අද මුළු රටේම අවධානය සේයා සදෙව්මි දැරියගේ ඝාතනය වෙත යොමුව තිබේ. මේ සටහන ලියන මොහොතේද ඊට එරෙහි උද්ඝෝෂණයක් දිවුලපිටිය දූනගහ හන්දියේදී පැවැත්වෙන බව අසන්නට ලැබිණි. මේ ප්‍රශ්නය මෙවන් සමාජ අවධානයකට ලක්වීම වැදගත් වුවත් දැල්වී නිවී යාමට නියමිත උද්ඝෝෂන රැල්ලකින් හෝ මරණ දඬුවම පිළිබඳ ඝෝෂාවෙන් ඔබ්බට සිතා බැලිය යුතු බොහෝ දෑ මේ අර්බුදය පසුපස තිබේ.
ජනමාධ්‍ය හෝ සමාජ ජාලා කැළඹීමට සමත් නොවුණද 2015 වසරේ ගතවූ මාස නමය තුළ පමණක් මෙවන් විවිධ හේතු මත කුඩා දරුවන් 10 දෙනකු ඝාතනයට ලක්ව ඇත. එසේම මේ මාස නමය තුළ දරුවන්ට කෲර වදහිංසා පැමිණවීමේ සිදුවීම් 84ක් සහ ළමා හා කාන්තා දූෂණ සිදුවීම් 795ක් වාර්තාවෙයි. ගතවූ 2014 වසරේ සිදුවූ ළමා ඝාතන සංඛ්‍යාව 27කි. වද හිංසා පැමිණවීම් ප්‍රමාණය 197ක් වන අතර ළමා හා කාන්තා දූෂණ 1680ක් වාර්තා වෙයි.
මේ ඛේදජනක අර්බුදය අප විසින් වටහා ගත යුත්තේ කෙසේද? ළමා හා කාන්තා අපයෝජන යනු බොහෝ දෙනා සිතන ආකාරයට මිනිසුන්ගේ අසීමිත කාම තෘෂ්ණාවේ ප්‍රතිපලයක් පමණක්ද? මිනිසුන් කාම අපරාධ වෙත යොමු වන්නේ ලිංගික ආශාවට එරෙහිව පැනවෙන සමාජ සංස්කෘතික වාරණ නිසාද? මීට විසඳුම විය යුත්තේ සංස්කෘතික විරෝධී ලෙස සියලූ සීමා අහෝසි කළ ලිංගික නිදහසක් රටේ ස්ථාපිත කිරීමද?
ඇත්තෙන්ම මීට දශක තුන හතරකට පෙර නොතිබූ තරමේ විශාල ලිංගික නිදහසක් අද මේ රට තුළ ඉබේම නිර්මාණය වී ඇත. එදා සුලබව නොතිබූ ගණිකා ව්‍යාපාර, සම්බාහන ආයතන, තාවකාලික ලැඟුම්හල් ආදිය අද රටේ සෑම අස්සක් මුල්ලක් නෑරම ව්‍යාප්තව තිබේ. අද පාසැල් වයසේ පෙම්වතුන් පවා එදා මෙන් ගස් ගල් යට ආදරය කිරීම වෙනුවට ලැඟුම්හල් කරා ඇදෙති. මීට දශක තුන හතරකට පෙර මේවා රටේ බෙහෙවින් විරල වූ දෑය. එසේ වුවද එකල රටේ ස්ත්‍රී දූෂණ ප්‍රමාණය මීට වඩා බොහෝ අඩුවූ අතර මිලේච්ඡ ළමා අපචාර ආදිය අසන්නට පවා නොතිබූ තරම්ය. එහෙයින් ඇතැම් ඒදඬු පණ්ඩිතයන් කියන ආකාරයට මේ ප්‍රශ්ණය හුදු පසුගාමී සංස්කෘතිය විසින් ලිංගික නිදහස අහිමි කිරීම නිසා හෝ කුහක සදාචාරවාදය නිසා ඉස්මතු වූවක් නොවේ. අපට වඩා සුපිරි මට්ටමේ ලිංගික නිදහසක් ඇති රටවලද ස්ත්‍රී දූෂණ ඇති තරම් වාර්තාවෙයි. එහෙයින් මෙතැන ඇත්තේ ඉහවහා ගිය සමාජ පාදඩකරණය පිළිබඳ ප්‍රශ්නයක් මිස ලිංගික ආශාව පිළිබඳ ප්‍රශ්නයක් නොවේ. එය ප්‍රශ්නයක් විය හැක්කේ තුන් තිස් පැයේ ලිංගික අඩස්සියෙන් පෙළෙන මෙරට ඇතැම් ඊනියා සිනමාකරුවන්ට, සාහිත්‍යවේදීන්ට හෝ විචාරකයන්ට පමණි.
එසේ නම් සැබෑ ප්‍රශ්නය විය හැක්කේ කුමක්ද? ඇත්තෙන්ම සමාජ සත්ත්වයෙක් ලෙස වගකීම් සහගතව ජීවත්විය හැකි ආකාරයට මිනිස් මනස ශික්ෂණය නොකරන්නේ නම් කුමන තරමේ ලිංගික නිදහසකින් වුවද මිනිසා නැමති පාපී සත්ත්වයා තෘප්ත කළ හැකි නොවේ. පුබුදුවන්නට ගියහොත් ලිංගික තෘෂ්ණාවට කිසිදු අවසානයක් තිබිය නොහැකිය. ඒ නිසාම කාම අපරාධ තුනී කළ හැකිවන්නේ තරු හතේ ලිංගික නිදහසක් රටේ ස්ථාපිත කිරීමෙන්වත්, ලිංගිකත්වයට එරෙහි තලේබාන් පන්නයේ සංස්කෘතික වාරණ පැනවීමෙන්වත් නොව, සමාජ වගකීමක් ඇත්තවුන් ලෙසට මිනිසා ශික්ෂණය කිරීමෙනි. ඒ ශික්ෂණය මිනිසාට ප්‍රධාන කොටම උරුම කරනු ලබන්නේ සංස්කෘතිය, ආගම දහම, අධ්‍යාපනය, කලාව, සාහිත්‍යය, ජනමාධ්‍ය, ආදී දෑ විසිනි. එසේ වුවද අද ඒ සියල්ල එකාවන්ව පෙළගැසී ඇත්තේ මිනිසා තිරස්චීනත්වයෙන් තිරස්චීනත්වය වෙත දක්කාගෙන යාම සඳහා නොවේද?
නූතන තක්කඩි ජනමාධ්‍ය වෙළඳාම විසින් සිදුකරන මිලේච්ඡ සමාජ දූෂණයට කිසිදු සීමාවක් මායිමක් නැත. මාධ්‍ය නිදහස ගැන කුලියට ඝෝෂා නගන සිවල් සමාජ තක්කඩියෝ මාධ්‍ය සදාචාරය යන වචනය පවා නොදනිිති. අමනකම ආත්ම කරගත් නූතන ගීත වසංගතය මිනිසා තුළ කිසිදු ලතෙත් හැඟීමක් ඇති කිරීමට අසමත්ය. පඩත්තල එෆ් එම් නිවේදිකාවන් විසින් ඉටුකරමින් සිටින මානසික සංහාරයේ බරපතලම ශාස්ත්‍රීය වැඩ කොටස බාරව සිටින්නේ විශාල න්‍යායික සිද්ධාන්තවලට මුවාවෙමින් රටේ පදනම කා දැමීමේ කොන්ත්‍රාත්තුව ඉටු කරමින් සිටින මිනීමරු විකල්ප ගෝත්‍රික උගතුන් විසිනි. නූතන සිංහල සාහිත්‍ය කලාව හා කවියද අද මේ තක්කඩියන් අත සමාජ පාදඩකරණයේ මෙවලම් බවට පත්ව තිබේ. එතැනින්ද නොනැවතී නූතන ජනප්‍රිය බුද්ධාගම පවා අද ක්‍රියාත්මක වන්නේ මිනිසාගේ හද මනසට එරෙහි බාල වෙළඳ ඝෝෂාවක් වශයෙනි. මේ සියල්ල ඔස්සේ නිතිපතා දුෂණය කෙරෙන මහා සමාජ මනස ගැන කතා නොකර ළමා අපචාර ගැන කතා කළ හැක්කේ කෙසේද? මේ ඉමක් නැති සමාජ පාදඩකරණයේ ප්‍රායෝගික ප්‍රතිපල හුදු උද්ඝෝෂණ රැල්ලකින් අකා මකා කළ හැකිද? සමාජ දූෂකයන් මල් පහන් පුදා ඉහ මුදුනේ තබා ගනිමින් ස්ත්‍රී දූෂකයන් ගැන කතා කිරීම තේරුමක් ඇති දෙයක් නොවේ.
කාලීන විසඳුම් ගැන සලකා බලන්නේ නම් මේ අපරාධ සම්බන්ධව නීතිය තරයේ ක්‍රියාත්මක කිරීමට බළධාරීන් කටයුතු කළ යුතුය. අවශ්‍ය නම් මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම ගැන වුවද පසුනොබා සලකා බැලිය යුතුය. ඒ සමාජ තත්ත්වයන් වෙනස් කිරීමෙන් පමණක් අපරාධ මැඩලීම ප්‍රායෝගික වෑයමක් නොවන නිසාය. මරණ දඬුවම කෙසේ වෙතත් කල්ප කාලාන්තරයක් දිග් ගැස්සෙන නඩු ඇසීම් වෙනුවට කඩිනමින් අපරාධකරුවන්ට දඬුවම් ලබාදීමේ වැඩපිළිවෙලක් හෝ අනුගමනය කළ යුතුය. ඒ සියලූ ඉක්මන් හා නිශ්චිත ක්‍රියාමාර්ග අතරේ අප අවධානය යොමුකළ යුතු ප්‍රධාන කාරණයක් තිබේ. ඒ වත්මන් සමාජ පාදඩකරණය ක්‍රියාවලියේ තිරස්චීන ස්වභාවයයි. කාම අපරාධ වනාහී සමාජ පාදඩකරණයේ නිර්මාණ මිස ලිංගික ආශාව හෝ සංස්කෘතික වාරණ පිළිබඳ ප්‍රශ්නයක් නොවේ. සම්ප්‍රදායෙන් අපට හිමිව ඇත්තේ සමාජ පාදඩකරණයට නිසරු පසක් බඳු වූ මානව හිතවාදී, පරිසර හිතවාදී සංස්කෘතික උරුමයකි. එසේ වුවද අප දිනෙන් දින ඒ සංස්කෘතික පදනම මත වල් බෝ කරගනිමින් සිටිමු. එය විනාශ කිරීමේ ඒකායන කොන්ත්‍රාත්තුව කරට ගත් අනුකාරකයන්ට උගතුන් යැයි සලකා වන්දනාමාන කරමු. ඒ සියල්ල ඔස්සේ ස්වයං විනාශයක් කරා යමින් සිටියද අප පෙලන බොහෝ ව්‍යසනයන්ට විසඳුම ඇත්තේ අපේ පදනම කුමක්දැයි වටහාගත් හා ඒ ඔස්සේ පාදාගන්නා මාවතක මිස අන් කිසි තැනෙක නොවේ.
එසේ වුවද මේ කිසිවක් පියවි සිහියෙන් වටහා ගැනීමට නොදන්නා, ලෝකයේ සියලූ ප්‍රශ්න සිංහල බෞද්ධ ජාතිකවාදයේ නිර්මාණ බවට මොර දෙන ගිරා පෝතක උගත්තු පිරිසක් අද අප වටා උස් අසුන්වල වැඩ සිටිති. වත්මන් යහපාලනයේ අනුග්‍රහයෙන් අද මේ පිරිසට රාජ්‍ය බලයද හිමිව තිබේ. අද මෙරට ජාතික සංස්කෘතික ප්‍රතිපත්ති සකස් කරමින් සිටින්නේ සිංහල විරෝධී එන්.ජී. ඕ කාරයන් විසිනි. අද ඔවුන්ගේ ඇබිත්තයෙක් බවට පත්ව සිටින මෙරට ජනාධිපතිවරයා මරණ දඬුවම ගැන කතා කරමින් සිටින්නේ සමාජ පාදඩකරණයට පෙර නුවූ තරමේ රාජ්‍ය අනුග්‍රහයක්ද නොඅඩුව ලබා දෙන අතරේය. අද සේයාගේ මරණය නැමති නිශ්චිත සිදුවීමට එරෙහිවන බොහෝ දෙනා ඒ පසුපස ඇති මේ පැතිරුණු සමාජ මූලයන් කෙරේ අඳ මනස් ඇත්තෝ වීම අප තුළ දනවන්නේ බියකරු සාංකාවකි.
-ඉසුරු ප්‍රසංග [www.lankaleadnews.com]
ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න.
(Like us on facebook)
https://www.facebook.com/yuthukama

0 comments :
ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .