5/04/2015

M3 පාලනය

කතෘ:යුතුකම     5/04/2015   No comments

අද බටහිරයන් අපට යෝජනා කරමින් සිටින ජහපාලනය සහ ප්‍රාදේශීය ආණ්ඩුකරණය පිළිබද ව කිසිවක් මේ FB ජහපාලන වීරයන් දන්නේ යයි කිය නො හැකි ය. ඔවුන්ට තිබෙන්නේ ජෝන් කෙරීලා කියන දේ ඒ ආකාරයෙන්ම පිළිගන්නා මන්ද බුද්ධියකි. එතැනින් එහා තිබෙන අනතුර කුමක්දැයි සිතන්න‍‍ට තරම් ස්වාධීන චින්තනයක් ඔවුන්ට නැත.

මෙය සමාන වන්නේ ආරියවංශ රණවීර කවියා වැන්නන් බටහිර රෝමන්තික (Romantic) කවිය සම්බන්ධ ව මෙරට රෝපණය කළ අදහසට ය. ඔහු වැන්නන් කළේ බටහිර අදහස් මෙරට තුළ සිංහලයෙන් පරිවර්තනය කර බෙදා හැරීම ය. මොවුන්ට අප පවසන්නේ 'ශබ්ද විකාශන බුද්ධිමතුන්' (Loudspeaker Intellectuals) කියා ය. එනම් කොහෙන්දෝ එන සද්දයක් 'හඩ වැඩි කර' කියනු විනා, වෙනත් අදහසක් කියන්නේ නැති නිසා ය.

බටහිර රෝමන්තික කවියෙන් ප්‍රකාශිත පරිසර වර්ණනා පිටුපස තිබෙන්නේ 'දේවවාදය' යයි අප මුලින් පවසන විට, මේ අමෙරිකන්වාදී බුද්ධිමත්තු වස්ත්‍ර උරහිසට ගෙන (රෙදි කරට ගෙන) අපට එරෙහි ව අදහස් දැක්වූහ. එහෙත් දිගින් දිගටම අප, අප‍ ගේ මතය පළ කිරීම නිසා දැන් ඒ අනුකාරක කතා ලිවීම සහ කීම නවත්වා ඇති බවක් පෙනෙන්නට තිබේ.

අප කල්පනා කළ යුත්තේ 'අප ගේ ඉතිහාසය' විනා, බටහිරයන් ගේ ඉතිහාසය නො වේ.

නිදර්ශනයක් වශයෙන්, විමලත්න කුමාරගම ගේ 'අයියනායක' පද්‍ය පන්තියෙන් පසු, 'රෝමන්තික' කවි ගැන කතා කරන්නට ඉඩක්, මේ රටේ කවිය ගැන වදාරන්නන්ට නැති බව දැනගත යුතු ය. බටහිරවාදී යන් තේරුම් ගත යුතු වන්නේ විද්‍යාව යනු, බටහිර විද්‍යාවම නො වන බව ය. අතීතයේ සිටි විද්‍යාචක්‍රවර්තී යනු, බටහිර විද්‍ය‍ාව කෙළ පැමිණියකු නො වන බව ය.

දැන් ප්‍රස්තුතය කතා කරමු.

අප මෑත යුගයේ ලෝක පරිමාණ ජයග්‍රහණ දෙකක් ලබා ගත්තෙමු.

01‍ 1996 ක්‍රිකට් ලෝක කුසලානය
02. 2009 යුද ජයග්‍රහණය

මේ ක්‍රීඩාව සහ යුද්ධය යනු, බටහිරයන් අප මත පැට වූ දේවල් බව අපි දනිමු. එහෙත් ඒවා 'ඔවුන් ගේ ක්‍රමයට' සිදු කිරීමට උත්සාහ ගන්නා තාක් අප ජයග්‍රහණ අත් කර නො ගත් බව ද දනිමු.

මේ ඓතිහාසික ජයග්‍රහණ දෙකම පිටුපස තිබෙන්නේ එකම තාක්ෂණික පදනමකි.

මේ ජයග්‍රහණ අත් කර ගන්නට පෙර, අප විසින් අනුගමනය කෙරුණේ 'උන් ගේ ක්‍රමය' ය. ඒ නිසාම ඒවා දිගින් දිගට පරාජයෙන් කෙළවර විණි. 'මුලින් මෘදු ප්‍රහාර සහ පසුව දැඩි ප්‍රහාර' (from soft corners to hard attacks) ක්‍රමය අනුගමනය කරමින් සිටි අප‍ට කවර හෝ හේතුවක් නිසා ඥානය පහළ වී තිබිණි. 'ක්‍රමය' වෙනස් කරන ලද්දේ ඉන්පසු ව ය.

'මුලින් දැඩි ප්‍රහාර, පසුව මෘදු ප්‍රහාර' (from hard corners to soft attacks) ක්‍රමය අනුගමනය කරන්නට වූ පසු අපට ජයග්‍රහණ ලැබිණි. ක්‍රිකට් ක්‍රීඩාවේ නම්, ඒ කාර්යයට අත්පොත් තැබුවේ 'සනත්-කලු' යුගලය ය. එකී ක්‍රමය නූතන ක්‍රිකට් ලෝකයට නව ක්‍රමවේදයක් වූ බැවින් 'ක්‍රිකට් ලෝකයේ රජුන්' වී සිටි ඕස්ට්‍රේලියානු සුද්දන් 'කරකවා අතහරින ලද' තත්ත්වයකයට මුහුණ දුන් බව පැහැදිලි ය.

2009 යුද ජයග්‍රහණය ද එවැන්නකි.

මුලින් 'මෘදු තැන්වලට' ප්‍රහාර එල්ල කරන ක්‍රමවේදය අනුගමනය කරමින් සිටි අපට, එයින් ද බොහෝවිට අත් වූයේ පරාජය ය. එහෙත්, ඒ ක්‍රමය වෙනස් කර, කොටියන් බලාපොරොත්තු නොවුණු ආකාරයෙන් 'මුලින් මර්මස්ථාන' සොයා ප්‍රහාර එල්ල කිරීම තෝරා ගත් නිසා කොටියන් අන්ද මන්ද වූ බව පැහැදිලි ය. ආනන්තපුරම් වන විට කොටි පරාජය භාර ගෙන තිබිණි‍. මාරාන්තික සටනක් නො වූ, නන්දිකඩාල් භූමියේ 'අවසාන සටන' ඒ ආකාරයෙන් සිදු වූයේ අප ගේ නව යුද ශිල්පය නිසා ය. එය තේරුම් ගන්නට, කොටියන්ට උදව් දුන් බටහිර රටවලට ද අපහසු විණි. අවසානය වන විට 'ජයග්‍රහණය' අත් පත් වූ‍යේ නො දැනී ය.

අද ජෝන් කෙරීලා ගේ පාමුළ වැටී කකුල් ලෙව කමින් 'අපට උදව් කරන්න' යයි පවසන්නේ එහෙව් ලෝක ජයග්‍රහණ ලබා ගත් ජාතියක නිවට ජනාධිපතිවරයෙකි. නිවට අගමැතිවරයෙකි.

ලෝකයේ සිදු වන දේ ඉංග්‍රීසියෙන් කියවන්නට නො දන්නා සිරිසේන නිසා, මේ රටේ බටහිරවාදීන්ට දැන් වැඩ කර ගැනීම පහසු වී තිබේ. සිරිසේන දන්නේ 'සුද්දා යනු ශක්‍රයා ය' යන නිවට අදහස පමණි. ටයිකෝට්කාරයන් යනු, 'එසේ මෙසේ අය නො වේ' යන වැඩවසම් ආකල්පය පමණි.

වර්තමාන 'ප්‍රාදේශීය ආණ්ඩුකරණය' යනු බටහිරයන් ගේ උප්පර වැට්ටියක් බව දැන ගන්නට 'සිරස' හෝ 'සිඵමිණ' කියවා දැන ගත නො හැකි ය. රනිල් ගේ කතාවලින් ද අවබෝධ කර ගත නො හැකි ය. ඒවාට 'උන් ගේ පොත්' කියවිය යුතු ය.

ක්‍රි.පූ. 4වැනි යුගයේ සිට මේ රට ප්‍රාදේශීය පාලනයට ක්‍රමවේද ගොඩ නගා ගෙන තිබිණි. ඒවා මේ රටට අනන්‍ය ය. ඉපැරණි සශ්‍රීකත්වය යනු එහි අග්‍ර ඵලයකි. සීගිරි කවි යනු එහි ප්‍රතිමූර්තියකි.

යටත්විජිත යුගයේදී ඒ ක්‍රම බිද දමා 'සුද්දන් ‍ගේ ක්‍රමය' ආරෝපණ කරන ලදි.

දෙමළ ප්‍රශ්නය උද්ගත වූයේ එතැනිනි.

අද, බටහිරයන් ඉදිරියේ කොදු කඩාගෙන නැවුණු 'මෛත්‍රී පාලනය' (M3) යනු, දේශජ ක්‍රමයක් නො වේ. එහි ඇත්තේ M අකුරු 3 කි.

Money
Mocking
Misleading

- කුමාර ලියනගේ
යුතුකම සංවාද කවය
www.yuthukama.com

--------------------------------------------- 
"නිවැරදිව හරවත්ව කියවන්න අපගේ ෆේස්බුක් පිටුව සමඟ එක්වන්න.https://www.facebook.com/yuthukama
ෆේබුක් පිටුවට Like  කර එකතු වන්න "
---------------------------------------------  

, ,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

0 comments :

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions