5/16/2015

සුද්දා අපට ඉගැන්වූ ප්‍රජාතන්ත්‍රවාදයේ පාඩම

කතෘ:යුතුකම     5/16/2015   1 comment

හුදු යහපාලන විරෝධීන් නොවෙමු..

යහපාලනය නෙමෙයි මොන පාලනයක් ගෙනාවත් පොඩි පොඩි ප්‍රශ්න ඇති වෙනවනේ. ඇත්තටම ඕව ප්‍රශ්න නෙමෙයි. මහ ලොකුවට ගන්න දෙයක් උනා නම් කමක් නෑ තව.
මොනාද ඔය ප්‍රශ්න විදියට තියෙන්නේ?

රටේ ආරක්ෂාව සම්බන්දයෙන් ගත් විට අධිආරක්ෂිත කලාප ඉවත් කිරීම,හමුදා කඳවුරු ඉවත් කිරීම,මිය ගිය LTTE සාමාජිකයින් සිහි කිරීම කියන කාරණා ටිකනේ.මෙහෙමයි ඉතින් ආණ්ඩුවක් වෙනස් වෙනකොට තමන්ගේ ප්‍රතිපත්ති වලට අනුකුලව තමා රටේ ආරක්ෂාව කොහොම විය යුතුද කියල තීරණය කරන්නේ.
මේ ආණ්ඩුව විශේෂයෙන්ම සැලකිලිමත් වෙලා තියෙන්නේ අවුරුදු30ක් යුද්ධයකින් පීඩා විඳපු උතුරේ දෙමල මිනිස්සුන්ට සාමකාමී ප්‍රජාතන්ත්‍රවාදී සමාජ වටපිටාවක් නිර්මාණය කර දෙන්න.ඇත්තටම ඒ මිනිස්සුන්ට යුද්ධයේ නටබුන් අවශේෂ දකින කොට ඇති වෙන හැගීම ගැන අපිට වටහුන් නැති උනාට ජෝන් කෙරී,ම්ලිබැන්ඩ් මහත්වරුන්ට තේරෙනවා. එවැනි දැනමුත්තන්ගේ අනුශාසනායටතේ මේ ආණ්ඩුව කටයුතු කිරීම ඇත්තටම සතුටු විය යුතු කාරණයක්. ඒ සමාජ වටපිටාව ඇති කිරීමට බාධාවක් වන සියලු දේ ඉවත් කිරීම අත්‍යාවශ්‍යයෙන්ම කල යුත්තක්. එවිට හමුදා කඳවුරු රණවිරු ස්මාරක ඉවත් කිරීම අනාගතයේදී මේ රටේ සාමය සහජීවනය සංහිදියාව ඇති වීමට ලොකු පිටුවහලක් වෙයි. අධිආරක්ෂිත කලාප ඉවත් කිරීමේ මූලික අරමුණ වන්නේ උතුරේ ගොවියන්ට අවශ්‍ය ඉඩම් ලබා දී රටේ නිෂ්පාදන ක්‍රියාවලිය ශක්තිමත් කිරීමයි. රනිල්,රවී වැනි ආර්ථික විශේෂඥියන් යටතේ ලංකාව දැවැන්ත ආර්ථික සංවර්ධනයක් කරා යාමේ පළමු පියවර ලෙස උතුරේ ආර්ථික සංවර්ධන ක්‍රියාදාමයන්(අධිආරක්ෂිත කලාප ඉවත් කොට මහජනතාවට බෙදා දීම)හඳුනාගන්න පුළුවන්.

මියගිය LTTE සාමාජිකයින් සිහිකිරීම මහා ආන්දෝලනාත්මක ප්‍රශ්නයක් බවට පෙන්වීමට ඇතැමුන් ක්‍රියා කිරීම කිසිසේත්ම ප්‍රජාතන්ත්‍රවාදය අගයන රටක සිදුවිය යුතු දෙයක් නොවෙයි. තමන්ගේ වීරයන්(බොහෝ දෙමල ජනයාට ප්‍රභාකරන් ඇතුළු පිරිස වීරයන්ය.) සැමරීමට ඇති ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය නැති කිරීමට කිසිවෙකුටත් අයිතියක් නොමැත.කුමක් කීවත් ආණ්ඩුව මෙම සැමරීමට ඉඩකඩ සැලසීම බටහිර රටවල ප්‍රශංසාවට ලක්වීම රට ලැබූ ජයග්‍රහණයකි. එය අප රට තුල ඇති වෙමින් පවතින ප්‍රජාතන්ත්‍රවාදයට පාදමක් වනු නිසැකය. සහජීවනය හා සංහිදියාව ඇති කිරීමේ මූලික අරමුණ පෙරදැරිව ජාතික ගීය දෙමළින් ගායනා කිරීමට ඉඩ දීම මගින් ජනවර්ග අතර සහජීවනය ඇති කිරීම සම්බන්දයෙන් මුලු මහත් ලෝකයටම ආදර්ශයක් දීමට අපට හැකියාව ලැබුනි. ලෝකයේ මෙවන් අවස්ථාවක් ලද එකම රට වීමේ අභිමානය යලි කිසිවෙකුටත් අපෙන් උදුරාගත නොහැකි බව සතුටින් දන්වා සිටිමි. මේ කුමන කරුණක් සම්බන්ධයෙන් දෙගිඩියාවක් වුවත් මේ රට ප්‍රජාතන්ත්‍රවාදී,සාමකාමී රටක් බවට පත්වෙන බවට කිසිදු සැකයක් ඇති කරගැනීමට අවශ්‍ය නැත. මන්දයත් මුලු මහත් අරාබිකරයටම,සුළු වශයෙන් ආසියාකරයට ප්‍රජාතන්ත්‍රවාදයේ දොරගුළු ඇරදුන් ඇමරිකාව,එංගලන්තය ප්‍රමුඛ යුරෝපීය රටවල් අද මේ රටට අවශ්‍ය උපදෙස් අත්වැල රනිල් ප්‍රමුඛ ආණ්ඩුවට සපයන නිසාය. එහි එක් සන්ධිස්ථානයක් ලෙස වසර40 කට පසුව ඇමරිකානු රාජ්‍ය ලේකම් වරයෙකු මෙරටට පැමිණීම හැඳින්විය හැකිය .

එංගලන්ත මහ රැජින සිරිසේන මහතාගේ අතට ඇත දීම,ඩේවිඩ් කැමරන් මහතා ඉදිරියට පැමිණ සිරිසේන මහතාගේ කාරයේ දොර ඇරීම වැනි කාරණාද මෙරට දේශපාලනයේ හැරවුම් ලක්ෂ්‍ය ලෙස සියුම්ව කල්පනා කර බැලීමේදී අවබෝධ වනු ඇත. ප්‍රජාතන්ත්‍රවාදයේ සංහිදියාවේ සහජීවනයේ පණිවුඩය රැගෙන ජෝන් කෙරී මහතා දේවදුතයෙක් සේ මෙරටට පැමිණ අපමණ ප්‍රීතියෙන් නැවත දෙවියන් වහන්සේගේ අඩවියට උන්වහන්සේට කරුණු සැල කිරීමට පිටත් වී ඇත. ඔහු එසේ පිටත් වුයේ සාමයේ පණිවුඩයද රැගෙන බැරක් ඔබාමා ද දෙවදුතයෙක් සේ මෙරටට එනු ඇතැයි යන ඉඟිය ලංකාවාසීන්ට ලබාදෙමින්ය. සියල්ල ඉහත සඳහන් කෙරූ අයුරින් සිදුවී තිබියදීත් නිස්කාරණයේ ආණ්ඩු විරෝධී කතන්දර ගෙතීමින් වැලකී සාමයේ දේවදුතයා පැමිණෙන තුරු අපේක්ෂාවේ දෑස් දල්වා සිටිමු. කල යුත්තේ එය පමණකි. 
""මෙය සුද්දා අපට ඉගැන්වූ ප්‍රජාතන්ත්‍රවාදයේ පාඩමයි.""

-සමීර ගල්පාය

යුතුකම සංවාද කවය
www.yuthukama.com


--------------------------------------------- 
"නිවැරදිව හරවත්ව කියවන්න අපගේ ෆේස්බුක් පිටුව සමඟ එක්වන්න.
https://www.facebook.com/yuthukama
ෆේබුක් පිටුවට Like  කර එකතු වන්න "
---------------------------------------------

,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

1 comment :

  1. 1. Christie Says:
    May 16th, 2015 at 2:46 am
    Namaste: යුතුකම, ගොන්කම, ගැතිකම සහ අනිත්වා ගැන කතාකිරිම පැත්තකින් තියල වෙච්ච වැඩේ දිහා බලමු. ඉන්දියානු අදිරදයා චන්ද්රිකා ලවා සිරිසේනගෙ බෝල මිරිකල රනිල්ව කන්කානියා කලා.ඉන්දියන් ජඩයා 1951 ඉඳන් ඕක තමයි අපට කරන්නෙ. 2015 විතරයි ඉන්දියන් ජඩයට වැරදුනේ. Jai Hind

    ReplyDelete

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions