5/11/2015

චම්පිකගේ ආලාපාඵ වීම..

කතෘ:යුතුකම     5/11/2015   5 comments

ජනාධිපතිවරණ සමයේ 'වේදිකාවේ රන් සීනුව' බවට පත් ව සිටි පාඨලී චම්පික රණවක දැන් වැහැරී, ඇද වැටී තිබෙන බව පැහැදිලි ය. දින 100යේ ජහපාලන ආණ්ඩුව කල් ඉකුත් වී, තවදුරටත් ඇදි ඇදී යමින් පවතී. මහින්ද රාජපක්ෂ තවත් වසර දෙකක් ඉතුරු ව තිබිය දී වේලාසනින් ඡන්දයක් පවත්වා ඉල්ලා ගෙන කෑ අතර, දින 100 ජහපාලන ආණ්ඩුව, පොරොන්දු වූ පරිදි ඡන්දය පවත්වන්නේ නැති ව ඉල්ලා ගෙන කමින් සිටින බව පැහැදිලි ය.
දින 100 ජහපාලන ආණ්ඩුව බලයට පත් වූ වහාම අප සිතුවේ පාඨලී වැඩ පටන් ගනු ඇතැයි කියා ය. ඊට හේතුව ඔහු ඉකුත් ආණ්ඩුවේ මහා පරිමාණ වංචා පිළිබද ව 'සද්ද' දමමින් සිටි නිසා ය. එහෙත් බලයට පත් වීමෙන් පසු 'සද්ද' නැති ව ගියේ ද ඔහු ගේ ය.
ජනාධිපතිවරණ සමයේ දී ඔහු විසින් පළ කරන ලද 'ආලාපාඵ ආර්ථිකය' මිලට ගත් අපි මේවා මෙසේ සිදු වන බව කල් තියා දැන ගත්තෙමු.

මහා ඉන්ධන මාෆියාවක් ඇතැයි කියන ඔහු, තම කෘතියේ ඒ පිළිබද ව දක්වා ඇති කරුණුවලට සම්බන්ධ තොරතුරු මෙසේ ය.
'බොහෝ රටවල දූෂණ වංචා සිදු වේ. එමෙන්ම ඒවා වැළැක්වීමේ ක්‍රමවේදයන් ද හදුන්වා දී ඇත. බොහෝ විට දූෂණයේ කියැවෙන්නේ 'කොමිස් පිළිබද ය. ඇතැම් විට අදාළ දේශීය නියෝජිතයාට ඔහු ගේ සේවය වෙනුවෙන් නිල වශයෙන් ම යම් ප්‍රතිශතයක් කොමිස් ලෙස ලැබේ. (ශ්‍රී ලංකාවට ගෙන්වන ආයතනවල දේශීය නියෝජිතයාට 1%ක පාරිතෝෂිතයක් ලැබේ. බොහෝ විදේශ ව්‍යාපෘතිවල දේශීය නියෝජිතයාට 3%ක පාරිතෝෂිතයක් ලැබේ. ඩොලර් බිලියන ගණනක් වැය වන ව්‍යාපෘතිවල දී මෙය අති විශාල මුදලකි.) (පිටුව 28)

ජනාධිපතිවරණ වේදිකා දෙදරන්නට කෑ ගැසූ පාඨලී චම්පික ගේ කෙරුවාව ය, මේ.

අද මහත් ආන්දෝලනයකට පත් ව තිබෙන සාම්පූර් බලාගාරය පිළිබද ව ඔහු සදහන් කර තිබෙන්නේ මෙවැනි කරුණු ය.

'මේ ගිවිසුම මගින් විදුලිබල අමාත්‍යාංශයේ ලේකම්වරයා, මුඵ ත්‍රිකුණාමලයේම ඉන්දියාව හැර අන් කිසිවකුට බලාගාරයක් ඉදි කළ නො හැකි බවට වූ කොන්දේසියකටද එකග විය. (2වැනි වගන්තිය) එමෙන්ම ත්‍රිකුණාමලයේ ගල් අගුරු ධාරිතාව 4600 MW දක්වා ඉහළ නැංවීමට (2030) ලංවිම සැලසුමක් ද විය. ඒ නිසා මේ ගිවිසුම ලංකාවේ විදුලිබල සුරක්ෂිතතාව, ඉන්දියාවට භාරදීමක් විය. ගිවිසුමේ එකී වගන්තිය වෙනස් වූයේ 2009 දී ය.' (පිටුව 40)

එකී කෘතියේ අන් තැනක මෙසේ ද සදහන් වේ.

'පුත්තලම බලාගාරය මෙන් නො ව, සාම්පුර් බලාගාරයේ සියලු තාක්ෂණික හා මූල්‍ය ව්‍යසනයන් පෙන්නා තිබිය දී එය එලෙසම ක්‍රියාත්මක කිරීම ගැන ලංවිමට හෝ එයට සම්බන්ධ කිසිදු නිලධාරියකුට කිසිදු සමාවක් දිය නො හැකි ය.' (පිටුව 41)

මෙයින් පෙනී යන්නේ පාඨලී, අදාළ චෝදනා එල්ල කර තිබෙන්නේ දේශපාලකයන්ට නො ව, නිලධාරීන්ට එරෙහි ව, බව ය. දින 100ක් ඉක්ම ගියත් ඔහු එකී නිලධාරීන්ට විරුද්ධ ව කිසි පියවරක් නො ගත් බව ද පැහැදිලි ය.

දැන් ඇති වන ගැටලුව වන්නේ, සාම්පූර් බලාගාරය පිළිබද දූෂණයක් හෙළි කරන පාඨලී, ජනාධිපතිවරණයෙන් පසු, විදුලිබල හා බලශක්ති අමාත්‍ය තනතුරට පත් වී කළ කී දේ ය. ජනාධිපතිවරණ ජයග්‍රහණයෙන් පසු ජනාධිපති මෛත්‍රී සමග වහා ඉන්දියාව බලා පිටත් වූ චමිපික, ත්‍රිකුණාමලය කේන්ද්‍ර කර, න්‍යෂ්ඨික බලාගාරයක් ඉදි කිරීමට අවශ්‍ය ගිවිසුමක් ද අත්සන් කළේ ය.

දැන් 2009දී වෙනස් වූවා යයි කියන උක්ත ගිවිසුමේ වගන්තියට කුමක් සිදු වන්නට ඇද්දැයි, සිතිය හැකි ද?

මෙරට බොහෝ දේශපාලුවන් කරන්නේ, මැතිවරණ, ජනාධිපතිවරණ ආසන්න‍යේ වීරයන් වී, ජයග්‍රහණය ලබනවා යයි අනුමාන කෙරෙන පාර්ශ්වයට සහයෝගය දක්වන අතරේ, ඊට බාධා පමුණුවන ආකාරයේ චෙ‍ා්දනා ද එල්ල කිරීම ය. ඉන්පසු, ජයග්‍රහණය ලද විට, එකී කේෂේත්‍රයේම බලය අල්ලා ගැනීම ය. ජයග්‍රහණය කළ ඇත්තන් ද සිදු කරන්නේ, අදාළ 'කරදරකාරයන්ට' අවශ්‍ය අමාත්‍යාංශ පවරා දී සන්සුන් වීම ය.

පාඨලී ලා වැනි දේශපාලන පුස්සන් නිසා, සිදු වූ එකම දෙය නම්, FB වැනි මහජන කලාපවල තවත් පුස්සන් රැසක් බිහි වී, ගොබ්බ වීරයන් රොත්තක් පැටව් ගැසීම පමණ ය. පාඨලී වැන්නන් කොයි වේලේ හෝ 'ඇලඩින් ගේ පුදුම පහන' රැගෙන පැමිණ ඔවුන් ‍අදුරෙන් බේරා ගනු ඇතැයි, ඔවුහු තාමත් සිතා සිටිති. එසේ සිතමින්, 'නිදි යහනේ සුරංගනා කත‍ා' රසට ගොතති.

- කුමාර ලියනගේ
යුතුකම සංවාද කවය
www.yuthukama.com

, ,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

5 comments :

  1. එක්නැළිගොඩ5/11/2015 1:17 PM

    සිංහ හම පොරවාගෙන සිංහලයා රැවටූ ද්‍රෝහී කැනහිලා...
    ඊළාඟ චන්දයෙන් ගෙදර යවමු....

    ReplyDelete
  2. Look..the fellow has come forward to protect people like Rishard saying there is no issue in Wilpattu...

    ReplyDelete
    Replies
    1. යටියනයා5/11/2015 5:38 PM

      ‘විල්පත්තුවට හානියක් නෑ‘
      ******************************
      2015 මැයි මස 11 14:17:56 |

      විල්පත්තු ජාතික වනෝද්‍යානයේ අනවසර ඉදිකිරීම් කර නැති බවත්, ඉදි කිරීම් කර ඇත්තේ ඉන් ඔබ්බෙන් පිහිටි අභය භූමියේ බවත්, වනජීවී අධ්‍යක්ෂ ජනරාල්ගේ අවසරයකින් තොරව අභයභූමියක ඉදි කිරීම් කළ නොහැති බවත් විදුලිබල ඇමැති පාඨලී චම්පික රණවක මහතා අද (11) පැවැති මාධ්‍ය සාකච්ඡාවක දී මාධ්‍යවේදියකු නැගූ පැනයකට පිළිතුරු දෙමින් පැවසීය.


      Delete
  3. යටියනයා5/11/2015 5:41 PM

    පේනව නේද මේ කැනහිලා දැන් රඟපාන චරිතය...
    මූට ආයෙත්නම් සිංහල චන්දයකින් බලයට පත් වීමට ඉඩ නොදීමට සියලු දෙනා
    ඉතා හොඳින් සිතට ගත යුතුයි,,,

    ReplyDelete
  4. අහෝ ච්ම්පික

    ReplyDelete

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions