2/19/2016

"මේ එන්නේ රට බෙදන ෆෙඩරල් යක්ෂයායි" - ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා

කතෘ:යුතුකම     2/19/2016   No comments

==

මේ ආණ්ඩුව ඒකීයභාවය නැමති බෝඩ් ලෑල්ල පෙන්නා සිංහලයා මුලා කර රට බෙදන ව්‍යවස්ථා මර උගුලක රට හිරකරමින් සිටින බව ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා මහතා පෙන්වා දෙයි.
13 වන සංශෝධනය හරහා ෆෙඩරල් ආකෘතියකින් යුත් නාමිකව ඒකීය නමුත් බෙදුනු රටක් දැනටමත් බිහි වී ඇති තත්වයක ඒය යන්තම් හෝ වළක්වා ගෙන සිටින විධායක සහ මධ්‍යම ආණ්ඩුවේ බලතල දුර්වල කිරීම හරහා නියත වශයෙන්ම එකිනෙකා මරාගන්න සීසී කඩ බෙදී ගිය රාජ්‍යන් කිහිපයක් නිර්මාණය වනු ඇතැයිද අනතුරු අඟවයි.
පසුගියදා කුමන්ත්‍රණ , බිල්ලෝ සහ ව්‍යවස්ථාව යන මැයෙන් පැවති යුතුකම සම්මන්ත්‍රණයේ මුඛ්ය දේශනයක් පවත්වමින් ඒ මහතා මේ බව අවධාරණය කළේය.

එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ මනෝහර ද සිල්වා මහතා

"වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වගන්ති 12ක් තියෙනවා .ඒ වගන්ති සංශෝධනය කරනවනම් විතරයි ජනමත විචාරණයක් අවශ්‍ය වෙන්නේ.ඒ වගන්ති 12 ඇරුණම වෙන ඕනෑම වගන්තියක් පාර්ලිමේන්තුවේ 2/3 ක බලයෙන් සංශෝධනය කරන්න පුළුවන්.

දැන් ආණ්ඩුව ජනමත විචාරණයක් තියෙනව කියල කියනවා. ඒකෙන් ගම්‍යමාන වෙන්නේ මොකක්ද? අර තීරණාත්මක වගන්ති 12 සංශෝධනය කරන්න යනවා කියන එකයි ඒකෙන් කියන්නේ.
මොකදේ ඒ වගන්ති 12 ඒ ආකාරයෙන් තියා ගන්නවනම් ජනමත විචාරණයකින් තොරව පාර්ලිමේන්තුවට ගෙනන යෝජනා මගින් සම්මත කරගන්න පුළුවන්.

මොවනද ඒ වගන්ති 12?
ඒවා තමයි අපේ රටේ නම , මේ රට ඒකීය රාජ්‍යක් කියන එක ,බුද්ධාගම සුරැකීම ආණුවේ වගකීමයි කියන එක , බුද්ධාගමට ප්‍රමුඛස්ථානය හිමි විය යුතුයි කියන එක,අපේ ජාතික කොඩිය , ජාතික ගීය , පාර්ලිමේන්තුවේ හෝ ජනාධිපතිවරයාගේ ඩ්ධූර කාලය වෙනස් කිරීම , ජනතා පරමාධිපත්‍යය ජනතාව සතුයි කියන එක වැනි අතිශය තීරණාත්මක කරුණු යි ඒ.
ආණ්ඩුව ජනමත විචාරණයකට යනවා කියන්නේ මේ වගන්ති 12 තියෙන දේවල් සංශෝඪ්Hඅනය කරනවා කියන එකයි. අප රෑ වැටුණු වලේ දවල් වැටෙන්න ඕන නෑ. පසුගිය අවුරුදු 30 තුලම සිද්ධ වුනු ව්‍යවස්ථා සංශෝධන ටික දිහා බැලුවම මේ අය අද ලෑස්ති වෙන්නේ කුමකටද කියන වග අපට ලේසියෙන් සිතා ගන්න පුලුවන්. 1987 13 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් තමයි ලංකාව පළමු වටය කොටස් 9 කට කැඩුවේ.පළාත් 9ක් හදලා ඒ වැඩේ කළා. දැන් එතකොට මේක ඒකීයද? නෑ මේක ෆෙඩරල් ආකෘතියක් තිබෙන රාජ්‍යයක්. "

"13 වන ව්‍යවස්ථාව සම්මත කරන වෙලාවේ ශ්‍රේෂ්ඨාධිකරණයේ වනසුන්දර මහතා ඇතුළු විනිසුරුවන් හතර දෙනෙක් කිව්වා මේකෙන් ඒකීයභාවය වැනසෙනවා කියලා. විනිශ්චකාරවරු පස් දෙනෙක් කිව්වා 2/3 දෙකක් තියෙනවනම් මේක වෙනස් කරන්න පුළුවන් නිසා මේක ඒකීය රාජ්යයක් කියලා. අප එක චන්දෙකින් එදා පැරදුනා.මොන තරම් අපරාධයක්ද අපට වුනේ මේ එක චන්දයක් නිසා. මේකයි අපට තියෙන බය.
අපේ රටේ අනාගතය අධිකරණයට භාර දෙන්න බෑ. මේ රටේ ව්‍යහුහය කුමක්ද කියල තීරණය කළ යුත්තේ මේ රටේ ජනතාවයි.

ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත හදන ජයම්පති වික්‍රමරත්න මහත්මය අහල තිබ්බ තවම අප ඒක හදලත් ඉවර නෑ , ඇයි ඒකට විරුද්ධ වෙන්නේ කියලා.
එතුමා 95 ඉඳලා හදපු ව්‍යවස්ථා සංශෝධන යෝජනා බැලුවම අපට භය වෙන්න ඇති තරම් කාරණා තිබෙනවා.
95 පැකේජය , 97 පැකේජය ,2000 පැකේජය , 2010 APRC යෝජනා. මේ හැම එකකම යෝජනා හොඳින් කියවලා බැලුවම පේනවා මධ්‍යම අණ්ඩුවට පළාත් ආණ්ඩුවක් පාලනය කරන්න බැරි වෙන විදියේ රාජ්‍ය ව්‍යුහයක් කිර්මාණය කිරීම තමයි 95 සිට සෑදූ සෑම ව්‍යවස්ථා යෝජනාවකම අරමුණ වුනේ.ජයම්පති වික්‍රමරත්න මහත්මයා හදපු යෝජනවල තිබුණ විදියට රටේ විධායක ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලය හරහා පාලනය විය යුතුයි කියල තිබුනා, නමුත් පළාත් මහ ඇමතිවරයා කැබිනට් මණ්ඩලයට යටත් නෑ. ඔහු පාලනය විය යුත්තේ පලාත් ඇමති මණ්ඩලය තුලින් කියලයි ඒ යෝජනාවල තිබුණේ.
ඒකෙන් කියන්නේ මොකක්ද? එහෙම නම් මේක තව දුරටත් ඒකීයද?
හැබැයි කියන්නේ නම් මේක ඒකීය රාජ්‍යයක්ලු. සිංහල මිනිහා ගොනාට අන්දවන්න පුලුවන් කියල හිතලා ෆෙඩරල් අන්තර්ගතයට ඒකීය රාජ්‍ය ලේබලය ගහනව . අප ප්‍රවේශම් විය යුත්තේ මෙන්න මේ උගුලෙනුයි. අපට ඕනෑ බෝඩ් ලෑලි නෙවෙයි.අපට ඕන සත්‍ය වශයෙන්ම ඒකීය ව්‍යුහයක්."


"පළාත් ඒකාබද්ධ කරන්න 13 වන ව්‍යවස්ථා සංශෝධනයේ ප්‍රතිපාදන තියෙනවා.අනාගතයේ සිදු වන සංශෝධනයකදි අනිවාර්‍යෙන් මේ ප්‍රතිපාදනය ඉවත් කරන්නයි ඔවුන් යෝජනා කරන්නේ.

ඒ වගේම ඉඩම් හා පොලිස් බලතල කිසි සේත්ම අන් සතු නොකළ යුතුයි. දැනට 13 වන ව්‍යවස්ථා සංශෝධනයේ තියෙනවා එක පලාතක පොලිසියකට අනෙත් පළාතට ඇතුළුවෙන්නවත් බෑ. උදාහරණෙක්කට හොරෙක් අල්ලන්න ගියොත් එක පළාතක ඉඳලා අනෙක් පළාතට යද්දි හොරා පැනල යනවා.මොකද පොලිසියට ඒ පළාතට ඇතුළු වෙන්න බෑ.ඕක තියෙන්නේ 13 වන ව්‍යවස්ථා සංශෝධනයට අදාළ සංවෘත වගන්තියේ "කේ" ලැයිස්තුවේ.

එහි තිබෙනවා ජාතික පොලිසියේ අය පළාත් සභාවල සිටිය යුත්තේ සාමාන්‍ය ඇඳුම් ඇඳගෙන. නිල ඇඳුම් අඳින්න බෑ. ඒ පොලිසිය පාලනය කළ යුත්තේ මහ ඇමතිවරයා විසින් කියල එහි තිබෙනවා.

19 වන ව්‍යවස්ථා සංශෝධනය ගෙන ආවේ මේ රටේ යහපාලනයක් ඇති කරන්න කියලා කියනවනේ. එහෙම කියලා ජනාධිපතිවරයාගේ බලතල කප්පාදු කළා. හැබැයි එහි ජනාධිපතිවරයාට වගේම පළාතේ මහ ඇමතිවරයාට හිමි වෙලා තිබ්බ බලතල ටික කප්පාදු කළේ නෑ. ඒකට අත තිබ්බේ නෑ ජයම්පති වික්‍රමරත්න මහත්වරු.
මිත්‍රවරුනි මෙහෙව් 13 වන සංශෝධනයත් ගෙනාවේ ඒකීය බෝඩ් ලෑල්ලත් එක්ක.

එහෙම බලද්දි වත්මන් ආණ්ඩුවත් මේ ව්‍යවස්ථා සංශෝධනයෙදිත් ඒකීයභාවය රකිමින් සිදු කරනව කිව්වත් අපට විශාල සැකයක් තිබෙනවා ඒ ගැන. මොකද මෙතෙක් කල් මේ සියලු විනාශයන් කළේ ඒකීය භාවය කියන නම විකුණලා.ඒකීය බෝඩ් ලෑල්ල සහිතව ෆෙඩරල් රාජ්‍ය ව්‍යුහයක් ඇති වීමයි සිදු කළේ.

ඒ නිසා ආණ්ඩුවේ මේ ප්‍රයත්නය පිළිබඳ ඉතාම විමසිලිමත් විය යුතුයි.
ජනාධිපතිධූරය නැති කරනවනම් මධ්‍යම ආණ්ඩුවේ විධායක බලයත් , මධ්‍යම ආණ්ඩුවේ ව්‍යවස්ථාදායක බලයත් පළාත් ආණ්ඩුවට වඩා ඉහළින් තිබිය යුතුයි.

ඒ කරුණු ඇතුළත් බුද්ධශාශන කාර්‍ය මණ්ඩලයේ යෝජනා ක්‍රියාත්මක කිරීමට අප රජයට බල කළ යුතුයි.
මේ රට එක්සේසත් කරලා මේ ජාතීන් එකතු කරන්න නම් අපට පළාත් වලට ස්වාධීනත්වය ලබා දෙන්න බෑ. එහෙම දුන්නොත් පළාත් වෙන් වෙන්ව ක්‍රියා කරලා මේ රට කෑලි කෑලි වලට කැඩෙන එක නවත්තන්න අපට බෑ. ආණ්ඩුව එක්සත් කියල යෝජනා කරන්නේ එවැනි උත්සාහයක්.

අන්න ඒ නිසයි අප මේ භයානක යෝජනාවලිය පරාජය කළ යුත්තේ. "
ඒ මහතාගේ දේශනයට මෙතනින් සවන් දෙන්න...


-ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා
2016 ජනවාරි 22 කොළඹදී
යුතුකම සංවාද කවය
www.yuthukama.com
ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න.
(Like us on facebook)
https://www.facebook.com/yuthukama

, , ,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

0 comments :

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions