9/11/2015

ද්‍රෝහී හවුල හමුදා බුද්ධි අංශ නැවතත් පාවා දී වනසයි.[Video]

කතෘ:යුතුකම     9/11/2015   No comments

එදා
[මිලේනියම් සිටි මහා පාවාදීම]


2001 දෙසැම්බර් පැවැති පාර්ලිමේන්තු මැතිවරණය මගින් එතෙක් පැවැති පොදු ජන එක්සත් පෙරමුණ රජය පෙරලා එක්සත් ජාතික පෙරමුණ බලයට පැමිණීයා පමණි.
2002 ජනවාරි 2 වන දින, මහනුවර නිල සුනඛ අංශයේ සහකාර පොලිස්‌ අධිකාරි කුලසිරි උඩුගම්පල යටතේ ක්‍රියාත්මක වූ විශේෂ පොලිස් කණ්ඩායමක් විසින්, හමුදා බුද්ධි අධීක්ෂණ මණ්ඩලය යටතේ පවත්වාගෙන යන ලද අතුරුගිරයේ මිලේනියම් සිටි හී අංක 844හී ස්ථානගත කොට තිබූ LRRP බලකායට අයත් ස්ථානය වටලන ලදී. එහිදී LRRP අණදෙන නිලදාරී කැප්ටන් ශහුල් හමීඩ් නිලාම් ඇතුළු හමුදා නිළදාරීන් පස් දෙනෙකු සහ පැරා මිලිටරි සමාජිකයෙකුද, LTTE සංවිධානයේ හිටපු සාමාජිකයෙකුද අත්අඩංගුවට ගන්නා ලදී.

වටලන ලද ස්ථානය එවක අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු එක්සත් ජාතික පක්ෂයේ ඉහල නායකයින් ඝාතනයට සැළසුම් කල තිප්පොලක් වශයෙන් මහජනයාට හුවා දැක්විණි.

එදා මිලේනියම් සිටි පාවාදීමෙන් කොටින්ට බිලි දුන් විරුවන්
මෙම සිදුවීමෙන් අනතුරුව LRRPට අදාල ඉතා වැදගත් තොරතුරු රැසක් මාධ්‍ය වෙත කාන්දු වී තිබුණි. මෙම සිදුවීමෙන් පසු වහාම ක්‍රියාත්මක වූ එල්ටීටීඊ සංවිධානය, LRRP බලකායට සහය දුන් හා සහය දෙන බවට සැකකරන ද්‍රවිඩ චරපුරුෂයන් ඝාතනය කිරීමට පියවර ආරම්භ කරන ලදී. එල්ටීටීඊ බුද්ධි අංශ නායක පොට්ටු අම්මාන් මීට ප්‍රධාන වශයෙන් මැදිහත් වන ලදී. රජය මගින් මෙම ඝාතන වැළැක්වීම සඳහා ප්‍රමාණවත් පියවරක් නොගත් අතර රජයේ බුද්ධි අංශ විසින් කල ඉල්ලීම්ද, යුධ විරාමය සඳහා බලපෑම් එල්ල කරනු ඇතැයි සැලකූ නිසා නොසලකා හරින ලදී.
අවසානයේ එවකට ආරක්ෂක ඇමතිව සිටි තිලක් මාරපන මහතා විසින් මෙය මහා පාවාදීමක් බව වටහා ගෙන පරීක්ෂණ කටයුතු අත් හිටවූවත් ඒ වන විට සියල්ල සිදුවී හමාරව තිබිණ.
බුද්ධි අංශය නැවත ගොඩ ගත නොහැකි මට්ටමට වට්ටවා වනසා දමා තිබිණ.

අද
[Operation Double Edge බුද්ධි අංශ හෙළිදරව්ව]


2015 මහමැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ හවුල් ආණ්ඩුවක් පිහිටවූ විගසම සියල්ලටම ප්‍රථම සිදුකල ප්‍රධාන කාර්‍යවූයේ යුධ හමුදා බුද්ධි අංශ සාමාජිකයන් පිරිසක් අත් අඩංගුවට ගැනීමයි. අතුරුදහන් වූ වෙඩ් අඩවි මාධ්‍යවේදියෙකු හා සම්බන්ධ පරීක්ෂණයකටැයි කියමින් සිදුකල ඒ අත් අඩංගුවට ගැනීමත් සමගම මෙතෙක් කලක් ඉතාමත් රහසිගතව පැවති කොටි ත්‍රස්තවාදීන් සමග සිටි කොටි බුද්ධි අංශය වැනසීම ඉලක්ක කරගෙන ක්‍රියාත්මක වූ හමුදා බුද්ධි අංශ ක්‍රියාවලිය නිරාවරණය විය.

සිංහල කොටින් යොදා ගන්මින් කොටි සංවිධානය සිදු කල මෙහෙයුම් රැසක් අනාවරණය කර ගැනීමට සහ තවත් දහස් ගණන් බෝම්බ පිපිරීම් ආදී ව්‍යසන වලකා ගැනීමටත් උපකාරී වූ හමුදා බුද්ධි අංශ ක්‍රියාන්විතය එදා 2002දී සිදු කලාක් මෙන් දේශපාලන ලේබලයක් ගසා හෙළිදරව් කෙරිණ.

එදා ඒ හෙළිදරව්වෙන් පසු බුද්ධි අංශ විරුවන් සිය ගණනක් තැනින් තැන කොටි ප්‍රහාර වලින් ඝාතනයට ලක් වූ නමුත් අද මේ කරන හෙළිදරව්ව හරහා සමස්ථ බුද්ධි අංශයම බිඳ වැටීමේ අතිශය අවාසනාවන්ත ඉරණමකට ගොදුරු වෙමින් ඇති බව ජාතික එකමුතුව විසින් පසුගියදා පැවත්වූ මාධ්‍ය හමුවේදී අවධාරණය කෙරිණ. ආයුධ වලින් කරන සටන අවසන් කර ඇති මේ වකවානුවේ ආරක්ෂාව සම්බන්ධව සැලකූවිට අතිශය වැදගත් වන්නේ මේ බුද්ධි අංශ ක්‍රියාදාමයයි.
නමුත් රටේ අවාසනාවටදෝ දේශපාලන උවමනාවන් සඳහා ඒ බුද්ධි අංශය සමග සමස්ථ ආරක්ෂක අංශ යාන්ත්‍රණයම පාවා දෙමින් ඇති අතර අනාගතයේ යුධ අපරාධ චොදනා හරහා ඔවුන් දං ගෙඩියට දැක්කවීමට මේ පාවාදීම මහඟු රුකුලක් වනු ඇති.

ජාතික එකමුතුවේ මාධ්‍ය හමුවේදී මාදුරුඔයේ ධම්මිස්සර හිමියන් බුද්ධි අංශ පාවාදීම පිළිබඳ පැවැත්වූ කතාව.


 


එහිදී දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වසන්ත බණ්ඩාර මහතා දැක්වූ අදහස්...




-සටහන  : යටියන ප්‍රදීප් කුමාර
යුතුකම සංවාද කවය
www.yuthukama.com
ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න.
(Like us on facebook)

https://www.facebook.com/yuthukama

, , ,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

0 comments :

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions