5/18/2015

තාවකාලිකව රජවුනු විජාතිකත්වය පරදා ජාතික ධජය ළෙලවමු

කතෘ:යුතුකම     5/18/2015   2 comments

1815දී අපව ඉංග්‍රීසීන් විසින් ගිවිසුමක් මාර්ගයෙන් කපටි ලෙස (ඔවුන්ගේ කපටිකම් වලට අපි එදවස සිටම රැවටෙමින් සිටිමු.) යටත් කර ගැනීමෙන් පසුව 1818, 1848 ආදී ලෙසින් විවිධ නිදහස් සටන් ඇතිවිය. ඒ සමහර සටන් ජයග්‍රහණයෙන්ද ඇතැම් ඒවා පරාජයෙන්ද කෙළවර විය. ජයග්‍රහණය කළද පරාජය වුවද ඒ සියල්ලම අධීන වූ නිදහසක් බටහිරින් වියෝවූ ජාතික අනන්‍යතාවයක් ගොඩනගාගැනීමට අප යන අනවරත ගමනේ සංධිස්ථාන වෙයි.

අද අපේ හිසට ඉහලින් සුද්දගේ කඩුව එල්ලා නැත. අසු පිට නැගගත් බූට් දාගත් සුදු සොල්දාදුවන් රටේ ඒ කොන මේ කොන කරක් නොගසයි. එසේ හෙයින් අප දැන් නිදහස් ජාතියක්යැයි සමහරෙක් සිතති. එසේ නැතහොත් එසේ සිතන්නට සුද්දන් අපව පුහුණුකර ඇත. නමුත් මේ විශ්ව ගම්මාන බිහිවන යුගයයි. අප සියල්ලෝම විශ්ව ගම්මානයක සාමාජිකයන් යැයි කියැවෙයි. ලංකාව ඒ විශ්ව ගම්මානයේ පිහිටි ගැමි ගෙදරකි. අගහිඟකම් වළින් ගහන අපි එම ගම්මානයේ කටුමැටි ගෙයක වසන හීන්සැරේ හේනක් කොටාගෙන ජීවත් වන හවසට පහළ වෙළෙන් නාගෙන හාල්මැස්සන් හොද්දක් සමඟ පිට්ටුවක් කා පිළේ බූරු ඇඳක නිදාගන්නා ගැමියෙකුට සමාන වෙමු. පසුගිය දොහක අපේ මිදුලට පය තැබූ කෙරී උන්නාන්සේ අපේ ගම් මුලාදෑනියා වෙයි.
අද අපව පාලනය කරන්නේ ඒ මුලාදෑනියා විසිනි. ඒ තුවක්කුවෙන් නොවේ. ආර්ථික ශක්තිය, ජෝර්ජී මහ රජ්ජුරුවන් සහ එලිසබෙත් මහා රාජිනිය නිර්මාණය කරදී ඇති මානව හිමිකම් ආදී නීති රීතිවල අනුහසිනි. 
අප එහෙවු අසරණ  ජාතියකි. ඒ අසරණකම අපේ ස්වභාය ලෙසින් සිතාගෙන දෙන දෙයක් කා වෙන දෙයක් බලාගෙනද අපට ජීවත් විය හැකිය. ඉල්ලූ දවසට නාඹර කෙළීවද නාවා උගෙ වලවුවට පිටත් කර හැරිය හැකිය. ඇය ගෙන එන උම්බලකඩය පිරිමසාගෙන රහට හොද්දක් කා නිදාගත හැකිය. එය ජාතියක් ලෙස අපට ජීවත් විය හැකි එක් ක්‍රමයකි.  
මැයි 18 දා කරන්නට දෙයක් නැතිකමට පිළ උඩ ඇනතියාගෙන සිටින ඔබට කල්පනාකිරීමට මම ප්‍රශ්නයක් අසමි. ඇෆ්ඝනිස්තානයට ටොන් ගනනක් බෝම්බ දමා රටම පුපුරවා හැරීමේදී මානව හිමිකම් නොරැකි, ඉරාකය සුන්න දූලි කරද්දී මානව හිමිකම් නොරැකි, ලිබියාව අමු සොහොනක් කිරීමේදී මානව හිම්කම් නොරැකි මේ මුලාදෑනියා අපි මානව හිමිකම් රැක්කාදැයි මෙතරම්ම සොයන්නේ ඇයි? නන්දිකඩාල් කලපුව දෙබෑකරමින් වෙල්ලමුල්ලි වයික්කාල්හි සිරවී සිටි ජනයා දිව ආවේ අපේ හමුදාවන් වෙතටයි. අපේ හමුදාව ඔවුන්ට වෙඩි තැබුවේනම් වෙඩිකමින් ඔවුන් අප වෙතටම දිව ඒවිද? කරුණු එසේ තිබියදී ඔවුහු අප පසුපසම එලවන්නේ ඇයි. අපේ ගෙයි ප්‍රශ්නයම හාරා ඇයිස්සීමට මේ කුඩුකේඩු මුලාදෑනියාට පහළවූ සත්ත කරුණාව කුමක්ද?

1933දී ව්‍යවස්ථාදායක සභාවට සුද්දන් විසින් මන්ත්‍රීන් පත් කලේ ජන අනුපාතයට අනුව නොවේ. ප්‍රජාතන්ත්‍ර විරෝධී ලෙසින් ඔවුහු එයට සිංහල සහ දෙමළ
මන්ත්‍රීන්  සමාන ගනනක් පත් කළහ. එලෙසින් ඉන්ංග්‍රීසි උගත් සුපිරි දෙමළ පන්තියට නොසරිලන බලයක් දී ඔවුන්ව ජාතිවාදයක් දෙසට තල්ලු කලේ සුද්දන් විසිනි. දෙමළ නායකයන්ගේ මුල්කාලීන ඉල්ලීමක් වූ අසාධාරන 50 ට 50 ඉල්ලීමට පදනම වැටෙන්නේ ඒ හරහාය. නමුත් 70%ක් පමන සිටින සිංහලයා 50 ට බැස්සවීම සාධාරන වන්නේ කෙසේද? මේ සියල්ලෙන්ම වූයේ සිංහලයාට අසාධාරණයකි. තිස් හය වසරකට පෙර ඇරඹී අදින් හය
වසරකට පෙර නිමා වූ ත්‍රස්තවාදය එළෙසින් ඇරඹි අසාධාරණ උත්සාහයක ප්‍රතිඵලයකි.
වරෙක මගේ මිතුරෙකු මගෙන් ප්‍රශ්න කළේ මේ කුඩා රටට ඔයතරම් බලපෑම් කිරීමට බටහිර ප්‍ර බල රටවලට ඇති වුවමනාව කුමක්ද යන්නයි. එබැවින් ජාත්‍යන්තර අතපෙවීම් විය නොහැක්කක් යැයි ඔහු තර්ක කලේය. එහෙත්
ප්‍රභාකරන් පණ අදින මොහොතේ ඔහුව බේරා ගැනීමට අපේ ජනාධිපති වෙත දුවගෙන ආවේ ඒ ප්ර බල රටවල ප්‍රබල විදේශ ඇමතිවරුය. කෞශ්ල්ය න් මැරුණු අවස්ථාවේ ශෝක පණිවිඩ නිකුත් කලේ ප්‍රබල රාජ්‍යතාන්ත්‍රිකයන්ය. යන්නට අනේකවත් ප්‍ර බල රටවල් තිබියදී කෙරීද මෙහි දුවගෙන ආවේ නිවාඩුවක් කත කිරීමට නොවේ. ඔහු පවසා ඇති පරිදි සමහර විට මේ රජය "හොඳින්" වැඩ කළහොත් ඔබාමාද මෙහි පැමිනෙනු ඇත. අපට නොවටින නමුදු අපේ රට ඔවුන්ට ඒ සා වැදගත්කමකින් යුක්ත වෙයි.

අපව ඔවුන්ගේ ග්‍රහනයේ තබා ගැනීමට ඔවුන් විසින් භාවිතා කරන්නේ මෙම දෙමළ ජාතිවාදී  ප්‍රශ්නයයි. එමඟින් ජාතියේ ගමන් මග දෙපසට ඇද අපව දෙපළු කර දුර්වල කර හැකිනම් මරා දැමීම ඔවුන්ගේ අභිප්‍රායයි.
මේ කුඩුකේඩු ජාත්‍යන්තරය අපේ රටට මේ සා බලපෑම් කරන්නේ මෙම දෙමළ ජාතිවාදී ප්‍රශ්නය ඔවුන් අපව දුර්වල කිරීම සඳහා නිර්මාණය කර පවත්වාගෙන යන දෙයක් බැවිනි. මහින්ද රාජපක්ෂ මහතා ඔවුන්ගේ තරවටුවලට යටත් නොවී ත්‍රස්තවාදය මුළිනුපුටා දමන විට ඔවුන් එතුමා සමඟ වෛර බැඳගන්නේ ඒ ඔවුන්ට එරෙහි ප්‍රහාරයක් වූ බැවිනි. අප දිගින් දිගටම ඔවුන් යටතේ හීන ධීනව දෙන දෙයක් කා වෙන දෙයක් බලාගෙන සිටිය යුතුයැයි ඔවුහු අපේක්ෂා කරති. අපේ ඇතැමෙකුට එළෙසින් කරබාගෙන සිටිය හැකි නමුදු බහුතරයකට එය කළ හැකි නොවේ.
අප 2009 වසරේ මැයි 18 දින ජයග්‍රහනය කලේ මේ බටහිර අධිරාජ්යබවාදයට එරෙහිව කල සටනකි. ප්‍රභාකරන් සහ ඔහුගේ ජාතිවාදී හමුදාව සුද්දන්ගේ කුලී හේවායින් පමණි. 2009 ජයග්‍රහණය අයත් වන්නේද 1818, 1848 ආදී නිදහස් සටන් වලටමය.

මේ ජයග්‍රහණය අධිරාජ්‍යවාදීන් අපේ නිවට නායකයන් සමඟ සටන් විරාම ගිවිසුම් ගසා හමුදාව බැරැක්ක වලට සීමා කර තිබුනු අවස්ථාවක ලත් ජයග්‍රහණයකි. ප්‍රභාකරන් අනභිබවනීය යැයි ඔවුන්ගේ යුධ විශේෂඥයන් පවසන අතරතුර ලත් ජයග්‍රහණයකි. ඔවුන් අපට අවි ආයුධ භාවිතා කිරීම තහනම් කර තිබූ අවස්ථාවක ලත් ජයග්‍රහ
යකි. චීනය, රුසියාව වැනි අතලොස්සක් හැර ජාත්‍යන්තරය අපට එරෙහිවූ අවස්ථාවක ලත් ජයග්‍රහණයකි. බටහිරයන් කුලියට ගත් නායකයින් නායිකාවන් අපේ බුද්ධි අංශ පාවා දෙමින්, රටපුරා තවලම් යමින් අපේ කොඳු කඩා දමා තිබූ අවස්ථාවක ලත් ජයග්‍රහණයකි. මෙම නිදහස් සටන ජය කෙහෙළි නංවා හත් දොහක් මඟුල් කා සැමරිය යුතු ජයග්‍රහණයක් වන්නේ එබැවිනි.
මෙම
ජයග්‍රහණයේ උරුමකරුවන් වන්නේ 1818දී රටවෙනුවෙන් ජීවිත පූජා කළ කැප්පෙටිපොල ප්‍රමඛ උදාර වීරයන්ගේ පරපුරට මිස එම සටන පාවාදුන් මොල්ලිගොඩගේ නිවට පරපුරට නොවේ. මෙම ජයග්‍රහණයේ උරුමකරුවන් වන්නේ වීර පුරන් අප්පු ගොන්ගාලෙගොඩ බණ්ඩා ප්‍රමුඛ විරුවන්ගේ පරපුරට මිස 1848දීද විරුවන් පාවා දුන් නිවට පරපුරට නොවේ. මේ ජයග්‍රහණයේ උරුමකරුවන් වන්නේ 20වන සියවස මුලදී නැවතත් ජාතිය පුබුදු කළ ධර්මපාලතුමා බිහිකළ පරපුරට මිස ධර්මපාලතුමාට හොරකම් දූශන පිළිබඳ අභූත චෝදනා නගා එතුමාව රටෙන් පන්නා දැමූ විජේවර්ධනලාගෙන් පැවතෙන ජයවර්ධනලාට වික්රරමසිංහලාට නොවේ. අප 2009දී ලැබුවේ බටහිරයන්ට සහ ඔවුන්ගේ මෙරට නියෝජිතයන් වූ 1815 සිටම පැවතෙන නිවට ද්රෝාහී පරපුරට එරෙහි විජයග්‍රහණයකි. යම් හෙයකින් සුද්දන්ට එදත් අදත් කත් අදින සුපිරි පන්තියේ විජේවර්ධනලා ධර්මපාලතුමන් එළවා නොදමන්නට එම නිදහස් සටන පාගා නොදමන්නට මේ ජයග්‍රහණය මීට බොහෝ කලකට පෙර උදාවන්නට තිබිනි.
දැන් මෙම වි
ජයග්‍රහණය සැමරීමෙන් ඉවත්ව එය යටගැසීමට උත්සාහ කරන්නේ කවුරුන්ද යන්න පැහැදිලිය.

ඒ මොල්ලිගොඩලාගේ කාලයේ සිටම අප අතරම ජීවත් වන අපව පාවාදී සුද්දන්ට කත් අදින හීනධීන මනසක් ඇත්තන්ය. ඒ හතුරන්ගෙන් සුළු කොටසක් තිස් වසරක් පුරා ජාතිවාදී විශ පොවා ඇතිදැඩි කළ දෙමළ ජාතිවාදීන්ගෙන්ද ඔවුන්ගේ නායකයන් වන ඉංංග්‍රීසි පන්නයට ඇති දැඩි වුනු සුපිරි දෙමළ පැළැන්තියෙන්ද සමන්විතවෙයි. අනෙක් කොටස ජාතිය පුබුදුවාලූ ධර්මපාල තුමන්ව රටෙන් එළවා දැමීමට කටයුතු කළ ඉංග්‍රීසීන්ගෙන් වරදාන වප්‍රසාද ලද සුපිරි පන්තියයි. මෙම සුපිරි පන්තිය දෙමළ සිංහල භේදයකින් තොරවම ජාතික නිදහසට එරෙහි වෙයි. ඒ ඔවුන්ගේ සුදු ස්වාමිවරුන්ගේ වුවමනාවයි. අවාසනාවකට අද රටේ පාලන බලය එම සුපිරි සුදු සේවකයන් ඩැහැගෙන ඇත. එබැවින් මෙම විජයග්‍රහණය රාජ්‍ය මට්ටමින් සැමරීම සිදු නොවිය හැක්කකි.

සරළ භාෂාවෙන් කිවහොත් කිළිනොච්චි සටන මැදවච්චියෙන් නතරකරන්නට උත්සාහ කළ, තොප්පිගල සටන හෑල්ලු කළ, සටන් විරාම හරහා කොටින්ට රට ලියා දුන් ඇත්තන්ගෙන් මේ විජයග්‍රහණය  සැමරීම බලාපොරොත්තු විය නොහැක. උතුරේ ප්‍රභාකරන් සමරා බෙදුම්වාදී ජවය එහි ජනයා තුළ රෝපනය කිරීමත්, අපෙන් ඒ ජයග්‍රහණය  සඟවා ජාතිය අබල දුබල කර දැමීමත් බටහිරයන්ගේ අවශ්‍යතාවය වෙයි. මේස් ගලවා අතට අත දෙන්නේද කෙරී මෙහි පැමිනෙන්නේද එම අවශ්‍යතාවය ඉටුවන පමනටය.


අප 1818 සටන් කළේ මේ සුපිරි බලවතුන්ගේ ආශිර්වාදයෙන් නොවේ. 1848 සටන් කළේ ඔවුන්ගේ ආශිර්වාදයෙන් නොවේ. ධර්මපාලතුමා ජාතික සටන දියත් කළේ ධන බලයෙන් නිල බලයෙන් වරප්‍රවසාද වලින් සන්නද්ධ මෙම සුපිරි පැලැන්තියේ ආශිර්වාදයෙන් නොවේ. 2009දී මහින්ද රාජපක්ෂ මැතිඳුන් රට විජයග්‍රහණය  කළේ මේ සුපිරි ද්රෝහීන්ගේ අනුබලයෙන් නොවේ. මේ බිමේ උපන් අපට සහජයෙන් උරුම වන ශක්තියක් වෙයි. සුද්දන්ගෙනුත් කලු සුද්දන්ගෙනුත් කෙතරම් බැට කෑවද අදත් අප ජාතියක් ලෙස නැගී සිටින්නේ එම ශක්තිය හේතුවෙනි.
 
2009 ජයග්‍රහණයෙන් වසර 6ක් යන්නට පෙර නැවතත් අපට මහ රැජිනට ආචාර කරන්නට සිදුවී ඇත. කෙරීලාගේ නියෝග වලට යටත් වන්නට සිදුවී ඇත. උතුරේ කොටියා නැවතත් අපේ හමුදාවට පශ්චාත් භාගය පෙන්වන්නට පටන්ගෙන ඇත. අපේ කොල්ලන් 30000ක් පමන වසර 30ක් පුරා එකාමත එකා මැරී වැටෙමින් දිනාගත් මේ දේශයේ නිදහස සමරන්නට හෝ අවස්තාවක් අද අපට නැත.
නමුත් අපි නිවට නොවෙමු. ලැබූ නිදහස පාවා නොදෙමු. දෑසට වැලි ගසා තාවකාලිකව රජවුනු විජාතිකත්වය පරදා නැවතත් ජාතික ධජය මාතෘ භූමිය තුළ ලෙළවන්නට පෙරමුණ  ගනිමු.

 
-ඉඳුනිල් ප්‍රසන්න
යුතුකම සංවාද කවය
www.yuthukama.com

, ,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

2 comments :

  1. එදා ඒකීය රටක් වෙනුවෙන් ඇස් ඉස් මස් ලේ මෙන්ම තම ජීවිතයද පූජා කල අපේ රණවිරුවනට අපගේ ගෞරවචාරය උත්තමාචාරය වේවා!
    ඔබ සැම ජීවිත පූජවෙන් රැකදුන් ඒ පින්බර ලක්මව නපුන්සක රැලකට වැනසීමට නොදෙන බවද ඒ සමගම වගකීමෙන් පවසමු.

    ReplyDelete
  2. uture koti thawama innawada e kiyanne? samulaghathanaya karala nethida? ane manda welawakata okkoma iwarai kiyanawa. welawakata tikak ithurui kiyanawa.

    ReplyDelete

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

කිණිහිරය

හීන් සැරය

කෙටි සටහන්

මාධ්‍ය ගබඩාව

ප්‍රවර්ග

1505 2015 BBS NGO Theory අනගාරික ධර්මපාල අනුර කුමාර අමරසේකර ආචාර්ය දයාන් ජයතිලක ආමන්ඩ් ද සූසා ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී එජාප කවි කවි විචාර කාලය කෙටි කතා ගම්මන්පිල ගැමුණු චම්පික චිත්‍රපට විචාර චින්තනය ජනපතිවරණය ජනාධිපතිවරණය ජයග්‍රහණය ජවිපෙ ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දහතුන දේශපාලන නසරිස්‌තානය නිදහස නෝනිස් පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා බම්බුව බලු කතා බුදු දහම බෙංගමුවේ නාලක බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මරක්කල මහ නාහිමි මහින්ද මහින්ද රනිල් මානව හිමිකම් මුස්‌ලිම් මෛත්‍රිපාල යටත්විජිතකරණය රණ විරුවා රනිල් වික්‍රමසිංහ රන් කරඬුව රාජතාන්ත්‍රික රාජපක්‍ෂ ලේකම් වහාබ් විජේවීර විධායක බලය විමුක්ති වනිගසේකර වෙනස සැපද සංගීතය සජින් සමාජ විචාර සරච්චන්ද්‍ර සාහිත්‍ය හා විචාර සිංහල සිංහල බුද්ධාගම සීපා ස්වර්ණ පුස්තක හෙළ උරුමය

පාඨක අදහස්

© 2014 www.yuthukama.com