ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මූළික අයිතිවාසිම් පෙත්සම විභාගකල ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරිපත්කළ කරුණු සලකාබලා ගෝඨාභය මහතා අත්අඬoගුවට ගැනීම වලක්වන ලදි. කෙසේ හෝ ගෝඨාභය මහතා අත්අඞoගුවට ගෙන හිරකූඩුවට දැමීමේ උවමනාවෙන් කටයුතුකළ අයට මෙම අධිකරණ තීන්දුව දරාගත නොහැකිවීම පුදුමයක් නොවේ.
ඒ පිලිබඳව පළමුවෙන්ම ප්‍රසිද්ධියේ අදහස් දැක්වූ පික්පොකට් අගමැති රනිල් වික්‍රමසිoහ කියා සිටියේ මෙම අධිකරණ තීන්දුවට එරෙහිව පොදු රාජ්‍ය මණ්ඩලීය මහේස්ත්‍රාත්වරුන්ගේ හා විනුසුරුවන්ගේ සoගමයෙන් (the Commonwealth Magistrates’ and Judges’ Association (CMJA) සහ වෙනත් අදාල නීතිමය උපදෙස් ලබාගතයුතු බවත් සම්පූර්ණ විනුසුරු මඬුල්ලක් (Full Bench) විසින් තීන්දුව ගතයුතුව තිබුන බවත්ය.
විනුසුරුවන් තිදෙනාගෙන් එක් අයෙක් ඉවත්ව ගියත් අනෙක් දෙදෙනාත් සමඟ එකඟ නොවී වෙනම තීරනයක් දුන්නත් වැඩිදෙනාගේ තීන්දුව අධිකරණයේ තීන්දුව බැවින් සාමාන්‍ය පුරවැසියන් වන අපට නම් එහි කිසිවෙනසක් නොපෙනේ. අනෙක් අතට එක් විනුසුරුවෙක් ඉවත්වීම හේතුකොටගෙන අධිකරණයේ තීන්දුව කිසියම් හෙයකින් කල්තැබුයේ නම්, කෙසේ හෝ ගෝඨාභය මහතා අත්අඞoගුවට ගෙන හිරකූඩුවට දැමීමේ උවමනාවෙන් කටයුතුකළ අයගේ අභිලාශයන් මුදුන් පත්විය හැකිව තිබූබවද අමුතුවෙන් කිවයුතු නොවේ.
මේ පිළිබඳව අදහස් දැක්වූ, “ඕනෑ ගොනෙකුට යුද්ද කළහැකියයි ” කී ලක්ෂමන් කිරිඇල්ල මෙවර කියා ඇත්තේ ඕනෑ කෙනෙකුට අධිකරණ තීන්දු විවේචනය කළහැකි බවයි. “ඕනෑම ආකාරයක අධිකරණ තීන්දුවක් විවේචනය කිරීමට ඕනෑම පුද්ගලයෙකුට අයිතියක් තියෙනවා. අධිකරණ තීන්දුවක් දුන්නාම රූපවාහිනියට ගිහින් ඒක විවේචනය කරන්න පුළුවන්”.
මේ අවස්ථාවේදී මගේ මතකයට එන්නේ, 2004 වසරේදී (චන්ද්‍රිකා කුමාරතුoග යුගයේ) එවකට මන්ත්‍රීවරයෙකුව සිටි එස් බී දිසානායක මහතා පාර්ලිමේන්තුවෙන් පිටතදී අධිකරණ තීන්දුවක් විවේචනය කිරීමේ වරදට ශේෂ්ඨාධිකරණය ඔහුට අවුරුදු දෙකක සිරදඞුවමක් ලබාදුන් බවයි. 2005 දී මහින්ද රාජපක්ෂ ජනාධිපතිවීමෙන් පසුව ජනාධිපති බලතල යටතේ සමාව දී නිදහස් නොකලේ නම් එස් බී දිසානායකට දේශපාලන ලෝකයේ යනඵනමo නැතිවෙනට ඉඩ තිබිණ.
‘ඕනෑ ගොනෙකුට යුද්ද කළහැකියයි’ කියූ ලක්ෂමන් කිරිඇල්ලගේ ගොන්කතා අසා හැමෝම අධිකරණ තීණ්දු විවෙචනය කලහොත් වත්මන් ගවපලනය යටතේ අධිකරණයේ අනාගතය හා විවේචකයින්ගේ අනාගතය කෙසේ වියහැකිදැයි සිතා ගැනීමටත් අපහසුය.
S. අකුරුගොඩ
යුතුකම සංවාද කවය

www.yuthukama.com
0 comments :
ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .