5/14/2015

ශ්‍රීලනිපයත් රටත් වනසන 'ජාතික ආණ්ඩු' මර උගුල

කතෘ:යුතුකම     5/14/2015   No comments

හම්බන්තොට දිස්ත්‍රික්කයේ පසුගියදා පැවති උත්සවයක් අමතමින් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා  ප්‍රකාශ කර තිබුණේ ඉදිරි මහ මැතිවරණයෙන් පසුවද පිහිටුවන්නේ යූඇන්පී- ශ්‍රී ලංකා හවුල් ආණ්ඩුවක් බවයි. (සිරිසේන මහතා එය හඳුන්වා තුබුබේ හවුල් ආණ්ඩුවක් ලෙස නොව ජාතික ආණ්ඩුවක් ලෙසයි. නමුත් ඒ ප්‍රකාශයේ කිසිඳු තේරුමක් නැති බැවින් අපි එය හවුල් ආණ්ඩුවක් ලෙසම නම් කරමු )

ශ්‍රීලනිප ඇමතිවරු සහ එක්සත් ජාතික පක්ෂ ඇමතිවරු එකම වේදිකාවේ සිටින අයුරු ආස්වාදයෙන් පැහැදිලි කළ සිරිසේන ජනාධිපතිවරයා එය වේදිකාවට පමණක් සීමා විය යුතු නැති බවත් එය ඉදිරි ආණ්ඩුව කරාද ගෙන යා යුතු බවද පැවසීය. බලය වෙනුවෙන් කල්ලිවලට බෙදීම වෙනුවට රට වෙනුවෙන් එක්වීම වැදගත් බවද ජනාධිපතිවරයා යෝජනා කළේය.

ව්‍යාජ  මෛත්‍රීකරණය

බැලූ බැල්මට පරිනත සවරූපයෙන් යුතු මේ යෝනජාව සැබෑවටම සිරිසේන ජනාධිපතිවරයාගේ සිත තුල උපන් අහිංසක මෛත්‍රී සහගත සිතුවිල්ලකද? එජාප ශ්‍රීලනිප හවුලක් වෙනුවෙන් කැපවීම සාම්ප්‍රදායික පටු සිතිවිලි අභිබවා ගිය දාර්ශනික හැසිරීමක්ද?  අන්තර්ජාල සමාජ ජාලා වලින් දේශපාලනය ඉගෙන ගන්නා , ලංකාව පහළ වූයේ 2005න් පසුය වැනි අවබෝධයක සිටින 'වියත් තරුණ' පරපුරට නම් මේ සුරංගා කතාවල වටිනාකමක් පෙනුනත් සිරිසේන මහතාගේ මේ කතාවේ සැබෑවටම අරුතක් ඇත්ද?
 
අප දන්නා තරමට නම් ඔහු මහවැලි ඇමතිවරයා ලෙස ක්‍රියාකල අවධියේ කම්කරු රැකියාවකටවත් ශ්‍රීලනිප නොවන එජාප පාක්ෂික අහිංසකයෙකුටවත් අවසථාවක් නොදීමට තරම් එතුමාගේ මෛත්‍රිය දසත පැතිරී තිබිණ. ඒ පිළිබඳ එකල මහවැලිය සමග සම්බන්ධ සියළු දෙනා සාක්ෂි සපයනවා ඇති. එවකට සිරිසේන මහතාට යූඇන්පිට ඒ තරමට වහකදුරු විය. අහිංසක යූඇන්පී පාක්ෂිකයා පවා වහ කදුරු විය. අද බලය වෙනුවෙන් කණ්ඩායම් ගැසීම ගැන බණ දෙසන්නේ ඒ සිරිසේන මහතාමය. මේ වෙස් පෙරළිය සිදුවූ ඉක්මන සහ කෘතීම ආකාරය නිරීක්ෂණය කරද්දී සැබෑවටම සිරිසේන මහතාගේ මේ මෛත්‍රීකරණය වීම වෙනකක් නිසා නොව හුදු තමන්ගේ බල ලෝභය සංසිදුවා ගැනීමේ ඉතා පටු අවශ්‍යතාවය වෙනුවෙන්ම සිදුවූවක් ලෙස තේරුම් ගැනීම වඩා සාධාරණය.

'ජාතික ආණ්ඩුව' කුමක් සඳහාද?

පක්ෂ ලෙස නොබෙදී සියළු දෙනා එක්ව කටයුතු කළ යුතු යැයි සිරිසේන මහතා යෝජනා කරන්නේ කුමක් සඳහාද?

අද එලෙස එක්ව විසඳිය යුතු හදිසි ප්‍රශ්නය කුමක්ද? සිරිසේන මහතාම ඒ කොටසටත් අපට පිළිතුරු සපයන්නේ නම් මැනවි. එදා තිස් වසරක කොටි ත්‍රස්තවාදය පරදවන අවසන් මොහොතේවත් එවැනි එකමුතුවක් ඇති වීද? එකල එවැනි ඉල්ලීම් කොතෙක් පාලක පාර්ෂවයෙන් පැමිණියත් ඒවායින් කට්ටි පැන ගියේ කවුද?  එපමණක් නොව යුද්ධයේ අවසන් අදියර යද්දී පවා එයට අවමන් කරමින් සමච්චල් කරමින් එය පරදින තුරු ඇඟිලි ගැන්නේ කවුද? සේවකයන් ලක්ෂ ගණනින් පාරට බස්සවා අවසන් සටන වැඩ වර්ජන හරහා දිය කිරීමට උත්සාහ කලේ කවුද?

එවැනී අතිශය තීරණාත්මක අවදියේදී පවා ජාතික ආණ්ඩු නිර්මාණය වූයේ තබා අඩුම තරමින් පැවති ආන්ඩුවට වත් පවතින්නට ඉඩ දුන්නේද? එහෙවු කණ්ඩායම් වල උවමනාවට අද ජාතික ආණ්ඩු බිහි කරන්නට කැස කවන්නේ සද්භාවයෙන් ද? යුද්ධෙට නැති කඩුව කොස් කොටන්නදැයි යන කියමන සිගි වන්නේ මෙවැනි අවස්ථාවලය . කොටි ත්‍රස්තවාදය පැරදවීමටවත් නිර්මාණය නොවුනු ජාතික ආණ්ඩු වලිප්පුවක් ඇති වීමට තරම් අද අප පෙළන හදිසි ව්‍යසනය කුමක්ද?

සිරිසේන මහතා තම කතාව තුලදී ඔහු යෝජනා කරන ආණ්ඩු මොඩලය ඇති වීම දියුණු දේශපාලන සංස්කෘතියක් ඇති නූතන රාජ්‍යක ලක්ෂණයක් බවද පවසන්නේ ආඩම්බරකාර හසරැල්ලක් කට කොනකට නගා ගනිමිනි. නමුත් ඊයේ පෙරේදා මහමැතිවරණයක් පැවැත්වූ සිරිසේන මහතාගේ පතිරූප පාලනය පවතින බ්‍රිතාන්‍ය තුල මැතිවරණයටද පක්ෂ කිහිපයක් තරඟ කළ බවද එයින් කැමරන්ගේ නායකත්වයෙන් යුත් කොන්සවේටිව් පක්ෂය ජය ගත් බවද දුටුවෙමු. වැඩි ආසන ගණනක් හිමිවූ කැමරන් අගමැතිධූරය දරමින් කොන්සවේටිව් ආණ්ඩුවක් පිහිටුවනු මිස කම්කරු පක්ෂයට ජාතික ආණ්ඩුවකට ආරාධනා කල බවක් අප නොදුටුවෙමු.
ආර්ථික අවපාතයේ කරවටක් ගිලී ගිය පසුගිය වකවානුවල පවා බ්‍රිතාන්‍යයේ එවැනි ජාතික ආණ්ඩු කතා ඇති නොවූයේ ඒවා අප රට තරම් නූතන දේශපා
න සංස්කෘතියක් බිහි වී නොමැති නිසාද? එය එසේ වී නම් අත් මේස් නැතිව රැජිණ හමුවූ අවස්ථාවේදී සිරිසේන මහතාට අවශ්‍යනම් ශ්‍රී ලංකාවෙන් ජාතික ආණ්ඩු පිළිබඳ පුහුණු සැසියක් පැවැත්විය හැකි යැයි යෝජනා කරන්නට තිබිණ.
[ඒ රටවල් බොහෝ විට ජාතික ප්‍රතිපත්ති මත ශක්තිමත් වූ පාලනක්‍රමයකට හුරු වී ඇති නමුත් මෙවැනි ජාතික ආන්ඩු ව්‍යාජවල පැටලෙන්නේ නැත. ]
බ්‍රිතාන්‍ය පමණක් නොව අද වන විට එලෙස ජාතික ආණ්ඩු නිර්මාණය වී ඇති නූතන දේශපාලන සංස්කෘතියක් සහිත රාජ්‍යන් මොනවාද යන්න මෛත්‍රීපාල සිරිසේන මහතා තමාගේ අග්‍ර පුර්‍රෝහිත සියල්ල දත් දන්ත වෛද්‍යතුමාගෙන් වත් අසා අපට පවසන්නේ නම් යෙහෙකි.

මෛත්‍රී වේශයෙන් එන ව්‍යාජයට හසු නොවෙමු

මෛත්‍රීපාල සිරිසේන මහතා ආයාසයෙන් මවාගෙන සිටින ස්වරයෙන් කෙතරම් වැල් බයිලා ගැසුවත් ජාතික ආණ්ඩු යෝජනාව එන්නේම එක් පසකින් ශ්‍රීලනිප සභාපතීත්වය පැහැරගත්තත් තවමත් එහි බලය තහවුරු කරගැනීමට ඔහු අසමත්ව සිටින නිසාය. එලෙස බලය තහවුරු කර නොගත් වටපිටාවකදී ශ්‍රීලනිප ආණ්ඩුවක් නිර්මාණය කර ගැනීමට ඔහු අසමත් වන නිසාය.

අනෙක් ප්‍රධාන කරුණ නම් ජාතික ආණුව ජනාධිපතිධූරය ලබාදීමට මෛත්‍රී ගෙවන කප්පමේම කොටසකි. ඔහුට ජානාධිපති ධූරයට වරම් ලැබෙන්නේම ඒ පූර්ව කොන්දසිය පිටයි. ඉන් එහා යමට අන් අයට 'වහලා වහලා' යැයි අවලාද නගන සිරිසේන මහතාට නොහැකිය. ඒ ඔහු පත්වී ඇති නිවට වහල්භාවයේ දිග පළලයි. ඒ හරහා ශ්‍රිලනිපය තව කාලකයකට බලයට පැමිණිය නොහැකි අයුරින් දියාරු කර හැරීම මෙන්ම මහින්ද රාජපක්ෂ මහතා යළි දේශපාලනයට ඒම වැලැක්වීමද වේ.  ඒ දෙකම ජනාධිපතිධූරය ලබා දීම වෙනුවෙන් සිරිසේන මහතා චන්දටට කලින් පොරොන්දු වූ දේශපාලන අල්ලස් ගොන්නට අයත්ය. ශ්‍රීලනිප බලයේ පවතින බහුතර පලාත් පාලන ආයතන එජාපයට අවශ්‍ය පරිදි විශේෂ කොමසාරිස් වරයෙකු යටතට පවරා ශ්‍රීලනිප යේ කොන්ද කඩන්නේ ඒ අල්ල්ලස් මල්ලේ අවසන් කොටසට උත්ප්‍රේරකයක් වශයෙනි.ඒ ශ්‍රීලනිප ය වනසා තව කලකට ඔලුව ඉස්සිය නොහැකි ලෙස අඩපණකර යූඇන්පී ආණ්ඩුවක් රනිල් වික්‍රමසිංහගේ දෝතට ලබාදීමටය.

එමෙන්ම උතුර හා නැගෙනහිර සඳහා ඊළමට පාර කපන අසමමිතික බලය බෙදීමක් දක්වා රට තල්ලු කිරීමටත් එයට බාධක වෙන උතුරේ ආරක්ෂක කලාප හමුදා ස්ථානගතකිරීම් බෙදුම්වාදය ශක්තිමත්වන දිශාවට වෙනස් කිරීමත් ඒ සඳහා අනුබල දෙන බෙදුම්වාදී මනෝභාවයක් සමාජයේ ඇති කිරීමත් මේ ජාතික ආණ්ඩු මර උගුලේ අනෙක් ප්‍රධාන ඉලක්කයයි. මේ බටහිර උපාය අද ඊයේ ඇති වූවක් නොවේ . එවකට චන්ද්‍රිකාගේ රනිල්ගේ ආණ්ඩු කාල වලදී මනෝ මලික් සාකච්චාවල මෙන්ම ලියම් ෆොක්ස් ගිවිසුම හරහාද කරළියට ආවේ එයයි. උතුර හා නැගෙනහිරට දෙමළ බ්දුම්වාදය ශක්තිමත් වන පන්නයේ විසඳුමක් දීම ශ්‍රීලනිප මෙන්ම එජාප ආණ්ඩුවකට තනිව කල හැක්කක් නොවේ . එක් පාර්ශවයක් එයට උත්සාහ කරන විට අනෙක් පාර්ශවය එයට එරෙහි වේ. ඉතිහාසය පුරාම එයට සාක්ෂි සැපයේ. පක්ෂවල නායකත්වයන් තමන්ට අවශ්‍ය පරිදි වෙනස් කරගැනීම හරහාවත් ඒ ගැටලුව විසඳ ගැනීමට බටහිරයනට නොහැකි විය. ජාතික ආණ්ඩු අදහස කරළියට එන්නේ එවැනි වටපිටාවකය . කිසිවෙකු විරුද්ධ නොවන වටපිටාවක සිට වෙනම ඊළමක් බිහි කිරීමේ මුල් පියවර වන අසමමිතික බලය බෙදා හැරීම එහි අවසන් ව්‍යසනයයි.

එබැවින් දිය රෙද්දෙන් ජාතියේ බෙල කැපෙන ජාතික ආණ්ඩු මර උගුල තිඹිරි ගෙයිදීම පරාජය කල යුත්තේ එබැවිනි. එලෙස ජාතික ආණුවක් සාදන්නේ නම් ඔවුන් යෝජනා කරන වෙන් වෙන්ව තරඟ කිරීමක් අවශ්‍ය වන්නේත් නැත. එක් සළකුණකින් චන්දය ඉල්ලා 'අපි ඔක්කොම රජවරු ඔක්කොම වැසියෝ' කියා ප්‍රීතියෙන් ජාතික ආණ්ඩු සව්දිය පිරිය හෑක. එසේ නොකර වෙන වෙනම මැතිවරණයට තරඟ කර ඉන් පසු ජාතික ආණ්ඩුවක් පිහිටුවීම ජනතාව ගොනාට ඇන්දවීමක් පමණි. එබැවින් ඒ බොරුවට හසු නොවෙමු. සිරිසේන මහතාට තමා බලහත්කාරයෙන් කූට ලෙස අත්පත්කර ගත් ශ්‍රීලනිපය ජයග්‍රහණය කර එහි ආණ්ඩුවක් බිහි කර ගැනීමට කොන්ද පණ නැත්නම් වහාම අත්පත් කරගත් ශ්‍රිලනිපය කරගත ගැකි අයකුට පවරා තමාට හිමි වහල් මනසින් යුතුව එජාපය සමග එක්විය හැකිය.

-කෝට්ටවත්තේ ගුණසේන පෙරේරා
යුතුකම සංවාද කවය
www.yuthukama.com

, ,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

0 comments :

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions