5/14/2015

ජාතිවාදීහු 2009 විජයග්‍රහණය නොසමරති

කතෘ:යුතුකම     5/14/2015   No comments

වසර 2000 විය. චන්ද්‍රිකා පාලනය යටතේ රට වැනසෙමින් තිබුණි. තැන තැන සුදු කොඩි ය. අළුත සෙබළෙක් නොමළ ගෙයක්, ගමක්, නගරයක් නොමැති තරම් ය. ආර්ථිත පීඩනයෙන් මිරිකී ගිය දකුණට උතුරුකරයෙන් පැමිණියේ මියගිය දහස් ගණනක් සෙබළ සෙබළියන්ගේ විරූපී මළ සිරුරු ය. සිරිලක පුරා විසාලා නුවරක තුන් බිය පැතිරෙද්දී, මුලතිව්, පූනරින් වැනි කඳවුරුවල සෙබළු එක රැයින් දහස් ගණනක් එකවර දෙරණත සිපගත්හ. ශ්‍රී ලංකා ව්‍යවස්ථාවේ භෞමික අඛණ්ඩතාවය පිළිබඳ කොටස සිඝ්‍රයෙන් දැවී අළු වී නොපෙනී යමින් තිබුණි. ජර්මන් භාෂා ගුරුවරයෙකු ලෙස විශ්වවිද්‍යාලයට අලුතින් පත්වීම් ලද මා වරක් ඇමතූ අපි පීඨයේ පීඨාධිපති මහාචාර්ය රජීව විජේසිංහයෝ මැනුම් විද්‍යා පීඨයේ සිටි එවකට සිටි දමිළ සිසුන්ට ඉංග්‍රීසියෙන් සිංහල උගන්වන්නැයි කීහ. ඊට එක පයින් කැමති වූ මම අදාළ පන්ති කාමරයට යන විට සිටියේ විටෙක මගේ ම වයසේ හෝ මට වඩා වැඩිමහල් දමිළ සිසුන් පිරිසකි. ඔවුන් ද දැන හඳුනාගෙන මුලින් ම සිංහල හෝඩිය කියා දෙන අතර තුර මෙම සිසුන් මගේ විමසා සිටියේ ‘කනවිරුවෝ’ යනු කවුරුන් ද යන්න ය. එවිට මා කීවේ ඒ පිළිබඳ මා නොදන්නා බවත් 'රණවිරුවෝ' නම් පිරිසක් පමණක් දන්නා බව ය. එහෙත් ඔවුහු මගේ පිළිතුර එකහෙළා ප්‍රතික්‍ෂේප කළහ. තමා සිංහල නොදත් නමුදු 'කනවිරුවෝ' පිළිබඳ දන්නා බව ඔවුහු සිනහසෙමින් මා හා කීහ. ඒතාක් ඇත්ත වශයෙන් ම මා සිතුවේ දමිළ සිසුන්ට තිබෙන උච්ඡාරණ ප්‍රශ්නයක් නිසා 'රණවිරුවෝ' යන්න 'කනවිරුවෝ' ලෙස වහරන බව ය.

වැරදී තිබුණේ මට ය. සිසුන් මෙම වචනය තම පොත්හි ලියා මගෙන් එය නිවැරදි දැයි විමසා සිටියහ. එවිටය මට වැටහී ගියේ මේ සිසුන් හිතා මතා ම උතුරේ එල්ටීටි ප්‍රහාරවලින් මියැදෙන හමුදා සෙබළුන් වෙනුවෙන් 'කනවිරුවෝ' යන්න අපහාසාත්මක යොදා ගන්නා බව. මේ ඒ සිසුන්ගේ වරදක් නොව, එල්ටීටිය විසින් එවකට උතුරු වැසියන්ට ආරක්‍ෂක හමුදා පිළිබඳ දෙන ලද ප්‍රතිරූපයයි. පසුකාලීන ව අපගේ ජර්මන් භාෂා දේශනවල දමිළ සිසුන් විශාල පිරිසක් සිටි අතර ඔවුන් කිසි විටෙකත් ජාතිවාදී ස්වරූපයක් පෙන්වා නැත.
ඇත්ත වශයෙන් ම ඉහත සිසුන් කීවා සේ අපට සිටියේ රණවිරුවන් නොව, කනවිරුවන් ය. මොවුන්ට නිශ්චිත ඉලක්කයක් අණක් නායකත්වයක් ලැබුණේ නැත. චන්ද්‍රිකාගේ සුදු නෙළුම එක් සාක්කුවක ද අනෙක් සාක්කුවේ ග්‍රෙනේඩය ද රැගෙන ගිය සෙබළා කොයි එකෙන් ප්‍රතිචාර දක්වන්නේ දැයි සිතන විට ම කොටියා ඔහු ව ඉතිරි නොකර ම අවසන් කොට තිබුණි. මහින්ද රාජපක්‍ෂ විසින් ය සෙබළාට එක් අණක් ලබා දුන්නේ, එක් දිසාවක් ලබා දුන්නේ, එක් අරමුණක් ලබා දුන්නේ. ඔහු විසින් ය කනවිරුවා ලෙස හංවඩු ගසා තිබූ සෙබළා රණවිරුවා බවට පත්කළේ.

රණවිරුවා බවට පත්වීමෙන් පසු ඔහුට රට වෙනුවෙන් කළ නොහැක්කක් නොතිබුණි. අන් සියල්ල ද අවසානයේ තම ජීවිතය ද මව්බිම වෙනුවෙන් කැප කිරීමට ඔවුහු නොපසුබට වූහ. ත්‍රස්තවාදියා හමුවේ බැගෑපත් නොවී, ඔහුට වැටහෙන ඔහුගේ ම බසින් කට උත්තර නැතිවන ලෙස ප්‍රතිචාර දැක්වීමට රණවිරුවා සමත් වූයේ ඔහුගේ ඇඟ පුරා දිවූ වීරත්වයේ හා අදීනත්වයේ නව රුධිරය නිසා ය. නව ප්‍රාණය නිසා ය.
ශ්‍රී ලංකික සෙබළා සටන් කළේ ජාතියට හො ජයවර්ගයකට එරෙහි ව නොව, ත්‍රස්තවාදයට එරෙහි ව ය. දමිල ජනයා ත්‍රස්ත පාසයෙන් මුදා ගැනීම ඔහුගේ ප්‍රමුඛතම ඉලක්කයක් විය. එය එසේ ම කළ බව දැන් ලෝක ඉතිහාසය තුළ රන් අකුරින් ද ලියැ වී තිබේ. ඒ අනුව, එදා නන්දිකඩාල්වල දී ශ්‍රී ලංකා හමුදාව අවසන් සටන කළේ දමිළයාට එරෙහි ව යැයි සිතන පිරිස් යුද්ධය දෙස ජාතිවාදී කොන්යෙන් බලන්නෝ වෙති. මෙරට සෙසු ජනයා කිසිවිටෙකත් දමිළයා එල්ටීටිය සමග අනන්‍ය කොට සිතන්නේ නැත. සෙබළුන් එකා පිට එකා දහස් ගණනින් කඩා වැටෙද් දී දකුණේ දමිළයා සිංහලයාගෙන් නියපිටින් පහරක් නොකෑවේ ඒ අසම සම කරුණාව හා අවබෝධය නිසා ය. ඒ අනුව, වත්මන් රජය 2009 ත්‍රස්තවාදයට එරෙහි විජයග්‍රහණ සැමරුම එක් ජනවර්ගයක සිත් පෑරිමක් ලෙස සිතන්නේ නම් එය ම දැඩි ජාතිවාදී ප්‍රවේශයකි. එමගින් දෙන පණිවුඩය වන්නේ මේ සටන සිදු වී තිබෙන්නේ සිංහලයා හා දෙමළා අතර බව ය. එය දමිලයා තුළට ඇතැම් දේශපාලඥයින් විසින් කවා තිබෙන ජාතිවාදී ගිනි තවදුරටත් ඇවිලවීමකි. ශ්‍රී ලංකා හමුදාව යනු සිංහල හමුදාවය යන එල්ටීටී මතයට මුක්කු ගැසීමකි.පසුගිය සතියේ මුළු බටහිර ලෝකය ම එක් ව සැමරූ දෙවැනි ලෝක යුධ විජයග්‍රහණයේ 70 වැනි සංවත්සරය ජර්මන් ජාතියේ සිත් රිදේ වී යැයි කියා කිසිවෙක් විසින් නොසමරා සිටියේ ද? නැත. ජර්මානුවා තමා නාසිවාදියෙකු ලෙස අනන්‍ය කොට තමා හඳුනා ගන්නේ නැත. සෙසු යුරෝපීය ජාතීන් ද ජර්මානුවා පිළිබඳ එසේ සිතන්නේ නැත. දමිළයා හා එල්ටීටිය පිළිබඳ වෙනස ද එසේ ම ය.

ඉදින් මුළු රට ම එකතු කරන අවස්ථාවක් ජාතිවාදී කඩුවෙන් දෙබෑ කරන ලද්දේ වත්මන් ආණ්ඩුවේ සිටින ජාතිවාදයෙන් එදා සිට මෙරට පුළුස්සා දැමූ ඒ ගෝත්‍රික ජේ ආර්ගේ ගෝලයින් හා ඇමරිකන් ගැති මාර්ක්ස්වාදීන් ය. 2009 විජයග්‍රහණය අප සැමගේ ය. දෙමළාගේ ය. මුසල්මානුවාගේ ය. සිංහලයාගේ ය. අප සැම එය සැමරිය යුතු ය.
 

මහින්ද පතිරණ
-යුතුකම සංවාද කවය
www.yuthukama.com 

--------------------------------------------- 
"නිවැරදිව හරවත්ව කියවන්න අපගේ ෆේස්බුක් පිටුව සමඟ එක්වන්න.
https://www.facebook.com/yuthukama
ෆේබුක් පිටුවට Like  කර එකතු වන්න "
--------------------------------------------- 

, , ,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

0 comments :

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions