5/06/2015

නිර්මාල් ගේ නිර්මල නොවන ගමන සහ විකල්ප ගෝත්‍රයේ මුහුණුවර

කතෘ:යුතුකම     5/06/2015   1 comment

ආචාර්ය නිර්මාල රංජිත් මහතාට කළ පහරදීම කුමන මනුෂ්‍ය මුලධර්මයක් යටතේවත් අනුමත කළ නොහැකෙකි.ඔහු පිලිබඳ දේශපාලන මතවාදීව අපට කොතෙකුත් ප්‍රශ්න තිබේ. ඔහු පමණක් නොව මේ කාණ්ඩයේ  ක්ෂේමාලාපකයින් බොහෝ දෙනෙකුට පරවේනිගත රෝගයක් බදුව වැළදී තිබෙන සිංහල බෞද්ධ විරෝධය වෙනම සාකච්චා කළ යුත්තකි. නමුත් ආචාර්ය නිර්මාල් මහතා එහිදී වුවද තම දෘෂ්ටිමය කදවුරේ අනෙක් පැගිරන්ට වඩා වෙනස් ප්‍රවේශයක් ගත්තෙකි. එම  පිලේ අය සමග කිසියම් සංහිදියාවකින් සංවාදයක් කළ හැකි කෙනෙක් සිටියේ නම් ඒ නිර්මාල් මහතාම පමණි. අනෙක් ක්ෂේමාලාපකයින් බොහෝවිට අනුගමනය කලේ ප්‍රතිවාදියා  හිංසනයට සහ  අපහාසයට ලක් කරන,කුණුහරුප කියන හීනමානය මුසු වූ  ගෝත්‍රික, වැඩවසම් , මෘග්ධ  ෆැසිට්වාදී පිළිවෙතකි. එහෙත් නිර්මාල්  ජාතිකවාදී  කදවුර සමගද කටයුතු කලේ  සුහද  මිත්‍රශීලී අයුරිනි. තමා නිවැරදි යයි  විශ්වාස කරන මතවාදී ආස්ථානය වෙනුවෙන් පෙනී සිටිනවා හැර ඔහු උස් පහත් භේදයක් තබා නොගත්තේය. FB සංවාද වලදී ඔහුට තෝරා බේරා ගත් මට්ටමක් තිබුනේද නැත. කුමන තරාතිරමක වුව ද තම ප්‍රතිවාදියාට අභිමුකවීම සිය මතවාදයද  සංජානනය කළ හැකි මග ලෙස ඔහු විශ්වාස කළේය. තමාට අභියෝගයක් විය හැකි වෙතැයි සිතා  සිය වෘත්තීය සගයකුම  වූ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මහින්ද පතිරණ සහ නේෂන් කර්තෘ මාලින්ද සෙනෙවිරත්න වැනි (පෙරදිග මෙන්ම අපරදිග කියවා) ද්වී භාෂාවෙන්ම තර්ක කළ හැකි පුද්ගලයන් සිය වෝල් එකේ නොලියන්න යයි අවවාද දී   පිටමං කල බවද කිව යුතුයි. එහෙත්  බොදුබල සේනාවේ කමල් ජයසිංහට පවා ඔහු ගේ සංවාදවලට ඉඩ විවර කළේය.  විරුද්ධවාදීනේගේ  මත ඉවසීමට තරම් ශික්‍ෂණයක් තිබු නිර්මාල් න්‍යාය සහ භාවිතය අතර එතරම් ලොකු පරස්පරයක් තබා නොගත්තේ ය.  
 ප්‍රජාතන්ත්‍රවාද,භාෂණයේ නිදහස, විරුද්ධ මත දැරීමේ අයිතිය, ගැන නිතර කටමැද දොඩන එහෙත් ඒවායේ මුලික හරය වත් සිය භාවිතය තුල නැති  අමරකීර්ති වැනි බොරු න්‍යායික සංදර්ශනකරුවන් ආචාර්ය  නිර්මාල් යටතේ දෑ අවුරුද්දක්වත් ශික්ෂණය විය යුතු බව මගේ හැගීමයි. නිර්මාල්ගෙන් පමණක් නොව තමන්ගේ පශ්චාත් උපාධි ශිෂ්‍යකු වූ ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවිගෙන් පවා අමරකීර්ති ප්‍රගුණ කරගත යුතු ගුණ ධර්ම බොහෝමයක් තිබේ. දෘෂ්ටිවාදීව ඔවුන් එක සමාන වුවද අමරකීර්තිගේ ප්‍රවේශය ප්‍රතිවාදී අදහස් දක්වන සියල්ලම බ්ලොක් කර දැමීමයි. ඔහු උසුරුවන සියල්ල  දිවමතුරක් සේ නොගන්නා කිසිවෙකුට ඔහුගේ මිතුරු ලැයිස්තුවේ රැදී  සිටිය නොහැකියි.  සිටියත් විරුද්ධ  මතයක් දැරීම පමණකුදු නොව විරුද්ධ අදහසකට Like කිරීමත් බ්ලොක් වීමට සුදුසු කමක් වෙයි. අමරකීර්තිට ඇත්තේ තමන් කියන ඕනෑම අදහසකට මයික් අල්ලන්නන්ට පමණක් ඉඩ දෙන " මගේ චූන් මටම  චූන්" මානසිකත්වයකි. 
(කැමති කෙනෙක් නිර්මාල් ගේ සහ අමරකීර්ති ගේ FB සංවාද නිකමට නිරීක්ෂණය කරන්න )  
 නිර්මාල්ගේ  මේ ඊට වෙනස් ප්‍රවේශය නිසාම ජාතිකවා දී කදවුරේද ගෞරවය ඔහුට හිමිවිය.මොනතරම් පරස්පරකම් මැද වුවද ඒ සංවාද මිත්‍රශීලී මුහුණුවරකින් සිදු විණි. විය යුත්තේද එයයි. නිර්මාල්ලාගේ  දෘෂ්ටිවාදයට පහර දිය යුතුමය.එහෙත් ඒ  අතින් පයින් බාහුබලයෙන් නොව ඔහුගේම ප්‍රවේශයෙනි.

නමුත් දැන් සිදුවූ දෙයින් ගෙවන්නට සිදුවන දේශපාලන වන්දිය සුළුපටු නොවේ. හෙට සිට විශ්වසාධාරණවාදී NGO පාලනයක් බිහිකර ගැනීමේ අවශ්‍යතාවය  පෙන්වන විශාල ප්‍රචාරණ යාන්ත්‍රණයක් දියත් කර ගැනීමට මෙය අවස්ථාවක් කරගන්නවා නිසැකය.එතුමා  එන්නට ඇත්තේ මෙවැනි ප්‍රතිචාරයක් අපේක්ෂාවෙන් බවට සිතිය හැකි වැඩි සම්භාවිතාවක් තිබේ.  

මීට පෙර නුගේගොඩ රැළියට ද පැමිණ අත් පත්‍රිකා  බෙදා(ඊට අයිතියක් නැතැයි නොකියමු ) මෙවැනිම දේශපාලන වාසියක් ගැනීමට මානබැලුවේය. තනිකර මතවාදී  ප්‍රති විරුද්ධ රැළියකට යද්දී  මෛත්‍රී සහගත කාය/ වචී/මනෝ  කර්මයෙන් සංග්‍රහ ලැබෙයි යන බලාපොරොත්තුවෙන් යාමට තරම් නිර්මාල් මහතා බොළද විය නොහැකියි. එතැනට ගොනු වී සිටින අතිමහත්  බහුතරය  තමන් ද්‍රෝහියකු ලෙස දකින බව නිර්මාල් මහතා නොදන්නවාද  නොවේ.එනිසා එතුමා එහි යන්නේම මෙවැනි අනතුරක් කල්තියාම දැන දැනම යන්න ප්‍රතික්ෂේප කළ නොහැකි සත්‍යකි. අනෙක් අතට එතුමා බලාපොරොත්තු සුපිරි ප්‍රජාතන්ත්‍රවාදය මේ රටේ තවමත්  ගොඩනැගී නැති බව හා මේ මොනම දේශපාලන රැළියකවත් එවැනි ප්‍රජාතන්ත්‍රවාදක් දක්නට නොමැති බව නොදැනීමට තරම් නිර්මාල් මහතා බබෙක්   විය නොහැකියි. කොහොමටත් මේ ගමනේ පුර්ව, මුංචල, හා අපර, චේතනා  ( නිර්මල). එකක් නොවන බව තේරුම් ගැනීමට  එතුමා දරන දේශපාලන මතය අනුවද   අපහසු නොවේ. අමාරිස් අයියා හා නිර්මාල් මහතා  මැයි රැලි නැරඹීමට කරක් ගැසීමේ අරමුණ එකක් නොව  දෙකක් බව තේරුම් ගැනීමට දේශපාලන විද්‍යාවට  පශ්චාත් උපාධි තිබිය යුතු නැත .  එහෙත් එවැනි කුමන අරමුණින් ගිය  ගමනක් වුවත් පහර කෑමකට සුසුසුකමක් නොවේ. දැන් මේ පිරිසට අවස්ථාවක් නිර්මාණය කරදී තිබේ.

නිර්මාල් හැරුණු විට මේ විකල්ප ගෝත්‍රයේ ඇතැම් අයද ප්‍රසිද්ධියේ කුණුහරුප කියන,මඩ අවලාද නගන මිලේච්ඡත්වය පෙන්නුම් කරන තිරිසනුන් වෙති. මිනීමරු ප්‍රභාකාරම් හා ඔහුගේ ත්‍රස්ත කල්ලිය පවා විමුක්තිකාමීන් ලෙස දකින, කෙස් රැවුල් වවා ගත් මේ විකල්ප නඩය  කොළඹ කේන්ද්‍රීයව සංවිධානය කරන සම්මන්ත්‍රණකට ගෝඨාභය රාජපක්ෂ හෝ මහින්ද රාජපක්ෂ තනිව පැමිණියහොත් කුමක් විය හැකිද ?  ත්‍රස්තවාදය පරාජය කළ වරදට ඔවුන් මුහුණ දෙන තත්ත්වය   සමාන කළ හැක්කේ  "බළලුන්ට උම්බලකඩ ලැබුණා වැනියි"  යන පිරුළටය. නිර්මාල්ට  වූ  මේ අකටයුත්ත  ගැන අප අවංකවම  කණගාටු වන්නේ ඔහු එබදු ලක්ෂණ ඇත්තෙකු නොවන නිසාය.  එහෙත්  අර විකල්ප නඩය නම් මේ සිදුවීමත් එක්ක  මානසික ව්‍යාධියකට ලක්වුවන් සේ භක්ෂණය කරනු බව පෙනේ. ඔවුන්ට මතක් කර දිය යුත්තේ අමරකීර්ති වැන්නෙකු නිකමට හෝ බලයට පත් වුනොත් සිදුවන්නේ විරුද්ධ මත දරන සියල්ලටම වෙඩි කෑමටය.මන්ද දැනට ඔහු FB තුලද භාවිත කළ හැකි අවම බලය වන බ්ලොක් කිරීම සිදු කරන බැවිනි. නිර්මාල් ගැන කිඹුල් කදුළු සලන බොහෝ අය එසේ කරන්නේ  තමන් ළග නැති භාවිතයක් වෙනුවෙනි..     

මම නිර්මාල්ගෙන්  එහි ගියේ ඇයිදැයි  විමසු විට ඊට දුන් පිළිතුර වුයේ  එම රැළිය බැලීමට ගිය බවත් එසේ එන  අයට පහර දීමට තිබෙන අයිතියක් කුමක්ද යන්නයි. ඇත්ත..! කළයුතුව තිබුණේ එතුමා ඉදිරිපෙළ අසුනකම ඉන්දවා බීම බෝතලයකින්ද සංග්‍රහ කොට නිරුපද්‍රිතව එවීමයි. අවශ්‍ය නම් ඡායාරුපයකට හසුකරගෙන මෙන්න නිර්මාල් මහතාද මහින්දවාදී  රැලියට සහභාගී වූ  දුර්ලබ අවස්ථව යනුවෙන්  අන්තර්ජාලයට මුදා හැර එයද අප  වාසියක් කොට ගැනීමයි.

 -රත්තනදෙණියේ මේධානන්ද හිමි- 
යුතුකම සංවාද කවය
www.yuthukama.com 
--------------------------------------------- 
"නිවැරදිව හරවත්ව කියවන්න අපගේ ෆේස්බුක් පිටුව සමඟ එක්වන්න.
https://www.facebook.com/yuthukama
ෆේබුක් පිටුවට Like  කර එකතු වන්න "
---------------------------------------------

,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

1 comment :

  1. අනේ හාමුදුරුවනේ.. සමා වෙන්න මෙහෙම කියනවට...
    සියලු දේ අනිත්‍යයි කියල හිතන්න අපට අපේ තිලොගුරු බුදු පියානන් උගන්වා වදාලට,
    මේ වගෙ බත් කන හරකුන්ව (ඔබ කියනවනෙ මේ මිනිහා බත් කන හරකෙක් වුනාට අං ඇවිදින් නෑ කියලා, එහෙම නම් මුව අත හරිමූ
    ඒත් ඔබම කියන අනිත් නපුංසකනයන්ව ඉතුරු කරන්න හිත හදාගන්න පුලුවන් කාටද?
    ඒ තරම් තරහක් අපේ හිත්වලට එනවා, ජාතික මතවාදය ඉදිරියේ මුන් හැසිරෙනව වගේ...

    ReplyDelete

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions