ජනවාරි 08 වන දින ශ්‍රී ලංකාව ගත්තේ මේ සියවසේ අඥානත ම දේශපාලන තීන්දුවයි. එය ආත්ම ඝාතක තින්දුවකි. ලෝක දේශපාලන ප්‍රවණතා ගැන කිසිදු අවබෝධයක් නොමැති ව ගත් අදූර්දර්ශී තින්දුවකි. මේ ගෝලීය උතුර පරදවමින් ගෝලීය දකුණ නැගෙමින් තිබෙන අද්විතීය අවස්ථාවකි. එහෙත් අප මේ උදාව සමග සිට ගන්නවා වෙනුවට තොරාගත්තේ එහි කකුලෙන් ඇදීම ය.
1990 ගණන්වල සිතල යුද්ධය අවසන්වීම පසු ලෝකයේ එක ම බලවතා ලෙස නැගී සිටි ඇමරිකා එක්සත් ජනපදය කිසිදු ප්‍රතිවාදියෙකු නොමැති ව සිය බලපරාක්‍රමය ලොව පුරා පතුරුවාලූයේ ය. එහි ප්‍රතිපලයක් ලෙස ඇමරිකාව විසින් පසුගිය වසර 25 තුළ හිතුමතේ සිය ආර්ථික බලය හා කැටි වූ මිලිටරිය යොදා ලොව පුරා ලොකු කුඩා රාජ්‍ය සිය අණසකට ගත්තේ ය. ඇමරිකාව මේ සඳහා යොදා ගත්තේ එක්සත් ජාතීන්ගේ සංවිධානය, ලෝක බැංකුව, අන්තර්ජාතික මූ්‍ල්‍ය අරමුදල හා ලෝක වෙළඳ සංවිධානය වැනි සංවිධාන ය. තත්වය මේසේ තිබිය දී බලයෙන් මත් වූ ඇමරිකාව, ලොව පුරා යුද්ධ කරමින් තමාගේ ම වළ තමා විසින් ම කපා ගනිමින් සිටින බව ද දැන සිටියේ නැත. එහෙත් ලොව අනෙත් පස වෙනත් දෙයක් ක්‍රියාත්මක වෙමින් තිබුණි. ඒ චිනය ප්‍රමුඛ ගෝලීය දකුණෙහි (Global south) ය.
ඇමරිකාව, ඉරාකයේ හා ඇෆ්ගනිස්ථානයේ යුද්ධ කරමින් සිටින අතර තුර චීනය සිය දැවැන්ත නිෂ්පාදන ආර්ථික උපක්‍රමය යොදා ගනිමින් ඇමරිකාව හා යුරෝපය ඇතුළු ලොව පුරා වෙළඳ සැල් රාක්ක තම භාණ්ඩවලින් පිරවීමට කටයුතු කළේ ය. මෙසේ කොට, 2011 වසරේ දී බටහිර ලෝකය කළඹවමින් චීනය ලොව දෙවැනි විශාලතම ආර්ථිකය බවට පත්විය. තව නොබෝ දිනකින් ම චීනය ලොව අංක එකේ ආර්ථිකය වනවාට සැක නැත. පුටින්ගේ ජාතිකවාදය හරහා රුසියාව ද නැගෙන්නේ අද්විතීය ලෙස ය.
දැන් ඇමරිකාව පල්ලම් බසිමින් යන විට චීනය හා රුසියාව ඇතුළු රටවල් සිය ආර්ථික බලපරාක්‍රමය නංවමින් සිටිති. මේ සඳහා බ්‍රික්ස් (BRICS) හා ෂැංගයි සහයෝගිතා සංවිධානය මේ වන විට විශාල වැඩ කොටසක් කරමින් සිටිති. ලෝක බැංකුව හා මූල්‍ය අරමුදල වෙනුවට දැන් ආසියාකරයෙන් විකල්ප මූල්‍ය සංවිධාන බිහිවෙමින් තිබේ. ඩොලරය වෙනුවට ආසියාව තුළ වෙනත් මූදල් ඒකකවලින් ගණුදෙනු බහුල වෙමින් තිබේ. දේශපාලනික හා මිලිටරි තීන්දුවල දී දැඩි සහයෝගීතාවක් ආසියානු රටවල් විසින් පෙන්වීම ද සුවිශේෂි දෙයකි. ආරාබි ලීගය ඇමරිකාවේ පදයට නැටූ හෙයින් ලිබියා ආක්‍රමණයට අවසාන මොහොතේ චීනය හා රුසියාව අත ඉස්සුව ද සිරියා ප්‍රශ්නයේ දී මේ දෙරට විසින් ම ගත් දැඩි තීරණය හමුවේ ඇමරිකාව හා බ්‍රිතාන්‍ය අසරණභාවයට පත්විය. මේ අතර, යුක්‍රේන ගැටළුවේ දී රුසියාවේ ක්‍රියාමාර්ගයට බලපෑම් කිරීමට ඇමරිකාවට කිසිදු බලයක් නොමැති විය.
මේ සියල්ල විසින් විසින් පවසා සිටින්නේ නව ලෝකයක් නැගෙමින් තිබෙන බවකි. 20 වැනි සියවස ඇමරිකානු සියවස වූවානම් දැන් අප ජීවත්වන 21 වැනි සියවස ආසියානු සියවසයි. ආසියානු සියවස තුළ නැගෙන්නේ එක් රටක් නොව රටවල් සමූහයක් එක් ව ය. මෙය සුවිශේෂ තත්වයකි. එකෙක් පමණක් නැගීමෙන් වන්නේ ඇමරිකාව සේ ම හිතුවක්කාර ලෙස හැසිරීමයි. එහෙත් බහුබල තත්වයක දී එසේ නොවී එකිනෙකාට ගරු කරමින් සැමගේ අවශ්‍යතා හඳුනාගෙන යන ලෝක බල තුලනයක් නිර්මාණය වේ. ඇමරිකාව විසින් සාදා තිබු ඒක ගෝලීය (unipolar) ලෝකය වෙනුවට ආසියාව විසින් බහු ගෝලීය (multipolar) ලෝකයක් තනමින් සිටී.
කෙසේ වෙතත්, ඇමරිකාව මේ දෙස නිකං බලා සිටින්නේ නැත. මේ නැගෙන නව ලොව කෙසේ හෝ නවතා තම ඒකාධිපතිබව තවදුරටත් පවත්වාගෙන යාමට ඔවුහු වළිකති. ඒ අනුව, දැන් ඇමරිකාවේ කන් දෙක ම යොමු ව තිබෙන්නේ ආසියාව දෙස ය. ඒ අනුව, චීනයට හා රුසියාවට හිතවාදී රටවල්වලට පැන ඒවාහි තමන්ට පක්‍ෂපාතී ආණ්ඩු පිහිටුවා ගැනීම එක් ප්‍රමුඛ පියවරකි. මේ අතර, නැගෙන ආසියානු පිළ තුළ කුඩා සැකයකට ඇත්තේ ෆන්ඩමන්ටල් ලෙස නොවූව ද දේශපාලනික ව ඉන්දියාව විසින් තම අනන්‍ය වූ ප්‍රශ්න නිසා චීනය වැනි රටවල් කෙරෙහි සියුම් ආරෝවක් ඇතිකර ගැනීම ය. මෝඩිගේ ඉන්දියාව ඉතා ඉක්මනින් මෙම ප්‍රශ්නය ජයගනු ඇතැයි අපි අපේක්‍ෂා කරමු. ජනවාරී 08 සිදු වූ ලංකාවේ ආණ්ඩු මාරුව ද අප කියවා ගන්නේ මේ ආරෝවේ ම පිළිබිඹුවක් ලෙස මෙන් ම, ඒ හරහා ඇමරිකාව විසින් කළ ‘කල දුටුකල වළ ඉහ ගැනීමක්’ ද ලෙස ය. මෙම තත්වය නිවැරදි නොකළහොත් ශ්‍රී ලංකාව පිළිබඳ ආසියානු සියවස් ඉතිහාසය ලියවෙනු ඇත්තේ තාර කළු අකුරිනි.මහින්ද පතිරණ

-යුතුකම සංවාද කවය
www.yuthukama.com
0 comments :
ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .