5/24/2015

මුළු රටටම සාමය උදා වූ මැයි 19 ශෝක දිනයක්‌ ද?

කතෘ:යුතුකම     5/24/2015   No comments

සෑම ජාතියකම දහස්‌ ගණන් පුද්ගල ඝාතන නැවතී,
මුළු රටටම සාමය උදා වූ මැයි 19 ශෝක දිනයක්‌ ද?
- ආචාර්ය දයාන් ජයතිලක

අපේ රට නව ආර්ථීක හා දේශපාලන ගමන්මඟකට අවතීර්ණ කරමින් යළි කිසිදා යුද්ධයකට ඉඩ නොතබන බව පසුගියදා ජනාධිපතිතුමා ප්‍රකාශ කළා. නිමා වූ යුද්ධයෙන් සිදු වූ භෞතික හානිවලට විසඳුම් ලබා දුන්නත් බිඳුණු සිත් සුවපත් කිරීමේ ජාතික සංහිඳියා වැඩපිළිවෙළ වඩාත් ක්‍රමවත් කිරීමේ අවශ්‍යතාවත් එතුමා අවධාරණය කළා. තිස්‌ වසරක්‌ පැවති යුද්ධය නිසා බිඳුණු සිත් සුවපත් කර ශ්‍රී ලාංකික ජාතියක්‌ ලෙස එක්‌සත්ව කටයුතු කිරීම සඳහා ක්‍රියාත්මක විය යුතු ජාතික සංහිඳියා වැඩපිළිවෙළ පිළිබඳව ආචාර්ය දයාන් ජයතිලකයන් සමග 'දිවයින ඉරිදා සංග්‍රහය' පැවත්වූ සාකච්ඡාවකි මේ.

ජාතික සංහිඳියා වැඩපිළිවෙළ වඩාත් ක්‍රමවත්ව ක්‍රියාත්මක කිරීම සිදු කළ හැක්‌කේ කෙසේද?

රාජපක්‌ෂ ජනාධිපතිතුමාගේ කාලයේ සිදුවන්නට තිබූ සහ සිදු නොවූ යම් යම් කරුණු කාරණා තිබුණු බව අප පිළිගත යුතුයි. ඒවා කවරේද යන්නත් හරි හැටි තේරුම් ගත යුතුයි. එසේම රාජපක්‌ෂ ආණ්‌ඩු කාලයේදී සිදු කෙරුණු නිවැරදි දේවල් ගැනද සඳහන් කළ යුතුයි.

සංහිඳියාවක්‌ ගැන අපට කතාකිරීමට හැකි වී තිබෙන්නේ එල්ටීටීඊ සංවිධානය සම්පූර්ණයෙන්ම යුදමය වශයෙන් පරාජයට පත්කළ නිසාය. එය මහින්ද රාජපක්‌ෂ මහතාට කලින් සිටි කිසිම රාජ්‍ය නායකයකුට කරන්නට හැකි වූවක්‌ නොවේ. මහින්ද රාජපක්‌ෂ ජනාධිපතිතුමා එය ඉටු කිරීමෙන් මේ රටේ සංහිඳියාව ඇතිකිරීමට අවශ්‍ය එක්‌ පූර්ව කොන්දේසියක්‌ ඔහු විසින් නිර්මාණය කර ඇත. ඔහු එතැනින් නොනැවතී උතුර නැගෙනහිර ජන්ද හැකි හැම ආකාරයකින්ම 2009 සිට පවත්වනු ලැබිණි. පළාත් සභා, පළාත් පාලන, පාර්ලිමේන්තු හා ජනාධිපතිවරණ යන ඡන්ද හතර වර්ගයම උතුර නැගෙනහිර පවත්වනු ලැබුවේ දශක තුනකට පමණ පසුවය. එනම් උතුර නැගෙනහිර ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් ප්‍රතිශ්ඨාපිත කළේ, ඔවුන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අවකාශය යළි විවෘත කළේ මහින්ද රාජපක්‌ෂ ජනාධිපතිවරයායි. එතැනිනුත් නොනැවතී දැනට යම් විවේචනයන්ට ලක්‌වන ද්‍රව්‍යමය හෝ භෞතික සංවර්ධනය විසින් උතුර නැගෙනහිර යා කිරීමකුත් රාජපක්‌ෂ ජනාධිපතිවරයා විසින් සිදුකරනු ලැබිණි. රටක බෙදුම්වාදයක්‌ ඇතිවීමට එක්‌ හේතුවක්‌ වන්නේ ඒ රටේ අදාළ ප්‍රදේශය හෝ පළාත අනික්‌ පළාත්වලින් වෙන්වී සිටිනවා නම් පමණි. බෙදුම්වාදයට ඉඩ සලසන ඒ වෙන්වී සිටීමේ පැවැත්ම නමැති යථාර්ථය වෙනස්‌ කිරීමට මහින්ද රාජපක්‌ෂ ජනාධිපතිවරයා විශාල පියවර ගණනාවක්‌ ගත්තා. වෙන්වී සිටීමේ තත්ත්වය හුදෙක්‌ කටවචනයෙන් වෙනස්‌ කළ හැක්‌කක්‌ නොවේ. එය භාවිතාවෙන්ම වෙනස්‌ කළ යුතුයි. මේ රටේ යටත් විජිත ඉතිහාසය ගත්විට එකිනෙකින් වෙන්ව තිබූ පළාත් එක්‌ වූයේ බ්‍රිතාන්‍යයේ මහාමාර්ග හා දුම්රිය මාර්ග ඉදිකිරීමේ ව්‍යාපෘති නිසාය. බ්‍රිතාන්‍ය ආධිරාජ්‍යවාදීන් එය කළේ අපේ රට එක්‌සේසත් කිරීමට නම් නොවේ. ඔවුන් තම ආර්ථීක හා යුදමය වාසි සඳහා ගොඩනැඟූ ඒ මාර්ග පද්ධති නිසා රට ඒකාග්‍ර වුණා. එමෙන්ම මහින්ද රාජපක්‌ෂ ජනාධිපතිවරයා තමා දැනුවත්ව මහාමාර්ග, ආර්ථීක ව්‍යාපෘති සහ යාල්දේවිය මාර්ගයෙන් උතුර යළිත් දකුණ සමඟ ඒකාබද්ධ කරන්නටත් ඒ තුළින් බෙදුම්වාදී මානසිකත්වයේ ද්‍රව්‍යමය අත්තිවාරම දියකර දමන්නටත් විශාල වැඩකොටසක්‌ කළා. එසේම දරුණුතම ත්‍රස්‌තවාදී ක්‍රියාවල යෙදුණු පිරිස හැරෙන්නට එල්ටීටීඊයේ සාමාන්‍ය හේවායන් පුනරුත්ථාපනය කර යළි සමාජගත කිරීමත් බිඳුණු සිත් යළි සුවපත් කිරීමේ ව්‍යාපෘතියේ ඉතා වැදගත් ආදර්ශවත් ක්‍රියාවක්‌. මේ සියලු කාරණා සැලකිල්ලට ගත් විට පසුගිය පාලන සමය තුළ යුද්ධයෙන් බිඳුණු සිත් සුවපත් කිරීමට විශාල වැඩ කොටසක්‌ සිදුවුණා.

අපේ රටේ එක ජනවර්ගයකට එක ජාතියකට හෝ එක්‌ ප්‍රදේශයකට සීමා කර බිඳුණු සිත් ගැන කතාකරන්න බෑ. එල්ටීටීඊ ත්‍රස්‌තවාදීන් විසින් මරා දැමුණු, කපා කොටා දැමුණු අතපය අහිමි කරනු ලැබූ දස දහස්‌ ගණනක සිංහල ජනතාවගේ සිත් බිඳී නැද්ද? ඒ බිඳුණු සිත් සුවකිරීමට ටීඑන්ඒ සංවිධානය හෝ ගඡේන්ද්‍ර පොන්නම්බලම්ගේ සංවිධානය හෝ මේ ආණ්‌ඩුව පියවර ගත යුතු නොවේද? සැබෑලෙස සිත් සුව කිරීම නම් එය සමස්‌ත ශ්‍රී ලාංකිකයන්ගේම සිත් සුව කිරීමේ මහා මෙහෙයුමක්‌ විය යුතුය. පැසිස්‌ට්‌වාදය පරාජය කර අප සියලු දෙනාම ලද විජයග්‍රහණය විජයග්‍රහණයක්‌ ලෙස සැමරීමෙන් කාගේවත් සිත් පෑරෙන්නේ නම් ඒ සිත්වල ඇති සිතුවිලි මොනවා දැයි අපට සිතාගත හැකියි. මැයි 19 දා සිදුවූයේ උතුරු නැගෙනහිර ජනතාව එල්ටීටීඊ වියගසෙන් මුදවාලීමයි. එසේ මුදවාලීම ශෝකයකට හේතුවක්‌ වන්නේ මන්ද? මැයි 19 යනු මැරුණු ජනතාව සැමරීමට සුදුසු දිනයක්‌ නොවේ. මන්ද? තිස්‌ වසරක්‌ තිස්‌සේ මෙරට සිදුවූ මහා ජන සංහාරය නැවතීම ඇරඹුණේa මැයි 19 වැනිදා නිසාය. මැයි 19 දා සිදු වූයේ සාමය උදාවීමයි. සාමය උදාවූ, මහා පරිමාණයෙන් මිනිසුන් මියයැම නතර වූ දිනය ශෝක දිනයක්‌ සේ සලකා මල්වඩම් තබන දේශපාලන ව්‍යාපාර හෝ ජන කොට්‌ඨාශයක්‌ රටේ ඇත්නම් ඔවුන්ගේ සිත් බිඳී ඇත්තේ මන්දැයි අපට තේරුම් ගත හැකියි. ඔවුන්ගේ සිත් බිඳී ඇත්තේ මැයි 19 දා බෙදුම්වාදී හමුදාව පරාජයට පත්වූ නිසාය. එවැනි සිත් සුවපත් කිරීමට කළ හැකි දෙයක්‌ නැත.

උතුර නැගෙනහිර ජනතාවගේ බිඳුණු සිත් සුවපත් කර සංහිඳියාවක්‌ ඇතිකිරීම සඳහා පෙඩරල් ක්‍රමයක්‌ ක්‍රියාත්මක කළ යුතු බවට ඇතැමුන් යෝජනා කර තිබෙනවා?

ජාතීන් අතර සැබෑ සංහිඳියාවක්‌ ඇති කිරීමට නම් එම ක්‍රියාදාමය දෙපාර්ශවය වෙතම ගමන් කළ යුතු ක්‍රියාවලියක්‌ විය යුතුයි. දකුණ විසින් උතුරේ සංහිඳියාවක්‌ ඇති කළ යුතුවා සේම උතුර විසින් දකුණේත් සංහිඳියාවක්‌ ඇති කළ යුතුයි. නමුත් අද ඇතැමුන් යෝජනා කරන්නේ ශ්‍රී ලංකාවේ සංහිඳියාව ඇති කිරීමට නම් පෙඩරල් ක්‍රමයක්‌ ක්‍රියාත්මක කළ යුතු බවයි. ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා මෙන්ම එරික්‌ සෝල්හයිම් මහතාත් ශ්‍රී ලංකාව සඳහා පෙඩරල් ක්‍රමයක්‌ පිළිබඳව ප්‍රශංසාත්මකව කතා කර තිබෙනවා. ටී.එන්.ඒ. සංවිධානය හා වත්මන් ආණ්‌ඩුව අතර ලිත නොවූ ගිවිසුමක්‌ ඇති බවත් එහි කරුණු මේ මොහොතේදී අනාවරණය කළ නොහැකි බවත් එම්. ඒ. සුමන්දිරන් මහතා තිනකුරන් පුවත්පතට පවසා තිබුණා. චෙල්වනායගම් අනුස්‌මරණ දෙසුම පවත්වමින් හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්‌ඩාරනායක කුමාරතුංග මහත්මිය ද පෙඩරල් ව්‍යවස්‌ථාවක්‌ ගෙන ඒම පිළිබඳව ප්‍රකාශ කර තිබෙනවා. ශ්‍රී ලංකාවට ඇමරිකාවේ නව තානාපති ලෙස නම් කර ඇති අතුල් දෙශප් මහතා ඩේලි මිරර් පුවත්පතට 2014 ජූනි මසදී ලබාදුන් පුවත්පත් සාකච්ඡාවේදී මෙරටට පෙඩරල් ප්‍රඥප්තියක අවශ්‍යතාව පිළිබඳ තෙවරක්‌ සඳහන් කර ඇත. සංහිඳියාව ඇතිවීමට නම් මේ රටේ බහුතරය විසින් පෙඩරල් ක්‍රමයකට එකඟවිය යුතු බවට අලුත් මතවාදයක්‌ මතුවෙමින් තිබේ. නමුත් අපේ රටේ පෙඩරල් ක්‍රමයක්‌ ඇතිකිරීම තුළින් ඇති කළ හැකි සංහිඳියාවක්‌ නැත.

ශ්‍රී ලංකාව වැනි කුඩා රටක පිහිටීම හා ජන සංයුතිය ගත් කල කිලෝ මීටර් කිහිපයකට දුරින් දශලක්‌ෂ 70 ක දමිළ ජනතාවක්‌ සිටින තමිල්නාඩුවට යාබදව තිබෙන ලංකාවේ උතුර නැගෙනහිර පළාත්වල එම ජනවර්ගයටම අයිති එම භාෂාවම කතාකරන සුළුතරයක්‌ සිටින බවයි. ඒ දෙපළාත්හි පෙඩරල් ක්‍රමයක්‌ ඇතිකිරීම යනු එහි දැනට පවතින බලයට වඩා විශාල බලයක්‌ ඇති කිරීමයි. එනම් ලංකාවේ උතුර නැගෙනහිර හා තමිල්නාඩුව අතර අදිසි පාලමක්‌ ගොඩනැඟීමයි. තමිල්නාඩුව හා උතුර නැගෙනහිර හාවීම පෙඩරල් ක්‍රමයක්‌ හරහා නිසැක වශයෙන්ම සිදුවනු ඇත.

නව ජාතික සංහිඳියා වැඩපිළිවෙළක්‌ තුළින් බිඳුණු සිත් සුවපත් කිරීමට සැරසෙන මේ මොහොතේ යාපනයේ ඉතාමත් කනගාටුදායක සිදුවීමක්‌ ඇතිවුණා. ඒ දමිළ සිසුවියක්‌ සමූහ දූෂණයකට ලක්‌ව ඝාතනය වීමයි. ඝාතකයන් සියලු දෙනාම දමිළයින් වුවත් යාපනයේත් අවට නගර කිහිපයකත් ගැටුම්කාරී තත්ත්වයක්‌ මතුව තිබෙනවා. යාපනයේ අද මේ පැනනැඟී ඇති තත්ත්වය ඔබ දකින්නෙ කොහොමද?

පසුගියදා මුල්ලිවයික්‌කාල්හි පැවැති අනුස්‌මරණයේදී උතුරේ මහඇමති විග්නේශ්aවරන් මහතා කළ කතාවේදී මෙය ඉතාමත්ම ශෝකාකූල දිනයක්‌ නිසා මේ දිනයේ සිදුවූ දේවල් නිසා උතුරු පළාත් සභාව විසින් සමූල ඝාතන යෝජනාවක්‌ සම්මත කරගත් බවත්ය. මෙය අහම්බයක්‌ නොවේ. එය මුල්ලිවයික්‌කාල් සමරුවේදී මතුකරනු ලැබුවේ දමිළ විඤ්Æණය තුළ අද සිදුවී ඇති පරිවර්තනයේ සංඥාවක්‌ ලෙසයි.

ඊළඟට සිදුවී තිබෙන්නේ උතුරේ නගර කිහිපයක ඇති වූ ප්‍රචණ්‌ඩකාරී පෙළපාලිය. එයට හේතුව වී තිබෙන්නේ දමිළ තරුණ පිරිසක්‌ උතුරේ පාසල් දැරියක්‌ සමූහ දූෂණයකට ලක්‌කර මරාදැමීමයි. එවැනි සිදුවීමක්‌ සම්බන්ධයෙන් පෙළපාලි යැම

ඕනෑම රටක සර්ව සාධාරණ ප්‍රතිචාරයකි. නමුත් එම පෙළපාලි ප්‍රචණ්‌ඩ ආකාරයක්‌ ගැනීම සහ නගර කිහිපයක එකවිට සිදුවීම සැකසහිතය. මේ දුෂ්ට සිදුවීමට සම්බන්ධ වී සිටින්නේ ශ්‍රී ලංකා හමුදාවේ හෝ පොලිසියේ සිටින හෝ සිටි පුද්ගලයන් නොවේ. සිංහල ජනවර්ගයට අයත් පුද්ගලයන්ද නොවේ. සියලුම සැකකරුවන් අත්අඩංගුවටත් ගෙන ඇත. එසේනම් රජයේ ආයතනවලට හා පොලිසියට එරෙහිව ප්‍රචණ්‌ඩ ආකාරයට ප්‍රතිචාර දැක්‌වීමට තිබුණු සාධාරණ හේතු මොනවාද?

දැරියක්‌ දූෂණය කළ විට සහ මරාදැමූ විට පෙළපාලි යන සිරිතක්‌ ලෝකය පුරාම තිබේ. නමුත් ඒවා සියල්ල සාමකාමී උද්ඝෝෂණ බව නවදිල්ලියේ ඇතිවූ සිදුවීමේදීත් අපි දුටුවෙමු. මේ දමිළ දැරියගේ ඝාතකයෝ කිසිවෙක්‌ ආණ්‌ඩුවට හෝ සිංහල ජනතාවට සම්බන්ධකම් ඇති අය නොවේ. එසේ නම් පොලිසියට ගල්මුල් ගසමින් හා රජයේ ගොඩනැඟිලිවලට පහරදීමට ඇති සැබෑ හේතුව පැහැදිලිය. එසේම නගර කිහිපයක එකවිට මෙම ප්‍රචණ්‌ඩකාරී පෙළපාලි පැවැතීමෙන් ඒවා ඉබේ ඇතිවූ ඒවා නොව සැලසුම්සහගතව සිදුකළ ඒවා බවද පැහැදිලිය. මේ පෙළපාලි පැවතියේ ද මැයි 19 සමරුවට ආසන්නවය. මෙහිදී සිදු වූයේ මේ දූෂණ සිදුවීම පෙරට දමාගෙන රාජ්‍ය විරෝධී නැඟිටීමකට පෙරහුරුවක්‌ නොවේද යන්න ප්‍රශ්න කළ යුතු කාරණයකි.

සාමාන්‍ය සිවිල් ජනතාව සටන්කාමී පෙළපාලිවලට හුරුපුරුදු කිරීම පසුගිය එජාප රජය පැවතිසමයේ පොංගුතමිල් නමින් එල්ටීටීඊය සංවිධාන කළ වැඩපිළිවෙළේ අරමුණයි. දමිළ දැරිය දූෂණය කර මරාදැමීමේ සිදුවීම පෙරට දමාගෙන පසුගියදා සිදුවූයේ එම පොංගුතමිල් වැඩසටහනේ දෙවැනි මුද්‍රණයක්‌ද යන්න සාධාරණ පැනයකි. ආනන්දි සිදරන් මෙහි ප්‍රමුඛස්‌ථානයක්‌ ගැනීමත් වැදගත් කාරණයකි.

යුද්ධය අවසන්වී වසර පහහමාරක කාලය තුළ පොලිසියට ගල්මුල් ගැසීම වැනි දේ යාපනයේ සිදු වූයේ නැත. සමූල ඝාතන යෝජනාවක්‌ උතුරු පළාත් සභාවේ සම්මත වූයේ ද නැත. මේ ජනවාරි 8 වැනිදායින් පසු ඇතිවූ සිදුවීම් දෙකකි. මෙබඳු දේ සිදුවන්නේ මේ ආණ්‌ඩුව තමුන්ගේ ජන්දයෙන් බිහිවූ ආණ්‌ඩුවක්‌ ලෙස උතුරේ මේ රැඩිකල් ජාතිවාදී කොටස්‌ සිතන නිසාද? ඔවුන් කෙසේ සිතුවත් ඔවුන්ට යාපනයේ මේ විදිහට හැසිරෙන්නට හැකිවී තිබෙන්නේ අද හමුදාව බැරැක්‌කවලට දමා යාපනයේ සිවිල් සමාජය තුළ සිදුවන දේවල් නිරීක්‌ෂණය කිරීමේ තත්ත්වයෙන් ඔවුන් ඉවත්කර තිබීම නිසාය. පසුගියදා මේ ගැටුම්කාරී තත්ත්වය ඇතිවනවිට උතුරේ නව ආණ්‌ඩුකාරවරයා කළ කී දේ කිසිවක්‌ පුවත්පත්වල හෝ පළ වී නෑ. මේ නිසා මධ්‍යම ආණ්‌ඩුවේ ආධිපත්‍යය අද කොතෙක්‌ දුරට උතුරේ බලපැවැත්වෙන්නේද යන්න ප්‍රශ්න කළ යුතුය. උතුරේ ආණ්‌ඩු විරෝධී හා රාජ්‍ය විරෝධී මානසිකත්වයක්‌ ශීඝ්‍රයෙන් වර්ධනය වන බව පෙනේ. සංහිඳියාවේ නාමයෙන් පෙඩරල් ක්‍රමයක්‌ සහිත නව ව්‍යවස්‌ථාවක්‌ ක්‍රියාත්මක කිරීමට ආණ්‌ඩුව සූදානම් වන බව පෙනේ. අලුත් ව්‍යවස්‌ථාවක්‌ අවශ්‍ය වන්නේ එවිට ජනමත විචාරණයකට නොගොස්‌ ඒකීය ක්‍රමය අහෝසි කොට පෙඩරල් ක්‍රමයක්‌ ඇතිකිරීමටය.

දිවයින ඇසුරින්

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

0 comments :

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions