9/14/2015

මෙගාපොලිස් මහා නාගරිකය

කතෘ:යුතුකම     9/14/2015   1 comment

රනිල් මහතාගේ මෙගා මෙගපොලිස් යන්න සඳහා සුදුසු සිංහල වචනය මහා නගර යන්න විය හැකිය. ඔහුගේ මැතිවරණ ප්‍රකාශනයේ දක්වා තිබුනේ මෙගා පොලිස් මහා නාගරිකය යන්නය. ඉන් මහා නගර යන්නට වැඩි දෙයක් කියවෙන බව හැඟෙයි. මැතිවරණ ප්‍රකාශනයට ද ඇතුල් කර තිබූ එම වචනය බොහෝ අයගේ අවධානයට යොමු විය. මෙගාපොලිස් යන්න බස්නාහිර පළාතේ ඉදිවන්නක් බව එජාප මැතිවරණ ප්‍රකාශනයෙන් පෙනී යයි. අමාත්‍යංශ නම් කිරිමෙදී “මෙගාපොලිස් හා බස්නාහිර සංවර්ධන” හෝ “මහා නගර හා මෙගාපොලිස්” හෝ යන්න වෙනුවට මහා නගර හා බස්නාහිර සංවර්ධන යනුවෙන් අදාල අමාත්‍යංශය නම්කර තිබුනේය. ඇතැම් විට තම අමාත්‍යංශයේ නම සඳහා මෙගාපොලිස් වැනි ආගන්තුක වචනයක් ඈඳනවාට චම්පක මහතා විරුද්ධ වන්නට ඇත.

රනිල් මහතා තම තීරණයේ මුරණ්ඩු ලෙස සිටින පහසුවෙන් නොනැමෙන ( ඔහු නොනැමේන්නෙ බටහිරයන් හා ඉන්දියානුවන් ඉදිරියේ නොව සිංහලයන් ඉදිරියේ ය.) අයෙකු බව පසුගිය දින දෙසිය හතලිහේ දී ද දැකගත හැකි විය. කෙතරම් දොශාරෝපණ පැමිණියත් ඔහු මහබැංකු අධිපති ඉවත් කලේ නැත. විශාල පිරිසකට රැකියා අහිමි උවත් ඉදිකිරීම් ව්‍යාපෘති විශාල ප්‍රමාණයක් නවතා දැමුවේය. සෙත්සිරිපාය ඉදිරිපිට රැකියා අහිමි වූ පිරිස් විසින් කළ සත්‍යග්‍රහය කෙරෙහි සැලකිල්ලක් නොදක්වුයේ ය. ඔහු මෙලෙස හැසිරුනේ මැතිවරණයක් පෙනී පෙනී තිබියදී ය. එහෙව් රනිල් මෙගාපොලිස් යන වචනය අමතක කලේ කාගේ උවමනාවට ද? චම්පක ඇමති තුමාගේ උවමනාවට ද? (මෙය වචනයක් පිළිබඳ සුළු
කරුණක් සේ නොසැලකිය යුතු බව මට හැඟෙයි. මෙය නව ආණ්ඩුව තුළ බටහිර නියෝජිතයා-රනිල් හා ඉන්දීය නියෝජිතයා-චම්පක අතර ගැටුමක ආරම්භය සංකේතවත් කරන්නේ යැයි සිතමි. )

චම්පකලාට ගෙවුණු මාස 8 තුල දී එතරම් දෙයක් රනිල් මයා ලවා කරවා ගැනීමට නොහැකි විය. විසිවෙනි සංශෝධනය සම්මත කර ගැනීමට නොහැකි විය. ඊනියා මෙගා ඩීල් හෙළි කිරීමට නොහැකි විය. ( මාර්ග ඉදිකිරීමේ දී සිදුවුවා යැයි කියන දුෂණ සෙවීමට මාර්ග සංවර්ධන අධිකාරිය පත්කළ කොමිටියේ වාර්ථාව එලි නොකරන්නේ ඇයි? මට දැන ගන්නට ලැබුණු පරිදි වාර්ථාව එම ආයතනයේ සභාපතිට ලබා දී දැනට මාස දෙකකටත් වැඩිය.) ඇවන්ගාර්ඩ් ආයතනය ඔස්සේ රටට අත්වූ කීර්තිය , පළුදුවීම වැළැක්වීමට චම්පකලාට නොහැකි විය. දුෂිත ආකාරයකට හිටපු අගවිනිසුරු ඉවත් කිරීමේ දී ඒ නැවැත්වීමට කිසිවක්
කිරීමට චම්ම්පක ඇමතිතුමාට නොහැකි විය. මහබැංකු වංචාවට එරෙහිව කිසිවක් කිරීමට ඔවුන්ට නොහැකි විය. එක්නැලිගොඩ සිද්දිය හරහා සන්නද්ධ බුද්ධි අංශය එලිදරවු වීම මගින් ජාතික ආරක්ෂාව දුර්වල වීම වැලැක්වීමට ද ඔවුහු අපොහොසත් වුහ. චම්පකලාගේම අදහස් හා යෝජනා වලට රනිල් මහතා ලෙහෙසියෙන් නොනැමෙන බව මේ අනුව අපට පෙනෙයි.මැතක දී රනිල් මහතා කොළඹ ප්‍රදේශයේ සංචාරයක යනවා රූපවාහිනියෙන් දුටුවෙමි. ඔහු පැල්පත් වාසීන්ගේ ගැටළු සොයා බැලීමට ගිය වගක් එහිදී නොකියැවිණි. ඔහු පැරණි ගොඩනැගිලි අලුත්වැඩියා කර හෝටල් කරුවන්ට ලබාදීමේ හැකියාව සොයාබැලීමට පැමිණි බවට මාධ්‍ය වෙත අදහස් දැක්විය. 

නමුත් චම්පක ඇමතිතුමා බස්නාහිර සංවර්ධනය යටතේ කිරීමට අදහස් කරන දේ ඔහු වරක් මාධ්‍ය ඔස්සේ පවසනවා දුටුවෙමි. ඒවා නම් සන්ධාන ආණ්ඩුව විසින් ආරම්බ කර සාර්ථකව කරගෙන යමින් තිබුණ සැලසුම් ය. මාර්ග පද්ධතිය බොහෝ දුරට සකසා ඇත. කැලි කසල විදිමත් ව ඉවත් කිරීම හා ප්‍රතිචක්‍රී කරනය සිදුවිය. මාර්ග තදබදය අඩු කිරීමට ගුවන් පාලම් ඉදිකිරිම , මාර්ග පළල් කිරීම , මගින් මාර්ගයේ ගමන් කිරීම වැළැක්වීමට පදික වෙළෙඳුන් සුදුසු ස්ථාන වලට යොමු කිරීම, දුම්රිය ප්‍රමාදයන් අවම කිරීම ආදී පියවරයන් ගෙන තිබිණි. පැල්පත් වාසීන්ට නිවාස හැත්තෑ පන්දහසක් ඉදිකිරීමේ වැඩසටහන ආරම්බ වී තිබුණි. කොළඹ සුළු වර්ෂාවකදී උවත් යටවන තත්වය නැවැත්වීමට බොහෝ දේ කර තිබුණි. ඇතැම් සැලසුම් ජනවාරි 9 යෙන් පසු ඇනහිට ඇත.

මේ සියලු දේ අනවශ්‍ය වියදම් ලෙස හුවා දක්වමින් හා මේවා කරන්නේ මුදල් සොරකම් කිරීමට බව පවසමින් බලයට පැමිණි අයට අලුතින් කිරීමට ඇත්තේ මොනවද? පස් දුන් රටෙන් පස් ගෙනවිත් බස්නාහිර පළාතේ ඇති කුඹුරු ගොඩ කිරීමද? . මහානගරයේ අහස ගුගල් සමාගමට ලබා දීමද? මහානගරය තුළ ඉන්දියාවට අවශ්‍ය වෙළඳ පොළ සකසා දීම ද? ගොවීන්ගේ වී මිලදී ගැනීමට මුදල් නැති ආණ්ඩුව ( හම්බන්තොට වරායේ හා මත්තල ගුවන් තොටුපොළේ ඕනෑ තරම් ගබඩා පහසුකම් ඇත.! එබැවින් ගබඩා පහසුකම් නැතැයි කිව නොහැක.!) නගර අලංකාර කිරීමට විශාල ධනයක් වැය කිරීමට සැලසුම් කිරීම සමාජ වෙළඳපොළ ආර්ථිකයක ලක්ෂණයක් ද?

-උදයංග සුගතපාල.
යුතුකම සංවාද කවය
www.yuthukama.com

ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න. 
(Like us on facebook)
https://www.facebook.com/yuthukama

, ,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

1 comment :

  1. BORU WAPURAPU MOWUNWA "PANUWO' GASAA MARANAYATA PATH WEWI.... SOBAA DHAHAME SATHYA EYAYI..

    ReplyDelete

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions