5/28/2015

බුදිධිමත්හු, පල් මෝඩයෝ සහ අත්හැරීම

කතෘ:යුතුකම     5/28/2015   3 comments

කළකිරෙන බුද්ධිමත්තු

වයස අවුරුදු 70 ඉක්මවූ තමන්ගේ ජීවිත කාලය තුළ මෙවන් අච්චාරු ආණ්ඩුවක් නම් දැක නැති බව හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වා මහතා පවසයි. ඔහු පවසන්නේ යහපාලනය ගෙන එන බව කියමින් බලයට ආ වත්මන් ආණ්ඩුව නීතියට පිටින් ගොස් අයහපත් ලෙස අගමැති පත් කිරීමෙන් පටන් ගෙන දැන් ගෙන යන්නේ තනිකරම කැලෑ නීතියක් බවයි. තමාද ඡන්දය දුන්නේ සිරිසේන මහතාට බවත් දැන් ඒ ගැන කණගාටු වන බවත් හිටපු අග විනිසුරු සරත් එන් සිල්වා මහතා පවසයි. ඒ මහතා පමණක් නොව තමන් බුද්ධිමතුන් යැයි කියා ගන්නා බොහෝ දෙනෙකුගේ තේරීම සිරිසේන විය. එම තේරීම අද ප්‍රශ්න කරන්නේ හුදෙක් එම තේරීම පමණක් නොව, බුද්ධිමතුන්ගේ බුද්ධියද එම තේරීම විසින්ම අද ප්‍රශ්න කරමින් ඇත.

ඊනියා බුද්ධිමතුන් දෙවර්ගයකි. පළමු කාණ්ඩය සරත් එන් සිල්වා මහතා වැනි උදවියයි. එදිනෙදා තමන් ලබන පෞද්ගලික සහ පොදු අත්දැකීම් ඔස්සේ මොවූහූ යම් යම් නිගමන වලට එළැඹ ඒවා සමාජයට කියා දෙති. මොවුහූ යම් දුරකට අවංකද වෙත්.  මොවුන් සුවිශේෂී දේශපාලන මතයක් දරන්නවුන් නොවේ. සිදුවෙමින් පවතින දේ විග්‍රහ කිරීමෙහි ඔවුහු සමත්ය. නමුත් මොවුන්ගේ ප්‍රධාන දුර්වලතා දෙකක් ඇත. පළමු දෙය නම් මොවුන් සංවේදී වන්නේ ඉතා ආසන්න සිදුවීම් වලටය. ලෝකය දකින්නේ ඉතා ආසන්න සිදුවීම් ඔස්සේය. එනිසා වර්තමාන තත්වය ගැන සාපේකෂව නිවැරදි තක්සේරුවකට පැමිණීමට මොවුහූ අපොහොසත්ය. ඔවුහූ ලෝකය නිරපේක්ෂව මැන බැලීමේ අසාර්ථක උත්සායක යෙදෙත්.

දේශපාලන පුරෝකතනයෙහි මොවුන් පෙන්වන නොහැකියාව ඔවනගේ දෙවන දුර්වලතාවයයි. මේ ආණ්ඩුව තරම් අච්චාරුවක් තමන් කිසි කලෙක දැක නැති බව පවසන්නට දින සියයත් ඉක්මවන තුරු මොවුන් බලා සිටින්නේ එබැවිනි. මළ පොතේ අකුරක් නොදන්නා දිළිදු ගැමියා පවා එජාපය, ජවිපෙ, හෙළ උරුමය, දෙමළ සන්ධානය හා මුස්ලිම් ක්‍රොන්ග්‍රසයට ෆොන්සේකා හා සිරිසේන එක්වන විටම එය අච්චාරුවක් බව දැන ගත්තේය. එය ඉතා සරලව තේරුම් ගත හැකිය. උගත් බුද්ධිමත් ජනතාවට තේරුම් ගන්නට බැරි වුනේ සංකීර්ණ සමීකරණයක් නොවේ. අච්චාරුව හදුනා ගන්නට මාස ගණන් ගත කරන මේ උගතුන් මේ සියල්ල පිටිපස සිටින අධිරාජ්‍යවාදී හස්තය කෙලෙස නම් තේරුම් ගන්නද?

මහාචාර්ය සරත් විජේසූරිය, රෝසි සේනානායක අනුව යමින් මෙරට ස්ත්‍රී දූෂණ වැඩි නිසා, මහින්ද පැරදවිය යුතු බවත් සිරිසේන මහතා බලයට පත් කර ස්ත්‍රී දූෂණ වළකා ගත හැකි බවත් හැඟවෙන පරිදි රූප පෙට්ටියේ දෙසුවා අපට මතකය. ඇතැම් විට එසේ කී බව ඔහුට මතක නැතිවී තිබෙන්නට පුළුවනි. අමතක වන්නේ දුමින්ද සිල්වාලාට පමණක් නොවේ. (යහපාලනයටද දුමින්ද සිල්වාගේ කුඩුත් අමතක වී ඇත.) බාගෙ විට නැවත වරක් රූප පෙට්ටියට පැමිණෙන මහාචාර්ය විජේසුරිය, රාජපක්ෂ රෙජීමය තුළ  එකෙක් එක් ස්ත්‍රියක් දූෂණය කරද්දී, මේ මෛත්‍රී යුගය තුළ නව දෙනෙක් එක්ව එක් ස්ත්‍රියක් දූෂණය කරන නිසා ස්ත්‍රී දූෂණ 9:1 අනුපාතයකින් අඩුවී ඇතැයි කිවහොත් අපි පුදුම නොවෙමු. බුද්ධිමතුන්ගේ ආලාපාළු සංඛ්‍යා හරඹ මේ ආකාරයට නොදෙවෙනිය. ඒවා බැති සිතින් වැළඳගෙන රැවටීමට ලක්වන උගත් බුද්ධිමත් ජනතාවක් අප අතර  සිටිති.

අධිරාජ්‍යවාදින්ගේ දාස බුද්ධිමත්තු

අනික් බුද්ධිමතුන් කොටස පල් මෝඩයින් කොට්ටාසයකි. මොවුන්ගේ සුවිශේෂී ලක්ෂණය නම් මොවුන් කිසියම් දේශපාලන මතයක් දරන්නන් ලෙස තමන්ව හදුන්වා ගැනීමයි. ඔවුනතර මාක්ස්වාදීන්, ට්‍රොට්ස්කිවාදීන්,  ලෙනින්වාදී මාක්ස්වාදීන්, පශ්චාත් නූතනවාදීන්, ලිබරල්වාදීන්, ස්ත්‍රීවාදීන් ආදි එකි නොකී ආකාරයේ මතවාදීන් වෙත්.

නමුත් මේ සියළුවාදීන්ට සිතිය හැක්කේ එකම එක ආකාරයකට පමණි. ඒ අන් අයුරකට නොව අධිරාජ්‍යවාදීන්ට අවැසි පරිදිය. ඔවුන් පල් මෝඩයන් වන්නේ ඔවුන් තමුන්ව අධිරාජ්‍ය විරෝධීන් ලෙස සිතාගෙන සිටින අතර අධිරාජ්‍යවාදීන් තමන්ගේ වැඩේට නියම බඩු ටික යයි හඳුනාගෙන ඇත්තේද මොවුන්වම වන නිසාය. ඇමරිකානු රාජ්‍ය ලේකම් ලංකාවේ වෙනස තමන් ඇති කළ බව කියද්දී, ඔබාමා ඉන්දියානු ජනරජ දිනයේදී ලංකාවේ සහ මියන්මාරයේ වෙනසට ඉන්දියානු භූමිකාවට ප්‍රසිද්ධියේ තුති පුදද්දී මේ ලංකාවේ අධිරාජ්‍ය විරෝධී පල් මෝඩ බුද්ධිමතුන්ද තමන් විසින් මේ වෙනස ඇතිකරන ලදැයි ස්වයං වින්දනයෙන්ම පසුවෙති. මේ ළිං මැඬියන්ගේ ඒ වින්දනයෙන් ඔවුන් මුදවා ලන්නට අධිරාජ්‍යවාදීන්ටවත් නොහැකිය. මේ අධිරාජ්‍යවිරෝධීන්ගේ මනස තැනුවෝද අධිරාජ්‍යවාදීහුය. මේ අධිරාජ්‍ය විරෝධීන් සිතනුයේ අධිරාජ්‍යවාදීන් දශක ගණනකට පෙර සැළසුම් කර සකස් කර දුන් මනසකින් බව ඔවහු නොදනිති.

මේ අධිරාජ්‍ය විරොධීන් අධිරාජ්‍යවාදීන්ට කඩේ යන්නේ කිමැයි ගැටළුවක් පැන නගියි. එයට හේතුව මොවුන් ළිං මැඬියන් වීමයි. අධිරාජ්‍යවාදය පිලිබද ඔවුන් කියවන පොතපතේ ඇති කරුණු ඔවුහූ දනිති. නමුත්ට එය ඇස් පනා පිට තමන්ගේම රටට එරෙහිව නග්න ආක්‍රමණයක් ක්‍රියාත්මක කරන විට මොවුනට එය දැක ගත නොහැකිය. වර්තමානයේ සිදුවෙමින් පවතින එම ක්‍රියාදාමය ඔවුනගේ පොත් කට්ටලයට තවම ඇතුළු වී නැත. පොත තුළ නොදකින ගැටළුවක් මේ අයට සැබෑ ලෝකය තුළ දැක ගැනීමේ ශක්‍යතාවක් නැත.

මේ ළිං මැඬියන් සියළු දෙනාට තමන් සිරවී සිටින ළිද තුළ පෙනෙන එක් ප්‍රධාන ප්‍රශ්නයක් වෙයි. ඒ අනෙකක් නොව, සිංහල කමයි. බෞද්ධ දර්ශනයයි. මොවුන්ට ඇත්තේ සිංහලකම හා බෞද්ධකම සමඟ බද්ධ වෛරයකි. ඔවුන් සිතන පටු සීමාව තුළ මෙරටේ ඇති ඕනෑම ප්‍රශ්නයකට කොටින්ම ස්ත්‍රී දූෂණයකට පවා හේතුව සිංහල බෞද්ධකමය. ඒ පදනම විනාශ කළ දාට මෙසිරිලක සංහිඳියාවෙන් සහ සහජීවනයෙන් සුරපුරයක් වනු ඇතැයි මේ පල් මෝඩයෝ සිතති.  මේ අධිරාජ්‍යවිරෝධී මෝඩයන් තමනට භාවිතා කළ හැකි බව මෝඩයින් නොවන අධිරාජ්‍යවාදීහු දකිත්. අවාසනාවකට මොවුන්ගෙන් ඇතැමෙක් අපගේ මීළඟ පරපුරට විශ්ව විද්‍යාලවලදී උගන්වති. බහුතරයක් දෙනා කලා අංශයේය. මෙවැන්නෙක්ගෙන් ඉතිහාසය ඉගෙන ගන්නා දරුවෙකු සිංහලයා දෙස අවඥාවෙන් බැලීමට පුරුදු වීමට ඇති ඉඩ බොහෝය.

සරත් සිල්වා මහතා අයත් පළමු කාණ්ඩයේ බුද්ධිමතුන්ට මෙන් මොවුන්ට යහපාලනයක් වුවමනා නැත. ඔවුනට අනුව යහපාලනය යනු මහින්ද පැරදවීම සඳහා එවේලේ යොදා ගත් දේශපාලනික අලංකාරිකයක් පමණි. කිසියම් ජාතිකත්වයක් පෙන්නුම් කළ මහින්දගේ රජය පෙරලා,  මෛත්‍රී යුගයක් ගෙන ඒමට මොවුනට අවැසි වන්නේ සිංහලකම සහ බෞද්ධකම වෙත මොවුන් දක්වන දැඩි වෛරය නිසාය.

බටහිරයන්ගේ අණට කීකරු නොවූ, අධිරාජ්‍යවාදය ඉදිරියේ දණ නොනැමු මහින්ද පළවා හැර රැජිනගේ අත අල්ලා මාස ගණනක් යන තුරු ඒ ගැන කියවන සිරිසේන පත් කර ගැනුමේ කිසිදු හිරිකිතයක් මේ අධිරාජ්‍ය විරෝධීනට ඇති නොවන්නේ නව පාලනය හරහා සිංහලකමට සහ බෞද්ධකමට විණ කරවා ගත හැකි බව ඔවුන් දන්නා නිසාය. ඇතැම් විට බටහිරට යටහත්  පහත් නිසාම රජය ක්‍රමානුකූලව අධිරාජ්‍යවාදීන්ගේ සිතැඟි ඉටු කරමින් සිංහලකම හා බෞද්ධකම දුර්වල කරවනු ඇතැයි යන කුහක අපේක්ෂාවද මේ ව්‍යාජ මාක්ස්වාදීන්ගේ සිතේ තිබෙනවා විය හැකිය. කොක්කෙන් බැරි නම් කෙක්කෙන් හෝ කළ යුත්තේ සිංහල බෞද්ධකම දුර්වල කිරීමය යන්නට මොවුන්ගේ ළිං මැඬි දර්ශනය ලඝුවේ.

විජයග්‍රහණයේ සැමරුම් අකැප වන්නේ එබැවිනි. චන්‍ද්‍රිකා නෝනා මෙරට තුළ සිංහල ආධිපත්‍යක් ඇතැයි ද, එය පරාජය කළ යුතු යැයි කට මැත දොඩවන්නේද එබැවිනි. විජේදාස මේක සිංහල රට කියා තිබෙන්නේ කොහේදැයි ප්‍රශ්න කරන්නේ එබැවිනි. එපමණක් නොව සාම්පූර් හමුදා කදවුර ගැලවෙන්නේද එබැවිනි. උතුරු ප්‍රදේශයේ පොලිස් කොට්ඨාස අඩු කෙරෙන්නේද එබැවිනි. ජනාධිපතිවරයා විසින් සම්බන්ධන්ට වුවමනා අය උතුරේ ආණ්ඩුකාරවරයා ලෙස පත් කෙරෙන්නේ එබැවිනි. සම්බන්ධන් හා හකීම් ආදී ජාතිවාදීන් සිරිසේන දිනවන්නට කැපවුනේද එබැවිනි. ඡන්දයෙන් පසු ජාතිවාදීන්ට ජාතිවාදීන් නොකියා ජාතිවාදයට එරෙහි වන්නන්ට ජාතිවාදීන් යැයි කීවේ එබැවිනි.

සිරිසේන මහතාගේ අත්හැරීමට නොරැවටෙන්න


 දේශපාලකයින්ට අර බුද්ධිමතුන්ට මෙන් බෞද්ධකමට එළි පිට තඩි බෑ නොහැකිය. සිංහල බෞද්ධයන්ගේ ඡන්දය අනිවාර්යයෙන්ම වුවමනා වන මේ කපටි දේශපාලකයින් ධර්මයේ වේෂයක් මවා ගෙන සිංහලයන් රවටමින් සිංහලයින් දුර්මුඛ කෙරෙනු ඇත.  සිරිසේන අත්හැරීමෙන් සැනසීම ලැබෙනවා යැයි කියන් යන්නේද එබැවිනි. නමුත් මේ "අත්හැරීමේ" මීළඟ පරිච්ඡේදය ලියවීමට ඇත්තේ මහ ඡන්දයෙන් පසුවය.

මැතිවරණයෙන් පසු සිරිසේනලා රනිල්ලා සදනවා යයි කියන නව ආණ්ඩුවකින් නව ව්‍යවස්ථාවක් සකසනවා යයි කියති. ඉහත සියල්ල මේ කියන නව ව්‍යවස්ථාවේ පෙරනිමිති බව බුද්ධිමතුන් නොවන අපට ඉතා පැහැඳිලිය.  ගොනා හැරෙන්නේ පොල් පැළයට බව දන්නේ බුද්ධිමතුන් නොව, බයියන්ය. උගත් බුද්ධිමත් ජනතාව නම් මෙය වටහා ගන්නා විට,  පොල් පැළය ගොම බවට පත් වී තිබෙනු ඇත.

මේ රටට ඇති බැඳීම වුව සිංහලයන් විසින්, බෞද්ධයන් විසින් අත්හැරිය යුතු යැයි මේ බෞද්ධ වෙස් ගත් මාර සේනාව අපට උගන්වනු ඇත. නිසැකවම එය පෙරේතයන් විසින් ව්‍යාජ පිරිත් දෙසන යුගයක් වනු ඇත. අමනුෂ්‍යයන් විසින් ව්‍යාජ පිරිත් දෙසත් දී මුළා කරවන ලද ජනතාව ලවා සාධුකාර ලබා ගැනීම මොවුන්ගේ උපාය වේ.

නමුත් ඉහත කී පළමු කාණ්ඩයේ බුද්ධිමතුන් සරත් සිල්වා මහතා මෙන් යහපාලනය ගැන කළකිරෙනු ඇත. දෙවන කාණ්ඩයේ පල් මෝඩ බුද්ධිමතුන් විසින් පුරවැසි බලය, අරක, මේක ආදි සංවිධාන අටවා ගෙන යළි ඒකාධිපති රනිල් සහ ඔහුට කීකරු සිරිසේන යුගයකට අඩිතාලම දැමීමට සැරසෙනු ඇත. අධිරාජ්‍යවාදීන්ට කත් අදිමින් හෝ මෙරට ඒකියභාවයත් බෞද්ධාගමට ව්‍යවස්ථාවෙන් හිමි තැනත් අහිමි කිරීම මොවුන්ගේ එකම සිහිනය බවට පත් වී ඇත. සිරිසේන මහතා අද කියවන අත්හැරීමත්, විජේදාස නම් බටහිර දාසයාගේ පැනයත් එදාට සරිලන පරිදි යාවත්කාලින වනු ඇත. එන් ජී ඕ කාරයන් විසින් බෞද්ධයන්ට අත්හැරීමේ සැනසීම උගන්වනු ඇත. ඒ පාපකර්මය සඳහා ප්‍රසිද්ධ භික්ෂූන් වහන්සේලා කිහිප නමක්ද යොදා ගැනීම මොවුන්ගේ සැළසුමය. රට අත්හැරිය යුතු බවත් දේශප්‍රේමය නිසා අපාගතවනු ඇති බවත් කීවොත් පුදුම නොවන්න.

සිරිසේන මහතාගේ සියොළඟම සළිත කළ රෙදි නැති රැජිනගේ හස්තය පවතිනු ඇත්තේ ජනතාවට අදෘෂමානවය. සරත් සිල්වා මහතා මෙන් යළි පසුතැවිලි නොවන ලෙස අපි කටයුතු කළ යුතු වෙමු. එකිනෙකා කුළල් කා ගන්නා අනාගතයක් උදාකරන ව්‍යාජ සංහිඳියාව පැරදවිය යුතුය. "යහපාලනයට" රැවටුනු අපි "සංහිඳියාවට"වත් නොරැවටී සිටිමු.

-ලසන්ත වික්‍රමසිංහ
යුතුකම සංවාද කවය
www.yuthukama.com

, ,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

3 comments :

  1. මූ විතරයි බුද්දීමතා. අනිත් උන් ළිං මැඩියෝ. අනේ ගොන් වස්සා.

    ReplyDelete

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions