5/29/2015

අනුර කුමාරලාගේ , චම්පිකලාගේ පටු දේශපාලන අවස්ථාවදය නිවරදිව තේරුම් ගනිමු...

කතෘ:යුතුකම     5/29/2015   2 comments

ජවිපය හා හෙළ උරුමය ආණ්ඩුව පිළිබඳ දැන් දැන් ගේන විවෙචනවලින් අපට එක් දෙයක් තහවුරු කරල කියනවා. ඒ තමයි එදා ඔවුන්ට මේ රටේ දේශපාලන තත්වය මනාව ගණනය කර ගන්න හා විග්‍රහ කරගන්න බැරි උනා කියන එක. එහි තවත් අර්ථයක් තිබෙනවා. එනම් මෙම පක්‍ෂ හා එහි නායකයින් කියන දේවල් කිසිදාක විස්වාස නොකළ යුතු බව. මෙහි තෙවැනි අර්ථයකුත් තිබෙනවා. ඒ තමයි මේ අය වැඩ කළේ රට ගැන හිතල නෙවෙයි තමන්ගේ දේශපාලන ගමන ගැන විතරක් හිතල කියන එක.

ඉහත පක්‍ෂ හා පුද්ගලයින් තමයි මහින්ද පන්නන ව්‍යාපෘථියේ ඔපීනියන් ලීඩර්ස්ලා විදියට වැඩ කළේ. එෆ් බී එකේ ඉන්න අය ඇතුළු සෙසු අය කළේ මේ ඔපීනියන් කට් ඇන් පේස්ට් කරපු එක. ඉතින් දැන් මේ නායකයින් මෙතරම් යුහුව යූ ටර්න් ගහනවා කියන්නේ මෛත්‍රී-රනිල් ආණ්ඩුව පත් කිරීම පිටුපස කිසිම ප්‍රඥාවක් තිබිල නැහැ කියන එක. දේශපාලන හෝ අන් කිසි වැඩ පිළිවෙලක් තිබිළ නැහැ කියන එක. තමන් විසින් කළේ මහින්ද රාජපක්‍ෂ පැන්නීම සඳහා ජනතාව තුළ වෛරය වැපිරිම පමණයි කියලයි මේ අය දැන් අපට කියන්නේ.

මෙම පක්‍ෂ තමයි එජාපයේ බියකරු යක්‍ෂ මුහුණට සුචරිතවාදී වෙස් මුහුණ දැම්මේ. ඒ වෙස් මුහුණ දැන් ඔවුන් විසින් ම ගලවමින් සිටිනවා. තමා විසින් ම පත් කරපු ආණ්ඩුව මාස දෙක තුනක් යන කොට තමන් විසින් ම එපා කියනවා කියන්නේ කුමක් ද? රටක අනාගතය ගැන හිතන කෙනෙකු මෙම පක්‍ෂවල දේශපාලන විවේචන පිළි අරගෙන මෛත්‍රී-රනිල් ආණ්ඩුවට ඡන්දය දෙන්න තීරණය කළා නම් දැන් ඔවුන් පත්වෙලා ඉන්න ඉරණම අපට හිතා ගන්න පුළුවන්. අපි දැක්කා මේ ඊයේ පෙරේ දා සරත් එන් සිල්වාත් කියනවා මේ තරම් අච්චාරු ආණ්ඩුවක් මීට පෙර දැක නැති බවත් මහින්ද ගෙදර යැවීමට ඡන්දය දුන් එක ගැන කණගාටු වන බවත්. රතන හිමි කියනවා අපි හිතුවේ නැහැ රනිල් අගමැතිකමට පත් වෙයි කියල.

තවත් පැත්තකින් මෙම පක්‍ෂවල එදා සහ අද හැසිරීම විග්‍රහ කරගන්න පුළුවන්. ඒ තමයි මේ පක්‍ෂවලට නෑ ඇත්ත උවමනාවක් මේ රටේ ඉදිරි ගමන ගැන. මෙහි දී ජවිපය විශේෂ වෙනවා. අපි හිතන්නේ ජවිපය බිය වුණා මහින්ද යටතේ මේ රට ඉහළ ආදායම් ලබන රටක් බවට පත් වෙයි කියල. එ‍හෙම උනොත් ජවිපයේ ඡන්ද පදනම බිඳීයනවා. ඒ නිසා ඔවුන් හිතුවා මේ ගමන අතරමග කඩල දාන්න ඕන කියල. එත‍කොට බොර දියේ මාළු බාන්න පුළුවන්. රනිල්-මෛත්‍රී යටතේ යට ආපස්සට යනවා කියන එක ඔවුන් නොදැන සිටියා කියන්න අමාරුයි. මේ අතර, හෙළ උරුමයට තිබුණේ වෙන අදහසක්. ඔවුන් හිතුවා මහින්ද ඉන්නකම් තමන්ට ජාතිකත්වයේ කොඩිය ගන්න බෑ කියල. මහින්ද පැන්නුවාම ඒ ප්‍රශ්නය ඉවරයි කියලත් හිතුවා.හැබැයි ඔවුන්ගේ ගණනය කිරීම වැරදුනා කියල දැනගත්තේ මහින්ද බලන්න මැදමුලනට ගිය, ඉවෙන් අනාගතය කියවපු මෙරට බුද්ධිමත් ජනතා හෘද සාක්‍ෂිය.

ඉතින් මේ හැමෝම දැන් කියනවා නම් මේ ආණ්ඩුව පත්වීම වැරැද්ක් කියල, ඒකේ අනිත් තේරුම තමයි මහින්ද පරාජය කිරීම වැරදියි කියන එක.

මහින්ද පතිරණ

යුතුකම සංවාද කවය
www.yuthukama.com

,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

2 comments :

  1. උඹලා සෙවලයෝ නිසා මේ කමෙන්ට් දාන්නේ නැති බව දන්නවා. නමුත් මේවා දාන්නේ උඹලාගේ ගොන් මොළ වලටම තේරුම් යන්න තමා. මිනිස්සු කියෙව්වේ නැතුවට කමක් නැහැ. උඹලා කියෙව්වම ඇති. බලපල්ලා උඹලට දවසකට හිට්ස් කීයද තියෙන්නේ කියලා.

    මල්ලී උඹලා පුදුම දුකක් විඳිනවා මරාව ආපහු ගෙන්න. මරා රෙජීමය යලි ගොඩනගන්න. නමුත් මල්ලී එක කවදාවත් වෙන්නේ නැහැ. පෙරේදා මෛත්‍රී තීරණය කරා මරාට නොමිනේෂන් දෙන්නේ නැහැ කියලා. ඒ නිසා උඹලා දැන් මොනවා කලත් වැඩක් නැහැ.

    බලපල්ලා ඇමතියෝ හතරක් අස්වුණා. අද ආයෙත් පහක් අලුතෙන් ආවා. ඊළඟ මහ මැතිවරනෙන් පස්සේ තමයි රටේ මිනිස්සුයි උඹලා වගේ උපන් මෝඩයෝයි තේරුම් ගන්නේ යහපාලන සහයෝගිතා ආණ්ඩුවක් කියන්නේ මොකක්ද කියලා.

    ReplyDelete
    Replies
    1. යටියනයා5/30/2015 8:02 AM

      ඉතින් බං උඹ ඊට වඩා දුකක්නේ විඳින්න්නේ මරා එන්නේ කිය කිය හැමදාම හැම සයිට් එකේම කමෙන්ට්ය් කර කර යන්න.
      පව් බව් උඹ...
      සිරිකොතෙන් දෙන 1600 ට කුලියට වැඩ කරන එකෙක්වත් ඔච්චර නහින්නේ නැතිව ඇති....
      මේක කවුරුවත් බලන්නේ නැත්නම් ඉතින් උඹට ලේසියෙන්ම පාඩුවේ සද්ද නොකර ඉන්න පුලුවන්නේ :)
      මොකද මේ හොටු පෙර පෙර කමෙන්ට් කරන්න මහන්සි වෙනෙනේ :)

      Delete

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions