2/05/2016

උදුරාගත් නිදහස නැවත දිනාගනිමු

කතෘ:යුතුකම     2/05/2016   No comments

පට 1948 පෙබරවාරි 4 වැනි දා ලැබුණු නාමික නිදහස අර්ථවත් වූයේ 1972 මැයි 22 වැනි දා ජනරජයක් වීමෙන් පසුව ය. 2009 මැයි 18 වැනි දා අපි දෙමළ ත්‍රස්තවාදය පැරදවීමු. බටහිරයෝ ද ඉන්දියානුවෝ ද ඒ පිළිබඳ ව, එකම හේතුව නිසා නොවූව ද, විරුද්ධ වූහ. ඔවුන්ට සැමදාමත් අවශ්‍ය වූයේ සිංහල බෞද්ධ සංස්කෘතිය දියකර සිංහලත්වය නැති කිරීම ය. එංගලන්තය ප්‍රමුඛ බටහිරයෝ සිංහලත්වය නැතිකිරීම සඳහා දිගින් දිගට ම දෙමළ ජාතිවාදය යොදාගත්හ. ඉන්දියාව 2005 පමණ සිට ශ්‍රී ල නි ප හා එ ජා ප එකතු කර අවුල් ආණ්ඩුවක් පිහිටුවා තමන්ට අවශ්‍ය ආකාරයට මෙරට දෙමළ ජාතිවාදය හසුරවමින් සිංහල බෞද්ධ සංස්කෘතිය දිය කිරීමට වැඩි වැඩියෙන් කටයුතු කෙළේ ය. 2014 සැප්තැම්බරයේ ඔවුන්ගේ වැඩ පිළිවෙළ සාර්ථක වූයේ ඉතා පෞද්ගලික හේතු මත ශ්‍රී ල නි පක්‍ෂය ද රට ද පාවාදීමට මෛත්‍රිපාල සිරිසේන කෙනකු සූදානම් වූ බැවිනි.

කෙසේ වෙතත් 2015 ජනවාරි 8 වැනි දා පැවති ජනාධිපතිවරණයෙන් බටහිරයෝ හා ඉන්දියානුවෝ සිංහලයන්ගේ විශේ’ෂයෙන් ම සිංහල බෞද්ධයන්ගේ නිදහස මෙරට ජාතියක් නොවූ දෙමළ හා මුස්ලිම් ජනවර්ග යොදාගනිමින් උදුරාගත්හ. අප නැවත නැවතත් මතක් කර ගතයුත්තේ සිංහල බෞද්ධයන්ගෙන් 40%ක්වත් මෛත්‍රිපාල සිරිසේනට ඡන්දය නොදුන් බව ය. සිරිසේන ජනාධිපති වූයේ ප්‍රධාන වශයෙන් ම සිංහල ජාතිය සමග එක්වීමට අකමැති ජනවාර්ගිකයන්ගේ ඡන්දවලිනි. මෙරට ප්‍රශ්නය වනුයේ ජනවාර්ගිකයන් ඉංගිරිසි ක්‍රිස්තියානි හා ඉන්දීය හින්දු සංස්කෘතීන්ගේ ආධිපත්‍යය පිළිගන්නා අතර ජාතියේ සුවිශේෂත්වය නොපිළිගනිමින් ජාතියට අභියෝග කිරීම ය. ඊනියා සංහිඳියාව සඳහා කළ යුත්තේ ජනවාර්ගිකයන්ට මෙරට සිංහල බෞද්ධ සංස්කෘතිය සුවිශේෂ බව පිළිගැන්වීමට සැලැස්වීම ය. මෙරට ජාතිය ගොඩනැගීමේ ප්‍රශ්නයක් පැන නො නගීයි. සිංහලයන් ගොඩනැගූ ජාතියක් මෙරට වෙයි. කළ යුත්තේ ජනවාර්ගියකයන් එයට ඇතුළත් කිරීම ය. එහෙත් එයට’ බටහිරයන්ගෙන් මතවාදීව මෙන් ම මූල්‍යව ද යැපෙන ඊනියා රාජ්‍ය නොවන සංවිධානවල බත් බැළයෝ අවහිර කරති.

බටහිරයන් කියන්නේ තම මතවාද ඊනියා වාස්තවික බව ය. එහෙත් ඒ මතවාද බටහිරයන්් විසින් යුදෙවු ක්‍රිස්තියානි චින්තනය මත පදනම් ව සකස් කෙරුණේ වෙයි. තම දැනුම අනාගමික වාස්තවික බව කියමින් බටහිරයෝ අප මුළා කරති. එමගින් ඔවුහු අපට ස්වාධීන ව සිතන්නට ඉඩ නො දෙති. මෙරට පාසල්, විශ්වවිද්‍යාල ඇතුළු සමස්ත අධ්‍යාපනය ම සකස් කෙරී ඇත්තේ යුදෙවු ක්‍රිස්තියානි මතවාද ප්‍රචලිත කිරීමට ය. බටහිර දේශපාලන මතවාද ඊනියා ලිබරල්වාදීහු ද මාක්ස්වාදීහු ද අනුගමනය කරති. ලිබරල්වාදය යුදෙවු ක්‍රිස්තියානි චින්තනය මත පදනම් වන අතර මාක්ස්වාදය කතෝලික චින්තනය මත පදනම් වෙයි. අද මෙරට මාක්ස්වාදීහු ද ලිබරල්වාදීහු ද සිංහල බෞදධයනට එරෙහි ව අත්වැල් බැඳගෙන ව්‍යවස්ථා සම්පාදනයට කැස කවති.

2015 ජනවාරි 8 වැනි දා බටහිර ලිබරල්වාදීහු ද මාක්ස්වාදීහු ද ඉන්දියානුවෝ ද එකතු වී මහින්ද රාජපක්‍ෂ මහතා පරාජය කළහ. එසේ කෙළේ ඊනියා මූල්‍ය අක්‍රමිකතා නිසා නොව ඒ මහතා බටහිරයන්ට හා ඉන්දියානුවන්ට හිස නොනමා මෙරට නිදහස අගය කරමින් ඒ ආරක්‍ෂා කරමින් බටහිරයන්ගේ ද ඉන්දියානුවන්ගේ ද අනුග්‍රහය හා ආධාරය ලබන දෙමළ ජාතිවාදයේ දෙමළ ත්‍රස්තවාදය පරාජය කළ බැවිනි. සංධානයේ නායකයෝ අප කී බසට ඇහුම්කන් නොදී එහි ෆෙඩරල්වාදීන් අනුව යමින් ජනාධිපතිවරණයේ දී ජාතිකත්ව මතවාද ඉදිරියට ගෙන ඒමට කටයුතු නො කළහ. ඔවුන්ට ද වැදගත් වූයේ ඊනියා අක්‍රමිකතා චෝදනාවලට පිළිතුරු දීම ය.

කෙසේ වෙතත් සිංහල බෞද්ධ නොවන්නන්ගේ ඡන්දවලින් 80%කට වඩා ලබමින් සිරිසේන ජනාධිපති විය. ඔහු රනිල් වික්‍රමසිංහ අගමැති තනතුරට පත් කෙළේ ය. සිංහල බෞද්ධයනට මෙරට සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මියගේ හා මහින්ද රාජපක්‍ෂ මහතාගේ ආණ්ඩු යටතේ යම් ප්‍රමාණයකට ලබා දී තිබූ තැන නැති කිරීමට රනිල් මෛත්‍රිපාල ආණ්ඩුව කටයුතු කරයි. අද වන විට සිංහල බෞද්ධයනට හා පොදුවේ රටට නිදහසක් නැත. කෙටියෙන් කිවහොත් සැමරීමට නිදහසක් නැත. අද කළ යුත්තේ නැවතත් නිදහස් සටනක් ආරම්භ කිරීම ය.

මේ ආණ්ඩුව කටයුතු කරන්නේ එංගලන්තය ප්‍රමුඛ බටහිර රටවලට හා ඉන්දියාවට අවශ්‍ය අන්දමට ය. අද රාජපක්‍ෂ පවුලෙන් පළිගැනීමට ආණ්ඩුව කටයුතු කරන්නේ මහින්ද ගෝඨාභය යුගලය කොටි ත්‍රස්තවාදය පරාජය කළ බැවිනි. පවුලෙන් පළිගැනීම මහා මානව හිතවාදියකු ලෙස සැලකෙන ලෙනින් ද කෙළේ ය. ඔහු සාර්ගේ පවුල පමණක් නොව බල්ලා ද මරා දැමී ය. මෙරට ව්‍යවස්ථා සම්පාදනයෙහි ලා වෙහෙස මහන්සි වෙමින් සිංහල බෞද්ධයනට පහර ගසන ටේ‍රට්ස්කිවාදීන්ගේ ගුරුවරයා වූ ලියොන් ට්‍රොට්ස්කි ලෙනින්ගේ තීරණයට හවුල් නොවූ නමුත් ඔහු ද ඒ අනුමත කෙළේ ය. මාක්ස්වාදය හා ලිබරල්වාදය අතර ඇත්තේ ප්‍රාග්ධනය රජය සතුවිය යුතු ද නැත්නම් පුද්ගලයා සතුවිය යුතු ද යන්න පිළිබඳ වෙනසක් පමණකි. අද මේ දෙපිරිසට ම අවශ්‍ය දෙමළ ත්‍රස්තවාදය පරාජය කර සිංහල බෞද්ධයනට යම් තැනක් ලබාදීමට කටයුතු කිරීමේ වරදට මහින්ද රාජපක්‍ෂ මහතාට හා පවුලට දඬුවම් කර ඔවුන් දේශපාලනයෙන් ඉවත් කිරීම ය.

දෙමළ ජාතිවාදීහු සම්බන්ධන්ගේ නායකත්වයෙන් බලය බෙදීම ගැන හැදෑරීමට ස්කොට්ලන්තයට ගියහ. අපට ඔවුන්ගෙන් හා ආණ්ඩුවෙන් ඇසීමට ප්‍රශ්නයක් වෙයි. ඊනියා එක්සත් රාජධානියේ ජාතික ගීය ස්කොට්ෂ් භාෂාවෙන් ගායනා කෙරෙන්නේ ද? බලය යම් ප්‍රමාණයකට බෙදා ඇති ස්කොට්ලන්තයේ හා එංගලන්තයේ තත්ත්වය එපරි දි ය. එහෙත් ලංකාවේ ජාතික ගීය ව්‍යවස්ථාවට පටහැණි ව දෙමළෙන් ගැයීමට කටයුතු කෙරෙයි. ව්‍යවස්ථාවේ ගරුකළ යුතුව ඇත්තේ සිංහල භාෂවෙන් ඇති මුල් පිටපතට මිස දෙමළෙන් හෝ ඉංගිරිසියෙන් හෝ ඇති එහි පරිවර්තනවලට නො වේ. ජාතික ගීය දෙමළට පරිවර්තනය කර ව්‍යවස්ථාවේ දෙමළ පිටපතට ඇතුළත් කිරීම ම ජාති ද්‍රෝහී ක්‍රියාවකි. ඒ කරන ලද්දේ කවුරුන් විසින් ද යන්න සොයා බැලිය යුතු ය. දෙමළෙන් ජාතික ගීය ගැයීම යනු ෆෙඩරල් හෙවත් සංධීය තත්ත්වය ද ඉක්මවා සහසන්ධීය තත්ත්වයකට යෑමකි.

ඉතා පැහැදිලිව රණවිරුවන්ට අපහාස වන අයුරින් ඔවුන් හෑල්ලු කරමින් ඔවුන්ට දඬුවම් කිරීමට අද කටයුතු කෙරෙයි. ඒ බටහිරයන්ගේ හා ඉන්දියානුවන්ගේ අවශ්‍යතාවට ය. බුද්ධි අංශවල රහස් සෙවීමට එක්සත් ජාතීින්ගේ මානව අයිතිවාසිකම් කොමසාරිස් පැමිණීමට නියමිත ය. මෙරට 1948න් පසු කිසි දිනෙක යුද්ධයක් තිබී නැත. අවුරුදු තිහක් තිබුණේ දෙමළ ත්‍රස්තවාදයට එරෙහි ව කළ මෙහෙයුමක් පමණ ය. එය යුද්ධයක් ලෙස හඳුන්වනු ලැබුයේ සිංහල බෞද්ධ විරෝධී පඬියන් චිසිනි. ඉන් එක් තැනැත්තකුට අනුව මෙරට ඊළාම් යුද්ධ එක දෙක තුන ආදී වශයෙන් යුද්ධ තිබුණි. අවාසනාවකට ඔහුගේ සිංහල බෞද්ධ විරෝධී පුතා මහින්ද රාජපක්‍ෂගේ විශ්වාසය දිනාගත් අයකු වන අතර සංධාන නායකයන් විසින් මහා බුද්ධිමතකු ලෙස සැලකෙයි. ජ වි පෙ ආයුධ ගත්විට ඔවුන් හා ආ ණ්ඩුව අතර යුද්ධයක් විණි යැයි කී අයකු නැත.

යුද්ධයක් නොවු විට යුද්ධාපරාධ තිබිය නො හැකි ය. කොටින්ට එරෙහි ව කළ සටන් රාජපක්‍ෂ ආණ්ඩුව විසින් හඳුන්වනු ලුබුයේ මානුෂික මෙහෙයුමක් ලෙස ය. එය දෙමළ ජනයා බටහිරයන්ගේ හා ඉන්දියානුවන්ගේ ආධාරය ලැබූ කොටින්ගෙන් බේරාගැනීම සඳහා කරන ලද මානුෂික මෙහෙයුමක් ලෙස ද හැඳින්විය හැකි ය. එක්තරා පඬියකුට අනුව මෙන් නොව මානුෂික මෙහෙයුමක දී මිය යෑම මානව අයිතිවාසිකම් කඩවීමක් ලෙස හැඳින්විය නො හැකි ය. ත්‍රස්තවාදය මැඩලීමට කරන ලද සටනක දී සියයට සීයක පාරදෘශ්‍යභාවයක තිබිය යුතු නො වේ. කොටි ඔත්තු කරුවන් හා ආධාර කරුවන් මරා දැමිණි නම් කළ යුත්තේ ඔවුන්ගේ ක්‍රියාකාරකම් ගැන වාර්තාවක් ඉදිරිපත් කිරීම පමණකි. ප්‍රභාකරන් මරා දැමීම මානව අයිතිවාසිකම් නැති කිරීමක් ද?

රනිල් මෛත්‍රිපාල ආණ්ඩු යටතේ රට නැවතත් බටහිරයන්ගේ හා ඉන්දියානුවන්ගේ යටත්විජිතයක් බවට පත් වී ඇත. අද ලංකාවට ඊනියා ජාත්‍යන්තරයේ ගෞරවය ලැබී ඇතැයි අගමැතිට හා ජනාධිපතිට අමතරව ආණ්ඩුවේ මැති ඇමතිවරු ද ප්‍රිති ප්‍රමෝදයෙන් ද කියති. බටහිරයන් මේ ආණ්ඩුවේ ඊනියා මානව හිතවාදය ගැන සහතික දෙන්නේ ආණ්ඩුව නිවට ව බටහිරයන්ට අවශ්‍ය අන්දමට ක්‍රියාකරන බැවින් ය. ගෙදරක සිටින බල්ලා ස්වාමියාට ලෙන්ගතු වන විට ස්වාමියා බල්ලාගේ හිස අතගායි. බල්ලා ප්‍රිතියෙන් ප්‍රමෝදයට පත් වී වලිගය වනයි.

අපට සැමරීමට නිදහසක් නැත. සිංහල බෞද්ධයන්ගෙන් බහුතරය ද සිංහලත්වයට ගරු කරන ජනවාර්ගිකයන් ද මහින්ද රාජපක්‍ෂගේ නායකත්වයෙන් එක් පිළකට පැමිණ නිදහස් සටනක් ඇරඹීය යුතු ය.

නලින් ද සිල්වා
2016 පෙබරවාරි 01  : කාලය


යුතුකම සංවාද කවය
www.yuthukama.com
ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න.
(Like us on facebook)
https://www.facebook.com/yuthukama

,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

0 comments :

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions