍ෂි ද අවශ්‍ය නැත. පොර්ටි සිටි වැනි ව්‍යාපෘති වෙනුවෙන් දිවා රැ වෙහෙසුන පරිසර සංවිධාන හා පැයකට වරක් පුවත් ගෙනා රුපවාහිනි චැනල දැන් නිහඬ ඇයි? මේ දේශපාලන කුහකත්වය දරාගත නොහැකි තැනකට රැගෙන නොයා යුතු ය. නැගී ඇති තත්වය පිළිබඳ සොයා බලා වත්මන් රජය විසින් වහාම ප්‍රකාශයක් කළ යුතු ය.

-මහින්ද පතිරණ
යුතුකම සංවාද කවය
www.yuthukama.com 

--------------------------------------------- 
"නිවැරදිව හරවත්ව කියවන්න අපගේ ෆේස්බුක් පිටුව සමඟ එක්වන්න.
https://www.facebook.com/yuthukama
ෆේබුක් පිටුවට Like  කර එකතු වන්න "
---------------------------------------------  

, ,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

0 comments :

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

කිණිහිරය

හීන් සැරය

කෙටි සටහන්

මාධ්‍ය ගබඩාව

ප්‍රවර්ග

1505 2015 BBS NGO Theory අනගාරික ධර්මපාල අනුර කුමාර අමරසේකර ආචාර්ය දයාන් ජයතිලක ආමන්ඩ් ද සූසා ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී එජාප කවි කවි විචාර කාලය කෙටි කතා ගම්මන්පිල ගැමුණු චම්පික චිත්‍රපට විචාර චින්තනය ජනපතිවරණය ජනාධිපතිවරණය ජයග්‍රහණය ජවිපෙ ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දහතුන දේශපාලන නසරිස්‌තානය නිදහස නෝනිස් පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා බම්බුව බලු කතා බුදු දහම බෙංගමුවේ නාලක බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මරක්කල මහ නාහිමි මහින්ද මහින්ද රනිල් මානව හිමිකම් මුස්‌ලිම් මෛත්‍රිපාල යටත්විජිතකරණය රණ විරුවා රනිල් වික්‍රමසිංහ රන් කරඬුව රාජතාන්ත්‍රික රාජපක්‍ෂ ලේකම් වහාබ් විජේවීර විධායක බලය විමුක්ති වනිගසේකර වෙනස සැපද සංගීතය සජින් සමාජ විචාර සරච්චන්ද්‍ර සාහිත්‍ය හා විචාර සිංහල සිංහල බුද්ධාගම සීපා ස්වර්ණ පුස්තක හෙළ උරුමය

පාඨක අදහස්

© 2014 www.yuthukama.com