
දැන් නයා රෙද්ද අස්සේ දාගෙන කනවා කනවා කියල කෑ ගැහනවා. රනිල් පාලනය කරන ආණ්ඩුවක මෙහෙම වෙනවා කියල මුලින්නම හිතන්න තිබුණත් දැන් ගිය දේ ගියා. ශ්‍රිලනිපය දැන්වත් එකා වන් ව (අර මෛත්‍රීත් එක්ක මුලින් ම ගිය අය හැර) හිතන්න පටන්ගන්න ඕන. ශ්‍රිලනිප මන්ත්‍රීවරුන් රනිල්ගේ ඉඳුල් කන්න බලා සිටිම අතහැර දැමිය යුතුයි. ඇයි ඔවුන් අනුන්ගේ අගුපිල්වල ලගින්නේ. තාමත් එජාාපයේ ඡන්ද පදනම ලක්‍ෂ 30 වඩා නෑ.
ඒ අනුව, දැන් ශ්‍රිලනිපය කරන්න ඕන මෛත්‍රි ව පක්‍ෂ නායකකමෙන් ඉවත්කරන සටන. ඇයි තමන්ගේ විරුද්ධවාදී පිළේ නායකයා තමන්ගේ නායකයා කරගෙන යන්නේ. මෛත්‍රීට බෑ ශ්‍රිලනිප අභිලාෂ වෙනුවෙන් පෙනී සිටින්න. ඒකයි පළාත් පාලන ආයතන ටික ශ්‍රිලනිපයෙන් ගැලවෙන තැනට වැඩ කළේ. ඔහු රනිල් වෙනුවෙන් සේවය කරන්න බැඳි ඉන්නවා. මෛත්‍රීට මෙතනින් පස්සේ පුද්ගලික දේශපාලන අරමුණු තිබෙන්න විදියක් නෑ. ඔහු ගිහින් ඉන්නේ දේශපාලනයේ හිනි පෙත්තට. ඒත් එහෙමයි කියල ශ්‍රිලනිපය මරාගෙන මැරෙන්න කාටවත් ඉඩ දෙන්න බෑ.
අවසානයේ කොහෙ දී හරි තමන්ට රනිල්ගේ දරුණු ඒකාධිපතිත්වයට එරෙහි ව සටන් කරන්න වෙනවා කියල ශ්‍රිලනිපය තේරුම් ගන්න ඕන. ඉතින් රනිල් තවත් සවිබල ගන්නවල කරනවට වැඩිය හොඳයි නේද දැන්ම ඒක කරන එක. කඩුව ගන්න පුළුවන් වෙලාවේ ගන්න.මනමේහි වගේ (චුල්ලධනුද්ධර ජාතිකය) ශ්‍රීලනිපය හා රනිල් අතර සටනක් ආ වෙලාවක මෛත්‍රීගෙන් මේ දෙගොල්ල කඩුව ඉල්ලුවොත් ඒක අනිවාර්යෙන් ම හම්බ වෙන්නේ රනිල්ට. ඔබට අත්‍යාවශ්‍ය මොහොතේ මෛත්‍රීගේ සභාපතිකමේ ශක්තිය ලැබෙන්නේ නැහැ. මතක තියා ගන්න. මහින්ද කියල තමන් පැත්තකට විසිකරල දාල තියෙන්නේ මේ රට ඉල්ලන ආධ්‍යාත්මික විඤ්ඤානය හෙවත් ජාතියේ කඩුව. මේ අඳුර විදාරන්න පුළුවන් ඒ කඩුවෙන් විතරයි. නැතිනම් වැද්දා අතින් මැරෙන්න සූදානම් වන්න.
මහින්ද පතිරණ
යුතුකම සංවාද කවය
www.yuthukama.com
0 comments :
ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .