5/11/2015

මොණර මන්දිරය හා යහපාලන මොණර නැටුම

කතෘ:යුතුකම     5/11/2015   4 comments

මොණර මන්දිරයක් පිළිබඳ මීට මාස කිහිපයකට පෙර පොදු සමාජයේ බහුතරයක් දෙනා අසා තිබුණේ නැත. හිටපු ජනාධිපතිවරයා මෑතකදී එහි පදිංචියට පැමිණෙන බවට කතා බහක් පැතිරෙත්ම මන්දිරය පිළිබඳවද කතා වන්නට විය. 
මෙහිදී විශේෂයෙන් සිහි කරගත යුතු කරුණ නම් හිටපු ජනාධිපතිවරයාට මෙසේ තැන් තැන් වල තාවකාලික නවාතැන් සොයන්නට සිදුව ඇත්තේ මෛත්‍රී -රනිල්- චන්ද්‍රිකා ආණ්ඩුවට දින 150 කුත් ඉක්ම යද්දීත් ජනාධිපතිධූරය දැරූ තැනැත්තෙකුට නීත්‍යානුකූලව හිමි වන නිල නිවස තවමත් ලබා නොදීමේ දේශපාලන පළිගැනීම නිසා බවය. ඒ ඔවුන්ගේ ඇගේ වෛරයේ ස්වභාවයයි.

හිටපු ජනාධිපතිව
යාට කොළඹ ස්ථානගතවන්නට ස්ථානයක් නොවූ බැවින් ව්‍යාපාරිකයෙකු වන ඒ.එස් පි. ලියනගේ මහතාට හිමි දියවන්නාව අසල ඇති මොණර මන්දිරය නම් වූ දැවැන්ත නිවහන ස්ව කැමැත්තෙන්ම හිටපු ජනාධිපතිවරයාගේ පරිහරණයට ලබා දෙන බව ලියනගේ මහතාම ප්‍රකාශ කළේය. ඒ අනුව පසුගිය මස හිටපු ජනාධිපතිවරයා එහි පදිංචියට යන බවට ආරංචි පැතිරිණ. නමුත් හදිසියේම සියල්ල අවුල් වීය. ස්වකැමැත්තෙන්ම තම නිවස පරිත්‍යාග කරන්නට සූදානම්ව සිටි එහි හිමිකරු එක රැයකින් අංශක 180ක් කනපිට ගැසී තිබිණ.

ඒ සමගම මාධ්‍යට අදහහස් පළකළ ඔහු පවසා සිටියේ තමන් කලින් දැරූ අදහස වෙනස් කරගත් බවයි. එහිදී ඔහු තව දුරටත් පැවසුවේ තමන් ව්‍යාපාරිකයෙකු බවත් තමන් එම ව්‍යාපාරවලට මෙන්ම තමන්ගේ ජීවිතයටත් ආදරය බැවින් මේ පරිත්‍යාගය සිදු කල නොහැකි බවයි. තමන් ඒ වෙද්දී බියට පත්ව සිටින බවද ඔහු පැවසීය. නමුත් ඒ කුමකටදැයි කාටදැයි  තමන් බිය වැද්දුවේ කවුදැයි ඔහු ප්‍රසිද්දියේ පැවසුවේ නැත. මාධ්‍යවේදීන්ද ඔහුගන් නිකමටවත් ඒ ගැන නොවිමසුවේ අද ඇත්තේ 'යහපාලනයක්' 'මෛත්‍රීපාලනයක්' බැවින් විය හැක.
 
ඒ.එස්.පී හිමිකරුවාට ජීවිත භය ඇති කලේ කවුද?

ඒ පිලිබඳ නැවත තහවුරු කිරීමක්  පසුගිය සතියේ ලියනගේ මහතා විසින් පෞද්ගලික ගුවන් විදුලි නාලිකාවක් සමග පැවැත්වූ සමුඛ සාකච්චාවකදී ප්‍රකාශ කෙරින. එහිදී ඔහු පවසන්නේ මොණර මන්දිරය හිටපු ජනාධිපතිවරයාගේ පරිහරණයට දීම ආපස්සට හැරවෙන්නේ ඊට කලින් දින යහපාලන ආණ්ඩුවේ සෞඛ්‍ය ඇමතිවරයා සමහ ලියනගේ මහතා පැවැත්වූ සාකච්චවකින් පසුව බවයි. ඒ වෙන කිසිවෙකු නොව මෛත්‍රීපාල සිරිසේන මහතා සමග ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පැරදවීමට පොදු අපේක්ෂක මෙහෙයුම කරට ගෙන ක්‍රියා කළ එහි පෙරගමන් කරුවකු වූ රාජිත සේනාරත්න මහතාය.

ලියනගේ මහතා කලින් දිනයක පැවසූ තමන්ගේ ව්‍යාපාර සහ ජිවිත පිළිබඳ බිය ඇතිවී ඇති තැන දැන් ඕනෑවටත් හොඳින් පැහැදිලිය. ඒ ඇමතිවරයාට ඒ සඳහා ඇති හැකියාව පිළිබඳ 88-89 යුගයේදී ප්‍රා සංවිධානයට බිලි වූ තරුණයන්ගේ විලාප හඬ දෝංකාර දුන් කොළඹ විශ්ව විද්‍යාලයේ පවත්වාගෙන  ගිය ප්‍රා වදකාගාරය සාක්ෂි දරනවා ඇත. අද ඔහු මෛත්‍රීපාලනයේ  අග්‍ර පුරෝහිත ධූරයක් දරයි...
මේ යහපාලන යුගයයි. මෛත්‍රී වේශයෙන් එන යහපාලන ව්‍යාජයේත් මෛත්‍රී වේශයෙන් එන දේශපාලන වෛරයේත් පැහැදිලි සලකුනක් මොණර මන්දිරය හරහා සටහන් වී අවසන්ය.

එක් පසකින් ජනාධිපතිධූරය දැරූවකුට නීත්‍යානුකූලව හිමිවන නිල නිවස ලබා නොදීම හරහාත් අනෙක් පසින් බාහිර පාර්ෂවයක් හරහා ඇබුණු අවස්ථාව දේශපාලන බල
හරහා ත්‍රස්ත කිරීමෙන් නිහඬ කල ත්‍රාඩ හැසිරීම මෛත්‍රි පිරුවටයෙන් වසා ගෙන සිටීම හරියට මොණර නැටුමට සමානය. මොණර නැටුම නටද්දි මොණරා ඉතා ආකර්ශනීයව පිටට පෙනෙන්නට නැටුවද පිටුපසින් බලන්නෙකුට මොණරාගේ නිරුවත් පශ්චාත් භාගය හොඳින් පෙනේ. මොණර මන්දිර සිදුවීම හරහා තහවුරු වූයේ මෛත්‍රීය ,සාධාරණය ,පිවිතුරු බව වැනි අකර්ශනීය පිල් විහිදා නටන යහපාලන මොණර නැටුමේ යථා ස්වභාවයයි.
-කෝට්ටවත්තේ ගුණසේන පෙරේරා
යුතුකම සංවාද කවය
www.yuthukama.com

, ,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

4 comments :

  1. අනේ කවුරුහරි වරෙල්ලකෝ මරාගේ මලමිනියට පනදෙන්න. මැරිච්ච මරාගේ කුණු ගඳ ගැන හිතන්න එපා. අපි ඒ ගඳ එදා ඉඳලා විදා නේද. ඉතින් අපි හුතුකම ගොන්වාද වකය මගින් මරාට පනදෙමු.

    ReplyDelete
    Replies
    1. පල ගොබිලෝ යන්න, උඹල වගේ කාලකන්නි නිසා තමයි මේ රටට කෙල වෙන්නේ .

      Delete
    2. ගුරා5/12/2015 9:30 AM

      යහපාලන සිහිනයෙන් අනාථ උන අසරණයෙක්..
      මූට අනුකම්පා කරන්න.
      පව් අහිංසක යහපාලන කුක්කා

      Delete
  2. දවස් 100 යනකොට ගන්ද ගහුවෙ කගෙ අන්ඩුවදඩන්නෙ නේ නෙද.
    රට විකුනන එවුන් නම් මෙ දවස් වල ගොඩක් සතුටින්

    ReplyDelete

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions