5/19/2015

සාම්පුර් පාවාදීම යනු දිනූ දේශය පාවාදීමයි

කතෘ:යුතුකම     5/19/2015   1 comment

සාම්පූර් ප‍්‍රදේශයේ යළි පදිංචි කිරීම් මඟින් ති‍්‍රකුණාමල වරායේ ආරඏාවට කිසිම තර්ජනයක් එල්ල නොවන බවත් මෙම මතය ඇතැම් පිරිස් විසින් පටු දේශපාලන වාසි ලබා ගැනීමෙි අරමුණෙන් පතුරවා හරිනු ලබන්නක් බවත් නැගෙනහිර පළාතේ ආණ්ඩුකාරවරයා වූ ජනාධිපති උපදේශක ඔස්ටින් ප‍්‍රනාන්දු මහතා විසින් ප‍්‍රකාශ කර තිබෙනු දුටුවෙමි. එපමණක් නොව සාම්පූර් ප‍්‍රදේශය අවුරුදු ගණනාවක් තිස්සේ කොටි ත‍්‍රස්තවාදීන්ගේ පාලනයට නතුව පැවතුනු බවත් 2006 දී හමුදාවන් විසින් මෙම පදේශය මුදවා ගන්නා ලද බවත් ත‍්‍රස්තවාදීන් විසින් මෙම ස්ථානයේ දුර විහිදුම් අවි ස්ථානගත කර තිබුනු බවත් ප‍්‍රකාශ කර තිබුනි.

රටෙි ආරඏාව හා විදේශ සම්බන්ධතා සම්බන්ධයෙන් සළකා බලන කළ මෙම කලාපයේ පිහිටි විශාලතම ස්වභාවික වරාය වූ ති‍්‍රකුණාමල වරායේ ඇති වැදගත් කම තේරුම් කර දීමට අටුවා ටීකා අවශ්‍ය වෙතැයි නොසිතමි. මෙම තත්වය අතීතයටත් අනාගතයටත් වර්තමානයටත් එක සේ බලපායි. අධිරාජ්‍යවාදී යුගය තුළ යුරෝපීය රටවල බල අරගලය තුළ ති‍්‍රකුණාමල වරාය තීරණාත්මක සාධකයක් වූ අයුරු ද දෙවන ලෝක සංග‍්‍රාම සමයේ දී එය කලාපයේ ආරඏාව පිළිබඳ මර්මස්ථානයක් බවට පත් වූ අයරු ද සළකා බලන කල මෙම තත්වය පැහැදිලි වෙයි. එමෙන් ම කලාපය තුළ සිය ආධිපත්‍යය රැුක ගැනීමට උනන්දු වූ ඉංගිරීසින් මෙරට අත් හැර ගියේ තිරිකුණාමල වරාය සම්බන්ධයෙන් සිය අයිතිය අත නොහැර ය. අවසන් වූ ඊළම් යුද්ධයේ දී ති‍්‍රකුණාමලය ආරඏා කර ගැනීමෙි ඇති වැදගත්කම ගැන හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතා සිය අධිෂ්ටානය නමි කෘතියෙහි කදිම චිග‍්‍රහයක් ඉදිරිපත් කරයි.

යුද්ධය කි‍්‍රයාත්මක වෙමින් පැවැති සමයේ දී යාපනයේ වැසියනට මෙන් ම හමුදාවට ද ආහාර පාන හා අනෙකුත් අවශ්‍ය දේ සපයන ලද්දේ ති‍්‍රකුණාමල වරායෙනි. එපමණක් ද නොව එම යුගයේ දී රණ විරුවන්ට යාපන අර්ධද්වීපය හා කොළඹ අතර ප‍්‍රවාහන පහසුකම් සපයා දෙන ලද්දේ ද එම වරාය හරහා ය. ඊට අමතරව තිරිකුණාමල වරාය නාවුක හමුදාව සතු වූ විශාලතම කඳවුර මෙන් ම පුහුණු මධ්‍යසථානය ද වී ය.

කරන්නාගොඩ මහතා සඳහන් කරන අයුරු රනිල් ප‍්‍රභා සාම ගිචිසුම කි‍්‍රයාත්මක වෙමින් තිබුනු වකවානුව තුළදි තිරිකුණාමල වරාය ආශි‍්‍රත ප‍්‍රදේශයේ ආරඏක තත්වය දැඩි අවදානමකට ලක් වෙමින් පැවතිනි. මෙම සුළු කාලය තුල වරායට දකුණු දෙසින් පිහිටි සාම්පූර් ඉලංකන්තෙයි මුතූර් ආදී ප‍්‍රදේශ වල අළුතින් කොටි කඳවුරු 13 ඉදිකර තිබුනි. මෙසේ අළුතෙන් කඳවුරු ඉදිකිරීම සාම ගිචිසුමට සම්පූර්ණයෙන් ම පටහැනි වුව ද එවකට පැවැති රනිල් වික‍්‍රමසිංහ මහතා ගේ රජය මෙි තත්වය පිළිබඳව කරණ ලද දැනුම් දිම් ගණන් නොගත්තා පමණක් නොව මෙි පිළිබඳව උනන්දුවක් දැක් වූ හමුදා නිළධාරීන් අපහසුවට ලක්වන අයුරින් ද කි‍්‍රයා කළේ ය. එවකට නැගෙනහිර පළාතේ නාවුක ආඥාපති වු අද්මිරාල් කරන්නාගොඩ මහතා තම අධිෂ්ටානය නම් වූ කෘතියේ සඳහන් කරන අයුරු තිරිකුණාමල වරාය මුහුණ දෙමින් තිබුනු අනාරඏිත තත්වය පිළිබඳව තමා විසින් පස් වතාවක් ම වගකිව යුත්තන්ට පෙන්වා දුන් බව ද ඒ නිසා ම ඔහු අනිකුත් නිළධාරීන් ඉදිරියේදී ම එවකට අග‍්‍රමාත්‍යවරයා වූ රනිල් වික‍්‍රමසිංහගේ මහතා ගේ නොහික්මුණු සමචිචලයට ලක් වී ය. අවාසනාවකට මෙන් අද සාම්පූර් ප‍්‍රදේශයේ හමුදා කඳවුරු ඉවත් කිරීම හා නැවත පදිංචි කිරීම මඟින් රටෙි ආරඏාවට කිසිම තර්ජනයක් නැතැ යි පවසන්නේ එවකට පැවැති රජයේ ආරඏක ලේකම් වරයා වූ වර්තමානයේ නැගෙනහිර පළාතේ ආණ්ඩුකාරවරයා වූ ඔස්ටින් ප‍්‍රනාන්දු මහතා ය. අද ද අගමැති කම් කරන්නේ එදා අගමැති කම් කළ වික‍්‍රමසිංහ මහතා ම ය. මෙම කිි‍්‍රයාවලිය මඟින් ති‍්‍රකුණාමලයේ හෝ රටෙි ආරඏාව සම්බන්ධයෙන් කිසිම තර්ජනයක් එල්ල නොවනු ඇත යන ඔස්ටින් ප‍්‍රනාන්දු මහතාගේ ප‍්‍රකාශය පිළිගැනීමට පෙර ඔහු මෙරට ආරඏක ලේකම් වශයෙන් සිටි කාලයේ දී ඔහුගේ කි‍්‍රයා කලාපය පිළිබඳව බුද්ධිමත් දේශපේ‍්‍රමී පාඨකයාගේ අවධානය යොමු කරවීමට කැමැත්තෙමි.

මෙි කාලය තුළ වන විට එල් ටී ය මුහුදු කොටි හමුදාව සංවිධානය කරමින් සිටි අතර නාවික හමුදාව මඟින් වරින් වර අත් අඩංගුවට ගන්නා ලද එල් ටී ටී ඊ මුහුදු යාත‍්‍රාවන් ඒ තුළ වූ අවි ආයුධ මෙන් ම පුපුරන ද්‍රව්‍යයන් ද ආරඏක ලේකම් ගේ අණ පරිදි නිදහස් කිරීමට සිදු විය.

2003 ජුනි 13 වැනි දින එල් ටී ටී ඊ සංවිධානයට අයත් සාම ගිවිසුමට විරුද්ධව ආයුධ රැුගෙන ආ නැවක් විනාශ කිරීම පිළිබඳව ලේකම්වරයා නැගෙනහිර පළාතේ නාවුක ආඥාපතිට දොස් නැඟී ය. ජුනි 15 දින ආරඏක ලේකම් වරයා විසින් මෙම සිද්ධියට සම්බන්ධ සියලූම නාවුක යාත‍්‍රා ද ඒවායේ අණදෙන නිළධාරීන් ඇතුළු කාර්ය මණ්ඩල පරීඏා කිරීමට ශී‍්‍ර ලංකා සටන් විරාම කමිටුවෙි නිළධාරීනට පහසුකම් සළසා දෙන මෙන් විශේෂ නියෝගයක් නිකුත් කළේ ය.
නැගෙනහිර පළාතේ නාවුක ආඥාපති විසින් ති‍්‍රකුණාමල වරාය අසබඩ කොටි කි‍්‍රයාකරම් වර්ධනය වීම තුළ ඇති විය හැකි අනාරඏිත තත්වය පිළිබඳව එවකට සේනාධි නායිකාව වූ ජනාධිපතිනිය දැනුවත් කිරීම ලේකම් වරයාගේ දැඩි දෝෂ දර්ශනයට ලක් විය. එමෙන් ම මීට දක්‍ෂුවම් වශයෙන් රජයට අයත් ස්වාධීන රූපවාහිනිය ඔස්සේ අවංක නිළධාරියකු වූ කරන්නාගොඩ මහතාට විරුද්ධව සති තුනක් තිස්සේ සිකුරාදා දිනවල දැඩි අසත්‍ය මඩ ප‍්‍රචාරයක් දියත් කර වී ය. කරන්නාගොඩ මහතා ඉඟි කරන අයුරින් ආරඏක ලේකම් වරයාගේ අනුදැනුම හා ආශීර්වාදය නැතිව රටෙි ආරඏක තත්වය සම්බන්ධයෙන් මෙවන් වූ වැඩ සටහනක් ප‍්‍රචාරය කළ නොහැක. මෙි සම්බන්ධයෙන් සිය කීර්ති නාමය පළුදු වීම පිළබඳව අලාභ ඉල්ලා නඩු මඟට බට වසන්ත කරන්නාගොඩ මහතා ජයග‍්‍රහණය කළ අතර ස්වාධීන රූපවාහිනිය කරන්නාගොඩ මහතාගෙන් ප‍්‍රසිද්ධියේ සමාව ගැනීමෙන් නඩුව සමථයකට පත් විය.නැගෙනහිර ආණ්ඩුකාර ඔස්ටින් ප‍්‍රනාන්¥ මහතාගේ ප‍්‍රකාශයේ ඇති හාස්‍යජනක ම පරස්පරය නම් 2006 වන තුරුම සාම්පූර් ප‍්‍රදේශය කොටි ග‍්‍රහණයේ පැවතුනු බව එතුමා විසින් ම කරණු ලබන ප‍්‍රකාශය යි. එතුමා ප‍්‍රකාශ නොකලේ සාම්පූර් ප‍්‍රදේශය සම්පූර්ණයෙන් ම කොටි ග‍්‍රහණයට නතු වූයේ රනිල් වික‍්‍රමසිංහ අගමැති වශයෙන් ද තමා ආරඏක ලේකම් වශයෙන් ද සිටි කාල වකවානුවෙි දී බව යි.

මා අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතාගේ අධිෂ්ඨානය නැමැති මාහැඟි ග‍්‍රන්ථයෙන් උපුටා ගන්නා ලද ඉහත කොටස් උපුටා දැක්වූයේ නැගෙනහිර පළාතේ වර්තමාන ආණ්ඩුකාරවරයා ආරඏක ලේකම් වශයෙන් සිටි කෙටි කාල සීමාව තුළ දී කොටි ත‍්‍රස්තවාදය ව්‍යාප්ත කිරීමට දායකත්වය දක්වා ඇති ආකාරය පිළිබඳව සුළුවෙන් හෝ පාඨකයාට මතක් කර සිටීමට යි. සාම්පූර් කඳවුර ඉවත් කිරීමෙන් වරායේ හා රටෙි ආරඏාවට කිසි ම තර්ජනයක් එල්ල නොවෙතයි යන එතුමාගේ ප‍්‍රකාශය විශ්වාසනීයත්වයෙන් තොර හිස් අරුත් සුන් ප‍්‍රලාඵයක් බවට පත් වන්නේ ඔහුගේ අතීත කි‍්‍රයා කලාපය සමඟ සසඳා බැලීමෙනි. අද මෙි රටෙි අගමැති කම් කරන්නේ එදා සාම ගිවිසුම් මඟින් කොටි සංවිධානය ශක්තිමත් කළ විජයග‍්‍රහණයෙන් නිම වූ යුද්ධයේ තීරණාත්මක ම අවස්ථා වල දී එම ජයග‍්‍රහණය වැළැක්වීමට මෙහෙයුම් දියත් කළ රනිල් වික‍්‍රමසිංහ මහතා ය. සැමදාම බෙදුම්වාදයට උඩගෙඩි දුන් මොවුන්ගේ කි‍්‍රයා කලාපය පිළබඳව දැඩි විමසිල්ලෙන් පසු වීම මෙරට සියළු ම දේශපේ‍්‍රමී ජන කොටස් වල වගකීම හා යුතුකම ද වෙි. ඉදිරයේ දී අප මුහුණ පානා මහා ඛෙිදවාචකයෙන් ගැලවීමට නම් මෙම විමසිලිමත් බව අත්‍යවශ්‍ය වෙයි. එපමණක් ද නොව අභාග්‍යයකට මෙන් අද ඔස්ටින් ප‍්‍රනාන්දු මහතා ජනාධිපති උපදේශකයෙකු ද වෙයි. එක්තරා ජනාධිපතිවරයෙක් ප‍්‍රකාශ කළ අයුරු ම අද අපට අපේ ආරඏාව අප විසින් ම සළසා ගැනීමට සිදු වී තිබෙි. එ් තව දුරටත් අපව ආරඏා කිරීමට මහින්ද රාජපඏ ගෝඨාභය රාජපඏ වැනි දූරදර්ශී ශූර නායකයින් අපට නැති බැවිනි. ගෝඨාභයලා මහින්දලා නැති මෙි අරාජික යුගය ඉක්මණින් ගෙවී යනු දැකීම මෙරට පොදුජන පැතුම යි. එතෙක් ඔවුන් රැුක දෙන මෙන් අහසේ මෙන්ම පොළොවෙි ද සරනා සියළු දෙවි දේවතාවන්ගෙන් යදිමු.

වෛද්‍ය වසන්ත දේවසිරි
2015 වෙසක් මස 17 වැනි දින
යුතුකම සංවාද කවය
www.yuthukama.com

,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

1 comment :

  1. කාලකන්නි ගවපාලනය​. යහපාලනය නෙවෙයි මුන් ගවපාලනය​.

    ReplyDelete

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions