~දයාන් ජයතිලක~
එක්සත් ජාතීන් ගේ මානව හිමිකම් මහ කොමසාරිස් සෙයිද් අල් හුසේන් කුමරා සිය ශ්‍රී ලංකා සංචාරය නිමා කළේ වැදගත් මාධ්‍ය හමුවක් ද පවත්වමිනි. එහිදි කී දේ මෙන්ම ඒ තුළ වූ යටි අරුත් පිළිබඳ ආන්දෝලනාත්මක මතවාදයක් මේ වන විට රටතුළ ඇති ව තිබේ. අතිශය බුද්ධිමත් හා අනුහස් සහිත නායකයෙකු වු හිටපු ඇමරිකානු ජනාධිපති ජෝන් එෆ් කෙනඩි මහතා වරක් කී කතාවක් වන්නේ යමෙක් කටින් කියන දේ නොව ඔහු ඔහුගේ දැතින් කරන දේ දෙස හොඳින් බලා සිටින්න යන්නයි. ඒ අනුව වැදගත් වන්නේ සෙයිද් අල් හුසේන් කුමරා කටින් කී දෙය නොව ආණ්ඩුව ජිනිවා යෝජනාව සම්බන්ධයෙන් දැතින් කරන්නට හදන දේ පිළිබඳව සළකා බැලීමයි. එහිදී පැහැදිලිවම කටින් කියන දේත් දෑතින් කරන දේත් අතර වෙනස අපට හඳුනාගත හැකිය.
ඉකුත් සති අන්ත ඉංග්‍රිසි පුවත්පතක පළවු ප්‍රධාන දේශපාලන ලිපියක් වැදගත් අනාවරණයක් කර තිබුණි. එම ලිපියේ සිරස්තලය වූයේ ජිනිවා යෝජනාව ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුව කාර්ය සාධක මණ්ඩලයක් පත් කරයි යන්නය. එම ලිපියේ විස්තර වූ ආකාරයට විදේශ කටයුතු අමාත්‍යවරයා විසින් ඇමරිකාව, ඉන්දියාව සහ තවත් සමහර රටවලට ලියවිල්ලක් ඉදිරිපත් කර තිබේ. එම ලියවිල්ල මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයාට හෝ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් වූ බවක් දැනගන්නට නැත. එමෙන්ම එම ලියවිල්ල පාර්ලිමේන්තුවට යොමු කොටද නැත. එම ලියවිල්ලේ සඳහන් වන්නේ ජිනිවා ඇමරිකානු යෝජනාව ක්‍රියාත්මක කිරීම සහතික කිරීම සඳහා එකොලොස් දෙනෙකුගෙන් සමන්විත කාර්ය සාධක මණ්ඩලයක් පිහිටුවනු ලබන බවයි. මෙම කාර්ය සාධක මණ්ඩලයේ එකොලොස් දෙනාගේ නම්ද සඳහන් ව ඇත. එම නම් දෙස බලන විට සභාපතිත්වයට පත් කර ඇත්තේ සැහෙන සමාජ ගෞරවයක් හිමි නිතිඥ මනෝරි මුත්තෙට්ටුවේගම මහත්මියයි. එහෙත් ජිනිවා යෝජනා ක්‍රියාවට නැංවීම එම කාර්යය සහතික කිරීමේ කාර්ය සාධක මණ්ඩලයේ ලේකම්වරයා වන්නේ ආචාර්ය පාක්‍ය සෝත් සරවනමුත්තු මහතායි. මේ වැදගත් කාර්ය සාධක මණ්ඩලයේ එකොළොස් දෙනාගෙන් පස් දෙනෙකු පමණක් සිංහලයෝ වෙති. මෙහි සාමාජිකයන් තෝරාගනු ලැබුවේ කවර මිනුම් දඬු අනුවදැයි අපි නොදනිමු. එහි කිසිදු පාරදෘශ්‍යභාවයක් නැත. එහි පාරදෘශ්‍යභාවයක් තිබුණේ නම් එහි බහුතරය කුමන ජනවර්ගයකින් පැමිණියත් කමක් නැත. මෙම මණ්ඩලය සුදුසුකම් සහිතව පත්වූ මණ්ඩලයක් නොව එය තෝරා පත්කර ගන්නා ලද්දකි.
මෙහි කාර්යභාරය වන්නේ ජිනීවා යෝජනාව ක්‍රියාත්මක කිරීම සහතික කිරීම පමණක් නොව එම කටයුත්ත සඳහා ලංකාවට එන්නට නියමිත එක්සත් ජාතින්ගේ විශේෂ වාර්තාකරුවකු වන පබ්ලෝ ඩි ග්‍රීෆ් සමඟ සම්බන්ධීකරණ කටයුතු සිදු කිරීමයි. යුද්ධය පිළිබඳ විවේචනාත්මක යෝජනාවක් වන ජිනිවා යෝජනාව මෙරට ක්‍රියාත්මක කිරීම සඳහා ආණ්ඩුව විසින් පත් කරනු ලබන මණ්ඩලයේ සංයුතියෙන් පෙනෙන්නේ ජි.ජි.පොන්නම්බලම් මහතාගේ පනහට පනහ සුත්‍රයටත් ඔබ්බට යමින් රටේ බහුතරය සුළු තරයක් වන ලෙසත් කටයුතු කර ඇති බවයි. මෙමගින් සාධාරණයක් සිදුවේද යන්න අප විසින් ඇසිය යුතුම ප්‍රශ්නයකි.
එමෙන්ම මෙම පත් කරන්නට යන කාර්ය සාධක මණ්ඩලයේ අනෙක් ගුණාංග ලක්ෂණය වන්නේ කුමන ජනවර්ගයකින් හෝ වේවා රාජ්‍ය නිලධාරියෙකු ලෙස හෝ හමුදා නිලධාරියෙකු ලෙස කටයුතු කළ කිසිදු අයෙකු නොමැති වීමයි. මෙම කාර්ය සාධක මණ්ඩලයේ සියලු දෙනා රටේ විමුක්ති යුද්ධයට එරෙහිව කොටි සංවිධානය සන්තර්පනය කිරීමේ සටන් විරාම ගිවිසුමට පක්ෂව කටයුතු කළ සහ විදේශ තානාපති කාර්යාලවලට වඩාත් කිට්ටු ඊනියා සිවිල් සමාජ බුද්ධිමතුන් හෙවත් රාජ්‍ය නොවන සංවිධාන (NGO) සාමාජිකයන් බව කිව යුතුය. මෙයින් අපට පෙනෙන්නේ ශ්‍රී ලංකා රාජ්‍ය හා හමුදාව සම්බන්ධයෙන් කටයුතු කිරීමේදි සාධාරණ ක්‍රියාවලියක් මෙවැනි මණ්ඩලයකින් බලාපොරොත්තු විය නොහැකි බවයි. ඒ අනුව මෙම ප්‍රායෝගික භාවිතය තුළ සෙයිද් අල් හුසේන් ගේ කථිකාව අපට
මැනවින් තේරුම් ගත හැකියි. සෙයිද් අල් හුසේන් මහතා මාධ්‍ය හමුවේදි කි කරුණු වලින් බොහොමයක් පැවසීමට ඔහුට නිල අයිතියක් නැත. ඔහු මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස්වරයා පමණි. ඔහුට කතා කරන්නට තිබෙන්නේ එක්සත් ජාතින්ගේ විශ්ව මානව හිමිකම් ප්‍රඥප්තිය රටක ක්‍රියාත්මක වන්නේද නැද්ද එය කරන්නේ කෙසේද යන්න ගැනයි.
මෙහිදි ඒ සම්බන්ධයෙන් වුවද ඔහු කියන සියල්ල පිළිගත යුතු නැතත් ඔහුට ඒ පිළිබඳව කතා කරන්නට අයිතියක් ඇත. එහෙත් සෙයිද් අල් හුසේන් කතා කර ඇත්තේ මොනවා ගැනද?
ලංකාවේ ප්‍රශ්නය වි ඇත්තේ අන්තවාදය යැයි ඔහු සඳහන් කර ඇත. උතුරු නැගෙනහිර ජනතාවට කොළඹ ජනතාව තරම් දියුණු ජිවන මට්ටමක් නැතැයිද පවසා තිබේ. යුද්ධයට පසුකාලීනව මුල් අවුරුදු කීපය තුළ ගත යුතු පියවර හා අනුගමනය කළයුතු ආකල්පයන් ගැන කතා කර තිබේ. යුද්ධයට පසු අනුගමනය නොකළ යුතු දේ ගැනත් හෙතෙම කතා කර ඇත.
ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධිතිය ගැන ඔහු දක්වා ඇති අදහස් ඉතාමත්ම නිශේධනාත්මකය. ජාත්‍යන්තර ප්‍රජාව ශ්‍රී ලංකාව වැලඳගැනීමට ලැහැස්ති බවත් ත්‍රිවිධ හමුදාව උතුරු නැගෙනහිර ඉවත් කිරීමේ හැකියාව හා වුවමනාව ගැනත් පවසා ඇත. මේ කිසිවක් ගැන කතා කරන්නට ඔහුට අයිතියක් නැත. ඒ මක් නිසාද යත් ඔහු විසින් කියන ලද සියලු කාරණා අදාළ වන්නේ දේශපාලන කේෂ්ත්‍රයට බැවිනි. මෙහිදී ලංකාව හැර වෙනත් රටකට ගොස් ත්‍රස්තවාදය පරාජය කළ පසු රටක් ලෙසින් ගතයුතුය තිබූ පුළුල් ප්‍රතිපත්ති මාලාව ගැන කතා කළා නම් ඔහුට ලැබෙන්නේ අතුල් පහරකි. නමුත් ශ්‍රී ලංකාවේ වත්මන් ආණ්ඩුවේ වන දීනත්වය නිසාම රටේ සියලු මාතෘකා සම්බන්ධයෙන් විවෘතවම ඔහුට අදහස් දැක්වීමට ඉඩකඩ ලැබුණි. මේවා මානව හිමිකම් වලින් පරිබාහිර වු අභ්‍යන්තර කටයුතුය. රටේ දිසාව පිළිබඳ හා ආයතන පිළිබඳ විනිශ්චයන්ය. මේ කිසිවක් කිරීමට ඔහුට අයිතියක් නැත. සෙයිද් අල් හුසේන්ට එවැනි ප්‍රකාශයක් සිදු කිරීමට අයිතියක් නැතැයි දන්නා විදේශ අමාත්‍යවරයෙක් හෝ කැබිනට් අමාත්‍යවරයෙකුද අවාසනාවට මෙන් රටතුළ අද නැති බව පෙනේ.
තවද ජාත්‍යන්තර ප්‍රජාව ලංකාවට සලකන්නේ කෙසේද යන්න පිළිබඳ කතා කිරීමට ඔහුට කිසිදු අයිතියක් නැත. ඒ එය රාජ්‍ය තාන්ත්‍රික කටයුත්තක් බැවිනි. මෙහිදී ඔහු ජාත්‍යන්තර ප්‍රජාව ලෙස අදහස් දක්වන්නේ කවරෙක්ද? රටේ විදේශ ප්‍රතිපත්තියේ අසාර්ථකම අවස්ථාවල පවා ලෝකයේ සැහෙන
ජනගහනයක් නියෝජනය කළ රටවල සහයෝගය අපට ලැබුණි. එහිදී ජාත්‍යන්තර ප්‍රජාව ලෙසින් මොවුන් ඉඟිකරන්නේ බටහිර රටවල්ය. සෙයිද් අල් හුසේන් යනු එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා නොවේ. මහ ලේකම් වරයා එවන් කතාවක් කළේ නම් ඊට අර්ධ වශයෙන් හෝ අයිතියක් ඔහුට ඇතැයි කිව හැකිය. මෙහිදී මානව හිමිකම් කවුන්සිලය ගැන පවා කතා කරන්නට සෙයිද් අල් හුසේන්ට අයිතියක් නැත.
ඔහුට හිමිකම් ඇත්තේ තමාගේ මානව හිමිකම් මහ කොමසාරිස් කාර්යාලය ගැන පමණක් වගකීමක් හා බලයක් සහිතව කතා කිරීමට පමණි.
සෙයිද් අල් හුසේන් කළ ප්‍රකාශ සළකා බැලීමේදි එහි අර්ධ සත්‍යයක් හා ව්‍යංගයෙන් සිදු කරන ලද ප්‍රකාශයක් ද තිබුණි. ඔහු කියා සිටියේ තමාගේ වාර්තාව යුධ අපරාධ පිළිබඳ වූ වාර්තාවක් නොවන බවයි. එහෙත් එම වාර්තාව මඟින් සෙයිද් අල් හුසේන් පවසා සිටියේ සහ වාර්තාව ඉදිරිපත් කළ අවස්ථාවේ දී වාචිකව ඔහු පවසා සිටියේ යුධ අපරාධ පමණක් නොව මානව වර්ගයාට එරෙහිව අපරාධ පවා ශ්‍රී ලංකාව තුළ සිදුවූ යුද්ධයේ අවසන් කාල පරිච්ඡේදයේ සිදුවු බවට විශ්වාස කළ හැකි සාක්ෂි ඇති බවයි.
එමෙන්ම මානව හිමිකම් කවුන්සිලයේ සම්මත වූ ඇමරිකානු යෝජනාව ආරම්භ වූයේ සෙයිද් අල් හුසේන් ගේ එම කියමන කේන්ද්‍රගත කරගත් වාර්තාව පිළිගනිමිනි. ඒ අනුව මානව හිමිකම් කවුන්සිලයේ යෝජනාව සෙයිද් අල් හුසේන් වාර්තාවේ ගර්භාෂයෙන් එළියට පැමිණි යෝජනාවයි.
සෙයිද් අල් හුසේන් සිය වාර්තාවෙන් ජාත්‍යන්තර උසාවියට ලාංකික නායකයින් හෝ හමුදා නායකයින් ගෙන යා යුතු බවට සඳහන් නොකළ බව පැවසීය. එහි ඇත්තේ ද අර්ධ සත්‍යයකි. ඒ සෙයිද් අල් හුසේන් ගේ වාර්තාවල ඇති නිර්දේශයක් වන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ රටවල් 193ම විශ්ව අධිකරණ බල සීමා න්‍යාය යටතේ ලංකාවේ යුධ අපරාධ සිදු කළා යයි විශ්වාසනීයව සැකකළ හැකි පුද්ගලයන් සම්බන්ධයෙන් තම තමන්ගේ රටවල නඩු පැවරිය යුතු බවයි. ඒ අනුව ලාංකිකයන්ට එරෙහිව ලෝකයේ සියළු රටවල උසාවි වල නඩු පැවරිය යුතු යැයි කීම ජාත්‍යන්තර උසාවියට ගෙන යාම තරම්ම බරපතළ නිර්දේශයකි.
සෙයිද් අල් හුසේන් ගේ මාධ්‍ය සාකච්ඡාවේදී ශ්‍රී ලංකාවේ අධිකරණය ගැන දරුණු විවේචන එල්ල විය. ඔහු කියන ලද්දේ ලංකාවේ අධිකරණය තුළ සතිපතා අර්බුදකාරී හා අසතුටුදායක දේ පැන නගින බවයි. අධිකරණ කටයුතු වලට බාධා සිදුවන ආකාරයට නොයෙකුත් පිරිස් කඩා පනින බවද ඔහු කීය. එහිදී ප්‍රශ්න දෙකක් මතු වේ. පළමු ප්‍රශ්නය වන්නේ විශේෂ අධිකරණයක් පිහිටෙව්වත් කලහකාරීන් එය වටකරනු ලැබීම වැළැක්විය නොහැකි නිසා මෙහිදී ඔවුන් අදහස් කරන ලද්දේ කුමක් ද යන්නයි. දෙවන ප්‍රශ්නය වන්නේ මෑතකදී උසාවිය අසළ ඇති වූ කලහකාරී සිද්ධිය සෙයිද් අල් හුසේන්ට එවන් ප්‍රකාශයක් කිරීමට තරම් මහෝපකාරී වන ලෙස කෘතිම වශයෙන් නිර්මාණය කරන ලැබු සිදුවීමක් ද යන්නයි.
කෙසේ නමුත් සෙයිද් අල් හුසේන් කියන්නට උත්සාහ දරන්නේ මෙරට අධිකරණ පද්ධතිය හරහා යුද්ධය පිළිබඳ වගවීමේ ක්‍රියාවලිය විභාග කළ නොහැකි බව නොවේද? මින් අනාවරණය වන්නේ කුමක් ද?
මෙහිදි කිසිදු රටක නීති පද්ධතිය හා අධිකරණ පද්ධතිය ගැන විවේචනාත්මකය කතා කිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හුදු නිලධාරියෙකුට අයිතියක් නොමැති බවයි. ඉහළ නිලධාරියෙකුට වුවද එම අයිතිය නැත. එම අයිතිය උල්ලංඝනය කරන විට ශ්‍රී ලංකා ආණ්ඩුවේ කිසිවෙකු ඊට එරෙහිව කට නොඇරීම ඉතාම දුක්ඛිත තත්ත්වයකි.
එම කාරණයටත් වඩා වැදගත් කාරණාව වන්නේ සෙයිද් අල් හුසේන් ගේ පණිවිඩය කුමක් ද යන්නයි. ඔහුගේ පණිවුඩය වන්නේ ලංකා අධිකරණයේ නුසුදුසු කම නිසා විදේශ සහභාගිත්වයක් සහතිව අධිකරණ පද්ධතියට පරිභාහිරව විශේෂ අධිකරණයකින් හා විශේෂ ආයතන මඟින් වගවීම පිළිබඳ සොයා බැලිය යුතු බවයි. මෙය අතිශය භයානක කතාවකි. ඒ මක්නිසාද යත් රටේ ස්වෛරීභාවය හා ස්වෛරී තීරණ ගැන කුමක් කටින් කීවත් ඔහුගේ ප්‍රකාශනය මඟින් පැහැදිලිව පෙනෙන දෙයක් තිබේ. ඒ රටේ රාජ්‍ය ආයතන පිළිබඳ අවලාදාත්මක අවප්‍රමාණයක් සිදු කිරීම මඟින් රටේ ස්වෛරීත්වයට විශාල හානියක් සිදුවන පරිදි විදේශ සහභාගිත්වයක් සහිත විශේෂ උසාවියක් පිහිටුවන්නට ඔහු මාන බලනු ලබන බවයි.
මෙහිදී යෙදෙන ක්‍රමවේදය අප හොඳින් හඳුනාගත යුතුය. යටත් විජිතවාදී කාල පරිච්ඡේදයේදී අපේ රටවල පාලන කටයුතු මෙන්ම පරිපාලන කටයුතු වලට හා අධිකරණ කටයුතු වලට නායකත්වය දුන්නේ විදේශිකයන්ය. එහෙත් පැරණි යටත් විජිතවාදයේ සිට නව යටත් විජිතවාදයට හෙවත් නව අධිරාජ්‍යවාදයට පැමිණි පසු සිදුවන්නේ දුඹුරු හෝ කළු පැහැති වෙස් මුහුණු පැළඳ ගෙන විදේශිය මෙහෙයවීමක් සහිතව එම කටයුතු කරවීමයි. සෙයිද් අල් හුසේන් ගේ සූත්‍රය වන්නේ
දේශිය පාර්ලිමේන්තුවෙන් සම්මත කරගත් විදේශිය සහභාගීත්වයක් සහිත විශේෂ අධිකරණයක් පිහිටුවා එහි දේශපාලන අවදානම ලංකා ආණ්ඩුව විසින් රැගෙන බටහිරට අවශ්‍ය පරිදි දඩයමක් ක්‍රියාත්මක කිරීමයි.
මෙහදී සෙයිද් ගේ කතාවෙන් මට සිහිවන්නේ ඇමරිකාවේ යමෙකු විදුලි පුටුවට යවන විට එන‍්නත් කරනු ලබන එන්නත් තුන පිළිබඳවයි. එහි පළමු එන්නතකින් සිදු කරන්නේ සිහිමුර්ඡා කිරීමයි. එම සිහි නැති කිරීමෙන් පසුව චූදිතයා මරණයට පත් කිරීමේ එන්නත් දෙක්ක දෙනු ලබයි. සෙයිද් අල් හුසේන් ගේ කතාව මෙරට වැසියන් ගේ විඥාණය නිද්‍රාවට පත් කරන ආකාරයේ පළමු එන්නතයි. ඉතිරි එන්නත් දෙක ලබා දීමේ වගකීම පවරා ඇත්තේ ශ්‍රී ලංකාව ආණ්ඩුවටයි.
මේ ගැන ලංකා ආණ්ඩුව පැහැදිලි ප්‍රකාශයක් සිදු කළ යුතුය. එවැනි පැහැදිලි ප්‍රකාශයක් රටේ විපක්ෂය විසින්ද බලකර ඉල්ලා සිටිය යුතුය. එම ප්‍රකාශය විය යුත්තේ ඊනියා වගවීම පිළිබඳව රටේ
පවතින ව්‍යවස්ථාව සංශෝධනයකින් තොරව ක්‍රියාත්මක කරනු ලැබෙන්නේද? රටේ පවතින නීති රටාව සංශෝධනය කරනු ලබන්නේද? එමෙන්ම රටේ පවතින ආයතන අලුත් ආයතන වලින් තොරව ක්‍රියාත්මක වීමට ඉඩ දෙනු ලබන්නේ ද? මෙම ක්‍රියාවලිය පරිපූර්ණ වශයෙන් දේශිය වූ ජාතික ක්‍රියාවලියක් වන්නේද එසේත් නැත්තම් විවිධ නම් හා විවිධ වෙස් මුහුණු බැඳගත් විදේශිකයින් වද්දා ගන්නා වූ ක්‍රියාවලියක් වන්නේද? යන්නයි. ආණ්ඩුව විසින් පාර්ලිමේන්තුවේදී මේ පිළිබඳ නිල ප්‍රකාශයක් කළ යුතුයි.
සෙයිද් අල් හුසේන් කුමාරයා පවසන්නේ අධිකරණ ක්‍රියාවලිය ගැන තීන්දු ගැනීම හා විශේෂයෙන් ම හයිබ්‍රිඩ් උසාවියක් ද නැද්ද යන්න පිළිබඳ තීන්දු ගැනීම ලංකාවේ ස්වෛරී අයිතියක් බවය. එහෙත් ඊටත් වඩා ලංකාවේ ස්වෛරිත්වය සම්බන්ධ කාරණාවක් තිබේ. එනම් තම රට තිස් අවුරුදු යුද්ධයකින් මුදවා අතිශය භයානක ත්‍රස්තවාදී රකුසෙකුගෙන් රට මුදවාගෙන පුරවැසියන්ට සාමය හා අනාගත පරම්පරාව ට ජීවත් වීමේ අයිතිය තහවුරු කරදුන් හමුදාවක් සහ දේශපාලන නායකත්වයක් ගැන සය අවුරුද්දක් ගිය තැන හාරා අවුස්සා බලන්නේද නැද්ද යන්න පිළිබඳව තීන්දුවයි.
ලෝකයේ මෙවැනි තත්ත්වයක් ඇති වූ වෙනත් රටක් සම්බන්ධයෙන් මා අසා නැත. භයානක ත්‍රස්තවාදයකින් රට මුදවා දුන් නීත්‍යානුකුල හමුදාවක් හා ප්‍රජාතන්ත්‍රවාදි නායකත්වයක් ගැන පරීක්ෂණ කරන්නට විදේශිකයන් වද්දවා ගෙන විශේෂ අධිකරණ පිහිටුවා නඩු විභාග කරන කිසිදු රටක් මිහිපිට නැත. මෙවැන්නක් කරනවාද නැද්ද යන්න පිළිබඳ මූලික තීන්දුව ගැනීම ලංකාවේ ස්වෛරී අයිතියකි.
මෙම කාරණයේදී මට කිව හැක්කේ ආණ්ඩු හා දේශපාලනඥයින් සම්බන්ධයෙන් මගේ විශ්වාසය අල්ප බවයි. එහිදී ආණ්ඩු හා දේශපාලනඥයන් ගේ අවධානයට යමක් යොමුවන්නේ ඡන්ද හිමිවීමෙන් හෝ අහිමි වීමෙන් ඔවුන්ට අත්වන පලාපල අනුව බව කිවහැකියත ඒ අනුව බලද්දී දැන් කළ යුතුව ඇත්තේ ලංකා හමුදාවේ තිස් අවුරුදු යුද්ධයට අනුගාමීව එහි සේවය කළාවූ සියලු රණවිරුවන් හා එම පවුල්වල සාමාජිකයන් එක්කර ගන්නා වූ ජාතික ව්‍යාපාරයක් ගම්මට්ටමින් ඇරඹීමයි.
කොටි සංවිධානය තම පැත්තෙන් පරිත්‍යාග සිදුකළ අයට කියනු ලැබුවේ මහ විරු පවුල් කියායි. ඒ අනුව තිස් අවුරුදු යුද්ධයකට දායක වූ හමුදාවේ වීර පවුල් ලංකාවේ සෑම ගමකම සිටිති. මොවුන්ගෙන් සැදුම්ලත් දැවැන්ත ජාතීක ව්‍යාපාරයක් සන්නද්ධ හමුදා සුරක්ෂිත කිරීම සඳහා පිහිටුවන්නේ නම් එතැන විශාල ඡන්ද ප්‍රමාණයක් රැඳෙනු ඇත. එම විශාල ඡන්ද ප්‍රමාණය තමන්ට අහිමි වෙතැයි ආණ්ඩුව බිය වන්නේ නම් පමණක් සෙයිද් අල් හුසේන් ගේ සීනි තැවරූ වෙඩි උණ්ඩ හමුදාවට සහ යුද්ධය ජයග්‍රහණය කළ දේශපාලන නායකත්වයට වත්මන් ආණ්ඩුව විසින් එල්ල නොකරනු ඇත.
-යුතුකම සංවාද කවය
www.yuthukama.com
ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න.

(Like us on facebook)
https://www.facebook.com/yuthukama
https://www.facebook.com/yuthukama
0 comments :
ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .