5/15/2015

කූට ලේඛන වරදට සන්නස්ගල 'හිරේ' යයි ?.

කතෘ:යුතුකම     5/15/2015   4 comments

ශෂී-සන්නස්ගල කූට ලේඛන අවනඩුව


ජනවාරි 08 වෙනිදා පැවති ජනාධිපතිවරණ ජයග්‍රහණයෙන් පසු කූට ලේඛන පිළිබඳ සමාජය තුළ කතා බහක් නිර්මාණය විය. ඒ "නහී වේරේන වේරානී" බණ පදයෙන් ආරම්භ කළ යහ පාලන ජනාධිපතිවරණ ව්‍යාපාරය ජයග්‍රහණයෙන් කෙළවර වීමත් සමඟ ගිනි කන්දක් පුපුරා ගියා සේ වෛරය, පළිගැනීම නමැති ලෝ දිය රට පුරා ගලන්නට වූ හෙයිනි.
ජනාධිපතිවරණයට පෙර වේදිකාවේ මහින්දගේ ආණ්ඩුවේ සිටි හොරුන්, දූෂිතයින් අත් අඩංගුවට ගන්නා බවට සපථ කළ ද අත් අඩංගුවට ගත්තේ තිස්ස අත්තනායක සහ ශෂී වීරවංශ ය. ඔවුන්ට එල්ල වී ඇති චෝදනාව කූට ලේඛන සෑදීමයි. තිස්ස අත්තනායක ව්‍යාජ මෛත්‍රී-රනිල් ගිවිසුමක් හැදූ බවට චෝදනා කළ ද ඒ ගිවිසුමේ තිබුණු කරුණු සත්‍ය බව යහ පාලන ආණ්ඩුව දින 100 තුළ ක්‍රියාවෙන් ඔප්පු කර අවසන් ය. ශෂීට එල්ල වී ඇති චෝදනාව පිළබඳ අධිකරණයේ නඩු ඇසෙමින් පවතී.
එහෙත් ශ්‍රී ලාංකේය මහා සිනමාකරුවා ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ ඡායාරූපවලට කේ. පී. පද්මනාදන්ගේ හිස සවි කර පාඨලි චම්පික රණවක කළ මහා කූට ලේඛන වංචාව සඳහා යහ පාලන ආණ්ඩුවේ දඬුවම වූයේ ඔහු නැවත විදුලි බල හා බලශක්ති ඇමති ධූරයෙහි පිහිටුවීම ය. තමන් කූට ලේඛන හැදූ බව පිළිගත් වික්‍රමබාහු කරුණාරත්න ආණ්ඩුවේ විධායක සභාව නම් ප්‍රජාතන්ත්‍ර විරෝධි ආයතනයේ යෙහෙන් වැජඹෙයි. තමන් කූට ලේඛන මිටි ගණන් හැදූ බව පිළිගත් යහ පාලන පෙරගමන්කරු උපුල් ශාන්ත සන්නස්ගල ආණ්ඩුවේ මාධ්‍ය ආයතනවල සුපිරි තරුව බවට පත්ව බබළයි.
මහාචාර්ය එදිරිවීර සරත්චන්ද්‍රයන්ගේ කෘති නීති විරෝධි ලෙස මුද්‍රණය කිරීමේ වරදට ලක්ෂ 7.5 වන්දි ගෙවූ සන්නස්ගලයෝ පියසේන කහඳගමගේ සූරීන්ගේ පොත් හොරට මුද්‍රණය කොට බෙදා හැරීම පිළිබඳ සමාව ඉල්ලා කහඳගම සුරීන්ට ලිපියක් යැවූහ. සන්නස්ගලයෝ මහාචාර්ය සුචරිත ගම්ලතුන්ගේ ග්‍රන්ථ 11ක් කිසිදු ප්‍රකාශන අයිතියක් නොමැති තවමත් මුද්‍රණය කරන බව ගම්ලත් මහතාගේ බිරිඳ සේපාල් අමරසිංහයන්ට පවසා කළ හැකි දෙයක් නැතිව දුක් වෙත්. ගම්ලතුන්ගේ මහාර්ඝ ශබ්දකෝෂයට ගෙවිය යුතු මුදල් නොගෙවීම පිළිබඳ නඩුව තවමත් අධිකරණයේ ඇසෙත්.
මේ අනුව යහ පාලන සුපිරි තරුව සන්නස්ගලයන් තරම් කූට ලේඛන පිළිබඳ කුප්‍රකට චරිතයක් ලොව ඇතැයි මම අසා නොමැත. එහෙත් සන්නස්ගලයන් මෙවැනි වංචාකාරයෙකැයි නළුවෙක් නොවන මොළයක් බව කියන, හොර බොරු වංචාවලට කිසිදා ඉඩක් ලබා නොදුන් රනිල් වික්‍රමසිංහ මහතා මෙතෙක් දැන සිටියේ නැත. ඒ වරද සැලවූ වහා ම යහ පාලන ආණ්ඩුව තරාතිරම නොබලා සියලු වැරදිකරුවන් අල්ලා සිරගත කරන බව නැවත වරක් සනාථ කරමින් උපුල් ශාන්ත සන්නස්ගලයෝ එක්සත් ජාතික පක්ෂ රත්මලාන ආසන සංවිධායක ධූරයෙහි සිරගත කළේ ය.
මෙලෙස නැවත නැවත යහ පාලන නීතිය සැමට එක බවත් නීතියට උඩින් කිසිවෙකුට ක්‍රියාත්මක විය නොහැකි බවත් අකනිටා බඹලොව දක්වා විහිද පැතිරවූ යහ පාලන ආණ්ඩුව දිගුකල් දිනේවා!

- නාමල් උඩලමත්ත
යුතුකම සංවාද කවය
www.yuthukama.com

,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

4 comments :

  1. වැඩක් නෑ ඩො තොපි දැන් කුජීතයි. මහ මැතිවරනෙන් පස්සේ මරා සදහටම දේශපාලනෙන් කූරියා ගහනවා. ඊට පස්සේ තොපි ඔක්කොම කූරියා ගහනවා. හික් හික් හූ

    ReplyDelete
    Replies
    1. මර්වින්5/15/2015 10:33 PM

      මෙන්න අදත් නින්දෙන් බය වෙලා ඇවිත්...
      මරා හීනෙන් පෙනිල :)
      පව් බන් උඹ...
      කාගේ උනත් දරුවෙක්නේ....

      Delete
  2. මොනවද මුන් මේ ලියන්නේ. නිතිය ගැන මෙලෝ හත්තිලව්වක් දන්නේ නැති වහල්ලු ටිකක්. බයියාතුමා පැරදිලා හොඳටම පිස්සු හැදිලා ඉන්නේ.

    ReplyDelete
    Replies
    1. යටියනයා5/15/2015 10:36 PM

      හා දැන් මොකක්ද පණ්ඩිතුමා මේ ගැන දන්න නීතිය?
      මේ වටේ ඉන්න බයියලට තේරෙන්නත් එක්ක කියල දුන්නනම් හොඳයි නේද?

      Delete

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions