"මානව වර්ගයා වෙත වන සංවේදිතාව. බෞද්ධ දර්ශනය හා මහත්මා ගාන්ධි තුමාගේ අත්හදා බැලුම් යොදා ගනිමින් ඉන්දියාව හා චීනය ප්‍රගතියේ නව උස් තැන් එක් ව ස්පර්ශ කළ යුතු ය. ඒ අනුව, මානවයාගේ සුභසාධනයට කැප වූ ක්‍රමයක් අපට ලෝකයට දායාද කිරීමේ අවස්ථාව අපට තිබේ."
-නරේන්දු මෝඩි.
ඉන්දීය අග්‍රාමාත්‍ය චීනයේ දී.
මෝඩිගේ චීන සංචාරයේ දී විවිධ වර්ගයේ ගිවිසුම් 24 දෙරට අත්සන් කළ අතර එහි මූල්‍යමය වටිනිකම ඩොලර් බිලියන 10කි. කෙසේ වෙතත්, චීනය හා ඉන්දියාව අතර රාජ්‍ය තාන්ත්‍රික හා ආර්ථික සබඳතා තර වෙද් දී ශ්‍රී ලංකාව හා චීනය අතර වන සබඳතාවලට කණ කොකා හැඬීමට පටන් ගෙන තිබේ. මීට ප්‍රධාන හේතුව ශ්‍රි ලංකාව චීනය සමග සබඳකම් තරකර ගැනීම පිළිබඳ ඉන්දියාව අකමැති වීම ය. මේ අනුව, එක් අක්‍ෂයක් (axis) පමණක්- එනම් ඉන්දියා-ඇමරිකා අක්‍ෂයට වැඩි වාසි දෙන ලෙස මේ වන විට ශ්‍රී ලංකාව ස්ථානගත කොට තිබේ. මෙය වත්මන් ආණ්ඩුවේ දුබල පෞරුෂ ලක්‍ෂණ නිසා හටගත් තත්වයකි.මහින්ද රාජපක්‍ෂ විසින් ඇමරිකා-ඉන්දියා-චින තුන් කොන් සටන තුළ ස්ථානගත වූයේ අදාළ රටවල් තුනෙන් එකකට හෝ ශ්‍රී ලංකාවට හානියක් නොකළ හැකිවන තැනක ය. මහා පරිමාන රටවල් එකිනෙකා සමග සීතළ තරඟ මෙහෙයවන විට කුඩා රටවල් කරන්නේ තමාගේ කිසියම් ප්‍රබල තුරුම්පුවක් ඉදිරියට දමා අදාළ රටවලට තමා පිළිබඳ අහිතකර තින්දු ගැනීම අතපසු කරන (deter) තැනකට රැගෙන යාම ය. රටවල් සපුරා පිනවමින් මෙය කළ නොහැකි වන අතර පිනවීම හා නොපිනවීම යන දෙක අතර ස්ථානගත වීම වඩාත් ප්‍රයෝජනවත් ය. ශ්‍රී ලංකාව සිටියේ එවැනි තැනක ය. යුධ සමයේ දී ද ඉන් පසුව ද ඇමරිකාවට හා ඉන්දියාවට තමාට සිතු සේ ශ්‍රි ලංකාවට බලපෑම් කළ නොහැකි මෙනිසා ය. චීනයට වුව තමාට ඇවැසි බොහෝ දේ සඳහා ශ්‍රී ලංකාට සිතු සේ බලපෑම් කළ නොහැකි තත්වයක් තිබුණි. මන්ද එවිට ලංකාව චීනයට ඉන්දියාව පෙන්වා සිටියේ ය.
ලොව දෙවැනි විශාලත ම ආර්ථිකය නොමනාපයට පත්කරගනිමින් ශ්‍රී ලංකාව දැන් යන ගමන අවසන් වනු ඇත්තේ ලංකාවට කිසිදු මිතුරු රටක් ඉතිරි නොකරමින් ය. මෙය ගමේ ගොඩේ හඳුන් වන්නේ අල්ලපු අත්ත හා පය ගහපු අත්ත යන දෙක ම නැතිවීම ලෙස ය.
-මහින්ද පතිරණ

යුතුකම සංවාද කවය
www.yuthukama.com
අම්මට හුඩු, මම එහෙම තැනක ස්ථාන ගත කලාද ලංකාව?
ReplyDelete-මිට බයියාතුමා
The above comment shows the level of intelligence of the Sri Lankan. No wonder the country suffers...
ReplyDelete