5/23/2015

ෆූටාව සියයට හයෙනුත් පහළට වැටීම

කතෘ:යුතුකම     5/23/2015   No comments

විශ්වවිද්‍යාල සිසුන්ගේ සටන් ගැන පහුගිය දිනෙක නිර්මාල් රංජ්ත් මහතා ලියල තිබුණ පෝස්ටුවකින් මහත් විමතියට හා ලැජ්ජාවට පත් වුණා. විමතියට පත්වු‍ණේ කෙනෙකුට මෙච්චර කුහක වෙන්න පුළුවන් ද කියන කාරණය මතයි. ලැජ්ජාවට පත් වුණේ අප ද ෆූටාවේ සාමාජිකයින් වන නිසයි. ඔහු කියනවා දැන් විශ්වවිද්‍යාල සිසුන් කරන්නේ අපරිණත අරගල කියල. ඔවුන් එවැනි අරගලවලට යොමු කරන්නේ පෙරටුගාමී සමාජවාදී පක්‍ෂයලු. එහෙම කරල රාජ්‍ය මර්දනය ඔවුන් වෙත කැඳව ගන්න හදනවලු.

බළලා මල්ලෙන් එළියට ! දැන් ආචාර්ය නිර්මාල්ට තියෙන ප්‍රශ්නය අන්තරය ඔහුගේ යහපාලන ආණ්ඩුව රජකම් කරන කොට ශිෂ්‍ය සටන් කිරීම. හැබැයි මහින්ද ආණ්ඩු කරනකොට ඔවුුන් මොනම සටනක් කළත් ප්‍රශ්නයක් නෑ.ඒවා සුප්‍රබුද්ධ සටන්. කඳුළු ගෑස් බැටන් පොලු ගහනකම් බලාන ඉන්නේ ෆේස්බුක් එක අප්ඩේට් කරන්න. ඔබ දන්නවා මීට මාස කීහිපයකට ඉහත දී විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වැටුප් අරගලය තුළ මහත් කැප කිරීම් කළ කණ්ඩායමක් තමා අන්තරය. ඔවුන් මෙම අරගලයේ දී සිය ක්‍රියාකාරීන් දෙදෙනෙකු පවා අහිමි කරගත්තා කඩවත ප්‍රදේශයේ සිදු වූ හදිසි අනතුරකින්. 2012 සැප්තැම්බර් 30 වෙනිදා අන්තරේ කැඳවුම්කරු දිවයිනට මෙහෙම කියනවා:

"අපි දකිනවා මේක හුදු වැටුප් ප්‍රශ්නයක්‌ මත නෙවෙයි කියන එක. වැටුප් ප්‍රශ්නය පවා විශ්වවිද්‍යාලවල අනාගතයට බලපානවා. මේ මොහොතේ ගත්තොත් මේ වැටුප් සඳහා පමණක්‌ මේ අරගලය දියත් වෙන්නේ නෑ."

ඇත්තට ම සටන දියත් වුණේ වැටුප වැඩිකර ගන්න. අනිත් කරුණු ගෙනාවේ සටනට කාටත් රස අයිසින් එකක් දාන්න. ඒ බව විටෙක අන්තරයත් දන්නවා. එහෙත් ඒ අවස්ථාවේ දී සංජීව බණ්ඩාර ආචාර්ය සම්මේලනයේ රෙදි කදිමට හෝදනවා. ප්‍රශ්න වන්නේ මෙහෙම ක‍ඩේ ගිය අන්තරය තමයි අද හිටපු ෆූටා සභාපති තැන රොමැන්තික මාර්ක්ස්වාදීන් කියල හෑල්ලුවට ලක් කරන්නේ. එහෙව් අන්තරේ සටන් තමා දැන් අපරිණත කියල කියන්නේ. දැන් පෙරටුගාමීන් අන්තරය මෙහෙයවූවාට අන්තරය තුළ ඉන්නේ එදත් හිටින සරසවි සිසු සිසුවියන්. ඔවුන්ගේ දේශපාලනය කවදත් එහෙමයි. ඒ නිසා තමන්ගේ වත්මන් පුද්ගලික දේශපාලන මතය අනුව දැන් අන්තරය දෙස මෙසේ බැලීම මොනතරම් කුහකත්වයක් ද? සිසුන් ආචාර්යවරුන් පිළිබඳ දැන් කෙසේ සිතනු ඇති ද? මේ ආණ්ඩුව පත් වුණු ගමන් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් චක්‍රලේඛයක් නිකුත් කළා පාසැල්වල දෙමාපියන්ගෙන් සල්ලි එකතු කිරිම නීත්‍යානුකුල කරල. මේක ෆූටා සටනට ගහපු දැවැන්ත පා පහරක්. ඒත් ෆූටා මීක් නෑ. ලෝකය ගැන ෆුකුයාමා කිව්වා වගේ ෆූටා ඉතිහාසය මේ ආණ්ඩුවෙන් අවසන්. ඒත් අන්තරය තමන්ගේ සටනේ දිගට ම ඉන්නවා. ඒත් එම අරගල හිටපු ෆූටා (දැන් ඉන්න අයටත් විටෙක) සභාපතිට අපරිනත ඒවා. විටෙක ඊළඟ වැටුප් සටන හෝ මහින්ද ආණ්ඩුවක් එනකං.

-මහින්ද පතිරණ
යුතුකම සංවාද කවය
www.yuthukama.com

,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

0 comments :

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions