5/13/2015

අධිරාජ්‍යවාදීන්ගේ වහලාගේ කාර්ය ඉටුකරමින්

කතෘ:යුතුකම     5/13/2015   No comments

පසුගිය 11 වනදා විසිවන ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ පක්ෂ නායක හමුවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වුනි.

එහිදී ඉතා කැපී පෙනෙන සිද්ධියක් වී ඇත්තේ අනුර කුමාරට දෙමළ සන්ධානය වෙනුවෙන් සෑදී තිබුනු ළදරු වළිප්පුවය. දෙමළ සන්ධානයට විසිවන සංශෝධනයෙන් පසු ආසන සංඛ්‍යාව අඩු වේ යන අනියත බියකින් අනුර කුමාර පෙළී ඇත. ඒ පිළිබද දෙමළ සන්ධානය වෙනුවෙන් දැඩිව පෙනී සිටි ඔහු දෙමළ සන්ධානය වෙනුවෙන් එයට සහභාගී වූ සම්බන්ධන්ට නැති උනන්දුවක් දෙමළ සන්ධානය වෙනුවෙන් පෙන්වීම එම රැස්වීමට සහභාගී වූ අනෙක් පක්ෂ නායකයින්ද පුදුමයට පත් කරන්නක් වී ඇත. (නමුත් ඉන්දියාවෙන් සරණාගතයින් ගෙනෙන නිසා දෙමළ සන්ධානයේ ආසන සංඛ්‍යාව තවත් වැඩි වන බව මැතිවරණ කොමසාරිස්වරයා පැහැදිළි කර ඇත.)

කුමක්ද මේ උනන්දුව?

අනුර කුමාරට මෙම දෙමළ ජාතිවාදීන්ට සේවය කිරීමට වුවමනා වන්නේ අද ඊයේ පටන් නොවේ. ඔහු දිගින් දිගටම පක්ෂයේ දිශානතිය අංශක 180 කින් ජාතිකවාදී ස්ථාවරයක සිට එන් ජී ඕ ස්ථාවරයකට වෙනස්  කිරීමට වෙර දරන ලද්දෙකි. ඔහුගේ ඒ උත්සාහය සාර්ථක වී දැන් වසර කිහිපයක් ගත වී ඇතත් මෙරට බොහෝ දෙනෙකු හරි හැටි ජවිපෙ වෙස් පෙරළිය හදුනාගෙන නැත.

වසර 2000 සිට 2007 දක්වා පමණ ජාතිකවාදී ස්ථාවරයක් පෙන්නුම් කරමින් ජාතික නිදහස් අරගලය ඔස්සේ සමාජවාදයට යන තේමාව යටතේ ජවිපෙ ජාතියට විශාල ජයග්‍රහණයන් ප්‍රමාණයක් අත්කරදෙයි. 2003 දී රනිල්ගේ රට බෙදන ආණ්ඩුව ගෙදර යැවීම සඳහා තීරණාත්මක කාර්යයක් ජවිපෙ ඉටු කරයි. 2004 මහ මැතිවරණයේදි ජවිපෙ ආසන 41ක් දිනා ගනියි. චන්ද්‍රිකා විසින් උතුරට ස්වයං පාලනයක් ලැබෙන ලෙස පිහිටුවන්නට ගිය සුනාමි සහන මණ්ඩලය ව්‍යවස්ථාවට පටහැණි යයි අධිකරණ නියෝගයක් ලබා ගන්නට ජවිපෙ සමත් වේ. 2006 දී උතුරු නැගෙනහිර දෙපළාත් ඒකාබද්ධ කිරීමට එරෙහිව උසාවියට ගොස් එය ජයග්‍රහණය කරයි.

2007 දී නැගෙනහිර යුද්ධය ඉතා තීරණාත්මක සන්ධිස්ථානයක පැවති අවස්ථාවක යෙදුනු අයවැයක් පරාජය කර රජය පෙරලා දමන්නට අනුරලා උත්සාහ දැරීය. අනුර කුමාරලාගේ සිතැඟි ඉටු වෙතැයි ගණන් බලා තිබූ අනුර බණ්ඩාරනායක ආණ්ඩු පක්ෂයෙන් ඉවත්ව විපක්ෂයේ අසුන් ගත්තේය. එදා අනුරලාගේ ඒ උත්සාහ සාර්ථක වුනි නම් අද ඊළාම් රටේ ජනපති ප්‍රභාකරන්ය. අනුරලාගේ ඒ දේශද්ද්‍රෝහි උත්සාහය පරාජය කරනු ලැබුයේ එවක ජවිපෙ පාර්ලිමේන්තු කණ්ඩායම් නායක වූ විමල්ය.  ඉහත කී සියළු ජයග්‍රහණයන් පිටුපස වඩාත් ජව සම්පන්නව සිටි පුද්ගලයකු වූයේ විමල් වීරවංශය.

ඉන් පසු විමල් පක්ෂයෙන් එළවා දැමීම සඳහා ප්‍රධාන කාර්යයක් ඉටු කරන ලද්දේ අනුර කුමාර බව එවක විමල් පැවසීය. විමල් ජවිපෙන් එලවා දැමීම අනුරලාගේ හුදු පුද්ගල විරෝධයක් පමණක් නොව. එය මතවාදී ලෙස ජවිපෙ රට තුළ ඉටු කළ භූමිකාවෙන් ජාතිකත්වය පන්නා දැමීමක් විය.  ජවිපෙ ශබ්ද කෝෂයෙන් සියළුම ජාතිකවාදී වදන් ගලවා දමන්නට විමල් එළවා දැමීමත් සමඟම අනුරලා සමත් විය. අනුර කුමාරට පන්සිල් මෙන්ම රටේ ඒකීයභාවය ද තහනම් වචනයකි. ඒ වෙනුවට බටහිර සහ ඇමරිකානු අධිරාජ්‍යවාදීන් විසින් ලෝ පුරා රටවල් මරු කතරවල් බවට පත් කරන්නට යොදා ගන්නා වචන ජවිපෙ පාරිභාෂිත ශබ්දකෝෂයේ ඉහළින්ම තබන්නට අනුරලා සමත් විය. දූෂිත ඒකාධිපති රෙජීමය, ප්‍රජාතන්ත්‍රවාදය, නිදහස යනාදි වචන ඉරාකයේ, ලිබියාවේ, ඊජිප්තුවේ, මෙන්ම සිරියාවේද ඉහළින්ම භාවිත වූ වචනමය.

අනුර කුමාරලා අද සම්බන්ධන්ලා වෙනුවෙන් පෙනී සිටිනවා සේම එදා ප්‍රභාකරන් වෙනුවෙන්ද පෙනී සිටියේය. 2007 අයවැය පරදවා රජය පෙරලා දමන්නට ගත් වෑයම එහි උච්ඡතම අවස්ථාවයි. එදා විමල්ලා විසින් ජවිපෙ වෙත ලබා දුන් දේශහිතෛශී ප්‍රතිරූපය අද අනුරලාගේ එන් ජී ඕ භූමිකාව සැඟවීමට සෙවණැල්ලක් වී ඇත. ප්‍රභාකරන් විනාශ කිරීම වළකන්නට කුමන්ත්‍රණ කළ අනුරලා, ප්‍රභාකරන් විනාශ කළ මහින්ද පරදවන්නටද 2010 දී පොදු අපේක්ෂකයකු සොයා ගත්තේය. 2015 දී මුසාවාද පතුරවමින් මහින්ද රාජපක්ෂ ඒකාධිපතියෙකු, දූෂිතයෙකු යයි හංවඬු ගැසීය.

මහින්ද රජය පෙරළිමේ ඉන්දියානු රෝ ඔත්තු කරුවන්ගේ භූමිකාව මාධ්‍යට නිරාවෘත්ත විය. ඉන්දියාවට පැමිණි බරැක් ඔබාමා ලංකාවේ වෙනසක් ඇති කරවීමෙහිලා ඉන්දියානු භූමිකාවට සිය ස්තුතිය ප්‍රසිද්ධියේම පුද කරන්නට තරම කෘතඥපූර්වක විය. ඈමරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී ලංකාවේ වෙනස ඇති කළේ තමන් බව පැවසීමට තරම් අවංක විය. එකිනෙකට වෙනස් කොටස් එකතු කරමින් රජයක් පෙරලා දමන්නෙ කෙසේද යන්න පිලිබද ශ්‍රී ලංකාවෙ ඇති කළ වෙනස හොඳ මොඩලයක් යැයි අප ගැන අපටත් වඩා කවදත් උනන්දු එරික් සෝල්හයිම් පැවසීය.

ජවිපෙ මෙරට ඉතා තීරණාත්මක පක්ෂයක් බවට පත් වෙමින් තිබියදී එය ජාතිකත්වය දෙසට සාර්ථක ලෙස පිය මනිමින් සිටියදී, පක්ෂය ජයග්‍රහණය කරමින් සිටියදී, පක්ෂය අංශක 180 කින් හරවා එම පක්ෂයම ජාතිකත්වයට එරෙහි ආස්ථානයක් දක්වා ගෙන යමින් අනුර කුමාරලා රනිල් සහෝදරයා අගමැති කරන්නට වෙහෙසෙන්නේ අද ඊයේ සිට නොවේ. රනිල්ට බලය ලබා දී ඔහු ලව්වා රට බෙදීම විජාතික බලවේගයන්ගේ අභිලාෂයයි. අනුරලා කොන්දේසි විරහිතව අධිරාජ්‍යවාදීන්ගේ වුවමනා වෙනුවෙන් පෙනී සිටිත්. එය ඔහුට පැවරුණු භූමිකාවකි. සම්බන්ධන්ලාගේ ආසන අඩුවීම ගැන සම්බන්ධට වඩා ගැටළුවක්, බියක් අනුරට ඇති වන්නේ එබැවිනි.

13 වන ව්‍යවස්ථා සංශෝධනයට මඟ පෑදූ ඉන්දු ලංකා ගිවිසුමට එරෙහි වෙමින් ජවිපෙ තරුණයින් දස දහස් ගණනක් මිය ගියේය. මෝඩි පැමිණ අපට 13න් එහාට යන්න යැයි කීය. කෙරීද එවැනිම අදහසක් ඉදිරිපත් කළේය. නමුත් මේ අපූරු ජවිපෙ වත්මන් නායකයාට කෙරීට හෝ මෝඩිට හෝ එරෙහිව කටින් කෙළ බිදක් හෙළීමට තහනම්ය. නමුත් එම අධිරාජ්‍යවාදීන්ට යටත් නොවූ මිනිසුන් හිර කර දැමීමට අද අනුරලා රනිල්ලා එකට දත කති. රනිල් සහෝදරයා මෙන්ම අනුර සහෝදරයාද අධිරාජ්‍යවාදීන්ගේ වහලුන්ය.

-ජනිත් සෙනෙවිරත්න
යුතුකම සංවාද කවය
www.yuthukama.com 

--------------------------------------------- 
"නිවැරදිව හරවත්ව කියවන්න අපගේ ෆේස්බුක් පිටුව සමඟ එක්වන්න.
https://www.facebook.com/yuthukama
ෆේබුක් පිටුවට Like  කර එකතු වන්න "
---------------------------------------------  

, ,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

0 comments :

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions