5/22/2015

නිමල් බොරු එපා රනිල් ඉවත් කරනු

කතෘ:යුතුකම     5/22/2015   No comments

රනිල් වික්‍රමසිංහ යනු ඒකාධිපතියෙකි, ෆැසිස්ට්වාදියෙකි, පොලිස් රාජ්‍යයක ප්‍රධානියෙකි, ආදී වශයෙන් විවිධ මත අද සමාජයේ පැතිරෙයි. මේ සියල්ලෙන් කියැවෙන්නේ ඔහු ඊනියා ප්‍රජාතන්ත්‍රවාදියකු නොවන බව ය. ඔහු පාර්ලිමේන්තුවේ මෙන් ම පිටත ද රැස්වීම්වල හැසිරෙන්නේ ඔහු ලෝකයේ මැවුම්කරු යැයි සිතා ගනිමිනි. ඔහු පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝගවලට ගරු නො කරයි. තමන්ට අවශ්‍ය පුද්ගලයන් අත් අඩංගුවට ගැනීමට ව්‍යාජ නීතියක පිහිට පතයි. බටහිරයන්ගේ නීතිය මෙන් ම ප්‍රජාතන්ත්‍රවාදය ද කොහොමටත් පොන්තනෝනාගේ මොකක් ද එක මෙනි. ඒ පොන්තනෝනාට අවශ්‍ය අන්දමට ය. අප රටේ ද අද එහි වෙනසක් නැත. රනිල්ට කිව යුත්තේ පොන්තමහත්තයා කියා ද?

මෛත්‍රිපාල සිරිසේන ප්‍රසිද්ධියේ නොපිළිගත්තත්, අද මෙරට සඵල ජනාධිපති රනිල් ය. මෛත්‍රිපාල අපල ජනාධිපති ය. මෛත්‍රිපාල අගමැතිකමට කෑදර වී පක්‍ෂය ද, රට ද පාවා දී ඇත. සබරගමුව ආණ්ඩුකාරයාගේ පුතා ඩිලාන් පෙරේරා තම නියෝජ්‍ය ඇමතිකමින් අස් වී කියා ඇත්තේ මෛත්‍රිපාලට අගමැතිකම දුන්නේ නම් මහින්ද රාජපක්‍ෂ තවමත් මෙරට ජනාධිපති බව ය. ආණ්ඩුවෙන් අස් වූ හා අස්වීමට නියමිත මැති ඇමතිවරුන්ගෙන් මහින්ද කණ්ඩායමට වද්දානොගත යුතු ප්‍රධාන ම පුද්ගලයා ඩිලාන් පෙරේරා ය. ඔහු රනිල් මෙන් ම සිංහල බෞද්ධ විරෝධියෙකි. ඔහු කරන්නේ රඟපෑමකි.

ඩිලාන් කියන්නේ මහින්ද තම ජනාධිපතිකම රැකගැනීමට මෛත්‍රිපාලට අගමැතිකම දිය යුතුව තිබූ බව ද? අද මෛත්‍රිපාල ක්‍රියාකරන ආකාරය අනුව නම් ඔහුට අගමැතිකම නොදීමෙන් මහින්ද රටට කර ඇත්තේ යහපතකි. එහෙත් මහින්ද කළ ප්‍රධාන ම දේශපාලන වරද වූයේ මෛත්‍රිපාලට ශ්‍රී ල නි පක්‍ෂයේ සභාපතිකම දීම ය. ඩිලාන් නියෝජ්‍ය ඇමතිකමෙන් අස්වූවත් මෛත්‍රිපාල කණ්ඩායමෙන් අස් වී නැත.

නිමල් සිරිපාල, ඩිලාන් වැන්නෝ රනිල් විවේචනය කරති. එහෙත් ඔහු බලයේ රඳවාගනු ලැබ ඇත්තේ මෛත්‍රිපාලගේ කණ්ඩායම මගිනි. රනිල් පික්පොකට් අගමැති කරනු ලැබුයේ මෛත්‍රිපාල විසිනි. ඒ බටහිරයන්ගේ හා ඉන්දීයයන්ගේ අවශ්‍යතාවට ය. මෛත්‍රිපාලට අවශ්‍ය වූයේ තමාට අගමැතිකම නොදීම හේතුවෙන් මහින්දගෙන් පළිගැනීමට ය. එහෙත් ඔහු පාවාදෙන්නේ සිංහල බෞද්ධකම ය. ඩිලාන්ලා එයට උපකාර කරති.

රනිල් බටහිර පන්නයේ අයකු වුව ද බටහිර සම්ප්‍රදාය අනුගමනය නො කරයි. එංගලන්තයේ කම්කරු පක්‍ෂයේ නායක එඩ් මිලිබෑන්ඩ් මැතිවරණයෙන් තම පක්‍ෂය පැරදුණු විගස පක්‍ෂ නායක ධුරයෙන් ඉල්ලා අස්විය. එහෙත් රනිල් මැතිවරණ විසි ගණනකින් පරාජය වුව ද පක්‍ෂ නායකකම අත් නොහැරියේ ය. ඊනියා ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතාකරන බටහිරයෝ ද රනිල් අත් නො හැරියහ. එ අන් කිසිවක් නිසා නොව මෙරට ඔවුන්ට සිටින හොඳ ම සිංහල බෞද්ධ විරෝධියා රනිල් වීම හේතුවෙනි.

බටහිරයන් මෛත්‍රිපාලට ජනාධිපති අපේක්‍ෂකකම දී ඇත්තේ ඔහු ජයග්‍රහණය කළ විට රනිල්ට අගමැතිකම දීමේ පොරොන්දුව මත ය. මෛත්‍රිපාලට ඒ පොරෙන්දුව කඩකිරීමට තරම් ශක්තියක් නැත. ඔහුට කළ හැක්කේ බටහිරයන්ගේ දාසයකු වීම පමණ ය. අද රනිල් පොන්තමහතකුගේ තත්ත්වයට පත් වී ඇත්තේ ඔහුට බටහිරයන්ගේ ආධාරය තිබෙන නිසා පමණක් නොව මෛත්‍රිපාල රටට කුමක් වුවත් රනිල් ආරක්‍ෂා කරන බැවිනි. නිමල් සිරිපාලලා ඩිලාන් පෙරේරලා මෛත්‍රි කණ්ඩායමේ බලකණු වෙති.

නිමල්ලා රනිල්ගේ කෙරුවාවට අකමැති නම් කළ යුත්තේ පාර්ලිමේන්තුවේ ඔහුට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් ගෙනැවිත් ඔහු පරාජය කර මෛත්‍රිපාලට රනිල් අගමැති කමෙන් අස්කිරීමට බල කිරීම ය. එහෙත් ඔවුහු එසේ නො කරති. කමකට නැති බොරු විවේචනයක් පමණක් කර ජනතාව රවටති. රනිල් අගමැති ලෙස මහා මැතිවරණයක් පැවැත්වීම ඊනියා ප්‍රජාතන්ත්‍රවාදයට වුවත් හිතකර තත්ත්වයක් නො වේ. මෛත්‍රි කණ්ඩායමේ බහුතරය නිමල්ලා ඩිලාන්ලා අත්හැර රනිල්ට විරුද්ධව වහාම විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒම ය.

නලින් ද සිල්වා
කාලය
2015 මැයි 22

,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

0 comments :

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

"බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ -ලසන්ත වික්‍රමසිංහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP cepaepa ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions